අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මියගේ ඉල්ලා අස්වීම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති අද (19) පිළිගැනිණි.
ඇය තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට යොමු කර තිබුණේ පසුගිය සඳුදාය.
ජනාධිපති නිතිඥවරියක් වන ඇය නිතිපති දෙපාර්තමේන්තුවේ කලක් සේවය කර ඇත.
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මියගේ ඉල්ලා අස්වීම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති අද (19) පිළිගැනිණි.
ඇය තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට යොමු කර තිබුණේ පසුගිය සඳුදාය.
ජනාධිපති නිතිඥවරියක් වන ඇය නිතිපති දෙපාර්තමේන්තුවේ කලක් සේවය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සිදුවීම ගැන එතරම් පුදුම වියයුතු නැහැ.(හේ)
මෙතන සමහරුන්ගේ අදහස් දැක්කහම යහපාලනේට කඩේ ගිය අය ගැන දුකත් හිතෙනවා. මොනවා වුණත් 2015 අගෝස්තු අහුවුණු අපි නම් ආයේ අහුවෙන්න නැහැ (නි)
කොන්ද පණ තියෙන එක කොහොම වුණත් කෙනෙක් තමන් දරන තනතුරෙන් ඉල්ලා අස්වෙන්න ඉල්ලුවහම, කරගෙන යන කටයුතු වලට බාධාවක් නැත්නම් එය ඉටු කළහැකියි. එහි වරදක් නැහැ. කෙනෙක් නැති වුණාට තවත් ඕනෑතරම් සුදුස්සෝ ඉන්නවා. මේ වගේ දේවල් ගැන ඒතරම් කලබල වෙන්න ඕනෑ නැහැ. ඔය කියන අවංකකම ඔය ලියන අය අතරේවත් තියනවද මන්දා. (නි)
මට නම් කියන්න තියෙන්නේ, ඔබට දැන් සතුටද? (නි)
ඔක්කොම අල්ලස් චෝදනා ඒකාබද්ධ විපක්ෂෙට විතරයි. සියලු සාක්කි එක්ක ෆයිල් පිට ෆයිල් තිබිලත් ආණ්ඩුවේ අැමතිලටවත්, ඉස්සර ආණ්ඩුවේ ඉඳලා පැත්ත මාරු කරලා දැන් යහපාලකයෝ වෙලා ඉන්න අයටවත් කිසි පරීක්ෂණයක් නැහැ. (නි)
රවින්, අවංකවම කටයුතු කළ කෙනෙක් බව පේනවා දීමනා දෙස බැලූකල... (නි)
කළ සේවය විශිෂ්ටයි. හංසයා දියෙන් කිරි වෙන්කර බීපු කාලය හමාරයි. මොනවා කරන්නද මැතිනියනි, මේ අපේ ලැබීමයි (නි)
තමන්ගේ වළ සමහරු තමන්ම කපාගන්නවා වගේ පේනවා. ඒත් කමක් නැහැ. අහිංසක ජනතාවගේ වළත් කපලා දාලා යන එකයි දුක. (නි)
මෙතුමියගේ අස්වීම මෙතුමිය විසින්ම තහවුරු කළ නිසා මෙතුමිය පිළිඅරන් තියෙනවා පක්ෂග්‍රාහී කියලා. ජනපතිතුමා හරි. (නි)
යහපාලනයට දීපු අපේ ඡන්දය අාපහු ගන්න බැරිද (නි)
නාටකයේ නළුවන් මාරුවුණාට පිටපත එකමය. හැමදාම හොරු බේරෙති. ඡන්දදායකයෝ රැවටෙති. අර රාත්‍රී සමාජ ශාලාවේ කලබලේ පොලිස් පරීක්ෂණයට මොකද දන්නේ නැහැ වෙලා තිබෙන්නේ? (නි)
අපි ඔබ ජනාධිපති කළේ මේ වගේ වෙන්න නොවේ. කෙසේවුවද අපි ඡන්දෙ දෙන අන්තිම වතාව මෙයයි (නි)
ලංකාවේ තිබෙන අසීරුම තනතුර අල්ලස් කොමසාරිස්කම බව අපිට තේරුණා. (නි)
ඒකාබද්ධ විපක්ෂයේ කට්ටියගේ ඉහේ මල් පිපෙනවා ඇති දැන්. යහපාලනයට ආයුෂ කෙටියි වගේ. (නි)
දිල්රුක්ෂි මැතිනියනි, ඔබතුමියට හිසනමා ආචාර කරමි. කවුරු පැමිණියත් තනතුරේ ගෞරවය ආරක්ෂාවන ස්ථානයකි අල්ලස් කොමිසම. (නි)
ඔයතරම් සාධාරණ නම් මහබැංකු සිද්ධියට නඩු දාන්නෙ නැත්තෙ ඇයි? (නි)
"අඬන්න ඉන්න එකාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ" වැඩක් මේක. ඉදිරියට එන්න තියෙන පරීක්ෂණ වලින් (හිතවතුන්ගේ) මඟහැර සිටීමක් කියලයි අපිට හිතෙන්නේ (නි)
මෙම සිදුවීම ගැන අපට එක පැත්තක් පමණක් සිතන්නට නොහැකිය. මුල්‍ය වංචාවන් සම්බන්ධයෙන් තවමත් එක අයෙකුටවත් දඬුවම් ලබාදී නොමැත. මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධව අනාගතයේ තම හිතවතුන්ට එරෙහිව කටයුතු කිරීමටද මෙතුමියට සිදුවෙනු ඇත. තවදුරටත් ශ්‍රී.ල.නි.පක්ෂ ඇමතිවරු ආරක්ෂා කිරීමත් සිදුවිය යුතුය. මේ තත්ත්වයන් ඉදිරියේ සිදුවන්නේ කුමක්ද යන්න අපි බලා සිටින්නෙමු. (නි)
මටත් එකවතාවක් ඔය වැඩේම වුණානේ. හොඳට වැඩ කරකර ඉඳිද්දි පඩියත් වැඩිකරලා යන්න එපා කියයි කියලා, මම අස්වෙනවා කියලා ලොක්කට ලියුමක් දුන්නා. දෙනකොට මම හිතාගෙන හිටියේ මම නියම වැඩකාරයා, මම නැතුව ආයතනය පවත්වාගෙන යන්න බැරිවෙයි, පඩියත් වැඩිකරලා ඉන්න කියලා පින්සෙන්ඩු වෙයි කියලා. ගෙදර ඇවිල්ලා බාරෙකුත් වුණා. අනේ පහුවදා යන්න කිවුවා. අන්තිම පඩියත් එවෙලේම දුන්නා. (නි)
රවින්, බොරුවට මිනිසුන්ව පුම්බන්න එපා. ඔයතරම් ස්වාධීන කොමිෂම, ආණ්ඩුවේ විරුද්ධකාරයන්ගේ ෆයිල් එක සුමානෙන් විබාග කරනකොට, මහා බැංකු වංචා ගැන, නැව් පිටින් තියෙන රජයේ ඇමතිවරු ගැන තියෙන පැමිණිලි ගැන නිහඩයි. ඇවන්ට්ගාඩ් සිද්ධියේදී පවා හඬපට පිටින් සාක්ෂි සහිතව ඉදිරිපත් කළ පැමිණිලි වලට වුණ දෙයක් නැහැ. මේ රටේ ස්වාධීන කොමිෂන් කියලා දෙයක් තියෙනවද? (නි)
සිරිසේන ජනාධිපතිතුමා කිව්වා මතක නැද්ද අායෙත් ජනාධිපතිවරනෙට ඉල්ලන්නේ නැහැ කියලා. ආයේ ඉල්ලුවොත් වෙන දේ දන්නා නිසයි එහෙම කියන්න ඇත්තේ. මෙහෙම වැඩකළාම එහෙම වෙනවා. කොහොම වුණත් දිල්රුක්ෂි මහත්මියට කළ සේවය ස්තුතියි. (නි)
ගැටුම් පටන්ගනී වගේ. යහපාලනයේ දෙදරායාම! සාටක ඇත්තන්ට හොඳ සළකුණක් (නි)
මිටවඩා හොඳ, කෙළින් සහ ඉක්මනින් වැඩ කරන කෙනෙක් පත්කර මේ වුණ අලකලංචිය බේරාගන්නා මෙන් ඉල්ලා සිටිමු. නැතහොත් රට සදා හොරුන්ගෙන් වංචාකාරයින්ගෙන් පිරී තිබෙනු ඇත. (නි)
ජනාධිපතිතුමාගේ තත්වය නම් කොහොමත් අනුමත කරන්න බැහැ. මෙතුමිය සාපේක්ෂව ගත්තහම හිටපු අයට වැඩිය හොඳයි. ඊළඟට එන කෙනා එස්එල්එෆ්පී එකට නැඹුරු,නරක ඉතිහාසයක් තියෙන කෙනෙක් වෙනවා කියන එක ගැන අපිට සැකයක් තිබෙනවා. යහපාලනය යූ ටර්න් ගහන්නේ ඔතනින්. (නි)
රවීන්, ලංකාවේ නීතිය හදාරලා පිටරට ගියාට කවුරුවත් පිළිගන්නේ නැහැ. මොකද ලෝකේ කවුරුත් දන්නවා ලංකාවේ නීතියක් නැහැ කියලා. (නි)
මේ රට ආපස්සට අදින්න සමහරුන්ට තියෙන්නෙ පුදුම ආශාවක්. (නි)
ඕක තමා ජ .වි .පෙ ඒ දවස්වල කිව්වේ නිර්පාක්‍ෂික පොදු අපේක්‍ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න කියලා (නි)
දිලිප් ඔය හරියට හරි. (අ)
හරි දුකයි. ජනාධිපති අත ගහනවානම් ස්වාදීන වෙන්නේ කොහොමද ?(අ)
බොහොම කනගාටුයි ඕබේ සේවය අගය කරනවා (ම)
අපේ රටට අවශ්‍ය නිර්පාක්ෂික විධායකයක්. එතකම් මේ රට ගොඩගන්න බැහැ. දැන් සාටක කට්ටියට සන්තෝෂ ඇති. නැවතත් ආණ්ඩුවක් මාරු වුණත් වෙන්නේ මේකේ අනික් පැත්තම විතරයි. (ම)
නිර්පාක්ෂික ජනාධිපති වරයෙක් අවශ්‍යයි.(ම)
අපිට සාධාරණය ඉෂ්ට වන රටක් හැටියට කවදා නැගී සිටින්නට හැකිවේද ? (ර)
ඉතාමත් කණගාටුයි. අපි ජනාධිපති වරයාගෙන් බලාපොරොත්තු උනේ මේක නෙමෙයි. (ර)
මෙතනට දක්ෂ නිලධාරියෙක් කරමු. (ර)
බලං ගියාම කොයි ලොක්ක අවත් කරන්නේ එකම දේ. ගමේ ගම රාලලා කියන කතාවක් තමා . අනුන්ට බන කියා කියා දුම්මැස්ස අතගානවා. (ර)
බැඳුම්කර වංචාව විමර්ශනය කර, වරද කරුවන් උසාවියට ඉදිරිපත් කලා නම්, ඔබට යම් කීර්තියක් ලබා ගන්නට තිබුනා. මොනයම් හේතුවකින් හෝ එසේ වුයේ නැහැ. (ර)
මින් පසුව කිසිම දෙයක් ගැන බලාපොරොත්තු තියා ගන්නෙත් නැහැ (හේ)
දැන් ඉතින් රෙජිමයට හිතවත් කෙනෙක් පත්කර ගන්න තියෙන්නේ (හේ)
මේ ක්‍රමය පවතින තෙක්. අපි බලාපොරොත්තු වන වෙනස සිදුවෙන්නේ නැත. අප උත්සහ කල යුත්තේ ආණ්ඩු හෝ පුද්ගලයන් මාරැකිරිම නොව මෙි ජඩ පාලන ක්‍රමය වෙනස් කිරිමට කටයුතු කිරිමයි (හේ)
යහපාලනය අවසන් කළාද?.(හේ)
අපිට වැරැදුනා දැන් ඉතින් කරන්න දෙයක් නෑ .(හේ)
කුණ කුනාවේ හාමුදුරුවන් කියුවා වගේ අනේ අපට රජෙක් නැත්තෙ රජෙක් ලැබුණොත් කැවුම් කිරිබත් උයන් නම් පෙරහැර කරන්නම් සාදු කාරයෙන් ගිගුම් දෙන්නම්, 68 ක් වසක වුණෙත් මේකම තමා කවදා පායන්ද අප පුන් සඳා නෝ (අ)
අවසානයේ කොහොම හරි සිදුවුණේ සිරිසේන ජනාධිපතිට ඕන දේ තමයි . දැන් අවශ්‍ය විදියට ඔක්කොම් බේරගන්න පුළුවන් විදියේ බයියෙක්ව දැන් පුළුවන් පත් කරගන්න (අ)
ඔය කරන්නේ එක්ටා අත්සන් කරන තුරු 58 ලක්ෂය රවට්ටන්න වැඩක් (අ)
අප්පේ වෙච්ච දෙයක් (අ)
අවංක වැඩ කරන මිනිස්සුන්ට තැනක් නැද්ද ?(හේ)
ලංකාවේ දේශපාලනඥයන් කියන්නේ කිසිම විස්වාසයක් තියන්ඩ බැරි පිරිසක්, (අ)
පරිපාලන ක්ෂේත්‍රයේ කොන්ද පන තියෙන අයත් සිටින බව එතුමියගේ ඉල්ලා අස්වීමෙන් ඔප්පුවුණා.ඔබ තුමිය ඉතා උගත් අවංකවම සේවය කල කෙනෙක් බව අපි කවුරුත් දන්නවා.හිතට දුකයි ඔබ වැනි කෙලින් වැඩකරන කෙනෙක් අපට අවශ්‍යයම තැනකට නැතිවීම ගැන.ඒ වගේම හරිම ආඩම්බරයක් දැනෙනවා ඔබ තුමියගේ අභිමානය ගැන.ලෝකයේ ඕනෑම රටක ඔබ තුමියගේ අධ්‍යාපනික සුදුසුකම්වලට ගැලපෙන විශාල වැටුපක් සහිත ගෞරවනිය රැකියා විවෘතයි...මැතිනියනි, (හේ)
ඔබට සතුටුද (හේ)