IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දලයි ලාමා ඉතාලියේ

ඉතාලි සංචාරයක් සඳහා පැමිණි ටිබෙට් නායක දලයිලාමාතුමෝ මිලානෝ නගරයේදී දේශන මාලාවක් පැවැත්වූහ. බුදු දහමින් සතුට මැයෙන් පැවැත්වූ එම දේශනවලට එකොලොස් දහසකට අධික පිරිසක් සහභාගී වූහ.  රෝමයේ සිට දඹදෙනියේ ධම්මාරාම මිලානෝ නගරයේ මහගම විපුලසිරි මවිස්සාවැව ඤානතිලක හා මෝදනා නගරයේ මෙදිරිපිටියේ විමලරතන යන හිමිවරුද මේ සඳහා පැමිණ සිටියහ. ආරාධිත දේශනය හා ආගමික වතාවත් දඹදෙනියේ ධම්මාරම හිමියන් විසින් සිදු කැරිණි. ථෙරවාදී බුදු දහම හා ශ්‍රී ලාංකික ජන ජීවිතය ගැනදදලයිලාමාතුමා පැමිණ සිටි විදේශිකයින් හට පැහැදිලි කළහ. දලයිලාමාතුමන් ඉතාලියට පැමිණිදාට පසු දින එම්ලියා රොමාන්‍යා පළාතේ භූමිකම්පාව නිසා උන්හිටි තැන් අහිමිව මෝදනා නගරයේ අනාථ කඳවුරුවල ජීවත්වන පිරිස් දැකබලා ගැනීමට ගොස් ඩොලර් පවස් දහසක් පරිත්‍යාග කළේය. ඉතාලි මාධ්‍ය කියා සිටියේ ඉතා දුරබැහැර සිට පැමිණි දලයිලාමාතුමන් අනාථ වූවන්ගේ සුවදුක් බැලීමට ගියත් වතිකානු නියෝජිතයෙක් එම ස්ථානයට නොගිය බවයි. දලයිලාමාතුමන් ගොස් දින දෙකකට පසු පාප්වහන්සේ මොදනා නගරයට ගොස් තාවකාලික කඳවුරුවල ජීවත් වන මිනිසුන්ගේ සුවදුක් විමසූහ.



අදහස් (0)

දලයි ලාමා ඉතාලියේ

රජිත් Friday, 29 June 2012 08:00 PM

චීනයට තරහ ගිහින් ඇති

:       0       0

කේ‍කේ Saturday, 30 June 2012 03:32 PM

ආගම් සම්බන්ධයෙන් ගැටලු ඇතිවන ආකාරයේ ප්‍රතිචාර නොදා ඉන්න අපි සෑම ආගමකටම ගරැ කරනවා..

:       0       0

සම්පත් Friday, 29 June 2012 09:17 PM

කොයිම ප්‍රශ්නයකදීවත් ආගම්වාදය හෝ ජාතිවාදය ඈඳා නොගත යුතුයි. ඒ ගැන කතා කරන්නේ ත්‍රස්තවාදීයි....

:       0       0

prasanna Friday, 29 June 2012 02:44 PM

ඉතාමත් හොද දෙයක් එතුමා කරලා තියන්නේ..

:       0       0

රුපසිංහ Friday, 29 June 2012 03:43 PM

ඔබ වහන්සේට බුදු සරණයි!

:       0       0

ලුම්බිණි Friday, 29 June 2012 03:06 PM

අනේ මෙතුමාට ලංකාවට එන්න ඉඩක් දෙන්න.

:       0       0

ලාල් ගලබඩ ඉතාලියේ සිට, Saturday, 30 June 2012 07:52 PM

ලාල් ගලබඩ ඉතාලියේ සිට, සැමට ගෞරවයෙන් ..... කොමෙන්ට්ස් ලියන මහත්ම මහත්මියනි,බෞද්ද බික්ෂුන් වහන්සේලාට අගෞරව වන අයුරින් "එතුමා" "මෙතුමා" යන ආමන්ත්‍රණ නොයොදන්න.ගිහියන් අතරේ පමණයි එතුමල මෙතුමල ඉන්නේ.උන් වහන්සේ,මහා නායක හාමුදුරුවන්,ස්වාමින් වහන්සේ.....යන ලෙස ඇමතිය හැක.තවත් එහාට ලියන්න අවශ්‍ය නම් තවත් බැරෑරුම් වචන ඇතිබවද දැන්වීමට කැමැත්තෙමි,ස්තුතියි.

:       0       0

ලකිත් ශ්‍යාමන් Saturday, 30 June 2012 03:08 AM

දලයි ලාමා තුමා ඉතාලිවලට යද්දිත් එමිල්ා වලට යද්දිත් පිළිගත්තෙ කාඩිනල්වරැ...

:       0       0

සුසන්ත Friday, 29 June 2012 04:57 PM

විශිෂ්ඨයි. කොහොම වුණත් දැන් මුලු ලෝකයම බුද්ධ ධර්මය ගැන පැහැදිලයි ඉන්නේ.

:       0       0

කේ‍.කේ. Saturday, 30 June 2012 10:02 PM

ලාල් ගලබොඩ ඔබ නිවැරදියි...

:       0       0

නයනා Friday, 29 June 2012 06:17 PM

සාධු... සාධු... සාධු...

:       0       0

නයන බන්ඩාර Friday, 29 June 2012 06:17 PM

සාදු සාදු සාදු...............

:       0       0

බණ්ඩාර Friday, 29 June 2012 06:17 PM

සාදු ... සාදු ... සාදු ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site