ඉතාලි සංචාරයක් සඳහා පැමිණි ටිබෙට් නායක දලයිලාමාතුමෝ මිලානෝ නගරයේදී දේශන මාලාවක් පැවැත්වූහ.
බුදු දහමින් සතුට මැයෙන් පැවැත්වූ එම දේශනවලට එකොලොස් දහසකට අධික පිරිසක් සහභාගී වූහ. රෝමයේ සිට දඹදෙනියේ ධම්මාරාම මිලානෝ නගරයේ මහගම විපුලසිරි මවිස්සාවැව ඤානතිලක හා මෝදනා නගරයේ මෙදිරිපිටියේ විමලරතන යන හිමිවරුද මේ සඳහා පැමිණ සිටියහ. ආරාධිත දේශනය හා ආගමික වතාවත් දඹදෙනියේ ධම්මාරම හිමියන් විසින් සිදු කැරිණි. ථෙරවාදී බුදු දහම හා ශ්‍රී ලාංකික ජන ජීවිතය ගැනදදලයිලාමාතුමා පැමිණ සිටි විදේශිකයින් හට පැහැදිලි කළහ. දලයිලාමාතුමන් ඉතාලියට පැමිණිදාට පසු දින එම්ලියා රොමාන්‍යා පළාතේ භූමිකම්පාව නිසා උන්හිටි තැන් අහිමිව මෝදනා නගරයේ අනාථ කඳවුරුවල ජීවත්වන පිරිස් දැකබලා ගැනීමට ගොස් ඩොලර් පවස් දහසක් පරිත්‍යාග කළේය. ඉතාලි මාධ්‍ය කියා සිටියේ ඉතා දුරබැහැර සිට පැමිණි දලයිලාමාතුමන් අනාථ වූවන්ගේ සුවදුක් බැලීමට ගියත් වතිකානු නියෝජිතයෙක් එම ස්ථානයට නොගිය බවයි. දලයිලාමාතුමන් ගොස් දින දෙකකට පසු පාප්වහන්සේ මොදනා නගරයට ගොස් තාවකාලික කඳවුරුවල ජීවත් වන මිනිසුන්ගේ සුවදුක් විමසූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනයට තරහ ගිහින් ඇති
ආගම් සම්බන්ධයෙන් ගැටලු ඇතිවන ආකාරයේ ප්‍රතිචාර නොදා ඉන්න අපි සෑම ආගමකටම ගරැ කරනවා..
කොයිම ප්‍රශ්නයකදීවත් ආගම්වාදය හෝ ජාතිවාදය ඈඳා නොගත යුතුයි. ඒ ගැන කතා කරන්නේ ත්‍රස්තවාදීයි....
ඉතාමත් හොද දෙයක් එතුමා කරලා තියන්නේ..
ඔබ වහන්සේට බුදු සරණයි!
අනේ මෙතුමාට ලංකාවට එන්න ඉඩක් දෙන්න.
ලාල් ගලබඩ ඉතාලියේ සිට, සැමට ගෞරවයෙන් ..... කොමෙන්ට්ස් ලියන මහත්ම මහත්මියනි,බෞද්ද බික්ෂුන් වහන්සේලාට අගෞරව වන අයුරින් "එතුමා" "මෙතුමා" යන ආමන්ත්‍රණ නොයොදන්න.ගිහියන් අතරේ පමණයි එතුමල මෙතුමල ඉන්නේ.උන් වහන්සේ,මහා නායක හාමුදුරුවන්,ස්වාමින් වහන්සේ.....යන ලෙස ඇමතිය හැක.තවත් එහාට ලියන්න අවශ්‍ය නම් තවත් බැරෑරුම් වචන ඇතිබවද දැන්වීමට කැමැත්තෙමි,ස්තුතියි.
දලයි ලාමා තුමා ඉතාලිවලට යද්දිත් එමිල්ා වලට යද්දිත් පිළිගත්තෙ කාඩිනල්වරැ...
විශිෂ්ඨයි. කොහොම වුණත් දැන් මුලු ලෝකයම බුද්ධ ධර්මය ගැන පැහැදිලයි ඉන්නේ.
ලාල් ගලබොඩ ඔබ නිවැරදියි...
සාධු... සාධු... සාධු...
සාදු සාදු සාදු...............
සාදු ... සාදු ... සාදු ...