මහින්ද රාංපක්ෂ හිටපු ජනපති හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කතා කළ හිටපු සෙංකඩගල ආසන සංවිධායක දිළුම් අමුණුගම මන්ත්‍රිවරයා ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරිම නිසා මහනුවර මහ නගර සභාව, ගඟවට කෝරලේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් වත්මන් ජනපති සමග පක්ෂයේ සිටිනවාද නැද්ද කියා ඉදිරියේදි තීරණයක් ගන්නා බව සෙංකඩගල ආසනයේ මන්ත්‍රිවරු කියති.
දිලුම් අමුණුගම මහතා ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරිමට විරෝධය දක්වා සෙංකඩගල ආසනයේ ප්‍රාදේශිය සභා හා මහනුවර මහ නගර සභා මන්ත්‍රිවරුන් විසින් අද (02) මහනුවරදි පැවැති මාධ්‍ය හමුවකදී එසේ කීහ.
වසර 58 ක කාලයක් මහනුවර මහනගර සභවේ බලයද, වසර 13 ක් ගගවට කෝරලේ ප්‍රාදේශිය සභාවේ බලයද දිගින් දිගටම එජාපයට හිමිවේද්දී සෙංකඩගල ප්‍රධාන සංවිධායක ලෙස පත්වු දිළුම් අමුණුගම මහතාගේ පැමිණීමත් සමග ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණ ලබා ගැනීමට සමත්වූ බවත් එවැනි විශිෂ්ට කාර්යක් කළ මන්ත්‍රිවරයෙකු ඉවත් කිරිමෙන් එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය ලබාදීමේ සියුම් කුමන්ත්‍රණයක් පක්ෂයේ ඇතැයි සැකයක් මතුවන බවත් මහනුවර නාගරික මන්ත්‍රි ආනන්ද විජේරත්න මහතා පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට විරුද්ධව පැමිණිලි තිබෙනවා නේද? (නි)
සදාකාලිකවම බලයේ ඉන්නද ඕනෑ? (නි)
සූ ගාලා සෙනඟ ඉන්නවා (නි)
නිකන් වහෙන් ඔරෝ නොකියා 'අපි මහින්දගේ මිනිස්සු, අපි මොකක්හරි ජල්බරියක් දැම්මේ නැත්නම් පැවැත්මක් නැහැ' කියලා කෙළින් කියනවා නම් අපි කැමතියි (නි)
තමන් බලයට ගෙනා යූ එන් පී එක පරාජය කරන්න කවුරුවත් වැඩ කරන්නේ නැහැ. මහින්දවිරෝධී බව පෙන්වමින් මේ කරන්නේ ඒක. (නි)
අපි නොදන්නා දෙළුම් ,ඕව කියපුදෙන් ,අර බයියන්ට ,(රේ)
ජනවාරි 08 වෙනසට මිල ගෙවීමක් (ම)
ජනතා සේවයට කැමති නම් කරන්න ඕන පක්ෂ නායකත්වය සමඟ සිට ගමට සේවය කරන්න නේද?(ම)
අයින් කරපු එක සාධාරණයි (කෞ)
පක්ෂය ගන්නා තීරණ නිත්‍යානුකුලයි. අතීතයේ කෙතරම් ජයග්‍රහණ ලබා දුන්නත් පවතින වර්තමානයේ පක්ෂය සමඟ සිටිය යුතුයි. පක්ෂය ගන්න තීරණවලට එරෙහිනම් එය පක්ෂය තුල සිට ශුන්‍ය කල යුතුය .දිලුම් තරුණ මන්ත්‍රීතුමා අත්විඳින්නේ පක්ෂ ව්‍යවස්ථාව නො සැලකීමේ වරදටයි. (ර)
පක්ෂයට සහ පක්ෂයේ නායකයාට අවනත නොවන, කකුලෙන් අදින අය ඉවත් කිරීම ඕනේම පක්ෂයක සිද්ධ වෙනවා. එහෙම නැතුව ආයතනයක්වත් පවත්වාගෙන යන්න බැහැ. (ර)
මෙයා නැහුනේ කට නිසා. (ර)
කොච්චර රස කෑමක් උනත් පිළුණු උනාට පස්සේ අහක දාන්න වෙනවා. සමහර නායකයන්ට මේක තේරෙන්නේ නෑ නොවැ. (ර)
දිලුම් අලුත් පක්ෂයෙන් නැවතත් පාර්ලිමේන්තුවට යයි. නමුත් සමහරුන්ට පක්ෂය පාවා දී, ගමේ ජනතාවගෙන් අවලාද අසා, ඉතුරු කාලය හොඳට විවේක ගන්න පුළුවන්. (නි)
මොනවා නැති වුණත් ඔයාලට ඕනෑ බලය තමයි. ඔහොම යමු (නි)
පක්ෂයේ නායකයෝ වරදක් කරනකොට එයට විරුද්ධ වෙන්න පක්ෂයේ සාමාජිකයන්ට අයිතියක් තියෙනවා.(ම)
මෙයා ගැන කියාලා වැඩක් නැහැ ,එලවන එකම හොදයි ,හන්තාන නිවස සන්කිර්ර්ණයට ගියානම් දැනගන්න තිබුන මෙයාගේ කෙරුවාව , (අ)
සූ ගාලා හත් දෙනෙක් ඉන්නේ!(අ)
ඇත්ත දැකල නොදැක්ක වගේ ඉඳීමේ හැකියාව තිබුන නම් මෙතුමාට තව ටිකක් කල් ඉන්න තිබුන ..(අ)
දේශපාලනේට ඔයා තාම කුක්කු පැටියා..කලක් යනකොට මොලේ පදෙවී.....(අ)
තටු එන්න පෙර පියබන්න හදන කෙනෙක් , ඔයිට වඩා වැඩකාරයෝ අයින් කරලා තියෙනවා (අ)