නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රය පිවිස චිත්‍රපටයක් සඳහාද දායක වී තමන්ගේ ගමන පිළිබඳව දැඩි අවබෝධයකින් සිටින ඇය දිලිනි අත්තනායක වේ. නිරූපණ ක්ෂේත්‍රය තුළ කෙටි කාලීනව නව මගක් සාදා ගත් ඇය, මේ වනවිට නිරූපණය ක්ෂේත්‍රය තුළින් ලංකාව වෙනුවෙන් යමක් කිරීමට සැරසෙයි. ඒ ජාත්‍යන්තර තරගයක් සඳහා දායක වීමයි. මෙම මාසයේ 14 වැනිදා සිට 21 වැනිදා දක්වා මැලේසියාවේ පැවැත්වීමට නියමිතව ඇති Asia Noble Queen International සඳහා ඇය සහභාගීවීමට නියමිතය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd