දුලාංජලී ජයකොඩි මහත්මියට රුපියල් පන්දහසේ හොර නෝට්ටු දුන් බව කියන ඇතුළුකෝට්ටේ මහින්දාරාම පාරේ පාසල් පටුමගේ ඇගළුම් විධායක එච් ඒ ක්‍රිෂාන්ත ට්‍රෝලීන් පෙරේරා (48) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ලබන 3 වැනිදා තෙක් රිමන්ඩ් කරනු ලැබීය.
එන්ගලන්තයේදී උපාධීය ලැබු බව කියන පෙරේරා 2000 දී ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
ඔහුගේ දෙමහල් නිවසේ තිබු ලැප්ටොප් පරිගණකය ,ප්‍රින්ටරය,ඩොන්ගලය, හා කටරය අත්අඩංගුවට ගත් බවත් පොලීසිය අධීකරණයට දැන්වීය.
ඔහුගේ නිවසින්ද රුපියල් පන්දහසේ හොර නෝට්ටු 424 ක් සොයා ගත් බව පොලීසිය කියා සිටියේය.
දුලාංජලී ජයකොඩි මහත්මිය බැංකුවේ තැන්පත් කිරීමට පන්දාහේ නෝට්ටු ගෙන ගිය බණ්ඩල දෙකේම රුපියල් පන්දහසේ හොර නෝට්ටු 403ක් තිබූ බවත් එයින් පෙනෙනුයේ ඇය එම මුදල් ගණන් නොකළ බවත් යැයි පොලිස් මධ්‍ය ප්‍රකාශක පවසයි.
මාධ්‍යවේදියෙක් :- හොර නෝට්ටු ගෙන ගියා නම් හොර නෝට්ටු ගෙන යන පුද්ගලයා අත්අඩංගුවට නොගන්නේ ඇයි?
මාධ්‍ය ප්‍රකාශක:- තමන් ගෙන යන්නේ හොර නෝට්ටු යැයි ඇයට චේතනාවක් නොතිබූ බව පේනවා. ඒ නිසයි ඇය මුදා හළේ.
2014 දී රුපියල් පන්සියයේ හොර නෝට්ටු 2838 සංසරණයට එක්කර ඇති බව එයින් සොයාගෙන ඇත්තේ හොර නෝට්ටු 426 ක් පමණක් බවත් ඔහු කියයි.
පහත අංක ඇති පන්දහසේ නෝට්ටු වලින් ගනු දෙනු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දුප්පත් ඒත් හොර බොරු අපි ලග නැත. ඒ අය පෝසත් එයාල ලග ඒ දෙකම තියෙනවා.(නදී)
ඔන්න අපිනම් දන්නෙනෑ , අඩු ගණනෙ තාත්ත වත් හිටිය නම් අහල බලන්න වත් තිබුණා.(නදී)
දුලංජලි සහ මෙම හොර නෝට්ටු ව්‍යාපාරිකයා අතර සම්බන්දය කුමක්ද ? ගණන් නොකර ගෙන යාමට තරම් විස්වාසයක් තිබුනද ? පොඩි සාමාන්‍ය මිනිහෙක් අතින් මෙයම සිදු උනා නම් ඔහුවත් මුදා හරිනවද ? පැහැදිලි කරන්න.(නදී)
බඩුත් එක්ක හොරු අහු උන හින්දා ලේසියෙන් සමාවක් දෙන්න එපා (දී)
සුජානි.. බබා නොවී ඉන්න ඔයා .මේක තමයි මේ ගේමේ එකේ හොඳ හරිය.දුලංජලි වගේ දන්නා කෙනෙක් බැංකුවට ගියහම වැඩිය බලන්නේ නැති හින්ද බබා වගේ ගිහින් දන්නා බලන්න ඇති . (දී)
රෝ ඔයාගේ අදහසට මාත් එකඟයි හොර සල්ලි තියනව කියල දන්නා කෙනක් කවදාවත් බැංකු යන්නේ නෑ (අ)
මේ අංක ටික දාපු එකනම් හරිම වැදගත් (දී)
එංගලන්තේ කෙසේ වෙතත් පිටකොටුවේ පලතුරු වෙළෙන්දෙක් වගේ. මේක රටේ ආර්ථිකය විනාශ කරන කුමන්ත්‍රණයක් වාගේ (අ)
දුලාංජලී ඇයි මෙහෙම රැවටුණේ? (නි)
මොකද මේ ප්‍රභූ කට්ටියත් හොර සල්ලි අරගෙන යන්නේ? (නි)
දයා අලහකෝන් , ඔන්න ඉතින් කිව්වා කතාවක්. ඔව් ඉතින්, ලෝකයෙන්ම උතුම්ම අධයාපනය තියෙන්නේ ලංකාවෙනේ... (නි)
සෙහාන් අමරසිංහ ,ඔබ හරි. සියල්ල දත් සුජානි නඩුව අසා තීන්දුවත් දීලා ඉවරයි. (නි)
දුප්පත් ගම්වැසියෙක් අතට හොර නෝට්ටුවක් අාවොත් ඔහුට එය හඳුනාගන්න විදිය ගැන දැනුවත් කරන්න. නැත්නම් බැංකුවක තැන්පත් කරන්න ගොස් හිරේ විලංගුවේ වැටෙන්න පුළුවන්. ආරක්ෂිත ස්ථානවල නෝට්ටු පරික්ෂා යන්ත්‍ර සවිකරීමට ක්‍රමවේදයක් නැද්ද? (නි)
මෙම රටට වින කරන්නේ පොඩි මිනිසා නොව, බලයට පත් වෙන බලවතුන් බව දැන්වත් නොතේරේද? (නි)
අපි වගේ කෙනෙක් අහුවුණා නම් මොනවා වෙයිද? බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා. (නි)
මොහුට මතක හිටින දඬුවමක් දෙන්න ඕනෑ. (නි)
ඉතින් අපිටත් ඕවා ලැබුනොත් නම් අපෙත් චේතනාවක් නැහැ. අපි දන්නෙත් නැහැ. අපිවත් යවනවා නේද ගෙදර? (නි)
සුජානි හරි. සෙහාන් නිකම් නොදන්නවා වගේ කතා කරන්න එපා. මුදල් ගනුදෙනු කරන බැංකුවල ලොකු වටිනාකමක් තිබෙන නෝට්ටු පරීක්ෂා කර ගන්න බව මුදල් ගනුදෙනු කරන ඕනෑම කෙනෙක් දන්නවා ඔයා නොදන්නවා වුණාට. (නි)
2500කින් මාසයක් කාලා ඉන්න අපිට 5000 නෝට්ටු ඕනෑ නැහැනේ. (නි)
ඒ කියන්නේ මිටි තැනින් ජලය බැස ගියා ? (ස)
අද කාලේ වෙන දේවල් සමඟ බැලුවහම එක අතකින් මේවා මොන කතාද? (නි)
පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාවත් ඉදිරිපත් වෙලා පොඩි මිනිස්සු දැනුවත් කළා නම් නේද හොඳ කොහොමද මේ හොර සල්ලි හඳුනාගන්නෙ කියලා. මොකද මිනිස්සු දැන දැන වළේ වැටෙන්නේ නැහැනේ. පොඩි මිනිස්සු ළඟ ඔය යන්ත්‍ර සුත්‍ර නැහැනේ සල්ලි හඳුනාගන්න. අතට සල්ලි ලැබුණහම හොරද නැද්ද කියලා දැනගන්න දිවැසුත් නැහැනේ. ඒක නිසා අරයා ඇල්ලුවා, මෙයා ඇල්ලුවා කිය කියා මේවට කාලය වැය කරනවට වැඩිය හොඳයි ජනතාව දැනුවත් කරන එක. (නි)
අපි ගාව නොදැනුවත්වම හරි, එක හොර නෝට්ටුවක් තිබිලා අහු වුණා නම්, අපිට ත්‍රිවිධ රත්නත්තරේම පිහිටයි. (ස)
"පක්ෂ දේශපාලනයේ සදාකල් මිතුරෝ නැත. සදාකල් සතුරෝද නැත. නමුත් ප්‍රභූ පැලැන්තියේ සදාකල් මිතුරෝ ඇත.අවාසනාවන්ත අපිට මේ කිසිවෙක් නැත." (නි)
මෙය නොදැනුවත් බවකින් සිදු වූවක් බව පේනවා. හොර නෝට්ටු මාරු කරන මිනිහෙක් කවදාවත් බැංකුවකට දෙන්නේ නැහැ. මොන මෝඩයද එහෙම කරන්නේ. (ස)
එංගලන්තේ උපාධිය ලංකාවේ 5 පන්තිය තරම් වත් වටින්නේ නැහැ (දී)
ඔබට හෝ මට මෙය සිදුවුණි නම් ප්‍රතිඵලය කුමක්ද? (ස)
මෙහෙම නොම්බරය කියව කියව ඉන්න එක කරන්න පුළුවන් වැඩක්ද ?දාන්න නොම්බර ටික මොබයිල් ෆෝන් එකට, 5000 කොලයක් අතට ආවොත් ගහලා බලන්න නොම්බරය. නොම්බරය තියෙනවානම් ෆෝන් මෙමරි එකේ ඒක හොර නෝට්ටුවක්. (දී)
ඇත්තටම මෙයාලගේ ගනුදෙනුව මොකක්ද? (දී)
මේවගේ කරන අයට උපරිම දඩුවම් දිය යුතුයි (දී)
අම්මෝ මම නම් කොහෙන් වත් දෙන 5000 නෝට්ටු ගන්නේ නැහැ (දී)
හොද ප්‍රව්ර්තියක් මහජනයාට අවදියෙන් ඉන්න තමා තියෙන්නේ (දී)
නිකන් මෝඩ අදහස් දමන්න එපා. දුලංජලි මහත්මිය හොර මුදල් කියලා දන්නවා නම් එයා බැංකුවට යන එකක් නැහැ. එයා දන්නේ නැති නිසා තමයි එයාම බැංකුවට ගියේ. හොර සල්ලිද කියලා කාලා බලන්න බැහැනේ. (නි)
කොහොමත් කාන්තාවන් මුදල් වලට ගොඩක් කැමතියි. (නි)
මෙහෙම යනකොට මිනිස්සු තව මොනවා කරයිද මන්දා? (නි)
සෙහාන් අමරසිංහ, ඔයා වැස්සකටවත් බැංකුවකට ගිහිල්ල තියනවද?? බැංකුවේ වැඩ කරන අයට අපහස කරන්න එපා... ටේලර් කවුන්ටර් වල ඉන්න නිළධාරීන්ට ලොකු කට්ටිය කියල සල්ලි ගණින්නැතුව බලන්නැතුව ඉන්න බෑ. සල්ලි අඩුවෙලා තිබුණොත් ඔයාද දෙන්නේ ඩේ එන්ඩ් එක බැලන්ස් කරන්න සල්ලි... (ස)
සිදුවුණ දේ හරිහැටි නොදැන කතා කරන්න එපා. (නි)
ඇය මුදල් හරිහැටි ගණන් කරවත් තිබේද? මම නම් කියන්නේ ඇය නිර්දෝෂියි. (නි)
කුඩුවලට අහුවෙන අයත් මෙතරම් ඉක්මණට රිමාන්ඩ් කරනවාද? (නි)
මෙතරම් ලොකු මගඩියක් කරලත් මේ මිනිහ කිසි දෙයක් නොදන්නවා වගේ හිනාවෙලා ඉන්න ලස්සන. සමහරවිට මෙයාව බේරගන්නත් පිටිපස්සෙන් කවුරුහරි ඇති. (ස)
වැරදි කළා නම් කවුරුන් වුවද දඬුවම් විඳිය යුතුයි. (නි)
මුණෙන් නම් එංගලන්තයේ හිටපු පාටක් පේන්න නැහැ. රුපියල් 2500 න් මාසේ ගැටගහ ගන්න එක්කෙනෙක් වගෙයි හරියට.(අ)
දෙන්නට දෙන්නා එංගලන්තේ ඉඳන්ම අඳුරනවා ඇති. (ස)
වැරදිකරුවන් කවුරුන් වුවත් ඔවුන් දඬුවම් විඳිය යුතුයි (නි)
හොර නෝට්ටු වල මෙම අංකම පමණක් ඇති බව හොඳටම විශ්වාසද? අංක පමණක් ප්‍රමාණවත් නැති බව මගේ හැඟීමයි. නියම නෝට්ටු හා සැසඳීමට පහසු තව විස්තර ලබා දෙන්න හැකි නම් හොඳයි. දිය සළකුණු වල ස්වභාවය, සංකේත ආදී දෑ...... මඟින් ජනතාව දැනුවත් කරන්න. (නි)