මහනුවර දළදා මාලිගයේ ගිනුම් වාර්තා බෞද්ධ කොමසාරිස් වෙත නොයැවීයැයි මහනුවර මහේස්ත්‍රාත් උසාවියේ පවරා ඇති නඩු හතරක නියෝග අත් හිටුවන ලෙස මහනුවර මහඅධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා නියෝග කලේය. දියවඩන නිළමේ නිලංග ප්‍රදීප් දෑල වෙනුවෙන් ජනාධිපති නිතිඥ තිලක් මාරපන මහතා කරුණු දක්වමින් කියා සිටියේ මේ නඩු හතරම පෞද්ගලික නඩු බවයි
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව යන්. තව යන්. රට පෙරට. අපි එකට
හැමතැනම හොරුනේ.......
දළදා හාමුදුරුවන්ට අත තිබ්බොත් තමයි බලා ගන්න පුලුවන්
හොරකම දැන් නීතිගතවෙලා......
බයවෙන්න එපා.මේක බුදුන් 3 න් වරක් වැඩි දේශය.දළදා හාමුදුරුවෝ එක්ක සෙල්ලම් බෑ. බලන් ඉමු....
ලොක්කෝ, මෙහෙම ගියොත් නම් හබක් තමයි. ඔන්න ආයි අපිට දොස් කියන්න එපා
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා....බුදු හාමුදුරුවනේ....
සල්ලි කීයක් විතර වියදම් කලාද දන්නෙ නැහැ...
බෞද්ධ කොමසාරිස් කෙනෙක් ඉන්නවද අපේ රටේ?
මනී කීයක් දුන්නද දන්නෑ
ග්රෑම් 10 ට මරණ දඩුවම නම් ගෙන්නන ලොක්කන්ට ????
මෙහෙම වෙන්නේ ඇයි...මට තේරෙන් නෑ..
දළදා වහන්සේ රකින දෙවියෝ බලා ගනිත්වා!
මේ වගේ අය නිසා ලංකාවට මොනවා වෙයිද දන්නෑ නේද?
ලංකාවට මොනවා වෙයිද දන්නෑ මෙහෙම ගියොත්
මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු !!!!
පිනට දෙන දේවල් හොරා කන එක ඇත්ත නම් ඒක ලොකු පවක්
අයි ඩෝන්ට් නො වයි? මෙහෙම වෙන්නේ ඇයි?
නීලංග දෑල පත්වුනු දවසේ ඉදලම මේ අයවැය යවලා නෑ. දැන් අවුරුදු 07 ක් එතකොට, පනතේ පැහැදිලිවම දක්වලා තියනවා බෞද්ධ කටයුතු කොමසාරිස් මේකට පිලියම් ගත යුතුයි කියලා. ඉතින් එතුමා ඒක කරන්නේ නැතිනම් මොකද කරන්නේ. පුළුවන් නම් රටේ සිද්ධස්ථාන ආරක්ෂා කරන්න කියලා බෞද්ධ කටයුතු කොමසාරිස් තුමාට කියන්න. එතුමාගේ දුරකථන අංක ලිපින අන්තර් ජාලයේ තියනවා.
දළදා මාලිගාව, කතරගම දේවාලය ඇතුළු පන්සල් කෝවිල් දේවාල වලට සල්ලි පුද පඩුරු පුජා කිරීමෙන් වලකින්න. මේ සේරම හොරකම් කරනවා. මල් පහන් පුජා කරහම ඇති.
දැන් මේක අනික් අයත් පූර්වාදර්ශයක් කර ගනීද දන්නේ නෑ
දෙවියනි, ඔබ කොහිද?
'හෙරොයින් ග‍්‍රෑම් 10.8ක් ළඟ තබාගත් කුඩු වෙළෙන්දකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කෙළේය.' මතකද?
බුදුහාමුදුරුවනේ, නැවත වඩිනු මැන
මෙන්න නියම බෞද්ධයෝ
අදහස් ලියපු සැම දෙනාටම ස්තුතියි. හිත හදාගන්න හිතන්න අපේ සල්ලිත් ස්වීඩන් වල තියනවා කියලා
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ..
මූණෙන් නම් හොර පාටක් පේන්නෑනේ
අනේ අර අහිංසක මූණ දැක්කම ඔය වගේ දෙයක් කරන්නේ කොහොමද කියලාවත් හිතා ගන්න බෑ අපිට නම්
නිලංගට නම් හොදක් වෙන්න එපා
ධර්මය පිළිබඳ හොඳ අවබෝධයක් එතුමාට තියෙන හැඩයි
මොනවා කරන්නද?
විනිසුරුතුමනි, සොරුන්ට උදවු කිරීමත් සොරකම හා සමානවම දඩුවම් ලැබිය යුතු කරුණක් නොවන්නේද?
"සුරේන් 2012-07-04 16:57:13 මේ වගේ අය නිසා ලංකාවට මොනවා වෙයිද දන්නෑ නේද?" මෙතන කීප දෙනෙකුගේ නම් තියෙනවනේ... මහනුවර මහේස්ත්‍රාත්, බෞද්ධ කටයුතු කොමසාරිස්, මහාධිකරණ විනිසුරු, දියවඩන නිලමේ, ජනාධිපති නීතිඥ කියලා...ඉතින් "මේ වගේ අය" කියලා අදහස් කලේ මෙයින් කා ගැනද එතකොට? (මට නම් මගේ උත්තරය තියෙනවා...)
ආගමට ජාතියට සේවයකරන වැදගත් මිනිස්සුනේ ....
සිවුරු දාගෙන කළත් සිවුරු නොදාගෙන කළත් හැමෝම කරන්නේ ආගම මුවාවෙන් හම්බ කරන එකයි
හොරුන් අපේ රට නැති කරනවා නේද හැමදාමත්
අයථා ලෙස කෑවොත් වමාරන්න වේවි
ඉතින් කොහොමද රටක් හදන්නේ...
ඉතින් කොහොමද රට හදන්නේ....
පක්ෂ බේදයක් නැතුව ප්‍රශ්න එන වෙලාවට ඔක්කොම එකට එකතු වෙනවා.අපිට දෙයියන්ගේම පිහිටයි
මාධ්‍ය විසින් මෙවන් පුද්ගලයින් පිළිබද පුලුල්ව අධ්‍යයනය කළ යුතුයි
දැන් තමයි බෞද්ධ කොමසාරිස් කෙනෙක් ඉන්නවනමි ක්‍රියාත්මක වෙන්න වෙලාව.
කාට ගිය රටක්ද මේ....
මෙන්න තවත් එකක්....
දුකයි තමයි. එත් බයවෙන්න එපා. ස්වභාවධර්මය ඕවට වෙලාවට උත්තර දෙනවා.
ලංකාවේ අපරාධ වලට මේ වගේ තීරණ 70%ක්ම බලපානවා
පෞද්ගලික නඩු නෙමෙයිනේ...
ඒ................මෙයා.....
බයවෙන්න එපා.මේක නීලංග දෑල 3න් වරක් වැඩිය දළදා මාලිගාව. නීලංග හාමුදුරුවෝ එක්ක සෙල්ලම් බෑ. බලන් ඉමු.... දුකයි තමයි... නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.. .....නීලංග හාමුදුරුවෝ ...
කාට කියන්නද මේ අවනඩුව ????
රට අසරණ වෙලා වගේ හිතට දැනෙනවා....බුදු හාමුදුරුවනේ.....
මේවා අන්දරේගේ කාලේ සිද්ධවුණු දේවල් වගේනේ...
එවුව එහෙම තමයි ....
මේකට කියන්න ඕන 'නඩුත් දළදා හාමුදුරුවන්ගේ බඩුත් දළදා හාමුදුරුවන්ගේ' කියල.