දෙල්කද රත්තනපිටියේ කුණු ඇළ පිටාර ගලා නිවාස 60 ක් පමණ ජලයෙන් යට වී ඇතැයි පොලීසිය කියයි.
කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි අද දවස පුරා වගේ වැසි පැවැතිණි.
උතුරු හා දකුණු අර්ධ ගෝලයෙන් හමා එන සුළං හමුවන අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම නිසා අද රාත්‍රීයෙත් තද සුළං සමඟ වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව කියයි.
සුළගේ වේගය ක්ෂණිකවම පැයට කිලෝමීටර් 70-80 වැඩි විය හැකි බවත් බොහෝ පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇති විය හැති බවත් ඇතැම් පළාත්වලට මිලි මීටර් සියය ඉක්මවා වැසි ලැබිය හැකි බවත් කොළඹ - ගාල්ල , හම්බන්තොට -මඩකළපුව දක්වාම වෙරළ තීරයේ බදාදා උදේ වැසි ලැබිය හැකි බවත් කාළගුණ නිලධරයෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ! මේ අපේ රත්තනපිටිය ඇළ නේද? ඇයි ඒකට කුණු ඇළ කියන්නෙ? ඒක කුණු කළේ ඔය යටවෙලා ඉන්න මිනිස්සුම වෙන්න ඇති. අපි පාසල් යන කාලේ ඔය ඇළේ මානෙල් මල් පිපිලා හරි ලස්සනයි. (නි)