IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දිල්කිගේ 'පණවාගේ' එළිදකියි

20160419-ent-60

20160419-ent-59සිරස "සුපර් ස්ටර්" තුන්වැනි අදියරය හරහා සංගීත ක්ෂේත්‍රයට පිවිසි දිල්කි වැලිවත්ත මේ වනවිට නව පරපුරේ ජනප්‍රිය යොවුන් ගායිකාවක් බවට පත්ව සිටියි පසුගිය කාලේ ක්ෂේත්‍රය තුළ එතරම් දකින්නට නොලැබුණ ඇය මේ දිනවල ගී නිර්මාණ කිහිපයක් හරහා රසික ඔබ හමුවට පැමිණේ. සිරස "සුපර් ස්ටාර්" තරගාවලියට එක්වීමෙන් පසුව ගී නිර්මාණ කිහිපයක් ඉදිරිපත් කර ඇති දිල්කි ඒ හරහා රසික පිරිස් අතර අතිශය ජනප්‍රියද විය.

"මගේ අලුත්ම ගීතය මීට දින කිහපයකට පෙර එළිදැක්වූවා. මේ දිනවල ඒ ගීතය නාළිකා කිහිපයක අහන්නත් දකින්නටත් පුළුවන්. "පණ වාගේ" කියලා තමයි ගීතය නම් කරලා තියෙන්නෙ. ගීතය ලිවුවේ හා සංගීතය එකතු කළේ චතුර වර්ණසේකර. මියුසික් වීඩියෝව නිර්මාණය කළේ විකුම් පියුමාල්. මේ ගීතය ආදරය හා විරහව සම්බන්ධ කරගෙන නිර්මාණය වුණ එකක්. මේ ගීතයට කලින් මම ගීතයක් එළිදැක්වූයේ මීට අවුරුද්දකට පෙරයි. ඒ නිසා බොහෝදෙනෙක් මගේ ගීතයක් අපේක්ෂාවෙන් හිටියා. ඒ නිසා මේ ගීතය මගේ ආදරණීය රසික, රසිකාවියන් ආදරයෙන් වැලඳගනීවි කියලා මම හිතනවා. මේ ගීතයට අමතරව මම දායක වුණ අවුරුදු ගීතයක් මේ දවස්වල රූපවාහිනී නාළිකා කිහිපයකම දකින්න ලැබෙනවා. "හිනැහෙමු අවුරුදු කාලේ පුරා" කියලා තමයි මේ ගීතය නම් කරලා තියෙන්නේ. මා සමගින් සඳරුවන් ජයසිංහ, සුලෝචන රාජපක්ෂ හා රවීන් කණිෂ්ක තමයි මේ ගීතය ගායනා කරන්නේ. මෙහි ගී පද රචනය කළේ සුලෝචන රාජපක්ෂ. සංගීතය නිර්මාණය කළේ සඳරුවන් ජයසිංහ."

 

 



අදහස් (0)

දිල්කිගේ 'පණවාගේ' එළිදකියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site