මාතලේ මාතලාපිටියේ පාසලකට ප්‍රවාහන ඇමති රෝහණ දිසානායක මහතා අද (11) උදේ 8.30 ට ගියේය.
ඔහු සිටියදී ගුරුවරු හය දෙනකු පාසලට ආහ. බසය පමා වීම නිසා පාසලට ඒම පමා වන බව ඔවුහු කීහ. බසය හැමදාම පමා වෙතියිද ඔවුහු ඇමතිට කීහ.
එහෙත් අත්සන් කිරීමේ නාම ලේඛනයේ පැමිණි වේලාව වශයෙන් 7.30 සටහන් වී තිබිණි. උදේ 7.00 මාතලාපිටියට ලාගා විය හැකි බසයක් පසුදා සිට යොදවන ලෙස ඇමැතිවරයා ලංගමයට ඔහු උපදෙස් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට මේවගේ තාවකාලික උත්තර නොවේ ඇත්ත උත්තර සොයන්න ඕනේ. හැම තැනකම වගේ ඇතුල් වීම, පිට වීම බලනවා එත් ප්‍රමිතිය බලන්නා කෙනෙක් නැහැ. දරුවන් අපේ අනාගතය.(ස)
පරක්කු වෙන එකනම් සමහර ගුරුවරුන්ගේ පුරුද්දක්.. හැබයි ටියුෂන් එකට වෙලාවට යනවා..(ස)
එතකොට ළමයි කොහොමද 7.30ට ආවේ? (ස)
වෙලාවට එන්නම ඕන. නැත්නම් සිසු සිත් රිදේවි.(ස)
" සිසු සිත නොරිදවා - වෙලාව නොවරදවා " බැතිපෙම් උපදවා - අකුරු කරවව් ගුරුනි සොදාවා!"(නදී)
ඔව් ඉතින් ලංකාවේ දරුවන්ට දෙවියන්ගේම පිහිට තමයි අධ්‍යාපනය යන විදිහට. (නි)
අයියෝ, ඉතින් ඉස්කෝලේ 9.00 පටන්ගත්තා නම් කාටත් ලේසියිනේ. ලොකු මහත්තුරුන්ට වගේ අපට කොයින්ද ජගුවර්? (නි)
ඉස්සර ලංගම තියෙන කාලේ නගරයේ ලංගම ඩිපෝවෙන් උදේට ගම්වලට බස් ගියා. නගරය අවට ගුරුවරු ඒවායෙන් ගමේ පාසලට ගියා. ගුරුවරු ගමේ පාසලට යාම නොයාම ගැන පුද්ගලික බස් වල අයට අමාරුවක් නැහැ (නි)
නියම වැඩේ දැන් ඉතින් පැය බාගයක් වේලාසනින් එන්න වෙනවනේ. (ස)