මාතලේ මාතලාපිටියේ පාසලකට ප්‍රවාහන ඇමති රෝහණ දිසානායක මහතා අද (11) උදේ 8.30 ට ගියේය.
ඔහු සිටියදී ගුරුවරු හය දෙනකු පාසලට ආහ. බසය පමා වීම නිසා පාසලට ඒම පමා වන බව ඔවුහු කීහ. බසය හැමදාම පමා වෙතියිද ඔවුහු ඇමතිට කීහ.
එහෙත් අත්සන් කිරීමේ නාම ලේඛනයේ පැමිණි වේලාව වශයෙන් 7.30 සටහන් වී තිබිණි. උදේ 7.00 මාතලාපිටියට ලාගා විය හැකි බසයක් පසුදා සිට යොදවන ලෙස ඇමැතිවරයා ලංගමයට ඔහු උපදෙස් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දරුවන්ට දෙයියන්ගේම පිහිටයි
සම්පත් Tuesday, 11 June 2013 03:52 PM
මේවට මේවගේ තාවකාලික උත්තර නොවේ ඇත්ත උත්තර සොයන්න ඕනේ. හැම තැනකම වගේ ඇතුල් වීම, පිට වීම බලනවා එත් ප්‍රමිතිය බලන්නා කෙනෙක් නැහැ. දරුවන් අපේ අනාගතය.(ස)
රත්නවීර Tuesday, 11 June 2013 04:00 PM
පරක්කු වෙන එකනම් සමහර ගුරුවරුන්ගේ පුරුද්දක්.. හැබයි ටියුෂන් එකට වෙලාවට යනවා..(ස)
රත්න Tuesday, 11 June 2013 04:03 PM
එතකොට ළමයි කොහොමද 7.30ට ආවේ? (ස)
සමන් පාලිත Tuesday, 11 June 2013 04:14 PM
වෙලාවට එන්නම ඕන. නැත්නම් සිසු සිත් රිදේවි.(ස)
සරත් Tuesday, 11 June 2013 05:03 PM
" සිසු සිත නොරිදවා - වෙලාව නොවරදවා " බැතිපෙම් උපදවා - අකුරු කරවව් ගුරුනි සොදාවා!"(නදී)
පෙරේරා Tuesday, 11 June 2013 05:41 PM
ඔව් ඉතින් ලංකාවේ දරුවන්ට දෙවියන්ගේම පිහිට තමයි අධ්‍යාපනය යන විදිහට. (නි)
හේරත් Tuesday, 11 June 2013 06:24 PM
අයියෝ, ඉතින් ඉස්කෝලේ 9.00 පටන්ගත්තා නම් කාටත් ලේසියිනේ. ලොකු මහත්තුරුන්ට වගේ අපට කොයින්ද ජගුවර්? (නි)
ඉලේපෙරුම Tuesday, 11 June 2013 06:47 PM
ඉස්සර ලංගම තියෙන කාලේ නගරයේ ලංගම ඩිපෝවෙන් උදේට ගම්වලට බස් ගියා. නගරය අවට ගුරුවරු ඒවායෙන් ගමේ පාසලට ගියා. ගුරුවරු ගමේ පාසලට යාම නොයාම ගැන පුද්ගලික බස් වල අයට අමාරුවක් නැහැ (නි)
අශාන් Tuesday, 11 June 2013 03:11 PM
නියම වැඩේ දැන් ඉතින් පැය බාගයක් වේලාසනින් එන්න වෙනවනේ. (ස)