ගලේවෙල පත්කොළගොල්ල පදිංචි එම් ඒ ශිරෝමා වසන්ති (34) තම කුඩා දරුවන් හතර දෙනා ජීවත් කරවීමට වැලි ගොඩ දමයි.
ඇයගේ සැමියා වු එම් එම් ඒ සුසිල් ප්‍රියන්ත(34) 2013-06-05 වැනි දින මිය ගියේ දරුණු ලෙස වකුගඩු රෝගය වැළදීමෙනි.අවුරුදු 14,10,04 හා මාස 15 යන වයස් වල පසුවන දියණියන් තිදෙනාත් එකම පුතාත් ජීවත් කැර වීමට ඇයට සිදු වී ඇත.
ඇය නිවස් අසල ඇළට ගොස් හැකි සෑම අවස්ථාවකදිම වැලි ගොඩ දමන්නීය. දින පහක් මහන්සි වෙද්දී ඇය එක් ‘ වැලි ලෝඩ් එකක්’ එකතු කැර ගනීයි.
එයින් ලැබෙන රුපියල් 1000 ඔවුන්ගේ එකම ආදායමයි.
ශිරෝමී සිය සැමියාගේ සොහොනට දිනපතාම දරුවන් සමග යයි.කුඩා නිවසක අනාරක්ෂිතව ඔවුහු ජීවත් වෙති.
තම සැමියා මිය ගිය පසුව නිවසේ අපමණ අඩු පාඩු තිබුණද ඇය වතුර පෙරණයක් රැගෙනවිත් නිවසේ තබාගෙන දරුවන්ට වතුර බොන්නට දෙන්නේ තම සැමියා ගොදුරු වු රෝගයෙන් දරුවන් ආරක්ෂා කැර ගැනීමටය.
සැමියා අසනීප තත්ත්වයෙන් පසුවද්දී ඇය තැන තැන අවිදිමින් මුදල් සොයා යද්දී හමු වු අයකු ඇගේ පුංචි නිවසට සෙවිල්ලක් ලබා දී තිබේ.
මෙම නිවසේ ඇති උපකරණ වලින් වටිනාකමක් ඇති උපකරණය වන්නේ වතුර ෆිල්ටරය පමණි.
ඇයට හා දරු සිව් දෙනාට උපකාර කළ හැකි අයෙක් වේ නම් එම් ඒ ශිරෝමා වසන්ති නමින් ගලේවෙල මහජන බැංකුවේ 115-2-001-0-0019343 ගිණුම් අංකයට මුදල් බැර කළ හැකියි.ඇගේ දුරකතන අංකය 077-5940590
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වයන් රැකියාවක් පටන්ගන්න අපි උදව් වෙමු ,ලංකාදීපයට ගොඩක් පින් මෙවැනි දේ පලකරනවට .මේ එක කතාවක් පමනයි .තව මොනතරම් අසරණ මිනිසුන් අපේ රටේ ගම්දනව් වල ජීවත් වෙනවද . (දී)
ස්වයන් රැකියාවක් පටන්ගන්න අපි උදව් වෙමු ,ලංකාදීපයට ගොඩක් පින් මෙවැනි දේ පලකරනවට .මේ එක කතාවක් පමනයි .තව මොනතරම් අසරණ මිනිසුන් අපේ රටේ ගම්දනව් වල ජීවත් වෙනවද . (දී)
අත පය හතර හොදට තියාගෙන හොරකම් කරන, හිඟා කන අයට් හොඳ ආදර්ශයක් (දී)
ඇත්තටම පිහිට විය යුතු කෙනෙක්. චන්දෙ ඉල්ලන කාටහරි වැඩ පෙන්නන්න හොද අවස්තාවක් (දී)
අපි හැකි අයුරින් උදව් කරමු. (නි)
අපි නොවැරදීම හෙට මුදලක් යවනවා අපිට ගැහැණු දරුවන් නැහැ මෙම මව තම දරුවන් වෙනුවෙන් සිදුකරන මෙහෙවර අපේ අම්මත් අපි වෙනුවෙන් කර මෙලොව හැර ගියා, පින් කල යුතු තැනට පින් කල යුතු වෙනවා අනිත් අයට පාලකයන්ට දොස් කියා කල යුතු පින් මග නොහරිමු ඔබ නැති ද ඔබගේ දරුවන්ටද පිහිට වෙන පින් කැමති ඇත්තන් බොහොම සිටිනවා පාලකයන් වැඩක් නැහැ එම ය පත් කරන්නෙත් අපිම නිසා මෙම පවුල නාග සිටුවීමට වැඩ පිළිවෙලක් යොදන්න අපි බලනවා මෙම පුවත් ගෙන ලංකාදීපයට පින් ලැබෙනවා (අ)
අදහස් කරන අය හැමෝම මේ අසරණ දරු පවුල වෙනුවෙන් යමක් කරන්න. අසරණ අයට උදව් කරමු. මේ උපකාර ලැබිය යුතු අසරණ පවුලක්. (ස)
මැති ඇමතිවරුන්ට පෙනේවා !! (ස)
මැති ඇමතිවරුන්ට පෙනේවා කියුවේ ඇළේ තියෙන වැලි ටිකද? (ස)
මේවගේ සමෘධිමත් රටක මෙහෙම වෙනවද? එක පුද්ගල අදායම ඩොලර් දහස් ගනක්ලු නේද? (අ)
මෙම නිව්ස් එක ටික දිනක් යනතුරු මෙලෙසම තියන්න හැකිනම් ලොකු උදව්වයි, ලංකාදීපයට මගේ ස්තුතිය, මගේ අලුත උපන්(2014-03-26 ) පළමුවැනි මිනිබිරිය ලැබීමේ සතුට වෙනුවෙන් මෙම ඉරිදා දින මෙම අසරණ පවුලට කියක් හෝ යවන්නම් (දී)
මොනවා වුනත් දිරිය මවක් මෙහෙම මව්වරු මවු පදවිය රකින මතු බුදු වෙන අය. අද සමාජේ සමාජ ශාලාවල් දිහා බලනකොට. (අ)
ජීවිතය මොනතරම් කටුකද ?? (ස)
හැමෝගෙම ප්‍රතිචාර බොහොම වැදගත් කල දේවල් කියන කෙනෙක් නෙවෙයි මම නමුත් මගේ යතුකම ඉෂ්ට කළා ඒ වගේම අනික් අයගෙනුත් මේ අයට පිහිටක් ලබයි කියා මම විස්වාස කරනවා. පොඩි පුතා වගේ මගේ මුනුබුරා එනිසාම නොවයි ඇත්තටම හරිම දුක හිතෙන පවුලක් හැමෝම කියා ඇති විදියට උදවු කරන්න. දරුවෝ ඉගෙන ගත්තොත් එයාලගේ ප්‍රශ්න වලට විසදුම් ලැබේවි. මම ඉන්නේ ඕමාන් වල මම කතා කරලා කිව්වා හෙට හෝ අනිද්දා ගන්න හැකයි කියා. ඔබ සැමට ජේසු පිහියි. (දී)
ඒ වුණාට දිලූ ඔයා ඒ වගේ දිරිය කතක් නෙවෙයිනේ. (ස)
අම්මා කෙනෙක් විදියට හැමෝම උදවි කළ යුතුයි ඇයට.හැබැයි "දිලු" ගේ කතාවට නම් යමක් කියන්නම ඕනේ. ඉගෙන ගන්නෙ නැතුව හරි ඉගෙන ගන්න බැරුව හරි අචු 15-16 වෙනකොට ළමයි හදාගත්තු අයටත් ඒ.පු.ආ. ඩොලර් දහස් ගණන් ගන්න පුළුවන්නමි අමාරුවෙන් ඉගෙන ගෙන රස්සාවල් හොයාගන්න ඕනෙ නැහැනෙ. (ස)
අනේ සමාවෙන්න දිලුගෙ කතාව නෙමෙයි " ශාන්තගෙ" කතාව ගැනයි මම කිව්වෙ. (ස)
දුක්බර අවස්ථාවක්. (ස)
ඡන්දෙ ඉල්ලන අය කෝ? (ස)
ඒ කාන්තාවටත් වංචාවනේ කරන්නේ. වැලි ලෝර්ඩ් එකක් දැන් 10000ක් විතර වෙනවා. (ස)
දිරිය පුතෙක් මේ පවුලේ වගකීම බාරගන්න. (ස)
මාධ්‍ය මගින් කළ උතුම් මෙහෙවරක් මෙවැනි දෙයක් මහජනතාව දැනුවත් කිරීම. මේ අහිංසක කාන්තාවත් දරුවනුත් ඉතාම අනාරක්ෂිත බවෙන් ඉන්න බවයි පේන්නේ. මෙවැනි අයට නොව වයසක කාන්තාවකටවත් අද රටේ ඉන්න මාරු වාතාවරණයක් තියෙද්දී මෙවැනි අය ගැන අවට ගම්වාසිනුත් වගකිව යුතු සංවිධාන අවධානය යොමුකළ යුතුය. (ස)
මැය වෙනුවෙන් කළ හැකි හොඳම දෙය උගත්කමේ හැටියට ඇයට කරන්න පුළුවන් රැකියාවක් ලබාදීමයි. තාවකාලික තෑගි බෝග එතරම් පලක් නැහැ. නැතිකමට නම් ඒවත් වටිනවා තමයි. අනාගතය හදාගන්න නම් රැකියාවකුයි උවමනායි. (ස)
දිරිය සොහොයුරියේ, ඔබ සමඟ කළ දුරකථන සංවාදයේදී පොරොන්දු වූ පරිදි මගේ යුතුකම නොපිරිහෙලා ඉටු කළෙමි.ඔබට මුදල් එවන විට බැංකු කවුන්ටරයේදී මගේ කදුළු සඟවා ගැනීමට අපොහොසත් වුවත් මම දැන් සතුටු වෙමි. ස්තුතියි ලංකාදීප සමාජ මෙහෙවරට සහ කාංචන කුමාර ආරියදාස මහතාට. (නි)
ආශ්චර්ය මේකද??? (ස)
අපි සියලු දෙනාම එකතු වෙලා මේ අසරණයන්ට පිහිට වෙමු. (ස)
මම මට පුළුවන් ආකාරයකට මොවුන් වෙනුවෙන් උපකාරයක් කරනවා (නි)
ඇයට හැකි තරම් උදව් කළ යුතුයි අපි (දිල්)
පැහැදිලිවම මෙතැනදී කාටවත් අපහාසයක් නොකර මධ්‍යස්ථව බැලුවොත් අසරණ භාවයට දුප්පත්කමට පත් වුවන් හැම රටකම ඉන්නවා.අපි පුරුදුවෙලා තියෙන්නේ මොකක් හරි දැක්ක ගමන් අපි දාල තියන කණ්නාඩියෙන් බලල තියෙන ආණ්ඩුවට බනින එක.මෙතැනදී හිතන්න ඒ අම්ම කොච්චර ධෛර්යවන්තද කියල.අපිත් එයට ගරු කරලා උපේක්ෂා මහත්මිය කියල තියනවා වගේ උදව්වක් කරන්නයි ඕනේ.අපි හැමෝම කරන්නේ පුද්ගලික මතවාද එළියට දාල ගැටුමක් ඇති කරලා බලාගෙන ඉන්න එක. (ස)
ලංකාදීප පුවත්පතට බොහොමත්ම ස්තුතියි මේ වගේ සිද්ධීන් මහජනතාව හමුවට ඉදිරිපත් කිරීම පිළිබඳව. අපි මාසයකදී මොනරම් අනවශ්‍ය වියදම් (අත්‍යවශ්‍ය නොවන) කරනවාද? එක සතියක් මෙවැනි වියදම් පාලනය කළොත් මෙවැනි අසරණ පවුලකට ඵලදායි ලෙස උදව් කළ හැකියි. අනිවාර්යයෙන්ම මොවුන්ට මගේ සහයෝගය ඉක්මනින්ම ලබාදෙනවා. (නි)
මෙන්න මිනිසුන්ට තියෙන ප්‍රශ්න.සංවර්ධවනය වන රටේ මේ වගේ අසරණයින්ට පිහිටක් වෙන්නත් රජය වගකීමෙන් වැඩ කළ යුතුයි (දිල්)
මේ අම්මව අගේ කරන්න ඕනේ මම මේ ගොල්ලන්ට උදව් කරන්න කැමති (අ)
මෙම අංකය හරහා කෙළින්ම ඇයට කතා කළ හැකිද? දන්නා කෙනෙක් පැහැදිලි කරන්න. (නි)
මේ දරු පවලට උදව්වක් කරන්න (අ)
වැලි කියුබ් එකක සාමාන්‍ය මිල රු 6,000-8,000 අතර වෙනවා. මේ අම්මගෙන් වැලි ගන්න මිනිස්සු රු 1,000 ක් වගේ සුළු මුදලකට. (ස)
පාලකයන්ට දොස් කිය කියා අදහස් දාල වැඩක් නෑ. තමන්ට පුළුවන් නම් උදවු කරන්න. (ස)
ආදරය හිත පුරා පිරි, දරු සෙනෙහස නිසා දුක උහුලන, මෙතරම් දරුවන් වෙනුවෙන් දුක්විඳින මවට ස්වයං රැකියාවකට යොමුවෙන විදිහේ වැඩපිළිවෙලක් සාදා දුන්නොත් අපිට හැකිවේවි මේ දරුවන්ට ඉගෙනගන්නවත් උදව් කරන්න. මහජන නියෝජිතයන් ඡන්දයට පමණයි දකින්න පුළුවන්. ඔවුන් ගැන කතාකරලා වැඩක් නැහැ. මේ ජීවිත 5 ගොඩගන්න විදිහක් අපි කල්පනා කරමු මිතුරනේ. (නි)
මම මේ විදියට ලියන්නේ කාටවත් අපහාස කරන්න නෙමේ.කාන්තාවකගේ ආත්ම ශක්තිය පිරිමියෙකුට වැඩිය බල ගතුයි. මම අද යුරෝපයේ හිටියට පස් කොටලා මැටි පාගල ගඩොල් කපල තියනවා.බදාම අනලා බාස්ලට අත් උදවු කරලා තියනවා.අද මම ගැන මම ආඩම්බරයි.හැකි අයුරින් මේ නැගණියට උදවු කරමු. (ස)
දිරිය මවක්. අම්මේ,දරුවන් වෙනුවෙන්ම ජීවිතය කැපකරන අම්මලා අද අඩුයි. ඔබ නියම අම්මා කෙනෙක්. හැකි විදිහට අපි උදව් කරමු. (නි)
සෙලිනා, ඔබට එම අංකයට කෙලින්ම කතා කරන්න පුළුවන්. මම ඕමාන් ඉඳන් කතා කළා. අනේ ඔව් ඇගේ දරුවන්ට ඉගෙන ගන්න අපි උදව් කරමු. කැමති අය ඉන්නවා නම් මම කැමතියි තව මට කළ හැකි දෙයක් කරන්න.සම්බන්ධ වෙන්නේ කොහොමද කියා කියන්න. ඇත්තටම දරුවෝ හතර දෙනා ඉගෙන ගන්න ඕන දරුවෝ, දැක්කම කියන්න පුළුවන් හැකියාව ඇති බව. ලංකාදීපෙන් මම ඉල්ලීමක් කරනවා චන්දිගේ ඉල්ලීමම. මේ නිව්ස් එක ටික දවසක් තියන්න. ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙමින් තියෙන නිසා. උදව් කරන හැමෝටමත් ලංකාදීපයටත් මේ වගේ නිව්ස් එකක් ගෙනා කාංචන කුමාර ආරියදාස මහතාටත් ජේසු පිහිටයි. (ස)
මාත් කුමාරි කියන කතාවට එකගයි. (දී)
පළමුවෙන්ම මේ උතුම් කාන්තාවට මගේ ප්‍රණාමය . ඒ වගේම ලංකාදීපයටත් මගේ ප්‍රණාමය මෙවන් පුවත් පලකිරීම ගැන. ලංකාදීපයේ පලවන මේ වගේ හැම එකකටම මම උදවු කරන කෙනෙක්. තවද මම මේ හැම කෙනෙක් සමගම කතා කරලා විස්තර අහල බලනවා ඒ අහද්දී මම දැනගත් දෙයක් තමි මේ හැම කෙනෙක්ම අදාල පළාතේ ඇමැති වරු ගාවට ගිහින් තියෙනවා කවුරුත් උදව් කරලා නෑ.මේ දිරිය මාතාවට අපි හැකි පමණින් උදව් කරමු(දිල්)
කුමාරි, ඔයා වගේ අය අපි අතරේ ගොඩක් ඉන්නවා. මමත් ඒ ගොඩට ඇතුළත් වෙනවා. (නි)
හරිම දුක හිතෙන කතාවක්. අපි කවුරුත් මේ දිරිය මවට උදවු වෙමු පුළුවන් විදිහකින්. (නි)
ඔබට ජයවේවා! ඔබේ දෑත් ශක්තිමත් වේවා! මේ දරුවන් මවගේ වටිනාකම දැනගෙන හොඳ මිනිසුන් බවට පත්වේවා! (නි)
අදහස් දුටුවිට සතුටක් දැනෙනවා.ඔව් අපි සියලු දෙනාම උදව් කරමු මේ දිරිය මවට. (නි)
ආශ්චර්යය යනු ඇති කෙනාට උතුරන්න සහ නැති කෙනාට කන්නවත් නැති තත්ත්වයටද? (නි)
කුමාරි,චන්දි සොහොයුරියන්ගේ අදහස් මම අගය කරමි. (නි)
අනේ! හරිම දුක්බර කතාවක්.අද සමාජයේ මෙවන් අය ගොඩක් ඉන්නවා.ප්‍රනාන්දු අයියා කර තිබෙන්නේ හොඳ දෙයක්.මට මේ වෙලාවේ හැකියාවක් නැතත් පසුව උදව් කරනවා. (නි)
අපි අපිට හැකි ආකාරයකට උදවු කරමු. (නි)
අපේ රටේ තරම් අනුන් වෙනුවෙන් හිත උණුවෙන අය සිටින වෙනත් රටක් නැති තරම්. කෙනෙක් දෙන්නෙක් කරන වැරදි සහ නින්දිත වැඩ ඒ සියලු හොඳ දේවල් පරාජය කරමින් නැඟී සිටිනවා. මේ වගේ ,මීටත් අමාරු බොහෝ දෙනා ලංකාවේ ඉන්නවා. අනුරධපුරයට කිට්ටුව උට්ටිමඩුව කියන ගමේ ළමයි දවස් දෙකක් පාසල් යන්න දවස් තුනක් වැලි ගොඩ දානවා. ඒකෙන් තමයි මුළු පවුලම රැකෙන්නේ. මේ වගේ අයට ලොකු අය නෙමෙයි පොඩි අපෙන් තමයි උදව් දෙන්න වෙන්නේ. උදව් කරන ඔබ සැමට ස්තුතියි! (නි)
මම ඒ අසරණයන්ට මුදල් තැපැල් කළා. අනිත් අයටත් කියන්නේ නිකන් බොරුවට ශෝකේ ප්‍රකාශ නොකර හැකි පමණින් උදවු කරන්න. ඒ ලබපු පිනම ඇති මගේ නපුරු ලේලිව සුවපත් වෙන්න. (ස)
මම මේ මවට කතා කළා. මට හැකි විදියට සිකුරාදා උදවුවක් කරන්න මම පොරොන්දු වුණා. ප්‍රතිචාර ඉතා ඉහළින් වැදගත් විදියට හැමෝම ලියා තිබෙනවා, ලොකු මිනිසුන්ට ඕවා පෙනෙන්නේ නැහැ. ලංකාදීපයට ගොඩක් පින් මේ වගේ දේවල් ලෝකයටම පෙන්වා දෙන එකට. මම ඕමාන් වල ඉන්නේ. ඔබ සැමට ජේසු පිහිටයි. ලංකාදීපයට ගොඩක් ස්තුතියි. (නි)
මේක පුළුවන් තරම් ප්‍රසිද්ධ කරන්න හැකි නම් හොඳයි. (නි)