IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘දරුවන්ට කඩල, රටකජු දෙන්නේ බලාගෙනයි‘

වසර 3 ට අඩු දරුවන්ට ඝන ආහාර ද්‍රව්‍ය ලබා දි ඒවා ස්වසන මාර්ගයේ සිරවිමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බවත් එම ආහාර පෙනහැලි වල සිරවිම නිසා ආහාර වල ඇති රසායනික ද්‍රව්‍යයන් පෙනහැලි තුල ප්‍රතික්‍රියා කිරීමෙන් ජීවිත කාලයටම බලපාන පරිදි හානි සිදුවිය හැකි බව පේරාදෙණිය සිරිමාවෝ බන්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ උගුර,කණ.නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සිසිර බණඩාර ඇතුල්ගම මහතා පවසයි.

වෙලම්බඩ ප්‍රදේශයේ  වයස අවුරුදු 1 යි මාස 7 ක් පමණ වන බිලිඳකුගේ ස්වසන  මාර්ගයේ රටකජු ඇටයක් සිරවී සතියක කාලයක් පමණ ස්වසන මාර්ගයේ තිබිම නිසා අසාධ්‍යව ළමා රෝහලට ගෙන ආ පසු එය ඉවත් කළ වෛද්‍ය ඇතුල්ගම මහතා එසේ අදහස් පළ කළේය.

ළමා රෝහලේ හදිසි අනතුරු ඒකකයට අමතරව වෙනත් පර්යන්ත රෝහල් වලින් ඝන ද්‍රව්‍ය ස්වසන මාර්ගයේ සිරවිම නිසා ප්‍රතිකාර ලබා ගැනිමට කුඩා දරුවන් 5 ක් 10 ක් අතර ප්‍රමාණයක් මසකට එන බවත් එසේ පැමිණෙන දරුවන් රෝහලේ ඇති නවීන උපකරණ යොදා ගනිමින් ප්‍රතිකාර කළ හැකි මුත් ඇතැම් දරුවන් නිවසේදීම මිය යන අවස්ථාද ඇති බව ඔහු කීවේය.

වයස 3 ක පමණ කුඩා දරුවන්ගේ මුඛයේ හක්ක ප්‍රදේශයේ  දත් වැඩිහිටියන් මෙන් නොවැඩි තිබිම නිසා ඝන ආහාර ද්‍රව්‍ය (කඩල රටකජු ) හක්කේ ඇති දත් වලින් අඹරා ගැනිම කළ නොහැකි නිසා ඉදිරි පස දත් වලින් සපා අපහසුවෙන් ගිලිමට උත්සාහ දරන අවස්ථාවේදී ස්වසන මාර්ගයට මෙම ඝන ආහාර යා හැකි බවත් එලසම දරුවන්ට සෙල්ලම් කිරිමට දෙන බයියිකල් වල රේසර් බෝල , ඔර්ලෝසු බැටරි , විදුලි සෙල්ලම් බඩු වල බැටරි හා සෙල්ලම් බඩු වල කොටස් මුඛයේ දමා සැපිමද දත් වන අවධියේ ළමුන්ට නොදනුවත්වම ස්වසන මාර්ගයට ගොස් ඉතාමත් භයානක ප්‍රතිඵල ඇතිවිමට හේතු වන බවත් වෛද්‍ය ඇතුල්ගම මහතා පවසයි.

‘දරුවන්ට එවැනි ඝන ආහාර ටිකක් භාජනයකට දමා දි වෙනත් වැඩක යෙදෙන විට දරුවන් ඒවා සිර කර ගැනිමෙන් හුස්ම සිරවීම නිසා භයානක තත්වයන් උදා විය හැකි බවත් කුඩා දරුවන්ට කඩල වැනි ඝන ආහාර ද්‍රව්‍ය දීමේදී ඒවා තලපයක් ලෙස සකසා දීමෙන් මෙවන් භයානක තත්වයන් වලින් මිදිය හැකි බවත් ඇතුල්ගම මහතා සඳහන් කළේය.

ඝන ආහාර ද්‍රව්‍ය සිරවිමක් වුවහොත් එය ඉවත් කිරිම සදහා නොයෙකුත් ක්‍රම අනුගමනයද හානි දායකය. යමක් මුඛයේ සිරවීමක් සිදුවුවහොත් ඇගිලි දමා ඉවත් කිරිමට යාමද අවදානම්ය. ළඟම ඇති රෝහලකට රෝගි දරුවා ඉතා ඉක්මනින් ගෙන යා යුතු අතර යම් ප්‍රථමාධාර ද ලබා දිය යුතුය. ගර්භනි කාල සමයේදි මව සමග ඉතාමත් ළගින්ම මනා සේවයක් ලබා දෙන පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් හරහා මෙම ප්‍රථමාධාර ක්‍රම ගැන දැනුමක් ලබා දිම වඩාත් යෝග්‍යයි.‘

 

 

 



අදහස් (0)

‘දරුවන්ට කඩල, රටකජු දෙන්නේ බලාගෙනයි‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site