නාවල ජනාධිපති බාලිකාවට  අනුබද්ධිත මාදින්නාගොඩ ප්‍රාථමික විද්‍යාලයේ සිංහල අලුත් අවුරුදු උත්සවය උත්කර්ශවත් අන්දමින් රාජගිරිය ක්‍රීඩාංගනයේදි පැවැත්විණි

අවුරුදු නැකැත් පිළිවෙත් අනුව පවතින සියලු සිරිත් ගැන මෙහිදි දරුවන්ට ප්‍රායෝගිකව  දැනුම්වත් වෙන අයුරින් නෑගම් යෑම , දෙගුරුන්ට  බුලත් දිම, ළිඳ අළෙවි කිරීම  හිස තෙල් ගෑම ද  අවුරුදු  ජන ක්‍රීඩා ද  සංවිධාන කැර තිබිණි

ජනාධිපති බාලිකා විද්‍යලයේ විදුහල්පතිනි ඩබ්ලිව්. ඒ. නයනා පෙරේරා මහත්මිය ගේ ප්‍රධානත්වයෙන්  මෙය පැවැතිණි

මාදින්නාගොඩ ප්‍රාථමික විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි චිත්‍රානි පත්මමාලී මෙනවිය ඇතුලු ගුරු මණ්ඩලය විසින් සංවිධානය  කැරිණි.