IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


දරුවන්ට අවුරුදු සිරිත් කියා දෙයි

නාවල ජනාධිපති බාලිකාවට  අනුබද්ධිත මාදින්නාගොඩ ප්‍රාථමික විද්‍යාලයේ සිංහල අලුත් අවුරුදු උත්සවය උත්කර්ශවත් අන්දමින් රාජගිරිය ක්‍රීඩාංගනයේදි පැවැත්විණි

අවුරුදු නැකැත් පිළිවෙත් අනුව පවතින සියලු සිරිත් ගැන මෙහිදි දරුවන්ට ප්‍රායෝගිකව  දැනුම්වත් වෙන අයුරින් නෑගම් යෑම , දෙගුරුන්ට  බුලත් දිම, ළිඳ අළෙවි කිරීම  හිස තෙල් ගෑම ද  අවුරුදු  ජන ක්‍රීඩා ද  සංවිධාන කැර තිබිණි

ජනාධිපති බාලිකා විද්‍යලයේ විදුහල්පතිනි ඩබ්ලිව්. ඒ. නයනා පෙරේරා මහත්මිය ගේ ප්‍රධානත්වයෙන්  මෙය පැවැතිණි

මාදින්නාගොඩ ප්‍රාථමික විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි චිත්‍රානි පත්මමාලී මෙනවිය ඇතුලු ගුරු මණ්ඩලය විසින් සංවිධානය  කැරිණි.

 



අදහස් (0)

දරුවන්ට අවුරුදු සිරිත් කියා දෙයි

ජනා Thursday, 03 April 2014 02:21 PM

සිංහල සිරිත් විරිත් ගිලිහිලා යන මේ කාලයේ කළ ආදර්ශවත් හොඳ වැඩක්. (නි)

:       0       0

පහන් Thursday, 03 April 2014 02:34 PM

මම පොඩි කාලේ අවුරුද්දට උණ වෙඩි ගැහුවා. බීරංග ගැහුවා. ආච්චි අම්ම කුස්සියේ ගොම ගානවා මම දැකල තියනවා. අම්ම හදන අතිරස මිශ්‍රණය අමුවෙන් කන්න ගිහිල්ල ගුටි කාගෙන එළියට එනවා .කජු පුහුලන් කාල කැස්ස. කජු අහුලන්න වවුල් තිප්පොළවල් වලට යනවා. ඒත් අද ඒ ගොඩක් දේ වෙනස් වෙලා. මගේ පුංචි පුතා මේ කිසි දෙයක් දන්නේ නැහැ. (ස)

:       0       0

මයුර Thursday, 03 April 2014 03:07 PM

'පහන්' ඇත්තම කතාවක්. හොඳ අතීතය මෙනෙහි කිරීමක්. (ස)

:       0       0

තිලිනි නදීෂා Thursday, 03 April 2014 03:17 PM

අපේ පාසලේ චුටි නංගිලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. (ස)

:       0       0

ජගත් සෞදි Thursday, 03 April 2014 03:27 PM

පහන් ඇත්තට අපේ දරුවෝ මොනවද දන්නේ. උන් ටික රොබෝලා වෙලා. අපේම වරද. කාට කියන්නද?? හැකි සෑම වෙලාවෙම කියල දෙන්න උත්සහ කරනවා. (ස)

:       0       0

අචිනි Thursday, 03 April 2014 03:50 PM

පුංචි පැටව් අපේ මල් වගේ. (ස)

:       0       0

ටෙනිසන් Thursday, 03 April 2014 04:41 PM

ඇයි පහන් අපි ගමේ වැඩිහිටියෝ හදපු කතුරු ඔන්චිල්ල පැද්දා.අපේ සහෝදරියෝ කවි කියමින් ඔන්චිල්ල පැද්දා.ගම දෙකක් එකතු වෙලා පොර පොල් ගැහුවා. අං ඇද්ද. තරගෙට කවි කිව්වා. ගම හරහා දිව්වා. තව කොච්චර නම් දේවල් කරාද? අවුැදු හැට පහ පැන්නත් තවම ඇගේ කොලු ගතිය තියෙන්නේ ඒවායේ ප්‍රතිපල. අනේ අද උන් දන්නේ පරිගණකය විතරයි. වයස 35 පනින කොට ජාත්‍යාන්තර ලෙඩ සියල්ලම උන්ගේ ඇගවල් වල. (ස)

:       0       0

මංගල Thursday, 03 April 2014 05:07 PM

පහන් කියන ඒ සුන්දර අතීතය අපිට නැවත එන්නේ නෑ නේ ද කියල හිතෙනකොට මගේ හිතට මහා දුකක් දැනෙනවා. අපි යාන්ත්‍රික වෙලා .දරුවෝ රොබෝලා වෙලා.(නදී)

:       0       0

සංජීව Thursday, 03 April 2014 05:12 PM

පහන්, කියල නිම කරන්න බැරි ලස්සන සිදුවීම් ගොඩක්. අපේ ළමයින්ට ඒවා හීනයක් විත‍රයි. ඒ වගේම අපිටත් ඒවා හීනයක් විතරයි. (නදී)

:       0       0

ජානකි Thursday, 03 April 2014 05:27 PM

ලස්සන පින්තූර ටික මල් වගේ අපේ දරුවන් (දිල්)

:       0       0

ලෝචනා Thursday, 03 April 2014 05:40 PM

හරිම වටිනා වැඩක් (නි)

:       0       0

අසෝකා Thursday, 03 April 2014 05:42 PM

මටත් ඒ කාලය මතක් වුණා. මිනිසාගේ දියුණුව කියන්නේ ලෝකයේ පරිහානිය කියන එක මේ දෙපැත්තම ගැන හොඳට හිතලා බැලුවම ඇත්ත කියලා පිළිගන්න වෙනවා. ඉඳලා හිටලා හරි විදුහල් මඟින් දරුවන්ට කියලා දෙන එක ලොකු දෙයක්. මොකද දැන් සමහර දෙමව්පියොත් මේවා ගැන දන්නේ නැහැ. (නි)

:       0       0

කුමාරි Thursday, 03 April 2014 05:49 PM

පුංචි දෝනිලා ටික දැක්කහම දුකේ බැහැ.හැමට සුභ අලුත් අවුරුද්දක්! පහන්, ඔය ටික වගේම මට මතක් වුණා අල්ලපු ගෙවල් වල ළමයි රතිඤ්ඤා පත්තු කරද්දී අපේ පුංචි අයියා පොල් පිත්තක් අරන් ගිහින් බෝක්කුවට තඩි ගැහුව හැටි.අනේ ඒ කාලේ කොච්චර සුන්දරද? (නි)

:       0       0

සමන් Thursday, 03 April 2014 06:31 PM

ෂා! හරි ලස්සනයි.අර කාටද අනේ රැවුලක් ඇවිත් තියෙන්නේ? (නි)

:       0       0

සරත් Thursday, 03 April 2014 06:51 PM

පුංචි දෝනිලා ටික ලස්සනයි. මට මගේ දෝනිව මතක් වුණා. මෙදා අවුරුද්දට දෝනි ළඟ මම නැහැ. ඒත් එයා හිතන්නේ මම ඒවි කියලා. අපිට නොපෙනෙන දුරකට යන්න වුණේ අැයි මන්දා. (නි)

:       0       0

කෝසල Thursday, 03 April 2014 06:56 PM

මෙවන් කාර්යයන් සියලුම පාසල් වල කරන්න පුළුවන් නම් හොඳයි (නි)

:       0       0

සේන Thursday, 03 April 2014 07:58 PM

හරිම ලස්සනයි. චූටි දුලට සුභ අලුත් අවුරුද්දක්. (නි)

:       0       0

නයනා Thursday, 03 April 2014 09:06 PM

අපේ ජාතිය රැකගන්නට අපේ ජාතික සිරිත් විරිත් දරුවන්ට උගන්වමු. (නි)

:       0       0

රාමා Friday, 04 April 2014 02:54 PM

දැන් ඉන්න ළමයි ගොඩක් දේවල් දැකලා නැහැනේ. කජු පුහුලන් දැකලා තියෙන්නේ පින්තූර වලින්. චග්ගුඩු ගහන්න මම හරිම ආසයි. දැන් ඉන්න අය මේවා දන්නේ නැහැ. (නි)

:       0       0

සමන්ති Thursday, 03 April 2014 12:57 PM

හොඳ ආදර්ශයක්.... (ස)

:       0       0

රන්ජනී Thursday, 03 April 2014 01:14 PM

ලස්සන පැටික්කියෝ ටික. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට! (නි)

:       0       0

ධනුෂ්ක අනුරංග Thursday, 03 April 2014 01:27 PM

හොඳ ආදර්ශයක්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 600 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 348 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 490 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site