ගාල්ල දිස්ත්‍රික්කයේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසු දරුවන් 200කට ත්‍යාග සහතික හා සම්මාන ප්‍රධානය කිරීමේ උත්සවයක් පසුගියදා ගාල්ල ඕල්ඩි ගෝල් හෝටලයේදී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී අදහස් දැක්වූ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා මෙසේ පැවසීය.
‘අද අපේ දරුවන් දැඩි තරගයක නිරතවෙනවා අධ්‍යාපනය වෙනුවෙන්. දරුවන් මේ තරගයේ නියැලෙන්නේ දෙමාපියන් මේ තරගයේ නියැලෙන නිසයි. තිබෙන ඛේදවාචකය තමයි දරුවන්ට දරුවන්ගේ ළමා කාලය ඒ අයුරින් ගත කිරීමට ඉඩක් නොමැතිවීම. අධ්‍යාපනය අවශ්‍යයි වගේම ළමයා කියන කෙනා දෙමාපියන්ගෙ ඒ වයසේ ගතකළ යුතු ආකාරයට ඔවුන්ට නිදහස ලබාදීමට දෙමාපියන් වැඩිහිටියන් හැටියට අපට විශාල වගකීමක් තිබෙනවා. රජයක් ලෙස අපි දරුවන් වෙනුවෙන් කළයුතු දේ හොදින් හදුනාගෙන අවබෝධයෙන් සැලසුම් සහගතව කිරීමට පියවර ගෙන තිබෙනවා‘







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය හඳුනා ගෙන ඇති බව බොහෝ කලක සිට අසන්නට ලැබුනත් තවමත් හඳුනා ගැනීම්වලට පමණක් සීමාවී ඇත."අශාන්" මහතා කියනවා වගේ බොහෝ විදේශ රටවල ජිවත්වන ශ්‍රී ලාංකිකයන්ට මෙය හොඳින් අවබෝධ වන කරුණකි. දැනට ශ්‍රීලංකාවේ පවතින තත්ත්වයෙන් තව අවුරුදු 50ක් 60ක කාලයකින් පසු ඇතිවිය හැකි තත්ත්වය සිතාගත නොහැකිය. ජාත්‍යන්තර අධ්‍යාපන පර්යේෂණ ආයතන වලින්ද මේ තත්ත්වය පෙන්වාදී ඇති අවස්ථා බොහෝය. රටේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරනවාට වඩා පවතීන දේශපාලන බලය රැකගැනීමටත් නැති වූ බලය නැවත ලබාගැනීමත් අතර ක්‍රියාකාරිත්වයක් පමණක් රටේ දකින්නට ලැබීම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි. (ර)
වරද රට කරවන අයගේ නේද (බ)
ඔබ තුමා මෙය තේරුම් ගැනීම ගැන මට විශාල සතුටක් දැනෙනවා.මොකද අපි ඉන්න රටවල දරුවන්ට ළමාකාලය උපරිමයෙන් ලැබෙනවා.මෙහෙ අම්මල තරගෙට දුවන්නෙ නෑ.හැම පාසලක්ම දියුණු කරලා ශිෂ්‍යත්වය නැතිකරලා දාන්න....(රේ)
පුංචි දුවරු දෙන්නා ඔබතුමාට කියන රහස මොකක්ද? (නි)