කුඩා දරුවන්ගේ කඳුළු පෙන්වමින් බස්නාහිර පළාතේ සංවර්ධන වැඩපිළිවෙළ අඩාල නොකරන ලෙස විරුද්ධවාදීන්ගෙන් ඉල්ලා සිටින බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක අද (24) පැවැසීය.
පුළුල් කරන ලද කිරුළපන ඞී.එම්. කොළඹගේ මාවත ජනතා අයිතියට පත් කිරීම නිමිත්තෙන් ඊයේ (24) පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ කරුණු කීවේය.
කොළඹ නගරයේ කඩිනමින් සංවර්ධනය කිරීම සඳහා වැඩපිළිවෙළක් ආණ්ඩුව ආරම්භ කර ඇති බවත් එම සංවර්ධන වැඩපිළිවෙළ ජනහිතකාමී ලෙස සිදුකරන බවත් බස්නාහිර සංවර්ධන සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන්ට විතරක් නෙවෙයි ඔබතුමාලාගේ නොපෙනෙන සංවර්ධනේ දැකලා අපිටත් අඬන්න වෙලා තියෙන්නේ දැන් (බ)
දරුවෝ ගැන නම් කතා කරන්න ඔබතුමාට සදාචාරයක් නැහැ මම හිතන්නේ. (ම)
ඊගාවට සිංගප්පූර් යන්නේ මෙයාද ? (බ)
බංකොලොත් කාරයින්ගේ උප්පර වැට්ටි ගණන් ගන්න එපා ඇමතිතුමා. ගොඨාභය කොළඹ ලස්සන කරද්දීත් කට්ටිය ඔහොම දේවල් කළා. (අ)
කුඩා දරුවන්ගේ කඳුළු පෙන්නා බලයේ දිගටම හිටියේ ඔයාලව පෝෂණය කරමින් හදා වඩා ගත් අප්පච්චිම නේද ඇමති තුමෝ? එතකොට ඒ වැරැද්ද පෙන්නලා දුන්න නම් ඒ අප්පච්චි තවමත් ඕගොල්ලන්ගේ අප්පච්ච්චි ම නේද?(අ)
පෙන හැටියට මෙයා තවත් මාධ්‍ය සංදර්ශනයක් කරනවා. ඉස්සෙල්ලා සංවර්ධනයක් වෙන්න එපැයි, අඩාල කිරීමක් ගැන කතා කරන්න. (ර)
අපි බලන් ඉන්නවා මොනවද වෙන්නේ කියලා. දැන් අවූරුද්දක් ඉවර උනානේ. බලමු ඊලග අවරුද්දේදි ඔය කියන සංවර්ධනයේ ප්‍රගතිය. (ර)
කොහොමද දන්නෙ නැහැ මෙහෙම කතාකරන්නේ? (නි)
මම උපාලිගේ අදහස අනුමත කරමි. (නි)
නියම කතාව! (නි)
ඔයාලගේ කතා නම් එපාවෙලා තියෙන්නේ. කරුණාකරලා අතීතය සහ යහපාලනය සසඳා බලන්න (නි)
දැන් කතා ඇති (නි)
සත්‍යා, ඔබේ අදහසට ස්තුතියි. මමත් මෙතුමලාගේ පක්ෂයට හොඳට දර දිය ඇද්ද කෙනෙක්. දැන් තේරෙනවා ඇත්ත (නි)
අනේ මොකටද මගේ කට! (නි)
තාමත් කතා විතරයි... (නි)
අප්පච්චිත් එක්ක දරුවන් වඩා ගනිත්දී ඔය කඳුළු පිස දැම්මනම් කොච්චර හොඳද? (බ)
අනේ මන්ද මේ ගොල්ල කියනව අපි අහනවා (බ)
අඩාල කරන්න මොනවහරි කරන්න එපයි! (ම)