IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘දරුවන්ගේ ආරක්ෂාවට විශේෂ ඒකකයක්‘

දරුවන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ විශේෂ ඒකකයක් පිහිටවූ බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (26) කොළඹ ආනන්ද විද්‍යාලයයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් පැවසීය.

ළමා සුරක්ෂිතතාව සඳහා වූ ජනාධිපති විශේෂ ඒකකය මෑත කාලීනව දරුවන්ට ඇතිවී ඇති අයහපත් තත්ත්වයන්ගෙන් ඔවුන් මුදවා ඔවුන්ට තෘප්තිමත් වටපිටාවක කාලය ගත කිරීමට ඉඩ සලසන බව ද ජනපති කීවේය.

පසුගිය කාලයේ අසන්නට දකින්නට ලැබුණු සිදුවීම් හේතුවෙන් දරුවන්ට වඩාත් සුරක්ෂිත ස්ථානය වන්නේ පාසල යැයි පැහැදිලිවූ බවත් දරුවන්ට නොමිනිසුන්ගේ කරදරවලට මෙන්ම තම මව්පියන්ගේ විවිධ පීඩා කිරීම්වලටද ලක්වන්නට සිදුව ඇතැයිද ජනපතිවරයා ප්‍රකාශ කළේය. 

Ananda_20151026-(2) Ananda_20151026-(3) Ananda_20151026-(4) Ananda_20151026-(5) Ananda_201510261078



අදහස් (0)

‘දරුවන්ගේ ආරක්ෂාවට විශේෂ ඒකකයක්‘

හිරාන් Monday, 26 October 2015 11:49 PM

රටක් පාලනය කරන්න කොමිසන් වලට පමණක් බැහැ. අපි මේ දෙස බලා ඉන්නවා (නි)

:       0       0

නඩරාජා Monday, 26 October 2015 11:59 PM

කතාව ඇති. දැන් අපි‍ට අවශ්‍ය වැඩ (නි)

:       0       0

නිශාන්ත Tuesday, 27 October 2015 04:25 AM

ඔබ තුමා රැස්වීම් වල කතා කරන්න එක විතරයි කරන්නේ.රටට වැඩක් කරන්නේ නැහැ....(රේ)

:       0       0

මනෝ Monday, 26 October 2015 02:42 PM

අවශ්‍ය නිතර නිතර යුනිට් පිහිටුවන එක නෙමෙයි. තියෙන ඒකක වල අඩුපාඩු බලල ඒවා බලගන්වන එක. අර තිරසාර අමාත්‍යංශයට ඔන්න දැන් වැඩ තියෙනවා. ලංකාවේ හැම ගමකම දිවා - රාත්‍රී සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කරන්න. ඒවාට පුහුණු කාර්ය මණ්ඩලයක් පත්කරලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රජා නිලධාරී යටතට පත් කරන්න. මේ ව්‍යාපෘතිය යුනිසෙෆ් එකට යා කරන්න.එතකොට රාජ්‍ය වගකීමත් සමාජ වගකීමත් නිකම්ම ඉටුවේවි. පොලිසියට බැන බැන ඉන්න ඕනි නෑ. (බ)

:       0       0

රුමේෂ් Tuesday, 27 October 2015 07:26 AM

මෙම ප්‍රයත්නය සාර්ථක වේවා! (නි)

:       0       0

දිලිප් Tuesday, 27 October 2015 08:06 AM

තැන් තැන්වල ඇවිදලා නිකන් බොරුවට කාලය නාස්ති කරන්න එපා කරන්න වැඩ ගොඩාක් තියනවා එකක්වත් කෙරෙන පාටක්නම් නෑ (බ)

:       0       0

ප්‍රසන්න Monday, 26 October 2015 04:10 PM

තියෙන ආයතන ඕනෑවටත් වඩා ඇති හරියට ක්‍රියාත්මක වෙනවනම් අපරාධ මැඩලන්න අලුත් ඒවා අවශ්‍ය නැහැ.බොරුවට සල්ලි විනාශ කරන්න යනවා සමාජයේ ඇති අසහනය මැඩලන්න හොඳ ආර්ථිකයක් සහ ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් සැමටම ලබාදීම අවශ්‍ය වෙනවා..(බ)

:       0       0

අනුර Monday, 26 October 2015 04:28 PM

ලංකාවේ ළමා ජනගහණය කෝටියක් කියලා හිතමු. එත කොට ඔය ඒකකයට සාමාජිකයෝ කොපමණ සංඛ්‍යාවක් බඳවා ගන්නවාද? අපරාධයක් කොතන , කුමන වේලාවකදී සිදුවන්නේදැයි ඔය ඒකකය දැනගන්නේ කොහොමද? (නි)

:       0       0

විජේසුන්දර Monday, 26 October 2015 10:34 PM

හොඳ වැඩක්. (නි)

:       0       0

දිල්ෂාන් Wednesday, 28 October 2015 10:19 AM

කතාව නම් තියෙනවා වැඩ තමයි නැත්තේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 446 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site