දරුවන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ විශේෂ ඒකකයක් පිහිටවූ බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (26) කොළඹ ආනන්ද විද්‍යාලයයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් පැවසීය.
ළමා සුරක්ෂිතතාව සඳහා වූ ජනාධිපති විශේෂ ඒකකය මෑත කාලීනව දරුවන්ට ඇතිවී ඇති අයහපත් තත්ත්වයන්ගෙන් ඔවුන් මුදවා ඔවුන්ට තෘප්තිමත් වටපිටාවක කාලය ගත කිරීමට ඉඩ සලසන බව ද ජනපති කීවේය.
පසුගිය කාලයේ අසන්නට දකින්නට ලැබුණු සිදුවීම් හේතුවෙන් දරුවන්ට වඩාත් සුරක්ෂිත ස්ථානය වන්නේ පාසල යැයි පැහැදිලිවූ බවත් දරුවන්ට නොමිනිසුන්ගේ කරදරවලට මෙන්ම තම මව්පියන්ගේ විවිධ පීඩා කිරීම්වලටද ලක්වන්නට සිදුව ඇතැයිද ජනපතිවරයා ප්‍රකාශ කළේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක් පාලනය කරන්න කොමිසන් වලට පමණක් බැහැ. අපි මේ දෙස බලා ඉන්නවා (නි)
කතාව ඇති. දැන් අපිට අවශ්‍ය වැඩ (නි)
ඔබ තුමා රැස්වීම් වල කතා කරන්න එක විතරයි කරන්නේ.රටට වැඩක් කරන්නේ නැහැ....(රේ)
අවශ්‍ය නිතර නිතර යුනිට් පිහිටුවන එක නෙමෙයි. තියෙන ඒකක වල අඩුපාඩු බලල ඒවා බලගන්වන එක. අර තිරසාර අමාත්‍යංශයට ඔන්න දැන් වැඩ තියෙනවා. ලංකාවේ හැම ගමකම දිවා - රාත්‍රී සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කරන්න. ඒවාට පුහුණු කාර්ය මණ්ඩලයක් පත්කරලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රජා නිලධාරී යටතට පත් කරන්න. මේ ව්‍යාපෘතිය යුනිසෙෆ් එකට යා කරන්න.එතකොට රාජ්‍ය වගකීමත් සමාජ වගකීමත් නිකම්ම ඉටුවේවි. පොලිසියට බැන බැන ඉන්න ඕනි නෑ. (බ)
මෙම ප්‍රයත්නය සාර්ථක වේවා! (නි)
තැන් තැන්වල ඇවිදලා නිකන් බොරුවට කාලය නාස්ති කරන්න එපා කරන්න වැඩ ගොඩාක් තියනවා එකක්වත් කෙරෙන පාටක්නම් නෑ (බ)
තියෙන ආයතන ඕනෑවටත් වඩා ඇති හරියට ක්‍රියාත්මක වෙනවනම් අපරාධ මැඩලන්න අලුත් ඒවා අවශ්‍ය නැහැ.බොරුවට සල්ලි විනාශ කරන්න යනවා සමාජයේ ඇති අසහනය මැඩලන්න හොඳ ආර්ථිකයක් සහ ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් සැමටම ලබාදීම අවශ්‍ය වෙනවා..(බ)
ලංකාවේ ළමා ජනගහණය කෝටියක් කියලා හිතමු. එත කොට ඔය ඒකකයට සාමාජිකයෝ කොපමණ සංඛ්‍යාවක් බඳවා ගන්නවාද? අපරාධයක් කොතන , කුමන වේලාවකදී සිදුවන්නේදැයි ඔය ඒකකය දැනගන්නේ කොහොමද? (නි)
හොඳ වැඩක්. (නි)
කතාව නම් තියෙනවා වැඩ තමයි නැත්තේ. (ර)