මධ්‍යම පළාතේ සිදුවන ළමා හිංසන සහ අපචාර පිළිබඳව ඕනෑම අවස්ථාවක තමා දැනුවත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරිනී නිලුකා ඒකනායක මහත්මිය අද (12) මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවාය.
‘දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව අප ඉතාමත්ම සැලකිලිමත් විය යුතුයි. දෙමව්පියන් මීට වඩා තම දරුවන් කෙරෙහි අවධානය යොමුකිරීම වැදගත්. දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අද මුළු ලොවම අත්වැල් බැඳගෙන කටයුතු කරනවා. ජනපති, අගමැති ප්‍රමුඛ රජය ළමයින්ගේ සුරක්ෂිතභාවය හා හෙට දවස වෙනුවෙන් ඉතාමත්ම ඕනෑකමින් ක්‍රියා කරනවා. එම උපදෙස් අනුව මා මධ්‍යම පළාතේ ළමයින්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමට කැපවන බවද ඇය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කසුන් හරි. මමත් ගුරුවරියක්. මගේ පන්තියේ එක් දියණියකට එයාගෙ අම්මා උදේට ලැහැත්ති කරන්න ගියාම කතා කරන්නේ අසැබි වචනවලින්ලු. පොඩ් එකා ඉකි ගගහ කියනවා අම්මා කාටුන් යන වෙලාවට කාමරේට දාලා දොර වහගෙන පාඩම් වැඩ කරවනවා කියලා. මේවා සහගහන අපරාධ. (අ)
මහ අයගේ තරහ පිට කරන්නෙ පොඩි අය පිටින්. මෙය කවුරු සොයා බලනවද? ගෙවල්වලට ගොස් මේවා පරීක්ෂා කරනවා නම් හොදයි. නැත්නම් පොඩි අය තමන්ගෙම නොහික්මුනු අම්මලාගෙන්මයි වද විදින්නේ. (අ)
ඒකනේ ලිංගික වහලුන් හැටියට ලංකාවේ ගැහැණු ළමයින් සිංගප්පූරුවට යවන්නේ. කතාව දෝලාවෙන් ගමන පයින්. කටක් තියෙනවා නම් ඇමතින්ට මොනවා කියන්න බැරිද? (අ)
කෝ ඉතින් අඩුමගානේ එයාට තමන්ගේ දුරකථන අංකයවත් මහජනතාවට දෙන්න තිබුනනේ (නි)
කොළඹ පවා දරුවන් වැඩියෙන්ම අපයෝජනයට ලක්වෙන්නේ දෙමව්පියන් අතින්. මානසික ආතති තියාගෙන ඉන්න රස්සා කරන සමහර අම්මලා තම පුංචි දරුවට කතා කරන්නෙ මහා කැත විදියට. මේවා හොර රහසේ, පාසල් වල සිටින ළමා මනස ගැන දන්න කෙනෙකු දරුවන්ගෙන්ම විමසා ඇත්ත දැනගෙන මෙවැනි දරුණු අම්මලාට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගතයුතුයි. (නි)
ඔබගේ කතාව අපි අගය කරනවා (නි)