
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාසල් ළමුන් සහ අමතර පන්ති සිසුන් ඉලක්ක කර ගංජා මිශ්‍ර මෝදකය හා මත් කරල් අලෙවි කල පුද්ගලයකු කොළඹ මොටර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකරු සමඟ ගංජා මිශ්‍ර මෝදක 25 ක්, මත් කරල් 202 ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද මුදල් රුපියල් 20,500.00 ක් පොලිස් භාරයට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කදවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ (කොළඹ කළාපය) නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 15, අලුත් මාවත පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47 ක් වන පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මත්ද්‍රව්‍ය කියන්නේ ටොපි, චොකලට් ගානට ඇවිත්. හැමතැනම. මේවා ඉක්මනින්ම නැති කෙරුවේ නැත්නම් අනාගත පරම්පරාවම ඉවරයි.