අවුරුදු හයක සහ අටක දැරියන් දෙදෙනකුට කෘරත්වයෙන් සැලකීම සහ අතරමංකිරීම යන කරුණු මත එම දැරියන්ගේ මව සහ පියා හෙමාගම මහේස්ත්‍රාත් වයි ආර් බී නෙළුම්දෙනිය මහතා විසින් බදාදා (21) තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
දැරියන් දෙදෙනා ගැලවීමේ හමුදා භාරයට පත් කරන ලෙස ද නියෝග කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපාලි, පිටබැද්දර ජයා, බන්දුල, අසෝක ,පවුල එකමුතු කරනවා කියලා ළමයි දෙන්නෙකුගේ අනාගතය කම්මුතු කරන මෝඩ කතා කියන්න එපා.හැම ළමයෙක්ම හොඳට බලාගන්නේ නැති දෙමවුපියන්ගෙන් අයින් කරලා හොඳට බලාගන්න කැමති මිනිස්සුන්ට දෙන්ඩ ඕනෑ. හොඳ වෙලාවට පොලිසිය දැක්කා ළමයින්ව,ගණිකා නිවාස හිමියෙක් දැක්කා නම් මොනවාද වෙන්නේ? මම පොලිසියෙන් ඇහුවා ළමයි ගන්න, නමුත් ලැබුනේ නැහැ. (නි)
ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව නිසි තැන් වලට දරුවන් දෙදෙනා යොමු කරන්න ඕනෑ, නීතිමය වැඩ වලින් පස්සේ දෙමුව්පියන්ට කතා කරලා දරුවන් බාර දෙන්න ලෑස්ති කරනවා නම් හොදයි. කොහොම කළත් වනේ වන සතුන්වත් නොකරන දෙයක් කළ දෙන්නෙක්. කන්න බොන්න දෙන්න විදියක් නැහැ කියලා එහෙම කරනවා නම් අද අපේ රටේ ඔය දරුවෝ දෙන්නා විතරක් නොවේ මහා මග දාලා යන්නේ.නැති බැරි කම දරුවෝ පාරේ දරුවෝ හලාගෙන යන සිරිතක් නැහැනේ..රස්සාවල් කරලා දරුවෝ කොහොම හරි පෝෂණය කරන එක අපේ වගකීම, ඒකට වෙන කිසිම කෙනෙක් පිට පටවලා වැඩක් නැහැ. (නි)
ගල් ගසන දඩුවම දෙන්නනේ වටින්නේ (නි)
බෞද්ධ රටක් නිසා මේ වගේ දේවල් සුලබයි. හොඳ වෙලාවට පන්සලක් ළඟ දාලා නොගිය එක. (නි)
පව් අර මනුස්සයාගේ රස්සාවත් ඉවරයි නේද ඒ පාර? (නි)
පිටබැද්දර ජයා, බන්දුල, අසෝක සමග මමත් එකඟ වෙනවා. පවුලක් එකමුතු කරන්නයි හැකිතරම් උත්සාහ කළයුත්තේ. හැබැයි, මේ දේ නැවත සිදුවෙන්න හොඳටම ඉඩ තියෙන නිසා පසු අධීක්ෂණයක් නම් තිබිය යුතුමයි. බන්දුලගේ අදහස අනුව ළමාරක්ෂක අධිකාරිය හෝ පරිවාස දෙපාර්තමේන්තුව හෝ එවැනි නිසි බලධාරියෙක් සුදුසුයි. මං දන්නවා සමහර ස්වාමීන් වහන්සේලා මෙවැනි අය නිසිමගට ගෙනෙන්න දායක සභා හරහා ලොකු සේවයක් කරන බව. කොහොමත් ගමේ පිළිගත් කෙනෙකුගේ ඇස් බැල්ම තිබීමත් අවශ්‍යයි. (නි)
අහිංසක දරුවන්ට මෙහෙම අපරාධ කරන අයට දඩුවම් දීම අගය කරමු. (නි)
හම හන්න ඕනෑ ඇහේ ඉඳන්. (නි)
ඒ දෙන්නට අවවාද කරලා ප්‍රශ්නය විසදලා ළමයි දෙන්නත් එක්ක ගෙදර යවන්න බැරිද? ළමයි අතරමං කිරීම වරදක් තමයි. නමුත් ඒවා සාධාරණව දරුවන්ට හානියක් නොවෙන විදියට විසදන්න ක්‍රම තියෙනවා නේද? (නි)
මේ සියල්ල සම්බන්ධයෙන් ඇසින් දුටු මා මේ මව දැඩි ලෙස වැරදි කාරියක් බව ප්‍රකාශ කරමි. සැමියා රැකියාවට ගිය පසු උදේට වතුර උගුරක් වත් නොදී මෙම දරුවන් පාසලට දමා උදේ සිට දරුවන් නිවසට එනතුරු මෙම මව වෙනත් පුරුෂයන් නිවසට ගෙන්වා ගනී. මේ බව මේ දෙදෙනාගේ වැඩිමහල් පිරිමි දරුවා දන්නවා ඇත. අවසාන කාලයේ එසේ පැමිණි මිනිසෙකු සමඟ මෙම මව ගොස් ඇත. මව සිටින යුගයේද දරුවන්ට ආහාරයක්වත් නොදෙන මව පියා උපයා දෙන මුදල ජංගම දුරකථන වලට මුදල් ඇතුලත් කිරීම වෙනුවෙන් යොදවයි. මෙම දරුවන් රැදී සිටිනා නිවස තිරිසන් සතෙකුටවත් සිටීමට නොහැකි නිවහනකි. එය ඔබට පිටිපන අතපත්තුගොඩ පාරේ පහලට පැමිණියොත් දැක ගත හැකිය. මේ සියලු දෙයට අවසාන වශයෙන් මව සහ පියා වගකිව යුතුය.මේ දරුවන් ගෙවුයේ පුදුම පාපයකි. (ස)
රූපවති වගේ ගෙවල් වලට වෙලා නිකන් ඉන්නකොට ගැහැණුන්ට පිස්සු හැදෙනවා (නි)
එතකොට මේ දැරියන් තවත් අතරමං වෙනවා නේද? කාවද අද විශ්වාස? (නි)
අනේ අර ළමයි ටික අන්ත අසරණ වෙනවා දැන් දෙමව්පියන් දෙන්නාම නැතුව (නි)
දඬුවම් නොකර අවවාද කරලා දැඩි නීති පනවලා දරුවෝ දෙන්න බාර දුන්නා නම් පවුලත් රැකෙනවා දරුවන්ට නැවත දෙමවුපියන්ගේ සෙවනත් ලැබෙනවා යන්නයි මගේ නම් අදහස වෙන්නේ (නි)
මටත් ඉන්නවා පොඩි දෙන්නෙක්. කියන්න අපෙන් මොනවා හරි උදව්වක් ඕනෑ නම් අපි කරන්නම්. උදව්වක් කරන්නේ කොහොමද කියලා දානවා නම් හොදයි (නි)
සමහර විවාහකයින් දරුවන් නැතුව ලතවෙද්දී මේ දෙමාල්ලන්ට දරුවන්ගේ අගය නොතේරෙන හැටි! (නි)
ආර්ථික අපහසුකම ඇද්ද කියලා සොයලා බැලුවොත් හොදයි. (නි)
මට පෙන්නේ දරුවන්ගේ මව දරුවන් අතහැර යාම නිසා පියාට රැකියාවට යාමට නොහැකි නිසා දරුවන් පොලිසිය ළඟ අතරමන් කළා කියලා. හැබැයි පියාට කරන්න තිබුනේ දරුවන් අරන් පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්න. (නි)
ඔය හෝමාගම පොලිසිය අවට කියන්නේ හොද තැනක් නෙමෙයි. හොද වෙලාවට මේ ළමයින්ට කරදරයක් නොවුනේ. (නි)
මගේ අදහසත් පවුල එකමුතු කිරීම තමයි !! කොහොමත් දරුවන්ට කරදයක් නොකළ නිසා හිතට ටිකක් සැනසීමයි.පොලිසිය ළඟින් දාලා ගියෙත් එකනේ .දෙමව්පියන් ළඟ හැදෙන එක තමයි වඩා හොඳ කරුණාකර පවුල එකතු වෙන ලෙස කටයුතු කරන්න.(ස)
ගහලා ගස් බදින්න තියෙන්නේ. බලාගන්න බැරිනම් ළමයි හදන්නේ මොකටද? (නි)
හිතාගන්නවත් බැරි සමාජ ක්‍රමයක් අපේ රට තුල ස්ථාපනය වෙමින් පවතින බවක් පෙනෙන්නට ඇත. සාරදර්ම විනය සංස්කෘතිය කිසිවක් තඹයකට මායිම් නොකරන නුතන ලංකිකයා යන්නේ කොයිබටදැයි අදහා ගත හැකිද? අප හැමදෙනාම මේ සඳහා වගකිවයුතු බව මගේ හැගීමයි. ආර්ථිකය මේ හැමදේටම මුල් වන්නේ නම් අතීතයේ මිනිසුන් වේලක් නොකා වේලක් කා සතුටින් සිටියා යැයි අප අසා ඇත්තෙමු.නමුත් නුතන සමාජය බඩට ලුණු කැඳ නැතත් ඇගට විල්ලුද ඕනෑයි කියන මතවාදයක එල්බ ගෙන සිටී අප ඉතා ඉක්මනින් විනාස වන ජාතියක් බව තරව සිහියේ තබා ගන්න තව වසර 1000ක් වත් අපිට අපේ රට ජාතිය ආගම පවත්වා ගෙන යාමට නොහැකි බව ඒකාන්තයි (නි)
අම්මා නැතිකලට අප්පා කවර කල... (නි)
මේ වගේ ළමයි දෙන්නෙක් දාලා යන්න පුළුවන් අම්මටයි, අනාරක්ෂිතව ළමයි දෙන්නා මහ මග දාලා ගිය තාත්තටයි ආයෙත් ළමයි දෙන්නා බාර දෙනවා නම් නිරන්තරව ළමා ආරක්ෂක අධිකාරිය ළමයින්ට නිසි රැකවරණය ලැබෙනවද කියලා සොයා බලන්න ඕනෑ.පවුල එකතු කරන්න පුලුවන් නම් ඒක වැදගත් වගේම මේ සිදුවීම මෙතනින් අවසන් කර නොදමා දෙමව්පියන් තමන්ගේ වගකීම් වටහා ගත්තද කියලා හොයා බලන එක බලදාරින්ගේ වගකීමක්.. (නි)
රංජිත්ගේ අදහස් දැක්වීම ඉතා අගය කොට සලකමි . කියන්න අපෙන් මොනවා හරි උදව්වක් ඕනෑ නම් අපි කරන්නම්. (ස)
මෙම සිද්ධිය සමාජයේ පැතිකඩක් ලෙස දකින්න බැහැ. මෙය එක් විශේෂිත සිදුවීමක්. මේ පියාට සහ මවට සුළු දඩුවමක් දීලා පවුල එකමුතු කිරීමත් අදහස් දක්වන අයගේ සහයෝගයෙන් සහ ආධාර අරගෙන උගන්නන්ට උදව් කිරීමත් යහපත්. අපිත් සල්ලි ටිකක් දෙන්නම්.. කවුරු හරි පටන්ගන්න වැඩේ. (නි)
ඇයි ගැලවීමේ හමුදාවට දුන්නේ? (නි)
මේ දෙන්නව නැවත එක්කරන්න බලමු දරුවන් දෙදෙනාත් සමග (නි)
නිමල්,ඔයාව නම් අර අලි වැටෙන් එහාටම තමයි ගිහින් දමන්න ඕනෑ. මම ලංකාවේ පදිංචියක් නැති නිසා ටිකක් අමාරුයි. (නි)