ද්‍රවිඩ සංගම් ක‍්‍රීඩා සමාජය වසර 11 කට පසුව වයස 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත් විය. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පසුගිය සති අන්තයේ පැවැති අවසන් මහා තරගයේදී අෂාන් ප‍්‍රියංජන්ගේ නායකත්වයෙන් යුත් ද්‍රවිඩ සංගම් පිල හලාවත මේරියන්ස් පිලට එරෙහිව කඩුලූ හතරක ජයක් ලබා ගැනීමට සමත් විය. ද්‍රවිඩ සංගම් ක‍්‍රීඩා සමාජය අවසන් වරට 1999 වසරේ සාගර කුමාරගේ නායකත්වයෙන් වයස 23 න් පහළ , වැනි කොටසේ ශූරතාව දිනා සිටියේය. හලාවත මේරියන්ස් පළමු ඉනිම 247 (බුද්ධි සමරවික‍්‍රම 66, සනත් සිල්වා 39, අකිල ජයසුන්දර 29, ප‍්‍රමෝද් පතිරණ 78/4, ලෙවන් හැලඹගේ 29/2, හසිත ඉලංගරත්න 48/2) සහ දෙවැනි ඉනිම 170 (බුද්ධි සමරවික‍්‍රම 61, උමේෂ් කරුණාරත්න 28, ළහිරු වේරගල 26, චමෝද් පතිරණ 26/3, ශෂේන්ද්‍ර ගුණතිලක 18/2) ද්‍රවිඩ සංගම් පිල පළමු ඉනිම 207 (කිත්රුවන් විතානගේ 79, රෂ්මිලාන් මධුරංග 28, ලෙවන් හැලඹගේ 28, අමිත් එරංග 26, සචිත් පතිරණ 33/4, උමේෂ් කරුණාරත්න 50/3, මධුසංඛ ඒකනායක 41/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 6 ට 211 (දෙනුවන් රාජකරුණා 60, අමිත් එරංග 39, අෂාන් ප‍්‍රියංජන් නොදැවී 54, සචිත් පතිරණ 87/5)
2025 නොවැම්බර් මස 04
500
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2241
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1676
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ද්‍රවිඩ සංගම් ක‍්‍රීඩා සමාජය වසර 11 කට පසුව වයස 23 න් පහළ ක‍්‍රිකට් ශූරතාව දිනා ගනියි