IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දරුවාට නැති ලෙඩක් දාලා : මව මහ උසාවියට යයි

කුලියාපිටියේ පාසල් දරුවකුගේ පියා ස්වසන රෝගයකින් මිය යෑමෙන් පසුව එම දරුවාට ද මාරාන්තික රෝගයක් ඇතැයි පවසමින් තම දරුවා පළමු වැනි ශ්‍රේණියට ඇතුළත් කර නොගැනීම නිසා තම මුලික අයිතිවාසිකම් කඩව ඇතැයි සඳහන් කරන මවක් අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළාය.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්,වයඹ පළාත් අධ්‍යපාන අධ්‍යක්ෂක ජේ.ජි.එන්.තිලකරත්න,කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක එ.එස්.කේ.ජයලත්,බෝ හන්දිය ප්‍රාථමික විදුහල,ඉලුක්හේන හා ශ්‍රීපති රාජකීය විද්‍යාලීය විදුහල්පතිවරු , අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, නීතිපති ඇතුළු පිරිසක් වගඋත්තරකරුවෝය.



අදහස් (0)

දරුවාට නැති ලෙඩක් දාලා : මව මහ උසාවියට යයි

කුමාර් මෙන්ඩිස් Thursday, 03 March 2016 02:44 PM

ඉසුර මොකෝ මේ යහපාලනයක් ගාව ගත්තේ මෙතනට. (ර)

:       0       0

ජගත් Thursday, 03 March 2016 03:07 PM

බටහිර දියුණු රටවල නම් මේවා දිහා බලන්නේ මානුෂිකත්වයෙන්. (ර)

:       0       0

සේන Thursday, 03 March 2016 03:18 PM

අවිද්‍යාවක මහත. එත් කතා කරන්නේ නම්... (ර)

:       0       0

ජෝර්ජියෝ Friday, 04 March 2016 05:36 AM

ඉන්දියන් සාගරේ අමුතුම අමුතු සිංහ ලේ තියෙන කුහක ගොත්‍රික සමාජයටත් වඩා පහත් මිනිසුන් ජීවත් වෙන රටක් මේක ලිදේ මැඩියන් සේ ජීවත් වෙන්නේ (බ)

:       0       0

රවී Thursday, 03 March 2016 05:09 PM

ඉසුරු, යහපාලනය පිට දාන්න හදන්න එපා. ඔය ගම් වල අය ඔයා වගේම මහින්දට ඡන්දෙ දුන් අය තමයි. ඔයා වගේ අය ඉන්නතුරු රට වළපල්ලට තමයි යන්නේ. (නි)

:       0       0

අන්වර් Thursday, 03 March 2016 05:10 PM

දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි.... (නි)

:       0       0

ජයන්ත ගුණවර්ධන Thursday, 03 March 2016 05:38 PM

දරැවා හොරෙක් මංකොල්ල කාරයෙක් කරන්න තමයි මේ රටේ මිනිස්සු හදන්නේ..කෝ..අරබලය මේ බලය කියලා ඉන්න එවුන් සිංහලේ කියලා ටීෂර්ට් එකේ ගහලා ඉන්නවා මේවට කතා කරපල්ලා ජයන්ත ග-ණවර්ධන උ!රැබොක්ක(රේ)

:       0       0

මහින්ද සෞදි Thursday, 03 March 2016 06:03 PM

මේවා ඉතාම කණගාටුදායක පුවත්,පියා නැති අහිංසක දරුවෙක්,දරුවන් සිටින දෙමාපියෝ මීටවඩාමේ ගැන කරුණු සොයා බලා කට යුතු කලානම් වඩා හොඳයි,මේ දරුවට තේරුම් ඇති කාලය අවාම මුළු මහත් සමාජය දෙස බලන්නේ වෛරයකින්.(රේ)

:       0       0

තුසි Thursday, 03 March 2016 05:56 PM

දෙමාව්පියන්ව උසිගන්වල පළාත් අධ්‍යපාන අධ්‍යක්ෂක ඔහු විසින් අහින්සක මවට කල තර්ඡනය තහවුරු කලා(රේ)

:       0       0

පද්මිනී Thursday, 03 March 2016 07:13 PM

මගේ ගමත් ඔය අහලපහල නිසා කණගාටුයි. ලැජ්ජයි. මිනිස්සු මෙතරම් අවිද්‍යාවේ ගැලිල ඉන්න එකට . පාසල් වල ගිහින් නොමැති දෙමව්පියන්ද ? මේ ගමවල වැඩිහිටියන්ට ලිංගික අධ්‍යාපන වැඩ සටහන් පැවැත්විය යුතුයි.(රේ)

:       0       0

ඉන්දු Thursday, 03 March 2016 11:05 PM

පද්මිණි, ලිංගික අධ්‍යාපනය සහ ස්වසන රෝග අතර ඇති සම්බන්ධය මොකක්ද? (නි)

:       0       0

සුමුදු Thursday, 03 March 2016 11:48 PM

මෙහෙවු මිනිස්සු ඉන්න රටක් ගැන කවර කතාද? (නි)

:       0       0

ඇන්ජලෝ Friday, 04 March 2016 12:28 AM

අධ්‍යාපන ඇමතිතුමාගේ මැතිවරණ කොට්ඨාශයේ නේද? ලැජ්ජයි. කෝ කට්ටියගේ අවුරුදු 2500 ඉතිහාසය? (නි)

:       0       0

ලාල් Friday, 04 March 2016 01:29 AM

මේ දරුවාට ඉගෙනගන්න අවස්ථාවක් දෙන්න ඔය ලොකු පුද්ගලික පාසලක්වත් නැද්ද? අඩුගානෙ පාසලක් ලැබෙනතුරුවත්? (නි)

:       0       0

චින්තක Friday, 04 March 2016 03:41 AM

ඉන්දු. නොදන්නා නිසා කියා දෙන්නම්. ඒඩ්ස් වැනි රෝගයකට ගොදුරු වුනොත් මියයන්නේ ඒඩ්ස් නිසා නෙමෙයි වෙනත් රෝගයකට ගොදුරු වෙලා. ඇඟේ ප්‍රතිශක්තිය හීන වීම තමයි හේතුව.(ම)

:       0       0

ඉසුරන්දි Thursday, 03 March 2016 01:09 PM

ලංකාවත් දැන් දැන් සොමාලියාවක් ඉතියෝපියාවක් වෙන්න වගේ හදන්නේ. (ර)

:       0       0

අමිල කටුනායක Thursday, 03 March 2016 01:35 PM

මේකනම් එච්චර හොඳ වැඩක් නෙමෙයි. (ර)

:       0       0

අමාලි Thursday, 03 March 2016 02:19 PM

පව් අසරණ දරුවා. (ර)

:       0       0

නවුෆල් Friday, 04 March 2016 04:50 AM

කෝ මේ බොදු බලේ සිංහලේ රාවණා බලය? මේ අසරණ ළමයාට පාසලක් දෙන්න අධ්‍යාපන ඇමැතිට තේරෙන්නේ නැද්ද (බ)

:       0       0

ඉසුර Thursday, 03 March 2016 02:30 PM

යහපාලනයේ හැටි එහෙම තමා අනේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site