කුලියාපිටියේ පාසල් දරුවකුගේ පියා ස්වසන රෝගයකින් මිය යෑමෙන් පසුව එම දරුවාට ද මාරාන්තික රෝගයක් ඇතැයි පවසමින් තම දරුවා පළමු වැනි ශ්‍රේණියට ඇතුළත් කර නොගැනීම නිසා තම මුලික අයිතිවාසිකම් කඩව ඇතැයි සඳහන් කරන මවක් අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළාය.
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්,වයඹ පළාත් අධ්‍යපාන අධ්‍යක්ෂක ජේ.ජි.එන්.තිලකරත්න,කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක එ.එස්.කේ.ජයලත්,බෝ හන්දිය ප්‍රාථමික විදුහල,ඉලුක්හේන හා ශ්‍රීපති රාජකීය විද්‍යාලීය විදුහල්පතිවරු , අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, නීතිපති ඇතුළු පිරිසක් වගඋත්තරකරුවෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉසුර මොකෝ මේ යහපාලනයක් ගාව ගත්තේ මෙතනට. (ර)
බටහිර දියුණු රටවල නම් මේවා දිහා බලන්නේ මානුෂිකත්වයෙන්. (ර)
අවිද්‍යාවක මහත. එත් කතා කරන්නේ නම්... (ර)
ඉන්දියන් සාගරේ අමුතුම අමුතු සිංහ ලේ තියෙන කුහක ගොත්‍රික සමාජයටත් වඩා පහත් මිනිසුන් ජීවත් වෙන රටක් මේක ලිදේ මැඩියන් සේ ජීවත් වෙන්නේ (බ)
ඉසුරු, යහපාලනය පිට දාන්න හදන්න එපා. ඔය ගම් වල අය ඔයා වගේම මහින්දට ඡන්දෙ දුන් අය තමයි. ඔයා වගේ අය ඉන්නතුරු රට වළපල්ලට තමයි යන්නේ. (නි)
දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි.... (නි)
දරැවා හොරෙක් මංකොල්ල කාරයෙක් කරන්න තමයි මේ රටේ මිනිස්සු හදන්නේ..කෝ..අරබලය මේ බලය කියලා ඉන්න එවුන් සිංහලේ කියලා ටීෂර්ට් එකේ ගහලා ඉන්නවා මේවට කතා කරපල්ලා ජයන්ත ග-ණවර්ධන උ!රැබොක්ක(රේ)
මේවා ඉතාම කණගාටුදායක පුවත්,පියා නැති අහිංසක දරුවෙක්,දරුවන් සිටින දෙමාපියෝ මීටවඩාමේ ගැන කරුණු සොයා බලා කට යුතු කලානම් වඩා හොඳයි,මේ දරුවට තේරුම් ඇති කාලය අවාම මුළු මහත් සමාජය දෙස බලන්නේ වෛරයකින්.(රේ)
දෙමාව්පියන්ව උසිගන්වල පළාත් අධ්‍යපාන අධ්‍යක්ෂක ඔහු විසින් අහින්සක මවට කල තර්ඡනය තහවුරු කලා(රේ)
මගේ ගමත් ඔය අහලපහල නිසා කණගාටුයි. ලැජ්ජයි. මිනිස්සු මෙතරම් අවිද්‍යාවේ ගැලිල ඉන්න එකට . පාසල් වල ගිහින් නොමැති දෙමව්පියන්ද ? මේ ගමවල වැඩිහිටියන්ට ලිංගික අධ්‍යාපන වැඩ සටහන් පැවැත්විය යුතුයි.(රේ)
පද්මිණි, ලිංගික අධ්‍යාපනය සහ ස්වසන රෝග අතර ඇති සම්බන්ධය මොකක්ද? (නි)
මෙහෙවු මිනිස්සු ඉන්න රටක් ගැන කවර කතාද? (නි)
අධ්‍යාපන ඇමතිතුමාගේ මැතිවරණ කොට්ඨාශයේ නේද? ලැජ්ජයි. කෝ කට්ටියගේ අවුරුදු 2500 ඉතිහාසය? (නි)
මේ දරුවාට ඉගෙනගන්න අවස්ථාවක් දෙන්න ඔය ලොකු පුද්ගලික පාසලක්වත් නැද්ද? අඩුගානෙ පාසලක් ලැබෙනතුරුවත්? (නි)
ඉන්දු. නොදන්නා නිසා කියා දෙන්නම්. ඒඩ්ස් වැනි රෝගයකට ගොදුරු වුනොත් මියයන්නේ ඒඩ්ස් නිසා නෙමෙයි වෙනත් රෝගයකට ගොදුරු වෙලා. ඇඟේ ප්‍රතිශක්තිය හීන වීම තමයි හේතුව.(ම)
ලංකාවත් දැන් දැන් සොමාලියාවක් ඉතියෝපියාවක් වෙන්න වගේ හදන්නේ. (ර)
මේකනම් එච්චර හොඳ වැඩක් නෙමෙයි. (ර)
පව් අසරණ දරුවා. (ර)
කෝ මේ බොදු බලේ සිංහලේ රාවණා බලය? මේ අසරණ ළමයාට පාසලක් දෙන්න අධ්‍යාපන ඇමැතිට තේරෙන්නේ නැද්ද (බ)
යහපාලනයේ හැටි එහෙම තමා අනේ. (ර)