ලියුකේමියා රෝගී තත්ත්වය නිසා ඇට මිදුළු බද්ධ කිරීමේ ශල්‍ය කර්මයකට භාජනය කර සිටින පන්නිපිටිය ,දෙපානම, වීර මාවතේ , අංක 251 1/1 පදිංචි තිවිඳු අමරසේකර (18) සිසුවාගේ වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ආධාර ලබා දෙන්නැයි ඔහුගේ පියාවන යූ.ඒ.එස්.අමරසේකර මහතා පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි.
චෙන්නායි හි ඇපලෝ රෝහලේ වෛද්‍ය ටී.රාජා මෙම සැත්කම සිදු කළද මාස තුනකට වරක් නැවත එම රෝහලට ගොස් තම දරුවාට වැඩිදුර ප‍්‍රතිකාර කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා වාර්ෂිකව ලක්ෂ 12 කට අධික මුදලක් වැය වෙන බවද අමරසේකර මහතා සඳහන් කරයි.
‘‘අපේ දරුවට පවතින්නේ ලියුකේමියා ඒ.එල්.එල් රෝගී තත්ත්වයි. 2001 දි දරුවට අවුරුදු පහක්ව තිබියදී තමයි අපි මුලින්ම මේ රෝගය දැන්ගත්තේ. මුලින් රිජ්වේ ආර්යා රෝහලෙන් ප‍්‍රතිකාර ලබලා පසුව මහරගම පිළිකා රෝහලෙන් ප‍්‍රතිකාර ලැබුවා. එහේ දවස් 11 කට පස්සේ චෙන්නායි ඇපලෝ රෝහලෙන් අවුරුද්දක් පුරා කිමෝ තෙරපි ප‍්‍රතිකාර ලැබුවා.2005 දි නැවති ලියුකේමියා රොගී තත්ත්වය උත්සන්න වූවා.එම වසරේ සිටි 2008 දක්වා චෙන්නායි අපලෝ රෝහලින් නොකඩවා ප‍්‍රතිකාර දරුවට ලබා දෙන්න මම කටයුතු කළෙ මගේ මුළු සේසතම විකුණලා.මම සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් මම සතුව පන්නිපිටිය කළල්ගොඩ මුද්‍රණාලයක් ,ඉඩකඩම් ,දේපළ ,යාන වාහන තිබුණා. ඒත් මේ සියලූ දේවල් වලට වඩා මට මේ දරුවා මහමෙරක්‘‘ යැයි ඔහු පවසයි.
සිය පුතණුවන්ගේ ප‍්‍රතිකාර කටයුතු සඳහා උදව් කළ හැකි පරිත්‍යාගශීලීන් සීටීනම් යූ.ඒ.එස්.අමරසේකර යන තම නමින් බත්තරමුල්ල කොමර්ෂල් බැංකු ශාඛාවේ 8290004444 දරණ බැංකු ගිණුමට එම ආධාර මුදල් බැර කරන්නැයි අමරසේකර මහතා ඉල්ලා සිටී. වැඩිදුර තොරතුරු 077‐9815755 යන දුරකථන අංකයෙන් ලබාගත හැක.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශාන්ත, අධාරයක් කරනවනම් කරන්න. එක එක කාතා කියන්නෙ නැතුව. (ර)
රවිඳු, ඇට මිදුළු බද්ද කරන්න පුළුවන් ලේ සම්බන්ද පිළිකා වලට. මේ සඳහා ඩීඑන්ඒ ගැලපෙන පරිත්‍යග කරන කෙනෙක් ඉන්න ඕන ස්ටෙම් සෙල්ස් ලබා ගන්න. පරිත්‍යාග කරන කෙනාගේ ලේ නාල අධිවේගී යන්ත්‍රයක් හරහා යවල ස්ටෙම් සෙල් පෙරා ගන්නවා. මේක ගන්නේ ලෙඩාට දෙන දිනයට පෙර දිනයේ.(බ)
දරුවාට ඉක්මන් සුවය ලැබේවා.(හේ)
මේ දරුවාට ඉක්මන් සුවය ලැබේවා.(හේ)
කාරුණික පාඨකයනි..! ඔබ අපි එදා මෙදාසිට මේ පුවත්පතේ පල කරන සෑම ලිපියකටම කෙමෙන්ට් එකක් දමා එය සතුටින් කියවා අල්පමාත්‍ර සතුටක් වින්දා ..ඒ ගැන විවාදකර දැනුමක් ලැබුවා? ඒවගේම ..දයාබර ඔබ අපගේ දහදිය බින්දුවෙන් උපයාගත් රුපියලකින් මිලකරන්න බැරි තරම් වටිනා ජීවිත දස දහස් ගානකට ආදාරකර ඔවුන්ව සුවපත් කර ඇතිවග අපි වගකීමෙන් කියමු ..ඒ වැනි වටිනා හදවත් ඇති පාඨකයින් සිටිනා... කියවන පුවත්පතකි මේ..? මේ පාඨකතීරේ ඉන්නේ රත්තරන් වැනි හදවත් ඇති සැබෑ මිනිසුන් පිරිසක් ..! ඒ ඔබගේ කාරුණික හදවත් පිහිටියේ තවත් අසරනයෙකුට පිහිටවෙන්නමයි ..!අපි මේ අසරණ දරුපටියාටත් පිහිටවෙමු ..! මාත් හැකි අයුරින් ආදාර කරමි ..! ඔබත් ඔබට හැකි අයුරින් අදාරයක් කර ඒ අසරණ දෙමාපියන්ගේ සිතට සැනසීමක් ලබාදෙන්න ..එය ඔබේ ත් මගෙත් ආත්මයට කරගන්නා සැනසීමකියි සිතා මේ අසරණයින්ගේත් දුක් නිවමු ..!!!!අත්වැල් බැදගෙන ආධාර කරමු ..!! (ම)
උදවුවක් කරන කෙනෙකුට කරන්න ඉඩ හරින්න. (හේ)
පව්! අපි හැමෝම ජීවිතේ අපමණ දුක් සතුටින් විඳින්නේ දරුවන් වෙනුවෙන්. ඒ අපිට වඩා අඟලක් හෝ වැඩියෙන් අපේ දරුපැටවුන්ගේ ජීවිත ඉහළින් තියන්නයි. ජීවිතයක මෙවැනි වේදනාබර අවස්ථාවකට මුහුණදුන් ඒ දෙමාපියන් හැර ඒ දුක කිසිවෙකුටවත් නොදැනේ. අපි අපිට හැකි පමණකින් උදව් කර ඒ දුකට පිහිටවෙමු (නි)
ශාන්ත, ඇට මිදුළු බද්ද කිරීම ගැන තොරතුරු ටිකක් දැනගන්න ඕන. (ර)
ඇට මිදුළු බද්ද කරනවා කියන්නේ ශල්‍ය කර්මයක් නොවේ. මේක කළාට පස්සේ අවුරුදු 2 ක් විතර නඩත්තු කරන්න වෙනවා. මේක කරන්නේ බෙහෙත් වලින්. එහෙම නැතුව වැඩිදුර ප්‍රතිකාරයක් කියල දෙයක් නැහැ. 2008 වසරේදී මේක කළානම් දැන් දරුවා හොඳටම සනීප වෙලා තියෙන්න ඕන. මොකද මටත් 2008 වසරේදී මේ ක්‍රියාවලිය කරලා තියනවා . ඊට පස්සේ ප්‍රතිකාර නැහැ නඩත්තුව පමණයි (බ)