වවුනියාව මහකච්චකොඩිය පදිංචි මෙතුජ සත්සර රත්නායක (2) දරුවාගේ අක්මාවට විෂබීජයක් ඇතුළුවීම නිසා ඔහුට අක්මාවක් බද්ධ කිරිම සඳහා සැත්කමක් කළ යුතුව ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරු නිර්දේශකොට ඇත.
වසරකට අධික කාලයක් ප‍්‍රතිකාර කළද දරුවා සුව නොවූ බව දෙමාපියෝ කියති.
දිනෙන් දින දරුවාගේ තත්වය අයහපත් වන අතර මේවන විට උදරය ඉදිමී ශරීරයේ විවිධ ආසත්මිකතාවයන්ද ඇතිව තිබෙන බව ඔවුහු පවසති.
දරුවා සුවකිරීම සඳහා තෙමසක් ඇතුළත ඉන්දියාවේ චෙන්නායිහි ග්ලෝබල් රෝහලේදී සැත්කමක් සිදුකිරිමට නියමිත අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 70 මුදලක් අවශ්‍යවී ඇති අතර දරුවාගේ දෙමාපියන්ට එය සොයාගැනීම මහත් අසීරුතාවයක් බවත් දරුවා අසනීප වූ දිනයේ සිට කළ වියදම් හේතුවෙන් තමන්ගේ වත්කම් මේ වනවිට අහිමිව ඇති බවත් දරුවාගේ පියා රත්නායක මහතා ප‍්‍රකාශ කළේය.
ඒ සඳහා උපකාර කළහැකි අයකුවේ නම් දරුවාගේ පියාගේ නමින් පිහිටි මහජන බැංකුව , වවුනියාව ශාඛාවේ ආර්.ආර්.එන්.රත්නායක - 040-2-001-6-0056158 යන බැංකු ගිණුමට හෝ ලංකා බැංකුවේ බෝගස්වැව ශාඛාවේ 7114362 ගිණුමට මුදල් බැරකරන ලෙස දරුවාගේ දෙමාපියෝ ඉල්ලා සිටිති.
වැඩිදුර තොරතුරු තොරතුරු දැනගැනීම සඳහා 071-6464563 හෝ 076-6846213 දුරකථන අංක මගින් රත්නායක මහතා සම්බන්ධ කරගත හැකිය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියනේ! හරි විදියට නම් මේ වගේ රෝගීන්ට රජයේ වියදමින් ප්‍රතිකාර කළයුතුයි. අපිටත් හැකි අයුරින් උදව් කර මේ දරුවාට ජීවත් වෙන්න අවස්ථාව සළසා දෙමු. දෙවියනේ! බඩ පපුව දාලා ගියා. හැකි හැමෝම උදව් කරන්න සොයුරනේ! පින් සිදුවෙනවා ..!! (නි)
මොහුට මම මට හැකිලෙස උදවූ කළෙමි. ඔබද ඔබට හැකිලෙස උදවු කරන්න. (නි)
මමත් උපකාර කළා. පුළුවන් අය 500 හරි දාන්න. මේ පුතා ඉක්මනින් සුව වේවා .... මටත් ඉන්නවා පුතෙක්. දරු දුක හැමෝටම එකවගේ. (බ)
ලංකාදීප කතෘ තුමනි ..! ඔබේ කාරුණික මැදිහත් වීම පිණිසයි ..! මේ දරුවාගේ ජීවිතේ ගොඩගන්න අප කාරුණික පාඨකයින් සැවොම එක්වේවි මේ පුවතට මීට වඩා ප්‍රචාරයක් දෙන්න කරුණාකරලා. අප කාරුණික ලංකාදීප පුවත් පත ඇතුළු කාර්ය මණ්ඩලයට එදාමෙන් අදත් මතුවටත් අප්‍රමාණ ගරුත්වකින් සිහිකරන්නේ .. ඒ ඔබේ දයාබර කම අසරණයාව සොයාගෙන ගොස් කරණා මේ උපකාරයන් නිසාවෙන්මය ..? මේ අසරණ දරුවාගේ ජීවිතය බේරාගන්න අපිට හැකිවේවි. (ම)
මමත් උදව් කරනවා. මේක බැරිද එෆ්බී එකේ ප්‍රසිද්ධ කරලා තව ප්‍රචාරයක් ලබාදෙන්න? අපේ අනිත් යහලුවන්ටත් උදව් කරන්න පුලුවන් වෙන්න. (නි)
මමත් පුළුවන් විදියට උපකාර කළා. කරුණාකර මෙවැනි පුවත් එසැණ ප්‍රධාන පුවත් අතර දින කිහිපයක්වත් රඳවා තබන්න. මේ දරුවා සුවපත් වේවා! (නි)
වටිනාකම හඳුනන බුද්ධියක් ඇති අය මිතුරන් අතර යවන්න. ඒ දරුවාත් අප වගේම ලෝකෙ කොතැනක හෝ හුස්ම ගන්න ආස ලොවට ආදරය කරන්න ආස අප අතරින් අහක බලා නොයා වචනයකින් හෝ ඔබේ උදව්ව ලැබේද ... වටිනාකම ඔබට මය. (ර)
පුළුවන් විදිහට උදව් කරන්න යාලුවනේ රුපියල් 10 හරි කමක් නෑ මේ මුදල හොයා ගන්නකම් අනේ ලංකා දීප පුවත් පතේ හැමදාම මේ පුවත පල කරන්න කියලා ඔබ තුමන්ලගෙන් කාරුණිකව ඉල්ලමි . ගොඩක් පිට රටවල අය ලංකා දීප පුවත් කියවනවා! (බ)