මීගල්ලෑවේ දී පැහැරගත් දරුවා බේරාගැනීමට මාධ්‍ය විශාල සහයෝගයක් දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
‘‘ දරුවා පැහැරගෙන ගියේ කප්පම් මුදලක් ගැනීමට. මේ බව දැන සිටියත් මාධ්‍ය ඉතාමත් වගකීමෙන් කටයුතු කරමින් ඒ බව වාර්තා කළේ නැහැ. විමර්ශන කටයුතු කරද්දී අපිට මාධ්‍යයට දීමට පුළුවන් වුණේ තොරතුරු වලින් කොටසක් පමණයි. මාධ්‍ය එය කීවානම් කප්පම් කරුවන් දරුවා මරා දැමීමට පවා ඉඩ තිබුණා. දරුවාගේ සීයා මවගේ තාත්තා ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙක් නිසා තමයි මේ කප්පම් ගැනීමට උත්සාහ කරලා තිබෙන්නේ. කෝටියක කප්පමක් ඉල්ලුවා. එය ලක්ෂ 35 දක්වා අඩුකර ගැනීමට හැකිවුණා. මාධ්‍ය මේ අවස්ථාවේ දැඩි වගකීමක් අරගෙන කටයුතු කිරීම හේතුවෙන් අපිට දරුවාගේ ජීවිතය බේරාගැනීමට හැකියාව ලැබුණා. ඒ නිසා විශේෂයෙන් ම එවැනි මාධ්‍ය ආයතනවලට මේ අවස්ථාවේ ස්තූති කළ යුතුයි. මෙය පොලිස් දෙපාර්තමේන්තුව පමණක් ලැබූ ජයග්‍රහණයක් පමණක් නොවෙයි. “
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහය දුන් හැමෝටම ස්තුතියි, දරුවා නිරුපද්‍රිතව සොයා ගැනීමට ලැබීම ගැන. දැන් කරුණාකරලා හොරුන්ව හංගපු ආයුධ පෙන්නන්න ඉක්මනින්ම එක්කගෙන යන්න. (නදී)
කාලෙකින් ලැබුන හොද නිහතමානි අදහසක් , පුතේ නුඹට තෙරුවන් සරණයි ! අපරාද කාරයින්ට දඩුවම් ලැබෙයි (නදී)
සමහරු මෙම සිද්දියත් රජය පිට සහ දේශපාලනි කිරීමට , පොලිසියේ වැරද්දක් බව පෙන්වීමට උත්සාහ කළා ; අද සත්‍ය කුමක්ද කියා මුළු ලංකාවම දැන ගතතා . පොලිසියට සහ මාධ්‍ය වලට ගොඩාක් ස්තුතියි . දරුවා ලබා ගන්නට කල සේවයට (දී)
මටනම් සතුටු කදුළු ආවා .ජේසු පිහිටයි (දී)
පොලීසියට ජාතියේ ප්‍රණාමය! අපිට අපේ පොලීසිය ගැන මෙහෙම කියන්න ලැබෙන අවස්ථා හරි අඩුයි. නමුත් ලැබුන අවස්ථාවේදීවත් අපි ඒක කියන්න ඕනෑ. (නි)
මිනිස්සු මාධ්‍ය ප්‍රකාශක ගැන කියන්නේ බොරු කියලා අද ඔප්පු වුණා. එතුමා කොච්චර නිහතමානීද? (නි)
මේ මහත්තයා මෙහෙම කියූ දිනයක් අපි අහලා නැහැ.කොහොම නමුත් ඇත්ත කියලා. (නි)
සත්‍ය, මම බිම ඉන්න දෙවියෙක්. හැබැයි ලියන දේ පැහැදිලිව ලියන්න. (නදී)
ශ්‍රී ලංකා පොලිසියට අපේ උත්තමාචාරය හා සියලුම මාද්‍ය ආයතනවලට ප්‍රසංසා . තවත් කොපි නම් එපා මේ වගේ. (දී)
අපේ පවුලේ සියලු දෙනාම ඉතාමත් කනගාටුවට පත් වුන මේ වගේ අහිංසක කිරි සප්පයටවත් ඉන්න නොදෙන අය ඉන්න එක ගැන මොනවා වුනත් ලංකාදීප ඇතුළු අනෙකුත් සියලුම විද්‍යුත් සහ මුද්‍රිත ආයතනවලට ශ්‍රී ලංකා පොලිසියට එහි කාර්ය මණ්ඩලයට සහ මේ ගැන සොයා බලා කටයුතු කල සැමටත් දරුවා ඇතුළු පවුලේ සැමටත් ත්‍රිවිද රත්නයේ ආශිර්වාදය පතමි (දී)
මාද්‍ය වලින් වගේම පොලිසියත් ලොකු මෙහෙයක් කරා , අපි දෙදෙනා වෙනුවෙන්ම ස්තුති වෙන්න ඕනේ (නදී)
අල්ලගත්ත හතර දෙනා රිමාන්ඩ් එකට ගියාම ඇතුලෙන් හොදට සලකිලි ලැබේවි බඩ කට පුරා .. (දී)
මිගාර, බන්දුල පෙරේරා කියන්නේ මෝඩයෙක් විතරක් නොවයි මහා ඉරිසියාකාරයෙක්. උගත් බුද්ධිමත් අදහස් දාන අයට මෙයා නිතරම චෝදනා කරනවා. මේකට කියන්නේ හීනමානය කියලා.(නදී)
දැන් හැමෝටම තේරෙනවා ඇති මාධ්‍ය නිදහස කියල දකින එකයි, නොදකින එකයි, ඇහෙන එකයි ඇහෙන්නේ නැති එකයි සේරම ලිවුවොත් වෙනදේ. මේ නිසා තමයි මාධ්‍ය පාලනයක් අවශ්‍යයි කියල මම නම් හිතන්නේ. (නදී)
පොලීසියට සහ මාධ්‍යට අපි ප්‍රණාමය පුද කරන්නෙමු. (නදී)
බොහෝ කට්ටිය මාධ්‍යයට හැම තිස්සෙම දොස් කියාගත්ත ගමන්මයි. ඇත්තටම එයින් ඉටු වන මෙහෙවර බලන්න. හැමෝම තම තමන්ගේ දරු පැටවුන් ගැන අවධානයෙන් ඉන්න අවශ්‍ය බව මාධ්‍යයෙන් පෙන්වා දුන්න. (දී)
තව තවත් අපරාද මැඩලීමට අපේ පොලිසියට යෝද..බල ..යෝද ශක්තිය ලැබේව . (දී)
ඇති යාන්තන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා ගේ කටින් සත්‍ය ඇති සැටියෙන්ම කියවූනා ප්‍රථම වතාවට. ඉදිරියේදීත් එසේම කිරීමට දෛර්ය ශක්තිය ලැබේවා! විශාල සහයෝගයක් දුන් මාධ්‍යටත් අපගේ ප්‍රණාමය. (දී)
හිතට පුදුම සතුටක් දැනුනේ,, මේ දරුවට කරදරයක් නොකරපු එක ගැන කප්පම් කාරයෝ උනත් ඒ අයටත් පින්,,නමුත් මේ වගේ වැඩ කරන අයට මිහිපිට තියන්න නරකයි ,,කරුණාකර ඔව්න්ට දෙන දඬුවම මාද්‍ය මගින් ප්‍රසිද්ද කරන්න..මේ සම්බන්දව ඉතා වගකීමෙන් කටයුතු කල පොලිසියට හිසනම ආචාර කරමි..(දී)
එම දක්ශ පොලිස නිලදාරින්ට යෝද බල යෝද ශක්තිය ලැබේවා (දී) .
උදය කුමාර - ඕමානය අපේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මේ වනවිට මුළු ලෝකයටම ඔප්පුකර පෙන්නවා ඉවරයි අපි තමයි ලෝකයේ හොඳම පොලිස් සේවය කියල. නවීන තාක්ෂණයත් එකතුකරගෙන තවත් ඉදිරියට යන්න කියල අපෙන් සුභ පැතුම්. (දී)
බන්දුල පෙරේරා භාවිතා කරන බොහෝ නාමයන් මම පහුගිය දවසක මෙම තිරයට ලිව්වා. එයා මොන නම් වලින් අදහස් පල කලත් බුද්ධිමත් පාඨකයන්ට පුළුවන් බන්දුල පෙරේරාව හදුනා ගන්න. දැන් එයා කාන්තා වේශ වලින්ද අදහස් ලියන බව පෙනී යනවා. (නදී)
මීට පසුව අපරාධකරුවන් අල්ල ගන්න බන්දුලගෙන් පේන අසමු. කිව්වේ කවුරුවත් නොහිතන දෙයක් වෙනවා කියලානේ. හැබැයි පාඨක සභාවේ කීප දෙනෙක් නම් සැකේට කියලා තිබුනා මේකට පවුලේ දන්නා කියන කෙනෙක් සම්බන්ධ ඇති කියලා. (දී)
මේ අහින්සික දරුවා නැවත ලැබුණු එක ගැන මට හරිම සතුටු වෙමි. මමත් දෙවියන් වහන්සේට ආයාචන කල. දෙමාපියන්ට කොච්චර සතුටු ඇද්ද? මෙහෙම අපරාදයක් අයෙනම් අසන්න නොලබවෙවයි පතමි. (දී)
ස්තුති සියල්ලන්ටම (දී)
ආදර්ශමත් වැඩක් (දී)
ආර්ථික අහේනියට මගක් සොයා අහිංසක දරුවාව පැහැරගත් කොල්ලකරුවන් එම නොදැරුවාට අනතුරක් නොකර නිදහස් කිරීම ගැන මා ඔවුන්වත් අගයකරමි මා තුල ඔවුන් කෙරෙහි ඇත්තේ සානුකම්පාවක්. මතු ආත්මවලදීවත් නුඹලා මෙවන් තත්වයකට පත් නොවේව. (දී)
පොලීසියට මේ දස්කම කරන්න මුලික හේතුව උනේ මේකට දේසපාලනේ සම්බන්ද නැති නිසා. අපිට අවශ්‍යයි නිදහසේ පුවත් පත් වලට ඒ ඒ දේ පල කරන්නත් සහ පොලීසියට කිසිම විදිහක බලපෑම් නොකරන ක්‍රමයක් .මේක පොලීසියේ සහ ලංකාදීප පුවත් පතේ නිදහස් ක්‍රියාවම හොද උදාහරණයක්. කතුතුමනි, බෙල්ල ගලවල ගියත් සිදුවන දේ ඒ විදිහටම පල කරන්න බය වෙන්න එපා.නිදහස අගය කරන ජනතාව ඔබ සමගයි. (දී)
නමුත් සමහර මාධ්‍ය කටයුතු කල ආකාරය නං දරුවාගේ ජීවිතය බරපතල අවදානමක දැම්මා. සදාචාරාත්මක මාධ්‍ය වෙත අපගේ ප්‍රණාමය. (නදී)
කිසිවක් නොදත් මේ දරුවා බේරා ගැනීමට දායක වූ සැමට පින් සිදුවේවා! එමෙන්ම ස්තුතිය. දැන් උගත් නීතිවේදින්ටත් යුතුකමක් තියෙනවා මේ අපරාද කරුවන් ගලවා ගැනීමට ඉදිරිපත් නොවීමට. එමෙන්ම පළාතේ දරුවන් සිටින මහජනතාවටත් තියෙනවා තම යුතු කම් ඉටුකිරීමට. එසේ වුවහොත් මේ පාදඩයන් මෙල්ල වේවි.(නදී)
මට පෙන්නේ කසුන් කියන්නෙත් බන්දුල පෙරේරා වගේම කෙනෙක් (දී)
සියලු දෙනාට පින් ලැබේවා. අසීමිත සතුටක් දැනෙනවා (නදී)
උදය කුමාර, ඒ දරුවට වුන අනතුර විසාලයි " පන බය' ඔයවගේ පුංචි හිතක් විනාස කරන්න තරම් බලවත්. මේ පවු කාර අමනුෂ්‍යයන්ට ඉර හඳ දකින්න ඉඩ තියන්න එපා ... (දී)
පොලීසියට ජාතියේ ප්‍රණාමය! (නදී)
සමිත සිරි ඕන දෙයක් හිතා ගන්න . මම අදහස් කලේ බන්දුලගේ පේනයට වඩා පාඨක සමහරුන්ගේ අනුමානය නිවැරදියි කියලා. (දී)
අපේ ලංකාදීප මාධ්‍යවේදීන් කවදත් වගකීමෙන් කටයුතු කරන පිරිසක්.මෙම සිද්ධියේදීත් එලෙස කටයුතු කල බව විශ්වාසයි. (දී)
ශ්‍රී ලංකා පොලීසියට ජාතියේ ප්‍රණාමය. ජාතික මෙහෙවර මැනවින් තේරුම්ගත් ජනමාධ්‍යටත් ප්‍රණාමය හිමි විය යුතුයි. සෑම ජාතික ප්‍රශ්ණයකදීම සියල්ලෝම මේ ආකාරයෙන් එකතු වන්නේ නම්, රටක් වට්ටන්නට කිසිවකු සමත් නොවනු ඇත. කරදර සිදුවුන ඒ පුතාටත්, පවුලේ සැමටත් තෙරුවණ් සරණයි ! (දී)
පළමු වතාවට මම ඇහුවේ මාධ්‍ය ආයතනවලට ස්තූති කිරීමක්. (දී)
මේ වගේ දේවල් ගැන පොලිසිය ලජ්ජා විය යුතුයි. මේ එක සිද්දියක් පමණයි. අද රටේ කවුරු හරි පත්තරේ ටෙලිපෝන් නොම්මරයක් එක්කල දැන්වීමක් දාල ඉඩමක් හරි ගෙයක් හරි වික්කොත් පසුවදාට ඒ නොම්මරයට කප්පම් ඉල්ලලා කෝල් එනවා. මිනිස්සු ඒක නිසා ඉඩම් විකුනද්දී වෙනමම සිම් කාඩ් අරගන්න පුරුදුවෙලා තියෙනවා. ප්‍රබාකරන් ඉන්න කාලෙවත් මෙහෙම දේවල් සිදුවුනේ නැහැ. පත්තර නොතිබෙන්න ඔය ලමයව කවදාවත් හම්බ නොවෙන්න තිබුනා. (නදී)
කරුණාජීව. ඔබ හරියටම හරි. (නදී)
බන්දුල පෙරේරා ගැහැණියෙක් වෙන්න දෙයක් නැහැ ගැහැනියක්ම තමයි (නදී)
ශ්‍රී ලංකා පොලිසියට අපගේ ප්‍රණාමය!! මෙම අපරාධකරුවන් කොටුකර ගැනීමට සම්බන්ධ උන බුද්ධිමත් පොලිස් නිලධාරීන් ගැන විශේෂ සැලකිල්ලක් පොලිස් දෙපාර්තමේන්තුව දක්වාවි යයි අපි බලාපොරොත්තු වෙමු. තවද, මෙවන් අවස්ථාවකදී කිසිදු ඉවසිල්ලකින් තොරව විනාඩි ගණනින් පොලිසිය විසින් ප්‍රාතිහාර්යය සිදුකල යුතු බව සිතමින්, නිතිය අතට ගැනීමට ක්‍රියාකරන මහා ජනතාව සංයමයෙන් යුතුව ක්‍රියා කිරීම ගැනත් නීතිගරුක පුරවැසියන් ලෙස අපි සතුටු වෙමු. (දී)
පොලිසියෙන් කළ උසස් වැඩක් (නදී)
එල්ලුම් ගහ නැවත පණගැන්වීමට නොහැකි හෙයින් ,අපට මෙකල ඉඳහිට අසන්නට ලැබෙන 'සැඟවූ ආයුධ පෙන්වීම' නීතිගත කිරීම කාලෝචිත බව මගේ අදහසයි. (දී)
පොලිසිය කොහොමත් මතක් වෙන්නෙ කරදරයක් උනාම විතරයි. හැමදාම පොලිසිය මහජනයා වෙනුවෙන් තමයි වැඩ කරන්නේ.(නදී)
අපේ ලංකාදීපයට හිසනමා ආචාර කරමි. ඒවගේම මේ සිද්දියේදී දරුවා වෙනුවෙන් වෙහෙසුණු සෑම ආරක්ෂක අංශයකටම සියලු දෙවි පිහිටයි. ඔබේ රැකියාව අකුරටම ඉටුකර ඇති බව අපිට ඉතාමත් සතුටුයි. මා විදේශයක සිට මේ දරුපැටිය වෙනුවෙන් මා හදවතින් විශ්වාශයෙන් අදහන ලංකාවේ සියලුම පුජනීය ස්ථානයන් සිහිකරමින් ඉල්ලා සිටියේ දරුවාව නිරු ප්‍රදිතව දෙමාපියන්ට ලැබේවා කියලයි. ඒ ප්‍රාර්ථනාව ඉස්ට උනා. තෙරුවන් සරණයි (නදී)
මොන ප්‍රශ්න තිබුනත්, පොලිසියට ජාතියේ උපහාරය හිමිවෙනවා මේ සිද්දියේදී කටයුතු කරපු ආකාරය පිළිබඳව. මාධ්‍ය ප්‍රකාශක තුමාට රටේ තියෙන ආකල්පය කොහොම උනත්, ඉතිහාසයට හිටපු හොඳම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙතුමා තමයි. විපක්ෂය හිතන්නේ මෙතුමා එයාලගේ පැත්තට වාසි වෙන විදියට කතා කරන්න ඕනේ කියල. ඒකනේ ගෝටාභය මහත්තයා ආරක්ෂක ලේකම් කරනකොට ඒ තනතුරට සුදුස්ස ජානක පෙරේරා කියල කියුවේ. (නදී)
බොහෝ දෙනෙකු මාද්‍ය වලට දොස් නගනාවා ඔවුන්ගේ වැරදී සොර මැර කම් මතුකර පෙන්නුවාම . නමුත් මාද්‍ය වලින් කරනා සේවය ඔවුන් කිසි විටක අගයන්නේ නැහැ . මෙම ළදරුවාගේ සිද්දිය මෙතරම් ඉක්මනින් කෙලවර වුයේ අපේ මාද්‍ය වලට පින්සිදුවන්නට . ලංකාදීපයේ එසැන පුවත් වලින් දුන් සේවය එමටය (දී)
ස්වාදීන පොලිස් කොමිසමක් හදන්න මන්ත්‍රීලා බය ඕකයි. (දී)
කසුන්, මම ඔබව බන්දුලට සමානකලේ මේ ප්‍රශ්නය ගැන හිතලා නොවයි.මේකෙදි ඔයා හරි. මට සමාවන්න. නමුත් මිට පෙර ඔබ බොහෝ වෙලාවට ඉතාමත් හොඳ ,බුද්ධිමත් අගනා අදහස් දමන අයව නිකරුනේ මෝඩයෙක් වගේ විවේචනය කළා. ඒ අදහස් දමාපු සමහරක් දෙනා අද අපේ සිංහල පත්තරයේ අදහස් දමන්නේ නැතිව අපේ ඉංග්‍රීසි පත්තරයේ ඒ වැදගත් අදහස් දමනවා.ඒ කියන්නේ අපිට ඒ අයව නැතිවුනා.ඒ කියන්නේ බන්දුලවගේ.බන්දුල කියන්නේ උපන්ගෙයි අනුවණයෙක් කරුණාකරලා අපිට ඉන්න උගත් වැදගත් අදහස් දමන හිතවතුන් ඕනවට වඩා විවේචනය කරන්න එපා.අපිට ඒ අයව අත්‍යවශ්‍යයි අපි නොදන්නා දේවල් දැනගන්න. (දී)
පොලිසියට සහ මා සැමවිටම ගරුකරන පොලිස් මාද්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාට මෙන්ම විද්‍යත් සහ මුද්‍රිත මාධ්‍යට මගේ ප්‍රණාමය (දී)
මේ සිද්දියට දේශපාලනය සම්බන්ද නොවීම නිසා මෙතුමාගෙන් මෙවැනි ප්‍රකාශයක් අහන්න වාසනාව අපට ලැබුනා.කලකට පස්සේ බොහොම සැහැල්ලුවෙන් කරපු මාද්‍ය ප්‍රකාශයක්. (දී)
සැමට තුති (දී)
අපේ රටේ පොලිසිය,මාධ්‍ය ලෝකේ තියෙන හොඳම ආයතන.ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය දෙවනි වෙනවා ශ්‍රී ලංකා පොලිසියට.අපේ ස්තුතිය. (දී)
හැමෝටම ගොඩාක් පින් (දී)
බඩු මිල වැඩි නිසා ම්නිසුන් කප්පම් අපරාදවලට යොමු වෙලා කියල පුලුවන්නම් මේකටත් අපිට බනින්න (නදී)
පොලිසියට ගොඩන් පින්. කොහොමත් මමත් හිතුවා කප්පන් ඉල්ලන්න ඇති දරුවා මරයි කියලා බයටයි හෙළි නොකලේ කියා (නදී)
දින හතරේම අපි නින්දෙන් අවදි වුනේ මේ පුතු ගැන සුබ ආරංචියක් ගැන සිතමින්. අපට අද ලොකු සැනසිල්ලක්. පොලිසියටත්,මාධ්‍යටත් උපහාර! (නදී)
පුතේ ඔබට නිදුක් නිරෝගී චිර ජීවනයට වාසනාව ලැබේවා (දී)
දැන් ඉතින් සැගවූ ආයුද හොයන්න යමු.එවැනි දඩුවම් සුදුසු වේ.(දී)
දේශපාලනය ගෑවුනේ නැත්නම් මෙයයි, පොලිසියේ වැඩිදෙනෙකුයි, බොහොම හොදයි, ඒ වගේම දක්ෂයි. (දී)
පොලිසිය දරුවා සොයා ගන්න බව අපි දැනගෙන හිටියා....අපේ පොලිසියට ජාතියේ ප්‍රණාමය..........!!!!!!(දී)
අපේ රට පොලිසිය ගැන අපිට ආඩම්බරයි (දී)
අලුත්ගම සිද්ධියේදදීත් මාධ්‍ය වගකීමෙන් ක්‍රියා කරද්දී විදේශ මාධ්‍ය එය හෙලා දැක්කා ගින්න අවුලුවන්න පුවත් පල නොකිරීම ගැන. නමුත් ඉරාක යුද්ධයේදී බටහිර මාධ්‍ය ක්‍රියා කල ආකාරය ගැන හිතා බලද්දී එය පහත් තත්ත්වයක් ලෙස නොදකින්නේ එම මාධ්‍යම නොවේද (දී)
හිතට සහනයක් මේ දරුවාව නිරුපද්‍රිතව සොයා ගැනීම ගැන.පොලිසියට මගේ ප්‍රණාමය. (දී)
අපේ පොලීසිය ඉතාමත් දක්ෂයි .හොයා ගන්න බැරි දුශිතයෝ අල්ලගන්න බැරි හෙතුවතමයි ඒ අයට දේසපාලන රැකවරණය තියෙන හින්ද.(දී)
අර බන්දුල කියන මිනිහගේ පේනෙ ගැන මොකද දැන් කියන්නේ. මිස්ට බන්දුල මීට පස්සේ ඔය විදිහ මෝඩ කතා මෙවිදියේ වටින පත්තරේකට ලියන්න එපා. පොලීසියට මගේ ප්‍රණාමය.! (දී)
මාධ්‍යයේ වගකීමක් ඒ (දී)
පොලිසියට ස්තුති වන අතර ලංකාදිපයටත් මගේ ප්‍රණාමය!! (දී)
මේක රටේ පාලක පක්ෂයේ දේශපාලුවෙක් කරානම් අජිත් රෝහණ අායෙත් විහිළුකාරයෙක් වෙනවා. ළඟදීම බලන්න පුළුවන් ගුරුවරියගේ සාක්කි දුන්නු මහත්මයට ලංකාවේ පොලිසිය කියන්නේ මොනවද කියලා. (නදී)
කවදා හරි අපේ පොලිසියත් ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියට සෙකන්ඩ් වෙන්නේ නැ යාලු (දී)
බන්දුලගේ තනියටත් එක්කල බගවාන් කියල "දෙවියෙක්" පහළ වෙලා වලිගෙ පාගාගෙන. මම කිව්වේ පොලිස් මාධ්‍යය ප්‍රකාශක ඇත්ත කියනවා කියල, මොකද මාධ්‍යයට විශාල ගෞරවයකින් කතා කරපු හින්ද. (දී)
කප්පන් කරුවන්ආයුධ පෙන්නන්න ගෙනියන්න (දී)
පොලිසියට අපගේ උත්තමාචාරය.................... (දී)
සත්‍ය ,මොනවද මේ ලියන විකාර?.ඇත්ත කියා කියා හිටියනම් ඔක්කොම හමාරයි.අනික ඔයාට දැනගන්න ඕනේ කතාව මොකක්ද,ඔයා රහස් පරීක්ෂකයෙක්ද?. අපි පත්තරේ මහත්තරුන්ටයි,පොලීසියටයි ස්තුති කරන්න ඕනේ. (දී)
සතුටුදායක පුවතක්. මගේ ප්‍රණාමය ඔබ සැමට. (නදී)