පාසල් නොගිය නිසා හත් හැවිරිදි දරුවකුට ගසක බැඳ දිමි ගොටුවක් ඇඟට හැළු බව කියන පියෙක් මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
දිමියන් කමින් සිටියදී දරුවා බේරා ගත් බවත් පහර දීමෙන් වු කැළැල් ඇයගේ ඇඟේ තිබු බවත් පොලීසිය කියයි.
දැරිය රෝහල් ගත කරනු ලැබ සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවාට දුන් දඩුවම බරපතල වැඩිය. එහෙත් මේ දරුවා මින් ඉදිරියට දිනපතා පාසැල් යාවි. මොකද තාත්තා මතක හිටින දඩුවමක් දී තිබේ. (දී)
මම දරුවන්ට හරිම ආදරෙයි. කාගේ උනත් දරුවෝ අපේ කියල හිතෙන්නේ. ආදරය සෙනෙහස වෙනුවට අද බොහෝ අවිවේකි දෙමවුපියන් දෙන්නේ දඬුවම්. තම තමන්ගේ සියළු ආවේග සහ අවිවේකය දරුවන්ටත් එහෙමම දෙනවා. සමහර මවුපියන්ට ගුරුවරුන්ට දවසක් පාසලට නොයන එක දිමිගොටු දාන්න තරම් වරදක් වෙලා. දසක හතරක පහකට පෙර අපේ ළමාවිය ගෙවුන හැටි දැන් ළමයි දන්නවනම් මේ වෙනස කරන්න සම්මාදම් වෙච්ච් සමාජයටම වෛර කරාවි. අද ලෝකයේ නිදහසක් තියෙන්නේ කාටද? මේ කොයි යන්නේ... කවුරුද දන්නේ... (දී)
ඕවා සාමාන්‍ය දේවල්නේ. අවුරුදු 7 ළමයා තාත්තා හදන්නේ නැතුව පොලිසියෙන් හදන්නද? මෙහෙම දෙමවුපියෝ ළමයින්ට හරි යහමඟවත් කියාදෙන්නේ කොහොමද? මම කියන්නේ තාත්තා මත්පැන් පානය නොකර කරන ලද දඩුවමක් කාටවත් වැරදියි කියන්න බැහැ. මේ වගේ දේවල් වලට දෙමාපියන්ට විරුද්ධව රටේ නීතිය ක්‍රියාත්මක කරන එක වැරදියි. මේ විදියට ගියොත් අනාගතයේ තව තවත් රටේ මැරයෝ බිහිවෙන එක තමයි වෙන්නේ (නි)
1998 එවාපු චක්‍ර ලේඛයෙන් පස්සේ ගුරුවරුන්ට පාසලේදී ළමයෙක්ට දඩුවමක්වත් දෙන්න අමාරුයි. දැන් ඒ මදිවට දෙමව්පියන්ටත් දරුවන්ට දඩුවම් කරන්න බැහැ. ඒකෙන් දැන් ළමයි අතීශය සංවේදී දරා ගැනීමක් ඇත්තේම නැති පිරිසක් වෙලා. තව ඉස්සරහට මොනවා වෙයිද? (ස)
මේ අවුරුද්ද අපේ දරුවන්ට හොඳ නැහැ වගේ පෙනෙන්නේ. අැයි මේ තාත්තලට දරුවන් පෙන්නන්න බැරි? (නි)
මට මගේ පොඩි කාලේ මතක් වෙනවා. අපේ තාත්තා මට ඔය දඩුවම දුන්නා, මං පාසල් යන්න බැහැ කියලා අඩද්දී. එතකොට මට අවුරුදු 5-6 වගේ.ඒ නිසාම මං පාසල් ගියා. මං දැන් ඉංජිනේරුවෙක්. ඒක එහෙම නොවුණා නම් මමත් ගොවිතැන් කරනවා. මං මේ සිද්ධියේ වරදක් දකින්නේ නැහැ. (නි)
මේ මොකද වෙලා තියෙන්නෙ. තමන්ගෙ දරුවන්ට නිකන්ම දඩුවම් කරන්නේ නෑ දෙමවුපියෝ. දරුවට තියෙන ආදරේ හින්දා දඩුවම් කරත් දරුවටත් වැඩිය හිතෙන් හඬා වැටෙන්නේ දෙමවුපියෝ. මෙහෙම ගියොත් ලංකාවත් යුරෝපේ වගේ රටක් වෙයි. (ස)
සමහර වෙලාවට දරුවන් හරිමඟට ගැනීමට දෙමවුපියන් දඩුවම් දුන්නත්, මේ වගේ ලොකු දඩුවම් නම් අනුමත කරන්න බැහැ (නි)
ඡායාරූපත් දැම්මා නම් තමයි හොඳ (නි)
දරුවන් හදා ගන්ඩ කියල මේ වගේ බරපතල දඩුවම් නොකළ යුතුය. දරුවන්ට ආදරයෙන් කියා දීම යහපත්ය. (ස)
අපේ සංස්කෘතිය පිරිහිලා. මනුස්ස ගුණ ධර්ම ගිලිහිලා. මිනිස්සුන්ගෙ සිතුවිලි දූෂණය වෙලා. ආදරයක් කරුණාවක් නැහැ. අනාගතය ගැන දුකයි. (ස)
මේ සිද්ධිය බැලුවහම තාත්තෙක් වශයෙන් කළ දේ හොඳ නැහැ. නමුත් දරුවන්ට දඩුවම් තරමක් දුරට තිබිය යුතුයි. අපි දන්නා සමහර දරුවන් දඩුවම් නිසා හොඳ මඟට පැමිණ තිබෙනවා, හැබැයි ඒවා ලොකු දඩුවම් නෙමෙයි. (නි)
ඔය තාත්තවත් පැය හතක් ගසක බැඳ දිමිගොටු වෙනුවට කඩි ගොටු දමන්න කටයුතු කරනවා, මට බලයක් තිබුණා නම්. මොන මානව හිමිකම් ගියත් රස්සාව නැති වුණත් මම එහෙම කරනවා.(මම හොඳ වෙලාවට පොල් කඩන රස්සාව කළේ......) (නි)
පෙර කාලේ පොඩි දරුවන් බයකරවන්න කියපු කතාවක් මිස ප්‍රායෝගිකව මෙම දඬුවම දෙමාපියන් එදා ක්‍රියාත්මක කළේ නම් නැත. (නි)
අපි මහන්සි වෙලා දරුවන්ට ආදරයෙන් හැම දේම තේරුම් කරන්න කියල කියන්නේ මේ වගේ මිනිස්සුන්ටද කියල දුක හිතෙනවා ෆ්ස්රුල් හිතන විදිහ ගැන ආඩම්බරයි (දී)
මිනිස්සු මේ තරම් කුරිරු වෙන්නේ මොකද කියලා මට හිතා ගන්න බැහැ (දී)
අපිටනම් පොඩි කාලේ අපේ අම්මල තාත්තල හොඳටම ගැහුවා වැරද්දක් කරපු වෙලාවට. තවම වරදකට උසාවියක පස් පාගල නැහැ වයස 40 වෙලත්. ඒ කාලේ දෙමාපියෝ ගුරුතුමන්ලා අපිට ගහල හදාගත්තේ නැත්නම් අපේ නමුත් ලංකාවේ කුටප්‍රකට චරිත වලටත් උඩින් ඉන්න තිබ්බා.මෙතන තාත්ත දුවට ගහල තියෙන්නේ එයාව හදාගන්න වෙන්න ඇති. වයස 7 ක ලමයව හදාගන්නේ නැතුව එයාට 17 වෙලා බඩකුත් හොරකම් කරගෙන ආවහම හදාගන්නද. කරුණාකරලා ඔය පාර්ලිමේන්තුවේ නීති හදන කට්ටිය මෙව්වට සුදුසු නීති හදන්න. ඔය සංස්කෘතිය ගැන කතා කරන අය මෙව්වා බලන්න . (දී)
පුංචි කාලේ කියවපු පත්තරේක තිබුණ කතාවක 'කනාකොක්' ට දිමිගොටු දාපු සිද්ධිය මතක් වෙනවා. (ස)
"දසක හතරක පහකට පෙර අපේ ළමාවිය ගෙවුන හැටි දැන් ළමයි දන්නවනම් මේ වෙනස කරන්න සම්මාදම් වෙච්ච් සමාජයටම වෛර කරාවි...." (ස)
මේවා පොලිසිය දක්වා දුරදිග යන වැඩ නෙමෙයි අප්පා. අපේ තාත්තා අපිට ගැහැව්වේ ඒ කාලේ ගස් බැඳලා .මේකනම් පිස්සු ලෝකයක් (දී)
ලෝකය ගෝලාකාරයි,ජිවිත විවිදාකාරයි, ගොඩක් මෙහි ජිවත් වෙන මිනිසුන් විෂමාකාරයි. පැරණි දඬුවම් දැන් හරි යන්නේ නැහැ. (ස)
අපේ අම්මත් මට ගේ ඉස්සරහ අඹ ගහේ බැඳලා දිමි ගොටු දාල ගහල තියනවා. මම මගේ පුතාට එහෙම දඩුවම් කරන්ඩ හිතෙන්නේ නැහැ. (ස)
මෙතන අදහස් දක්වන අයගේ මානසිකත්වය මට නම් තේරෙන්නේ නැහැ. ගොඩක් දෙනෙක් දිමි ගොටු දාපු එක අනුමත කරනවා. මේ අදහස් දාපු කෙනෙක්ව ගස් බැදලා දිමි ගොටු දැම්ම නම් තමුන්ට කොහොම හිතෙයිද? දරුවකුට දඬුවමක් දෙනකොට සීමාවන් තියෙනවා. (ස)
ශාන්ති ඔබ හරි. (ස)
අපිට ගැහුවා විදියට අපි උසාවි යන්න ඕනේ. ඇහෙම ගැහුවා නිසා තමයි අපි අද මේ තත්වේ ඉන්නේ. (දී)
දඩුවම් කරහම ඒක හොඳට මතක හිටිනවා. අයිත් කරන්නේ නැහැ. (දී)
අනේ අවුරුදු 7 ක් කියන්නේ පොඩි ළමයෙක් නේ . පියා දුන්නු දඩුවම බරපතල වැඩි .ළමයට හොදින් තේරුම් කරලා දුන්න නම් පියාට පොලිසි යන්න ඕනේ නැහැ. (දී)
අපේ රටේ මේක දඬුවමක් හැටියට සමහර අය කරනවා. මන් මෙය දකින්නේ දරුවාගේ සුභ සිද්දිය තකා පියා කරන්ට ඇතිය කියා. මොකද අපේ රටේ දරුවෝ ඕනේ තරම් දිමියන් අරක්ගත් අඹ, අනෝද, වෙරළු, ජම්බු ගස් වලට නැගල ඇඟේ පලුදන තරමට දිමියන් විදලා තියෙනවා. අප්‍රිකාවේ සමහර ගෝත්‍රිකයෝ අගන්තුකයින්ව පිළිගන්නේ දිමි ගොට්ටක් ඇඟේ දල කියලයි මන් පොත්පත්වලින් කියවල තියෙනවා. (දී)
අර දරුවෝ ගඟේ දමපු පියා ගැන අපි බලන්න හැම දෙකම දෙපැත්තක් තියෙන බව වටහාගෙන. නමුත් මේ පියාව ඔක්කොටම කලින් පාසැල් යැවිය යුතුයි. මෙයා පුරුද්දට ගස් බැන්දද දන්නේ නැහැ. (ස)
මේ දඬුවම හරි කියන අය තාම හණමිටි අදහස් තියාගෙන ඉන්නේ. මෙයාල වගේ අය නිසා තමයි මේ රට දියුණු කරන්න බැරි. වැද්දෝ වගේ ජීවත් වෙන්න ගෝත්‍රිකයෝ වගේ ඉන්න තමයි මෙයාල කැමති. අලුතෙන් එන හැම දේකටම විරුද්ද වෙනවා. මේක 21 වන සියවස කියල එයාලට අමතක වෙලා.(නදී)
මේ දිනවල දෙමාපියන් තම දරුවන්ට කරන අපරාධ ගැන සිතන කොට මේ අය මිනිසුන්ද කියලත් සිතෙනවා? වැරදි වැඩ කරන එක දරුවන් ගේ ස්වාභය. ඒ ඔවුන් නොදැනුවත් කමින් කරන දේවල්. ඒ නිසා තමා ඔවුන්ව අපි දරුවන් කියල ආමන්ත්‍රණය කරන්නේ. සමහර පියවරුන් බීමතින් නිවසට පැමිණ දරුවන්ටත් බිරිඳටත් නොයෙක් හිරිහැර කරනවා. සමහර මව්වරුන් වෙනත් සම්බන්ධ කම පවත්වනවා මේ වගේ වැරදි වලින් අවසානය සිදුවන්නේ වටිනා ජීවිත අහිමි වීමය. බොහෝවිට මේ වගේ හිරි හැර ඉවසන්න බැරිව දරුවන් නිවසින් පලායයි. දෙමාපියන්ගේ රැකවරණය නොමැතිව හැදෙන දරුවන් අනාගතේදී සමහර විට නෙයෙක් නොයෙක් වැරදි වලට සම්බන්ධ වේවි. සමහර විට දරුණු ඝනයේ අපරාධකරුවෙක් පවා විය හැක. මේ සියල්ල සිදුවන්නේ තම පවුලෙන් තමන්ට ලැබුණ ආදර්ශයන් අනුවයි. මවට හා පියාට විශාල වගකීමක් තිබෙනවා විවාහ වීමෙන් පසුව සෑම විටම තම දරුවන් ගැන සිතා පමණක් ජීවත් වීම. ඒක අපිට අනිවාර්ය වූ ශුද්ධවූ වගකීමය. ආදරයෙන් පමණක් අපිට අපේ දරුවන්ගේ හදවත දින ගැනීමට හැකි වෙනවා අමනුෂ්‍ය ආකාරයට ඔවුන්ට දඬුවම් කිරීමෙන් නොවේ. ඒ නිසා අපේ දරුවන් අපේ දෑස මෙන් රැක ගනිමු. අපේ ප්‍රශ්නවලට ඔවුන්ව වගඋත්තර කරුවන් නොකරමු. (ස)
මේක ගොඩක් අය කරන්න ඕනෑමයි කියල හිතල නොකර ඉන්න දෙයක්. මොහු එක කරලා. (ස)
අද කාලේ හැටියට ඔය වගේ දඩුවම් නම් අනුමත කරන්න බැහැ තමයි. දැන් හැදෙන ළමයින්ට කරුණු කාරණා තේරුම් කරලා දෙන්න වෙන්නේ බොහොම පරෙස්සමෙන්. මොකද මෙයාල ක්ෂණික තීරණවලට එළඹෙන්න මහා වෙලාවක් ගත වෙන්නේ නැහැ. (ස)
මේ වගේ සිද්ධීන් අවුරුදු 25කට පෙර සාමාන්‍යයි. (ස)
අවුරුදු 7ක ගැහැණු දරුවෙකුට මේක බරපතල වැඩී.මම පොඩි කාලේ බොරුවට බඩ රිදෙනවා කියල තාත්තාගෙන් පර්මිෂන් අරන් ගෙදර හිටියා.හැබැයි එදා තාත්තා රස කෑමක් මට කන්න දුන්නේ නැහැ බඩ රිදෙන නිසා.ඒ වෙලාවෙ අපරාදේ බොරු කිව්වේ කියල හිතුණා. (ස)
මම නම් කැමතිම නැහැ දරුවන්ට දඩුවම් දෙනවට ඔය වගේ (නි)
ළමයෙක් වරදක් කලාම දඩුවමක් තියෙන්න ඕනේ (දී)
ළමයින්ට සිදුවන සියලුම අකාරයේ දඩුවම් හිරිහැර අඩන්තේට්ටම් මානසික පීඩා කිරීම් හෙළ දකිමු. මෙහෙම කරන දෙතුන් දෙනෙකුට රජකාලේ දඩුවම් දුන්න නම් අනෙක් අයත් හැදෙයි. (දී)
දිමි ගොටු ඇඟට වැටෙන්න එපා නම් පාසල් යන්න ඕන බව ළමයිත් තේරුම් ගන්න ඕන. දැන් ඔහොම හිතුවක්කාර නම් පස්සට කුඩු කාරයෙක් වෙයි.. (දී)
දය අලහකෝන්, බොරු කතා නොවේ. මගේ පියා පාසලෙන් කට්ටි පැන මාතර මුහුදේ නාන්න ගියාට ඔහුගේ පියා දඬුවම් කරලා තියෙන්නේ මෙහෙම. 1935 දී. ඔහු පසුව ඉගෙන ගෙන උපාධිධාරීයකු වී රජයේ නිලයක් දරා විශ්‍රාම ගියා. (දී)
ළමයින්ට දඬුවම් නොකලාම වෙන දේ බලන්න නම් මේ පත්තරේ උඩින් තිබෙන ලන්ඩන් ලීඩ්ස් හි පාසලක ළමයකු ගුරුවරියක් මරල දැම්ම කතාව කියවන්න.බටහිර රටවල ගුරු වෘතියට යන්න වැඩි දෙනා අකමැතියි. (දී)
මට මතකයි පුංච කාලේ ගමේ ඇලක යාලුවොත් සමග නාන්න ගිහින් රතුමාමා දුන්න දඩුවම (දී)
අයියෝ! මම නම් කණගාටු වෙන්නේ, දිමියො ළමයට දෂ්ට කරලා ඉදිමිලා ඇද්ද කියලයි (නි)
ඇයි අපේ අම්මත් මාව දිමියෝ ඉන්න කජුගහක බැන්දේ ? අක්කගේ රුපියලක් හොරකම් කරලා. ඉස්කෝලෙන් මාරි කෑවට.? ඒක නිසා අදටත් මම බයයි කිසිවෙකුගේ දේකට අත තියන්න..? (ස)
අයියෝ ඕවා ඉස්සර ගැමි දෙමාපියෝ කරපු දේවල් දරුවන් නිවැරදිව හදා ගන්න. (ස)