යුද සමයෙහි බිහිසුණු අත්දැකිම් වලට මුහුණදුන් කිලිනොච්චියේ පාසල් සිසුන් 20 දෙනකු ඇතුළු දිවයිනේ දුෂ්කර ප්‍රදේශ වලින් තෝරාගත් දක්ෂ පාසැල් සිසුන් සිය දෙනෙකුට මව් බිම වටා ගුවනින් රවුමක් යාමටත් මත්තල ගුවන්තොටුපොළ නැරඹීමටත් අද අවස්ථාව උදාවිය.
මෙම සිසුන් සිය දෙනා අතර දෙමළ දරුවෝ 20 ක් සිටියහ. අනෙක් සිසුන් දිවයිනේ දුෂ්කර පෙදෙස් වල දරුවෝ වූහ. කිලිනොච්චියේ සිසුන් කිසි දිනක කිලිනොච්චියෙන් බැහැරව ගොස් නොතිබුණු අතර බොහෝ දරුවන්ගේ දෙමවිපියන් මිය ගොස් ඇති බවද දැනගන්නට ලැබිණි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සංවිධානය කර තිබු මෙම චාරිකාව ‘සිහින ගුවන් සවාරිය‘ නමින් නම් කොට තිබිණි.
විවිධ දුෂ්කරතා මැද අධ්‍යාපනය ලබන මෙම දරුවන්ට නැවුම් බලාපොරොත්තු ඇති කරමින් ගුවන් ගමනක අත්දැකීම සහ ගුවන් ක්ෂේත්‍රය පිළිබඳ දැනුම ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මෙය සංවිධානය කළේය.
ගුවන්ගමන සඳහා සියළු දරුවන් හට ප්‍රවාහන පහසුකම්, ගුවන්ටිකට් පත් ඇතුළු සියළු අවශ්‍යතාවයන් එම ගුවන් සමාගම නොමිලේ සැපයු අතර සාමාන්‍ය ගුවන්ගමනකට අවශ්‍ය ලියකියවිලි කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී සිසුන් අතට පත්කරනු ලැබීය.
සංචාරය සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 400 දරණ ගුවන්යානය සුදානම් කර තිබු අතර සාමාන්‍ය ගුවන්ගමනක සිදුවන අයුරින් ප්‍රවේශපත් කවළු වෙතද, ආගමන විගමන අංශය වෙතද දරුවන් යොමු කරවා ගුවන් ගමනක පුර්ණ ක්‍රියාවලිය ප්‍රායෝගිකව අත්විදිමට ඔවුන්ට අවස්ථා සලසා දෙනු ලැබිය.
දරුවන් රැගත් ගුවන්යානය පෙරවරු 11.05 ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ගම්න් අරඹනු ලබූයේ දරු දැරියන්ගේ සතුටු සිනහ සහ ඔල්වරසන් හඩ මධ්‍යයයේය.
බොහෝ දරුවන් ගුවන්යානයේ කවුළු වලින් අවට සිරිනරඹමින් පැවසුවේ තමන් කිසිදා ගුවන්තොටුපොළක් හෝ දැක නොතිබූ බවත් මෙය සිහිනයක් සැබෑ වූවාක් මෙන් දැනෙන බවත්ය.
කිලිනොච්චියෙන් පැමිණි දරුවන් ජීවිතයේ කෙදිනකවත් කිලිනොච්චි නගරයෙක් පිටතට පැමිණ නොතිබු බව පැවසුහ.
කපිතාන් අනුෂ්ක ජීවන්දර යානයේ ප්‍රධාන ගුවන් නියමුවා විය. ඔහු වසර 12 ක පළපුරුද්දක් ඇති දක්ෂ ගුවන් නියමුවෙකි. උදිත බාලචන්ද්‍ර යානයේ සහායක නියමුවා විය.
කටුනායක සිට මුහුදු මටිටමින් අඩි එකොලොස්දහසක් උඩට නැන්වූ යානය කටුනායක, මහනුවර හරහා මහියංගනය වෙත ගමන්කොට නැවත දකුනට හරවා බදුල්ල, බංඩාරවෙල, නුවරඑළිය, කාෂල් රී ජලාශය, වික්ටෝරියා, රන්දෙනිගල, ළුනුගමිවෙහෙර, පිදුරුතලාගල, ශ්‍රී පාදස්ථානය හරහා මත්තල ගුවන්තොටුපොළට ලගා විය.
බොහෝ ස්ථාන උඩින් ගමන් කරද්දී යානය හැකි තරම් පහතින් රඳවාගනිමින් දරු දැරියන්ට එම ස්ථාන ගුවනින් නිරික්ෂනය කිරීෙමි අවස්ථාව ගුවන් නියමුවෝ ලබාදුන්හ.
ගුවන් සේවක සේවිකාවෝ ඇතුළු යානයේ කාර්‍ය මණ්ඩලයද යානය ආකර්ෂණීය ස්ථාන උඩින් ගමන් කරද්දී ඒ බව පැහැදිලි කරමින් දරුවන්ට තම අසුනින් නැගිට කවළු අසලට ගොස් සිරි නැරඹීමට අවස්ථාව සලසා දුන්හ.
ජීවිතයේ ප්‍රථම වතාවට ගුවන්ගමනක අසිරිය විඳි දරුවෝ ගුවන්යානය හරවන අවස්ථාවලදී උද්දාමයෙන් කෑගැසූහ.
මත්තල ගුවන්තොටුපොළවෙත පැමිණි දරුවෝ එහිද මද වෙලාවක් ගත කරමින් ගුවන්තොටුපොළක ක්‍රියාකාරිත්වය පිළිබඳ දැනුමද ලබා ගත්හ.
සාමාන්‍ය ගුවන් ගමනකදී මෙන්ම එහිදීද ආගමන විගමන කටයුතු වලින් අනතුරුව නැවත කටුනායක බලා ගමන් ඇරඹුහ.
මත්තල සිට දකුනු මුහුදු තිරය හරහා පැමිණි යානය අඩි 2000 ත් 3000ත් අතර පහතින් පියාසර කරමින් හමිබන්තොට වරාය, තංගල්ල, මාතර, ගාල්ල ඔස්සේ කටුනායකට පැමිණියේ දරුවන්ට එම ප්‍රදේශද ගුවනින් නිරීක්ෂනය කිරීමට අවස්තාව සලසා දෙමිනි.
ඉතා පළපුරුදු ගුවන් නියමුවන් දෙදෙනෙකු විසින් පැඳවූ යානය බොහෝ අවස්ථාවලදී අඩි 5000 ත් 2000 ත් අතර තබා ගනිමින් දරුවන්ට නැරඹුමි ස්ථාන පිළිබඳ පැහැදිලි කිරීමිද කරනු ලැබිය.
මෙහිදී මෙම දරුවන්ට වරින්වර ගුවන් නියමු කුටියවෙත ගොස් මවිබිෙමි අසිරිය විඳ ගැනීමට අවස්ථාවද උදා කර දෙනු ලැබීය.
ගුවන් සංචාරය අවසානයේ බොහෝ දරුවන් පැවසූෙවි ගුවන්ගමනක් යනු තමන්ට සිහිනයක්ව තිබූ දෙයක් බවත් අද එය සැබෑවීම පිළිබඳ අතිශයින් සතුටුවන බවත්ය. එසේම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ගුවන්ගතවීම සඳහා අවශ්‍ය ලියකියවිලි පිළිබඳ දැනුම මෙන්ම රේගුෙවි කාර්්‍යභාරය, ආගමන විගමන කටයුතු ඇතුළු නීති රීති රැසක් ඉගෙන ගත් බවයි.
මෙය හුදෙක් ගුවන් සංචාරයක් පමණක් නොව දරුවන්ට ගුවන්ගමනක අත්දැකීම, දැනුම මෙන්ම ගුවන්ගමනක ආරමිභයේ සිට අවසානය දක්වා වූ ක්‍රියාවලිය මෙන්ම වගකීම පිළිබඳව අවබෝධ කරවීමට සමත් වූ අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරීහු පැවසුහ.
මෙම ගුවන්ගමන් සඳහා ශ්‍රී ලංකන් ගුවන්සමාගෙමි පුහුණු කළමනාකාර ප්‍රිමල් ද සිල්වා, පුහුණු උපදේශක ෂෙර්වෝන් රොදිග්‍රෝ, ශ්‍රී ලංකන් කෙයාර්ස් හි කළමනාකරු නිරෝෂන් රණවක, ලලිත් පර්නෑන්ඩු, රුවන්ති රොඩ්රිගෝ, චානක ඔලගම, රේනුකා පෙරේරා ඇතුළු නිලධාරීහු රැසක් සහභාගී වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජේරත්න, යන යන තැන ඉහඳ තබන නර පණුවෙක් වෙන්නේ නැතුව සතුට බෙදාගන්න බැරි මොකද? (නි)
මේ කළ සද්කාරයට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට මාගේ ප්‍රණාමය! මේ දු දරුවන්ගේ මුහුණුවල තිබෙන සතුට දුටුවහම දැනෙන සතුට නිමකරන්න බැහැ.මට මගේ පළමු ගුවන් ගමන සිහි වුණා.දැන් ලෝකයට ගුවන් ගමන් කියන දෙය සාමාන්‍ය ගමනක්.නමුත් ලංකාව වගේ රටක හැමෝටම ගුවන් ගමන් යන්න බැහැ.නමුත් මේ දරුවන් ගොඩක් වාසනාවන්ත අය.දුවේ පුතේ, හොදට ඉගෙනගෙන රටට වැඩදායක පුරවැසියන් වන්න (නි)
මේ වැඩේ නම් හරිම හොඳ වැඩක්. මේ අහිංසක දරුවන් මේ වගේ ගමනක් යවන එක. මේ රටේ වෙන දේශපාලකයෝ ගෙනිහින්නේ එයාර් ලංකා එක කෝටි ගණන් පාඩුකර ගන්නේ. එක්කෙනෙක් යනකොට මුළු යානයම පුරවලා මිනිස්සු යනවා. (නි)
මම නම් කියන්නේ මේ සත්කාරයට වැඩිය වටිනවා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලට ඇති අඩුපාඩු හදලා දුන්නා නම් (නි)
ඉතා හොඳ වැඩක්. ස්තුතියි ශ්‍රී ලංකන්! (නි)
හරිම හොඳ වැඩක්. (නි)
අපේ ජනපතිට ගොඩක් පින්! (නි)
කුමන ආගමක්, ජාතියක් වුණත් රටේ අනාගතය බාරගන්න ඉන්න අනාගත ශ්‍රී ලාංකික පුරවැසියනුයි මේ. විශ්වාසය ගොඩනඟන්න, නොහොඳ නෝක්කාඩු වූ ජාතීන් දෙකක් අතර සාමය ගොඩනඟන්න, විශ්වාසය වැඩිකරගන්න හොඳ අවස්ථාවක් මේක. දරුවන්ගේ අධ්‍යාපනික ඉලක්කයන් කෙරෙහි අවබෝධයක් ලබාදී ජාතිය එකතු කරන්නට ගත් මේ ජාතික වෑයමට ශ්‍රී ලංකන් ආයතනයේ සැමට උණුසුම් සුභ පැතුම්! යහපත් දේ අගයකරන රටට අදරැති දරුවන් පිරිසක් හෙට දින බිහිවේවායි පතමි! (නි)
පළමුව බිමින් යන්න දෙපයට ශක්තිය දීලා , පස්සේ උඩින් ගියා නම් තමයි වටින්නේ (නි)
කුඩා දරුවන්ට තම වියදමින් ගුවන් ගමනක් යාමට නොහැකියි. කුඩා දරුවන් වෙනුවෙන් මෙවැනි ගමන් සංවිධානය කිරීම හොඳ වැඩක්. (නි)
මේ පාර අපි 4 දෙනා ශ්‍රී ලංකන් යන්නේ නැහැ කියලා හිටියේ, ඒ වුණාට මේ කළ පින හින්දා මේ පාරත් අපි ශ්‍රී ලංකන් යනවා. ගොඩාක් හොඳ වැඩක්. (නි)
සමන්ති, මෙම සත්කාරයත් අධ්‍යාපනයේ කොටසක් නොවෙයිද? විරාජ්, තම දෙපය බිම තබා ස්වෝත්සාහයෙන් නැගිටින්න මෙය අත්වැලක් වුණොත්? (නි)
වැඩේ නම් අපූරුයි.නියමයි, ප්‍රශංශනීයයි, තෝරා ගන්නකොට දේශපාලන, පුද්ගලික හැඳුනුම්කම් වැනි භේද නැතුව සුදුසුම දරුවා තෝරාගත්තා නම්. (නි)
හොඳ සත්කාරයක්.මෙවැනි අති සාර්ථක වැඩ තව තව තියෙනවා.ටිකක් කල්පනා කරලා බලන්න. (නි)
ගොඩක් හොඳ වැඩක්.ජාති ආගම් නොබලා හැමටම ගරු කළ යුතු බව අප සැමට කියා දෙනවා. විය යුත්තේ රටක් වශයෙන් හැමෝම සමගියෙන් සිටීම පමණි.ජයෙන් ජය ශ්‍රී ලාංකිකයෝ වන අප සැමට මෙන්ම ඔබටත්! (නි)
ඉතාම වටින සද් කාර්යක් , හැමට ගොඩක් පින් . (ස)
කියන්න වදන් නෑ.හිතට දැනුන ප්‍රබෝධය.ශ්‍රී ලන්කන් දිනේවා.(ස)
දරුවන් වෙනුවෙන් කල සත්කාරයට බොහොම පින්. (ස)
හොද වැඩක්............ (ස)
දුක හිතෙන්නේ විජේරත්නලා වගේ අය හැමදේටම දොස් කියන එක ගැනයි (නි)
විශිෂ්ට කාර්යයක් (නි)
මෙවැනි දේවල් කරලා පාඩු ලැබුනත් දුක නැහැ. (නි)
බොහොම හොද වැඩක්. සංවිධානය කළ කෙනාට ගොඩක් පින්. ඒ වගේම කාලෙකට පස්සේ ලස්සන ගුවන් සේවිකාවන් දෙන්නෙක් දැක්කා. මම ඉන්නේ හරිම ආඩම්බරෙන් ඒ ගැන. ඉතින් හැමදාමත් ලස්සන ලිපි ලියන දීපා අධිකාරි අක්කාටත් ගොඩක් ස්තුතියි. (නි)
දරුවන්ගේ මුහුණුවල තියන සතුටම ඇති ලංකික අපට සතුටු වෙන්න එකම රටක් එකම ජාතියක් වගේ හැගෙන්නේ.(නදී)
කියන්න වචන නැහැ.ඉතාමත් හොඳ වැඩක් (නි)
අදහසක් නොදා යන්න හිත දුන්නෙම නැහැ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සුපිරි වැඩක්! ඊටත් වැඩිය මේ දරුවන්ගේ සතුටින් නලියන මුහුණු ටික දකිනකොට අපේ හිතේ සතුටත් ඉහවහ යනවා. (නි)
ඉතා හොඳ වැඩක් (නි)
ගුවන් සේවිකාවගේ මුහුණේ තිබෙන සිරියාව ..... (නි)
අපේ ජනාධිපතිතුමාට ගොඩාක් පින්, ජාතික සහයෝගිතාවය ගොඩනැඟීමට මෙවැනි දෙයක් කිරීම ගැන (නි)
මෙතන සමහර අය ලියූ දේ ඊර්ෂ්‍යාවෙන් ලියූ ඒවා බව පේනවා. ඒ අය සර්ව අසුබවාදී අය වගෙයි. මොනවා වුණත් කවුරු කළත් මේ කරලා තියෙන්නේ මහා උදාර වැඩක්. (නි)
මට සෑහෙන පාඩුවක් වුණා. (ස)
අදහස පහලවූ කෙනාගේ ඉදල දායක වූ සැමට අපිත් මෙන්න සැලියුට් එක දැම්ම (දී).
ප්‍රසාසනීය වැඩක්. ජන වාර්ගික විෂමතාවයට හොඳම විසදුම මෙවැනි වැඩසහටහන් තුලින් ජනතාවගේ හැගීම් දැනීම් අවබෝධ කර ගැනීමයි.(නදී)
ජනාධිපති තුමනි ඔබට පින් (දී)
මේවා දකින කොට නම් ආඩම්බරයක් හා ඉහවහා යන සතුටක් ඇති වෙනවා (දී)
වසර 30ක් තිබුන යුද්දේ නිමා කලාට ජනාධිපති තුමනි ඔබට තුති (දී)
අහිංසක දරුවන්ගේ සතුට දොර ගලනවා (දී)
මේ ක්‍රියාව කල ඔබල නිවන් දකිත්ව. (දී)
ඉතා හොද වැඩක් (දී)
ඉතාමත් වටිනා වැඩක්. මේ ගමනේදී ගත් පින්තුර විස්තර සහිතව පසුව හෝ පලකරන්න. අපටත් රස විඳින්න පුළුවනි. (දී)
ඇත්තෙන්ම පහන් කිව්වා වගේ අදහස් ඉදිරිපත් කළ කෙනාගේ සිට ඒ සඳහා දායක වූ ඔබ සැම දරුවන් වෙනුවෙන් කළ මේ සද්කාර්යයට ස්තුතිවන්ත වෙමි (නි)
ඉතාම හොඳ වැඩක්. නව ලෝකය සමග අපේ දරුවන්ටත් ගමන්කරන්න ලැබීම සතුටක්. අපි ඉන්න රටවල දරුවන් තනියමත් විදේශ සංචාර යනවා. (ස)
ඇහුවට තරහ වෙන්න එපා. හම්බන්තොට වරායේ ෆොටෝ එහෙම නැතිව එති නේද? ඇත්තටම නැව් තියෙනවද කියලා අපිට බලා ගන්න තිබුනා. (දී)
මේ ළමයින්ට විතරක් නොවෙයි අපිටත් උතුර කියන එක සිහිනයක් විදහට තමයි තිබ්බේ (දී)
බලන්න ඒ ළමයින්ගේ මුහුණෙන් ගලන සතුට (දී)
වටිනා වැඩක්.! මංකොල්ල, මිනීමැරුම්, වංචා, හොර සල්ලි, ස්ත්‍රී දුෂණ, අස්සේ අද උදේම උපන් රට ගැන සතුටු දායක පුවතක් අසන්න ලැබුන. මේ සත්කාරයට එක වූ සැමට මගේ ආචාරය. !! (දී)
විජේරත්නට කියන්න අවශ්‍ය දෙය මට මෙහි සඳහන් කළ නොහැක (නි)
කෝ දැන් අර කෑගහපු පක්ෂ වල කට්ටිය? (නි)
ඉතාමත් අගය කළයුතු වැඩක්. ශ්‍රී ලංකන් ගුවන් සේවයට ස්තුතියි! (නි)
මේ වගේ සංචාර, දේශීය අයට මිලක් නියම කරලා ඇති කරන්න ඇති හැකි අයට රට බලාගන්න (නි)
ස්තුතියි ශ්‍රී ලන්කන්! ඔබ කළ මේ මෙහෙවර කියා නිම කළ නොහැක (නි)
ඇත්තෙන්ම ඉතා අගය කළ යුතු වැඩක්.සැමට පින් මේ පුංචි සිත් මෙතරම් සතුටු කළාට.විජේරත්න, ඕකට කියන්නේ පැහැදිලි ඊර්ෂ්‍යාව කියලා. (නි)
මේ ළමුන්ගෙන් කී දෙනෙක අපේ රටේ අනාගත වෛද්‍යවරු,ඉංජිනේරුවරු ,ලේඛකයො, පුවත්පත් කලාවේදියෝ, පර්යේෂකයෝ වෙයිද? ඉතින් මේක රට වෙනුවෙන් කළ විශාල අනාගත ආයෝජනයක්. මෙයට උදව් කළ හැමෝටම මම හිස නමමි. (නි)
දැන් මේකටත් මොනවා හරි කියන්න අය ඇතිනේ.... (නි)
ඉතාමත්ම හොඳ වැඩක්. මේ වගේ දෙවල් වලින් ළමයින් ගන්න අත්දැකීම ඉතා ඉහළයි (නි)
විජේරත්නගේ කුහකකම පේනවා. අනිත් අයගේ අදහස් බලන්න මහත්තයෝ. අනිත් හැමෝම සතුටු වෙලා හොඳ කියනවා, ඔයා නැව් හොයනවා. ලැජ්ජයි නේද? (නි)
ඉතාම වටිනා දෙයක් කරලා තියෙන්නේ. නමුත් කවුදෝ කෙනෙක් මේක දිහා දේශපාලන ඇසකින් බලල හම්බන්තොට වාරයේ පොටෝ වල නැවු නැතිද කියල අහල තිබුන.අපේ මිනිස්සුන්ට පිස්සු. (ස)