පානදුරේ පල්ලිමුල්ල පාරේ විකිණිමට සදහා ප්‍රදර්ශනය කරමින් සිටි අළු ගිරවුන් තිදෙනකු සහ ලබු ගිරවුන් සිවි දෙනෙකු සමග ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් වනජීවී විශේෂ වැටලීම් ඒකකයේ ප්‍රධානි සමන් ලියනගම මහතා කියයි.
අළු ගිරවා දැඩි ආරක්‍ෂිත පක්ෂීන් ලැයිස්තුවේ ඉහළින්ම සිටින පක්ෂියකු බවත් ජාතික වනෝද්‍යානයකදී හෝ දැක බලා ගැනීමට ඉතාමත් අසීරු පක්ෂියකු බවත් ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්තුන්ව නම් රැකගන්න ඕන තමයි. නමුත් මිනිස්සු ජිවත් වෙන්නත් ඕනනේ. විමුක්තිගේ, සුමංගල,ප්‍රමුක ලගේ කතාවන් හරි.(නදී)
රටේ යුද්දේ තියෙන කාලේ මිනිස්සුන්ට මෙහෙම නැති බරි කම් තිබුණේ නෑ (දිල්)
නීතිය කඩන එක දැන් ස්ටයිල් එක්ක වගේ. නීතිය පිහිටුවා දඬුවම් කරන්න ශක්තිය දහිරිය ඇති පාලකයින් පිරිසක් මේ ශත වර්ෂයේදී පහල වේවා කියා පතමි.(නදී)
සත්තුන්ටත් නිදහසේ ජීවත් වීමේ අයිතියක් තියෙනවා.(නදී)
මෙහෙම දෙයක් තියෙනවා. ඔය ඕක විකනන්න හදපු මනුස්සයා දන්නේ නැතුව ඇති ඌ දුර්ලභ ගනයේ එකෙක් කියලා. ලස්සනට අල්ලගෙන ඇවිත් විකුනන්න ඇති. (නදී)
පළමුව මම සමන් ලියනගම මහතා සහ අනික් අයට ස්තුතිය පිරිනමනවා. හොඳ වැඩක්. සත්තු, සිවුපාවන් අපේ රටේ ඉන්න ජීව සම්පත් සතුන් රැක බලා ගැනීම හොඳ මනුස්ස ගුණ ධර්මයක්.(නදී)
මේ ජීවන බරත් එක්ක මොනවා කරන්නද? රටේ වංචාව දූෂනය නැති කලා නම් ජීවන බර අඩුකරන්න පුළුවන් නේද? (නදී)
නියම ගිරව් ඉන්නේ දියවන්නාවේ.(නදී)
දැනුවත් කමකින් තොරව තමන්ගේ ආසාවට හෝ විනෝදාංශයට ඇති කිරීම වරදක් නොවේ. සත්තු නොමරා රැක බලා ගැනීම ද මහඟු සේවයකි. (ස)
අපේ ගෙදරත් අළු ගිරවෙක් හිටියා. අවුරුදු 9 ක් ඉඳල පණු අමාරුවක් හැදිලා මරුන. නොදැනුවත්වම අපි කරලා තියෙන්නෙත් වරදක්. 1987 මම එයාව ගත්තේ රුපියල් 50.00 කට. (අ)
විකුනුවට මොකද වෙන්නේ? හැදෙන්නේ ලංකාවෙනේ. උඩ පල ගත්තත් වට්ටක්කා බිමපල ගත්තත් වට්ටක්කා. (නදී)
ගිරව් පමණක් නොවේ අම්ම තාත්ත හරි විකුණලා එදා වෙලා හොයාගන්න තමයි මිනිස්සු දඟලන්නේ. තව ටික දවසකින් ලංකාවේ තණකොළ පෙත්තෙක්වත් බලා ගන්න නැති වේවි. චීන්නුන්ට විකුණා අවසන් කරාවි. බලපුලුවන් අය අලියෝ විකුණා,අලි පොතුත් උස්සන කාලයක මේක ලොකු දේකුත් නොවේ. අසීමිත ජීවන වියදමත් සමග පොර බදන සමාජය පරිසරය,සතා සිව්පාව ගැන තැකීමක් කරන්නේ නැත. (නදී)
බලාගෙන ගියහම අපි වටින්නේ නැහැනේ සත්තු තරම්. සුදු කැස්බවෙක් කෝටී 4 නම් අළු ගිරවෙක් කීයද? (නදී)
සුමංගල,අපි සතුන් තරම් වටිනවා නම්,දරුවන්ගේ කිරිපිටි වලට බදු ගහලා බල්ලන්ගේ කෑම වලට පමණක් බදු ඉවත් කරන්නේ නැහැ නේද?හැබැයි මිනිසුන්ට නොතෙරෙන්නෙත් මෙයයි.(දී)
දැන් සත්තු ටික ඔක්කොම පිටරටවලට විකුනන්නද හදන්නේ? (දී)
මෙහෙම ගියොත් අඩන යන ඇදුමත් ගලවලා විකුණයි (දී)
හැමතැනම දැන් එක එක ජාතියේ හොරු පිරිලා (දී)
ඒ වගේ සත්තු අපි රැක ගන්න ඕනේ (දී)