පානදුරේ පල්ලිමුල්ල පාරේ විකිණිමට සදහා ප්‍රදර්ශනය කරමින් සිටි අළු ගිරවුන් තිදෙනකු සහ ලබු ගිරවුන් සිවි දෙනෙකු සමග ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් වනජීවී විශේෂ වැටලීම් ඒකකයේ ප්‍රධානි සමන් ලියනගම මහතා කියයි.
අළු ගිරවා දැඩි ආරක්‍ෂිත පක්ෂීන් ලැයිස්තුවේ ඉහළින්ම සිටින පක්ෂියකු බවත් ජාතික වනෝද්‍යානයකදී හෝ දැක බලා ගැනීමට ඉතාමත් අසීරු පක්ෂියකු බවත් ඔහු කියයි.
2025 දෙසැම්බර් මස 18
690
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
331
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුර්ලභ ගිරවෙක් පානදුරේ විකිණිමට තියලා
රොෂාන් ප්‍රනාන්දු Friday, 03 January 2014 08:56 PM
සත්තුන්ව නම් රැකගන්න ඕන තමයි. නමුත් මිනිස්සු ජිවත් වෙන්නත් ඕනනේ. විමුක්තිගේ, සුමංගල,ප්‍රමුක ලගේ කතාවන් හරි.(නදී)
නුවන් Friday, 03 January 2014 09:11 PM
රටේ යුද්දේ තියෙන කාලේ මිනිස්සුන්ට මෙහෙම නැති බරි කම් තිබුණේ නෑ (දිල්)
රංජිත් සිල්වා Friday, 03 January 2014 09:17 PM
නීතිය කඩන එක දැන් ස්ටයිල් එක්ක වගේ. නීතිය පිහිටුවා දඬුවම් කරන්න ශක්තිය දහිරිය ඇති පාලකයින් පිරිසක් මේ ශත වර්ෂයේදී පහල වේවා කියා පතමි.(නදී)
අමිල කටුනායක Friday, 03 January 2014 10:06 PM
සත්තුන්ටත් නිදහසේ ජීවත් වීමේ අයිතියක් තියෙනවා.(නදී)
ලංකා Friday, 03 January 2014 10:54 PM
මෙහෙම දෙයක් තියෙනවා. ඔය ඕක විකනන්න හදපු මනුස්සයා දන්නේ නැතුව ඇති ඌ දුර්ලභ ගනයේ එකෙක් කියලා. ලස්සනට අල්ලගෙන ඇවිත් විකුනන්න ඇති. (නදී)
ගුණවර්ධන Friday, 03 January 2014 11:56 PM
පළමුව මම සමන් ලියනගම මහතා සහ අනික් අයට ස්තුතිය පිරිනමනවා. හොඳ වැඩක්. සත්තු, සිවුපාවන් අපේ රටේ ඉන්න ජීව සම්පත් සතුන් රැක බලා ගැනීම හොඳ මනුස්ස ගුණ ධර්මයක්.(නදී)
සමන් Saturday, 04 January 2014 12:44 AM
මේ ජීවන බරත් එක්ක මොනවා කරන්නද? රටේ වංචාව දූෂනය නැති කලා නම් ජීවන බර අඩුකරන්න පුළුවන් නේද? (නදී)
අමිල කටුනායක Saturday, 04 January 2014 08:32 AM
නියම ගිරව් ඉන්නේ දියවන්නාවේ.(නදී)
නාමල් Monday, 06 January 2014 12:53 PM
දැනුවත් කමකින් තොරව තමන්ගේ ආසාවට හෝ විනෝදාංශයට ඇති කිරීම වරදක් නොවේ. සත්තු නොමරා රැක බලා ගැනීම ද මහඟු සේවයකි. (ස)
අමිල - බලන්ගොඩ Saturday, 04 January 2014 10:25 AM
අපේ ගෙදරත් අළු ගිරවෙක් හිටියා. අවුරුදු 9 ක් ඉඳල පණු අමාරුවක් හැදිලා මරුන. නොදැනුවත්වම අපි කරලා තියෙන්නෙත් වරදක්. 1987 මම එයාව ගත්තේ රුපියල් 50.00 කට. (අ)
නසාර් Sunday, 05 January 2014 10:11 AM
විකුනුවට මොකද වෙන්නේ? හැදෙන්නේ ලංකාවෙනේ. උඩ පල ගත්තත් වට්ටක්කා බිමපල ගත්තත් වට්ටක්කා. (නදී)
විමුක්ති Friday, 03 January 2014 06:26 PM
ගිරව් පමණක් නොවේ අම්ම තාත්ත හරි විකුණලා එදා වෙලා හොයාගන්න තමයි මිනිස්සු දඟලන්නේ. තව ටික දවසකින් ලංකාවේ තණකොළ පෙත්තෙක්වත් බලා ගන්න නැති වේවි. චීන්නුන්ට විකුණා අවසන් කරාවි. බලපුලුවන් අය අලියෝ විකුණා,අලි පොතුත් උස්සන කාලයක මේක ලොකු දේකුත් නොවේ. අසීමිත ජීවන වියදමත් සමග පොර බදන සමාජය පරිසරය,සතා සිව්පාව ගැන තැකීමක් කරන්නේ නැත. (නදී)
සුමංගල-ඇල්පිටිය Friday, 03 January 2014 06:42 PM
බලාගෙන ගියහම අපි වටින්නේ නැහැනේ සත්තු තරම්. සුදු කැස්බවෙක් කෝටී 4 නම් අළු ගිරවෙක් කීයද? (නදී)
ප්‍රමුඛ. Friday, 03 January 2014 07:32 PM
සුමංගල,අපි සතුන් තරම් වටිනවා නම්,දරුවන්ගේ කිරිපිටි වලට බදු ගහලා බල්ලන්ගේ කෑම වලට පමණක් බදු ඉවත් කරන්නේ නැහැ නේද?හැබැයි මිනිසුන්ට නොතෙරෙන්නෙත් මෙයයි.(දී)
ගාමිණි Friday, 03 January 2014 07:36 PM
දැන් සත්තු ටික ඔක්කොම පිටරටවලට විකුනන්නද හදන්නේ? (දී)
නිමල් Friday, 03 January 2014 07:39 PM
මෙහෙම ගියොත් අඩන යන ඇදුමත් ගලවලා විකුණයි (දී)
මලිත් Friday, 03 January 2014 07:39 PM
හැමතැනම දැන් එක එක ජාතියේ හොරු පිරිලා (දී)
ජනක Friday, 03 January 2014 07:40 PM
ඒ වගේ සත්තු අපි රැක ගන්න ඕනේ (දී)