
(ඉන්දිකා රාමනායක)
මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ පදිංචි ගයාත්‍රි දෙව්ශානි සුරියසිංහ (17) දැරිය ඉකුත් 17 දින සිට අතුරුදන්ව ඇති බවත්, ඇය සොයා ගැනීමට පොලිස් මුලස්ථානය මහජන සහය පතයි.
මෙම දැරියගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් අයගේ පියා මීගමුව පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවද පොලිස් මුලස්ථානය පවසයි.
ඉහත ඡායාරූපයේ සිටින මෙම දැරිය සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂවරයාගේ අංක 071-8591630 සහ මීගමුව පොලිස් ස්ථානයේ 031-2222227 යන අංකය වෙත දැනුම් දෙන ලෙසට පොලිස් මුලස්ථානය ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු හරි පැහැරගෙන ගියාවත්ද ?එහෙමත් නැතිනම් රැවටිලි කාරයෙකුට අහු උනා වත්ද ?පුරවසියන් හැටියට අපි අවධානයෙන් සිටිමු .කිසියම් හෝඩුවාවක්වත් ලැබෙයිද කියලා.චායාරූපයත් පලකරලා තියනවානේ