කොටදෙනියාව අකරන්ගහ සේයා සදෙව්මි දැරිය ඝාතනය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි දුනේෂ් ප්‍රියෂාන්ත හෙවත් කොණ්ඩයා නිදහස් කරන ලෙස නියෝග කළ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා කොණ්ඩයාගේ සහෝදරයා සමන් ජයලත් නොවැම්බර 2 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
සේයා ඝාතනය සම්බන්ධයෙන් විද්‍යාත්මක හා පරිවේෂනීය සාක්කි ඔස්සේ විමර්ශන කළ බවත්, ඒ අනුව මෙම නඩුවට කොණ්ඩයා අදාළ බව තහවුරු වී නැති නිසා ඔහු නිදහස් කරන මුදා හරින ලෙසත් රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීය.
ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ සහ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකකට වරෙන්තු වී සිටින බැවින් ඔහු එම අධිකරණ වෙත ඔහු ඉදිරිපත් කරන්නැයි බන්ධනාගාරයට නියෝග කරන ලෙස ගම්පහ පොලිසිය සහ වේයන්ගොඩ පොලිසිය ඉල්ලීමක් කළේය.
ඒ අනුව සේයා ඝාතන නඩුවෙන් දුනේෂ් ප්‍රියෂාන්ත මුදා හරින බව කී මහේස්ත්‍රාත් එම නඩු දෙක සඳහා ඔහු ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාරයට නියෝග කරමින් එතෙක් රිමාන්ඩ් කළේය.
මීට පෙර පාසල් සිසුවකු හා කැළුම් නිශාන්ත නම් එක්දරු පියකු ද කොටදෙනියාව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන දින 12ක් රිමාන්ඩ් බාරයේ සිට නිදහස් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා තමයි යහපාලනයේ ජයග්‍රහණ. (ර)
කොණ්ඩයා පමණක් නොව මෙවන් අසාධාරණ වලට ලක්වූ අය කොතෙක් අද මෙම සමාජයේ සිටීද? (නි)
මොහුට හොද රැකියා පුහුණුවක් ලබා දෙන්න. ඒ වගේම දැනට නිවාසයක් නොමැති නිසා නිවාස ව්‍යාපෘති මගින් ඉදිවෙන නිවාසයක් ලබාදෙන්න. මෙවැනි තරුණයන් පුනුරුත්තාපනය කර උසස් සමාජීය තලයකට යොමු කිරීම රජයේ වගකීමක්. (ත)
කළ වැරැද්ද පාපොච්චාරණය කර නිදහස් වුණ කෙනෙක් විදිහට ඉතිහාසගත වෙනවා. (නි)
නෙලුම්, ඒවා කරන්න සල්ලි වියදම් කරපුවහම පිටරට සවාරි යන්න වගකිවයුත්තන්ට සල්ලි නැති වෙනවනේ. (ත)
අපේ රටේ එක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට ලක්ෂ 200 ක විතර පර්මිට් එකක් ලැබෙනවා. ඉතින් 225 ක් ඉන්න නිසා මේක ලොකු වියදමක්. මම ඉල්ලීමක් කරනවා අපේ මන්ත්‍රීතුමන්ලාගෙන් සහ තුමියලාගෙන් මේ පාර ඒ පර්මිට් එක ගන්නේ නැතුව මේ වගේ රස්තියාදු වෙන තරුණයන් පුනුරුත්තාපනය කරන්න එම මුදල් යොදවන්න කියල. එතකොට මේ වගේ අපරාද තවත් වෙන එකක් නැහැ. (ම)
නිසි පුහුණුවක් සමග රැකියාවක් දී සමාජ ගත කරමු.(ම)
කොණ්ඩයට මොලේ පාවිච්චි කළොත් ආයේ මුකුත් අවශ්‍ය වෙන්නේ නැහැ....හැමදාමත් මාධ්‍ය ඉදිරියේ පට්ට පල් කෙබර කෙල කෙල වැදගතුන්ට මඩ ගගහ පොරක් වෙන්න හදන අපේ රන්ජන් නොහොත් පාර්ලිමේන්තු ජෝකර් මේ තරුණය එම සිදු වීම කරන අයුරු ඇහින් දුටුවාක් මෙන් පවසමින් කල අපහාසයට කවුරුන් හෝ නිතිය දන්නා කෙනෙක් මගින් යවන්න එන්තරවාසියක් මිලියන 500ක් වන්දි ඉල්ලලා..සාක්ෂි තියෙනවනේ ඕනෑවටත් වඩා..(බ)
ඇති යන්තම් කොණ්ඩයා නිදහස් වුණා! (නි)
දැන් කොණ්ඩයාට සමාජය ගැන වෛරයක් ඇතිවී තිබුණත් පුදුම වෙන්න දෙයක් නැහැ (නි)