මෙරට ඉතිහාසයේ ඉතා බරපතල මර්දනකාරී පනතක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අක්‍රිය කිරීමට රජය වහාම පියවර ගත යුතු බව කැෆේ සංවිධානය පවසයි. එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ මෙම පනත පුද්ගල නිදහසට ඉතා තීරණාත්මක ලෙස බලපාන කාරණයක් බවයි.
රාජගිරියේ පැවති සිවිල් ක්‍රියාකාරිකයින් සඳහා වන හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය. පසුගිය කාලය පුරා ජනමාධ්‍යවේදීන් සහ සිවිල් ක්‍රියාකාරිකයින් රැසක් මර්දනය සඳහා මෙම පනත යොදා ගැනුණු බව තෙන්නකෝන් මහතා සඳහන් කළේය. විශේෂයෙන් කාල සීමාවක් රහිතව පුද්ගලයින් රඳවා ගැනීමට මෙම පනත යොදා ගැනෙන බව ඔහු පෙන්වා දෙයි.මෙරට ත්‍රස්තවාදය පරාජය කොට වසර 6කට වඩා වැඩි කාලයක් ගතවී ඇතත් තවමත් මෙම පනත ක්‍රියාත්මක් වීම මෙරට සිවිල් පරිපාලනය ස්ථාපිත කිරිම සඳහා බාධාවක් බව ඒ මහතාගේ අදහසයි.මෙම පනත අහෝසි කිරීමට හෝ බල රහිත කිරීමට වත්මන් රජය වහාම කටයුතු කළයුතු බව කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර හයක් ගියාට තම අවි අයුධ රටේ තියෙනවා නේ.(ම)
ත්‍රස්තවාදය පරාජය කොට වසර 6කට වඩා වැඩි කාලයක් ගතවී ඇතත් ඔබට අමතකද වසර 30ක් යුද්ධයක් තිබු බව(නදී)
බළල්ලු මල්ලෙන් එලියට ටික ටික පනිනවා. (නදී)
නන්දනලා වගේ මිනිස්සු කැමති පොලිස් රාජ්‍යවල ජීවත්වෙන්නද කොහෙද. රටක හැමදාම යුද්ධය කාලයේ දාපු නීති වලින් ගෙනියන්න බෑ. අපිට පව්නොදී උතුරු කොරියාව, කියුබාව වගේ ඒකාධිපති රටකට යන්ඩකෝ (නදී)
ඔන්න කොල්ලනේ කෙල්ලනේ ඉතිහාසයේ එකවරක් වුනු දෙයක් නැවතත් සිදුවෙන්න දඟලනවා වගේ. (නදී)
4 න් තුනට තවත් එකක් මගෙන්. පහෙන් හතරයි.(නදී)
ඔය පනත අයින් කරන්න කලින් එය අයින් කරන්න කියා යෝජනා ගේන අය ගැනත් හොදට හොයන්න වෙයි. මේ අය මේ එන්නෙ ඇත්තටම රටට අදරේටද දන්නේ නෑහැනේ නේද ? (නදී)
ගෙදර පිහියක් තිබ්බට වැරද්දක් නෑ නේද. පරෙස්සමට පාවිච්චි කරමු. එම න්‍යායම මෙයටත් අදාල වේ (ම)
ඔයිට වඩා ලේසි නැද්ද මහත්තයෝ එල් ටි ටි ඊ තහනම ඉවත් කරන්න කිව්වා නම් (අ)
නිරුපා . සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා කියල කියමනක් තියෙන්නේ ඔයාලා වගේ අය හන්දයි. (අ)
අවුලක් නෑ...ඕව මොකටද දැන් මෙහෙට...ඔක්කොම අයින් කරමු (අ)
මේ යෝජනාවා ගෙනා අය පිළිබදව සොයා බැලිය යුතුයි පළමුව මෙය හොද අදහසක් නෙමෙයි අනික තවම රටේ යුද බෝම්බ හම්බවෙනවා තැනින් තැන (අ)
ඒක ඇත්ත... පසුගිය ආණ්ඩුව මර්ධනයට යොදා ගත්තෙම මේ නීතිය (ම)