(ආරියරත්න රණබාහු )
නව වසරේ ප්‍රථම පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහොය අදයි මෙම පොහොයේ විශේෂ වැදගත් සිදුවීම් අතර න් බුදුරදුන්ගේ ප්‍රථම ලංකා ගමන ලංකාවේ ප්‍රථම දාගැබ ඉදිකිරීම සහ සුමන දෙවියන් මාර්ගඵල ලැබීම ආදිය වේ.
බුදුරජාණන් වහන්සේ තෙවරක් ශ්‍රී ලංකාද්වීපයට වැඩමවූ බව ඓතිහාසික ග්‍රන්ථයන්හි සඳහන් වේ ඉන් ප්‍රථම ලංකා ගමන මහියංගනයට වැඩම වූ බව පැවසේ ඒ සිද වී ඇත්තේ අද වැනි දුරුතු පුර පසළොස්වක පොහොය දිනකය.
බුදුරජාණන් වහන්සේ ලක්දිව මහවැලි ගඟ අසබඩ මහියංගනයේ පිහිටි මහානාගවන නම් රමණීය උයන වෙත වැඩම කළ බව වංශ කතාවේ සඳහන් වේ මහියංගන ප්‍රදේශයේ විසූ හැඩි දැඩි ගති වලින් යුත් යක්ෂ ගෝත්‍රිකයින් මුලදී උන්වහන්සේගේ වැඩමවීම පිළිබඳව විරුද්ධත්වය දැක්වූ නමුත් දහම් දෙසීමෙන් ඔවුන්ගේ සිත් දමනයකොට උපශාන්ත ස්වභාවයට පත් කිරීමට බුදුරදුන්ට හැකි වී ඇත.
එදින දහම් ඇසූ සමන් ගිරටඅධිපති සුමන දෙවියෝද සෝවාන් භවයට පත්ව බුදුරදුන් පිළිබඳ පැහැදී වැඳුම් පිදුම් කිරීම සඳහා යමක් දෙන මෙන් උන්වහන්සේගෙන් අයැද තිබේ. එහිදී බුදුරජාණන් වහන්සේ සිය සිරස පිළිබඳ ලබාදුන් කේශධාතුව රන් කරඬුවකින් පිළිගත් සුමන සමන් දෙවියෝ බුදුරදුන් වැඩසිටි ස්ථානයේ ඒ තැන්පත් කොට නිල්වන්ගලින් සත්රියනක් උසැති දාගැබ මහත් සැදැහැ බැතියෙන් ඉදිකර ඇත.
ශ්‍රී ලංකාවේ ඉදිකළ ප්‍රථම දාගැබ මේ මහියංගන දාගැබය.එය දෙව්යකූ විසින් ඉදිකර තිබීම විශේෂත්වයකි. ඉන් අනතුරුව පසු කලක සැරියුත් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය සරභු රහත් තෙරණුවෝ බුදුරජාණන් වහන්සේගේ ග්‍රවා ධාතුව ක් රැගෙන විත් මෙම දාගමෙහි තැන්පත් කොට දොළොස් රියන් උසට බඳවා ඇත.
පසුකාලයේදී දෙවන පෑතිස් රජුගේ සොහොයුරු උද්දචුලාභය රජතුමා මෙම සෑය තිස්රියනිඋසට බැන්ඳ වූබවත් පසුව බලයට පත්වූ දුටුගැමුණු මහරජතුමා විසින් එම දාගැබ අසුරියන් උසට නංවා මහත් පුද සත්කාර කළ බවත් ඉතිහාසයේ සඳහන්වේ.
(ඉතිහාසගත කරුණු සපයා දුන් කොළඹ නට කෝරලේ ප්‍රධාන සංඝනායක ගල්කිස්ස බෞද්ධායතනාධිපති ත්‍රිපිටකාචාර්ය දිවියාගහ යසස්සී නාහිමිපාණන් වහන්සේට ගෞරව පුර්වක ස්තුතිය පිරිනමමු)
අන්තර් නිවර්තන අභිසාරි කලාපය තවතදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨ
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේම සහ සිව්වන වසරේ සිසු පිරිසකගේ පහරදීමකින් රෝගාතුර ප්‍රතිකාර සඳහා වැලිගම ප
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දුරුතු පොහොය අදයි