විදේශ රටක සංචාරයක් සඳහා අපේ ජනප්‍රිය කලා ශිල්පීන් පිරිසක් ගියාලු. හෝටල්වල දරාගත නොහැකි මිල ගණන් නිසා, මේ අයට නවාතැන් ගැනීම සඳහා හොඳ සුපිරි ගෙයක් කුලියට ගත්තලු සංවිධායකවරැ.
සෑම ශිල්පී ශිල්පිනියකටම තනි කාමර ලැබුණ නිසාත්, තරැ පහේ හෝටල්වලට සමාන සෑම පහසුකමක්ම ඒවායෙ තිබුණ නිසාත් කවුරැත් ඒ වැඩපිළිවෙළට කැමති වුණාලු.
එක්තරා කලා ශිල්පියෙක් ඔහුගෙ කාමරය ඇතුළතින් අගුලු දානවත් සමඟම අල්ලපු කාමරේ ශිල්පිනිය අහනවලු ‘අයියේ මගේ දොරට තට්ටු කළාද කියලා.’ මේක කීප සැරයක්ම සිද්ධ වුණ නිසා දිවා ආහාරයට කට්ටිය එකතු වුණාම ඔහු ඇගෙන් ඒ ගැන විමසුවාලු.
‘අයියගෙ දොර වහන සද්දෙත් එක්කම අයියා මගේ දොරට තට්ටු කරන සද්දයක් මට ඇහෙනවනෙ. අයියා නෙවෙයිද?’ මොහුට ඇතිවුණු ලජ්ජාව නිසා මූණ රතු වුණාලු.
ඔහු එවෙලේම කාමරේට ගොස් දොර එළියෙන් වැහුවලු. ඇත්ත නේන්නම්, ඒ දොර වහද්දිම අර නංගිගෙ දොරට තට්ටු කරනවා වගේ සද්දයක් ඇහෙනවා. ඔහු වහාම ඒ ශිල්පිනිය ගෙන්වා සිද්ධ වුණු දේ පැහැදිලිව පෙන්නුවලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd