අධිකරණයේ දී දුරකථනයක් නාද වීම හිතාමතා නොවන දෙයක් නිසා එය අධිකරණයට අපහාස කිරීමක් සේ සැළකිය නොහැකි බව අලුත්කඩේ මහාධිකරණ නීතිඥයන්ගේ සංගමය කියයි. ඔවුන් එසේ කියනුයේ හිටපු සොලිසිටර් ජනරාල් හා ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ ජංගම දුරකථනය ගාලු මහාධිකරණයේ දී නාද වී යැයි ඔහුට නඩුවක් ගොනු කර ඇති සිද්ධිය ගැන සඳහන් කරමිනි.
එම නීතිඥ සංගමයේ ලේකම් මොහාන් සෙල්ලප්පෙරුම පැවසුවේ අධිකරණයක දී කිසිවකුගේ දුරකථනය නාදවීම ඕනෑකමින් කරන ක්‍රියාවක් නොවන නිසා ඒ කිසිවකුටත් එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නඩු පැවරිය නොහැකි බවයි.
මෙම සිද්ධිය විශේෂ කරුණක් සේ සළකන බවත් ඒ වෙනුවෙන් සියළු ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු කියයි. වෙනත් ආයතනවලින් සුදුසු විසඳුමක් නොලැබුණහොත් අලුත්කඩේ මහාධිකරණ නීතිඥවරු සියළු දෙනාම අර්සකුලරත්න මහතාගේ නඩුවට පෙනී සිටින බවත් ඔහු කියයි.
කොළඹ මහේස්ත්‍රාත් උසාවි නීතිඥ සංගමය ද එවැනිම ප්‍රකාශයක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම නඩුවෙන් අර්සකුලරත්න මහතා දිනුවොත් මීට ප්‍රථම මෙවැනි නඩුවලින් වැරදිකරුවන් වූ අයගෙන් ගත් දඩ මුදල් ආපසු ගෙවා දමන්න. සාමාන්‍ය මිනිසුන් මෙවැනි නඩුවක පැටලුනාම නීතිඥයන්ට ඔය තර්ක ආවේ නැත්තේ ඇයි? (නි)
මෙය තනිකරම නොසැළකිල්ල. වසර ගණනක් අධිකරණයේ සේවය කරන කෙනා දැනගන්න ඕනෑ මෙය ක්‍රියාවිරහිත කරලා හරි 'සයිලන්ට් මොඩ්' දමාගෙන හරි ඉන්න. අපි නම් අහලා තියෙන්නේ අධිකරණය අසළින් යන වාහනයක නලාවක් ශබ්ද කරනනත් බැහැ කියලයි. ඈනුම තනිකරම ස්වභාවික දෙයක්. ඒක කළ සාමාන්‍ය මනුස්සයා මාස 8 ක් හිරේ. මේකද රටේ නීතිය? වැටත් නියරත් ගොයම් කා නම්...... (නි)
මේ රටේ ඉන්න හැමදෙනාම මෝඩයෝ කියලා වෙන්න ඇති කළුකබා අය හිතාගෙන ඉන්නේ. (නි)
රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ මෙහෙම නම් මේ රට කවදාවත් දියුණු රටක් කරන්න බැහැ. නීතිය ඉදිරියෙදි පොඩි මිනිහට එක විදියකටයි ලොකු මිනිහට එක විදියකටයි සළකන්නේ ඇයි? මේවා හදන්න ලක්ෂ ගණන් සල්ලි යන්නේ නැහැ. තියෙන නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. ඔය දාපු කොමිසම් වලින් මෙය සාධාරණව විසඳන්න. (නි)
මේකද රටේ නීතිය? වැටත් නියරත් ගොයම් කා නම්....අපිත් වැටත් නියරත් කමු (නි)
නීතිය කියන්නේ සාධාරණය. ඒ නිසා අපි මහා ලොකු නීති තර්ක දන්නෙ නැති වුණාට සාධාරණය මොකක්ද කියලා තේරෙනවා. ඈනුම ඇරියට මාස 8 යි. අධිකරණයේම සේවය කරන නීතිය ගැන දන්න නීතිඥයෙක්ගේ හලෝව නාද වුණාම ඒක එරදක් නෙමෙයිලු. මේ දෙකේ වෙනස දෙකේ පන්තියෙ දරුවෙකුට වුණත් තේරෙනවා. (නි)
අර ඉස්සර හිටපු කැකිල්ලේ රජතුමාගේ කතාවක් මට මතක්වුණා (නි)
ලැජ්ජානැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියලා ඔප්පු කරන්නයි යන්නේ . අර සාමාන්‍ය මනුස්සයා වරද පිළිගෙන මාස 8 ට ගියා. මහා ලොකු දැනඋගත්තු වරද පිළිගන්න තරම්වත් නිහතමානි නැහැ. (නි)
නීතිය දන්න ඇත්තෝ කරන්න ඕනෑ තමන්ගෙ වරිගය බේරාගන්න ක්‍රියාකරන එක නෙමෙයි. රටේ නීතිය හරියට කාටත් සාධාරණව ක්‍රියාත්මක නරන්න කැපවෙන එකයි. (නි)
කිසිම නීතිඥයෙක් මිනිසුන්ගෙන් අයකරන මුදලට රිසිට් පතක් දෙනවද? (නි)
ඕක වෙන කවුරුහරි සාමාන්‍ය මිහිහෙකුට සිද්ධවුණ නම් වැරැද්දක්. නීතිඥ මහත්තයකු අතින් සිද්ධ වුණොත් වැරදි නැහැ. මේ පෙරකදෝරුවෝ දැන් ගොඩ පෙරකදෝරුවෝ වෙන්න හදනවා. මේකද නීතිය? (නි)
නඩුවලදි පෙැත්තට බෙදිලා කෙස් පැළෙන තර්ක ඉදිරිපත් කරන මේ අය පේනවා නේද තමන්ගෙ වැඩේදි එකට එක්වන හැටි? උසාවියෙදි දුරකථන නාදවෙලා ටොකු ඇනගත් අය ගැනත් මම අහලා තියෙනවා. මීට නම්බුයි වැරැද්ද පිළිගත්තා නම්. (නි)
එතකොට ඕක සාමාන්‍ය කෙනෙකුට වුණා නම් වරදක්ද? (නි)
දැන් ඔය වැරැද්දටම සාමාන්‍ය මිනිස්සු මොනතරම් දඩ ගෙවලා අවවාද අහලා තිබෙනවද? (නි)
කිවිසුමක්,කැස්සක් උසාවියට අපහාසයක්ද? සාමාන්‍ය පුරවැසියෙකුට වුණා නම් දඬුවම ස්ථිරයි (නි)
මේ ළඟදි කෙනෙකුට ඈනුමක් ගියා කියලා බන්ධනාගාර ගත කළ අධිකරණය, මෙය වරදක් ලෙසට නොසළකන්නේද? (නි)
මේ ළඟදි දවසක අධිකරණය තුළ හලෝවක් නාදවෙලා මනුස්සයෙක් කූඩුවට ඇරියේත් මේ කලුකබා ඇත්තෝම නේද? (නි)
පුදුම රටක්, පුදුම වෙනසක්, යහ පාලනයක්, නීතිඥ යන්ට උසාවියේදී එක නීතියක් සාමාන්‍ය ජනතාවට එක නීතියක්. පැරැන්නෝ ඕකට තමයි කිවුවේ දේවාලේ කපුවා කැත කරාට ගද නැහැ කියලා. (හේ)
උසාවියකදී " කිඹුහුම් " අැරිම ගැන කලකට ඉහත හිටපු වෙද මහත්තයෙක්ව උසාවියෙන් එලියට දැම්මා මට හොඳට මතකයි..හැබැයි එයා දුම්කුඩු උරලා කිඹුහුම් ඇරියේ..(බ)
හොඳ වැඩේ නීතිඥයෙකුටම වුණ එක. (නි)
මේ රටට මොනවා වෙලාද දන්නේ නැහැ (නි)
මොනවා කරන්නද? ලංකාව නීති දුප්පත් මනුස්සයාට පමණයි. ගණන් ගන්න එපා.... (නි)
පෝසතාට රසකෑමත් දුප්පතාට ගුටි කැමත් ලෙස බෙදී ඇත. එනිසා දුප්පතටත් රස කැමක් වන පරිදි නිතිය ක්‍රියාකර ඇතිබව කරුණාකර රටට පෙන්වන්න. (ර)
මේ රටේ ලොකු මිනිස්සුන්ට එක නීතියක් පොඩි මිනිස්සුන්ට තව නීතියක්ද..?(ම)
නඩුත් අපේ බඩුත් අපේ ..??? (නි)
අනේ අපි නම් දන්නෙ නැහැ ඕවා.... (නි)
ඇතුළුවන සියලුම දෙනාගේ ටෙලිෆෝන් නිලදාරී කවූන්ටරයට නොගැනීම මෙහි ඇති අඩුපාඩුවයි. එසේ ගන්නවා නම් තව අයෙකුට රැකියාවක්ද ඇතිවේ. (ර)
ඒක පුදුමාකාර කතාවක්නේ? (නි)
ඇයි වැරැද්දක් නොවෙන්නේ? රටේ උත්තරීතර තැනකට යනකොට දුරකතනය විසන්ධි කිරීම ඒ අයගේ වගකීමක්. අනිවාර්යයෙන් දුරකථනය පාවිච්චි කරන්නා දන්නව කොයි මොහොතේ හෝ ඇමතුමක් එන බව (නි)
දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනි. පුදුම විය යුතුම නැහැ. (ර)
මම දන්නා තරමට උසාවියකට ඇතුළුවීමට පෙර සියලුම දුරකථන ක්‍රියාවිරහිත කළයුතුය. මන්ද එක දිනක නීතිඥ මහතෙකු මුණගැසීම සදහා උසාවියකට ගිය වෙලාවක උසාවි ගොඩනැගිල්ලෙන් පිටදී මගේ දුරකථනය නාදවීම ඇසී එහි සිටි පොලිස් නිලධාරියෙක් මට කියාසිටියේ උසාවියකට ඇතුළුවීමට පෙර සියලුම දුරකථන ක්‍රියාවිරහිත කරන ලෙසත් මෙය ඇතුළට ඇසුනි නම් දඩුවම් ලැබෙන බවත්ය. මගේ හිතේ සාමාන්‍ය අහිංසක ජනතාවට මේ නීතිය බලපාන විදිහට නීතිය හදලා ඇති (නි)
වැරැද්ද නිවැරදි කරන්නත්, නිවැරැද්ද වැරැද්ද කරන්නත් දැනගත්තාට නීතියට එහෙම කරන එක නීතිගරුක, නීතිය දන්නා අය කරන එක හරිද කියලා ඔය මහත්වරුන්ට නාෙතේරෙන්නේ අැයිද මන්දා (නි)
මට දේවාලෙ කපුවගෙ කථාව සිහියට එනවා. (බ)
මානව හිමිකම් කවුන්සිලය මේක දැනගත්තොත් අපේ රටේ දේශප්‍රේමියෝ මේක නොදන්න එකයි පුදුමේ (බ)
ඔය විදියට අපේ ෆෝන් එකක් උසාවියේදී නාද වුනොත් අපිට මොකද වෙන්නේ.(හේ)
යහපාලනය යනු ජනාධිපති නීතීඥවරැන්ට එක නීතියක් විනිසුරුවරුන්ට එක නීතියක්. මීගමුව සහ ගාල්ල විනිසුරුවරු නීතීඥ මාෆියාවේ අඩුවට හසු වෙයි. ඉස්සරහට ඉතින් නීතීඥ සංගම්වල ආවතේව නොකරන විනිසුරුවරුන්ට ගෙදර යන්න තමයි වෙන්නේ. කොහොමද යහපාලන අධිකරණ ස්වාධිනත්වය. (බ)
රටේ නිතිය සැමට එක විය යුතුය. එය මුහුණ බලා වෙනස් නොවෙන එකක් විය යුතුය. අධිකරණයකට යාමේදී සාමාන්‍ය මිනිසුන් වන අප අපගේ දුරකථන පවා නිහඬ කරගෙන යනවානම්, අධිකරණ ක්ෂේත්‍රයේම පළපුරුදු ඇති අත්දැකීම් ඇති අයෙක් මෙසේ හැසිරීම විනයානුකුලද? ඒ වෙනුවෙන් අන් අය පෙනී සිටීමේ සදාචාරයක් තිබේද? (බ)
ඕනේ කමින් කළේ නෑ කියන්නේ කොහොමද ? තමුන් දැනගන්න ඕනේ උසාවියට එනකොට ඕෆ් කර ගෙන එන්න .(හේ)
ඇසළ,ඔයාගේ කීම නම් නියමයි! (නි)
දුරකථනය නාදවීම උවමනාවෙන් කරන දෙයක් නොවුණත්, දුරකථනය උවමනාවෙන් ක්‍රියාවිරහිත කරන්න පුළුවන්නෙ. නීතිය කාටත් එක විදියට ක්‍රියාත්මක වියයුතුයි. (නි)
හැමදෙයක්ම තමාගේ වාසියට විතරයි. (නි)
දැන් තමයි අපිත් දැන ගත්තේ ඔය කලුකෝට් කාරයෝ ඉන්නේ නීතියටත් ඉහලින් කියලා. අර ලයිට් කම්බිවල කරන්ට් එක වැදිලා එල්ලිලා ඉන්න කාක්කා වටේ එකතු වෙලා කපුටු නාදේ කරන කපුටෝ ටික මතක් වුනා. හරියට අපි කළ දෙයක් වගේනේ කට්ටිය බෙරිහන් දෙන්නේ? (බ)
දැන් වෙන එකක් වුණත්... එ්කත් හිතාමත කරන එකක් නෙවෙයිනේ... එතකොට නඩුත් නැතුව නඩුකාරයම ඒ වැඩේ කරපු කෙනා හිරේ දාන්නේ කෝමද? (බ)
ඔය නීතිඥකම දෙන්න ළමයෙකුට (බ)
රටේ නිතිය දෙවිදියකට ක්‍රියාකරන්න බැහැ. (ර)
මොකක්ද දැන් පොඩි මිනිහට වෙන සාධාරණය? (නි)
තමන් කළ වැරැද්ද පිළිගන්න බැරි ඇයි? (නි)
අනුමා සෙල්‘ ෆෝන් රින්ග් වී දඩුවම් ලැබූ අය වහ එලියට ඇවිත් උද්ගෝෂණය කරනු(රේ)
එතකොට මොවුන් කියන්නේ හිතා මතා ඈනුම් යවන්න පුළුවන් කියලද? මුන්ට අධිකරණ වෛද්‍යවරුන්ගෙන් ඈනුම් ගැන පොඩ්ඩක් අහගන්න කියන්න ඕනේ.(රේ)
මේක මහ පුදුම රටක්.හයිබ්‍රිඩි නෙවෙයි. වෙන රටකින් සම්පූර්ණ අධිකරණයම ආනයනය කරන්න තියෙන්නේ. මිනිහෙකුට ඈනුමක් යන එක හිතල මතල කරන දෙයක් ද. කට ලොක් කරගෙන එන්න ද. පොන් එක ඔෆ් කරගෙන එන්න පුලුවන් නැත්නම් එලියෙ තියල එන්න පුලුවන්. ලොකු එවුන්ට එක නීතියක් පොඩි එවුන්ට තව නීතියක්. අනෙක ෆෝන් රින්ග් වෙලා කීදෙනෙකුට දඩුවම් කරල ඇත් ද එතකොට ඔය නීතිඥයෝ කොහෙද හිටියේ(රේ)
නීතිය සැමට එක සමානයි කියන අයම ඇයි දැන් මෙහෙම කියන්නේ? (නි)
මිනිහෙකුට ඈනුමක් යෑම සාමාන්‍ය දෙයක් වුවත් ඒ මනුස්සයා මහා හයියෙන් ශබ්ද නඟා ඈනුමක් ඇරීම නිසයි අපහාසයක් ලෙස සළකා දඩුවම් ලැබුනේ. අධිකරණය තුළ සංයමයකින් හැසීරීම වැදගත්. (නි)
අනේ මෙහෙමත් නීති? (නි)
ඕනෑම ලොක්කෙක් හිරේට නියම වුණාම එකා නවතින්නේ බන්ධනාගාර රෝහලේ. ඒ කියන්නේ මේ රටේ ලොක්කෝ ඔක්කොම ලෙඩ්ඩු කියල උසාවිය දන්නා නිසාද? කිසිම නීතිඥයෙක් ආදායම් බදු ගෙවනවද? මිනිසුන්ගෙන් අයකරන මුදලට රිසිට් පතක් දෙනවද? නඩුව ඇහුවත් නැතත්, කල් දැම්මත් මුළු ගාස්තුව ගන්න එක හරිද? නඩුවකට ගොස් තමනට සාධාරණය ඉටුවන්නට ජීවිත කාලයම බලා සිටියත් නඩු අවසන් නොවන නිසා තමන්ම නීතිය අතටගෙන මියගිය, හිරේගිය අය කොපමණද? මේ රටේ "කළු කෝට් මාෆියාව" නිසා අපරාධ වැඩිවෙනවා නොවේද? (නි)
එතකොට නීතිවේදී සංගමයේ මතය තමයි ලංකාවේ නීතිය...! රෝම ලන්දේසි නීතිය නොවේ. එහෙමද..? (නි)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ! (නි)
මේක තමයි ලංකාවේ නීතිය (නි)
ඈනුමක් ගිහින් අහිංසක මිනිහෙක් මාස 8ක් හිරේ යවපු රටක් මේක (බ)
ඈනුම් යාම ස්වාභාවිකයි. (නි)