දවල් කාලයේ ඔත්තු බලා රාත්‍රියේ මහරගම හා කොට්ටාවේ ජංගම දුරකථන අළෙවිහල්වලට වහලෙන් බැස ජංගම දුරකථන 72ක් හා උපාංග සොරකම් කළැයි කියන සිසුහු තුන්දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. මෙම දුරකථනවල වටිනාකම රුපියල් ලක්ෂ හතරකට ආසන්න බව පොලීසි පවසයි.
දවල් කාලයේ ඔත්තු බලා රාත්‍රියේ මහරගම හා කොට්ටාවේ ජංගම දුරකථන අළෙවිහල්වලට වහලෙන් බැස ජංගම දුරකථන 72ක් හා උපාංග සොරකම් කළැයි කියන සිසුහු තුන්දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. මෙම දුරකථනවල වටිනාකම රුපියල් ලක්ෂ හතරකට ආසන්න බව පොලීසි පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොට්ටාව ,මහරගම ,පන්නිපිටිය ,පිළියන්දල ඉන්න අයට පත්තරේට වැටෙනකම් අනේ ....රෑට නින්ද යන්නේ නැහැ වගේ.(නදී)
මේ දේවල් වලට මම නම් දොස් කියන්නේ මේ සිසුන් ගේ දෙමව්පියන්ට. දැන් ඉන්න ළමයින්ට වරදට දඬුවම් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට තරවටු කල ගුරුවරුන් ට දොස් කියනවා. මේ වගේ මහා පරිමාන සොරකම් කරන්න කලින් මේ අය අනිවාර්යයෙන් පොඩි පොඩි සොරකම් කරන්න ඇති. ඒවාට දඬුවම් ලැබුන නම් මෙහෙම වෙන්නේ නැහැ. බුද්ධාගමේ උදවියට තිලාමුට්ඨි ජාතකය මතක් කරගන්න හොඳම කාලයයි මේක.(නදී)
මේවාට වගකිව යුත්තේ දෙමව්පියන්. හැම දේටම පාසැල හෝ ෆේස් බුක් අල්ලාගෙන අපිට මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් ද ? ළමයින් සිය දිවි නසා ගැනීම වගේම අපරාධ වලට යොමු වෙන්නෙත් දෙමව්පියන් ගේ නොසැලකිල්ලෙන්. (නදී)
මේ වගේ දේවල් ඉස්සරහට තව වැඩි වෙනවා . නිය පොත්තෙන් කපන්න පුළුවන් දෙයක් කියල දැන් මේ දේවල් වලට ඉස්සරහට ගුරුවරයෙක් හෝ අවවාද දෙන්න යන්නේ නැහැ. ඒ මොකද ළමය ව යහ මගට ගන්න සිතා ගෙන හරි තරවටු කලොත් ගුරුවරුන් ට නවතින්න වෙන්නේ පොලිසියේ. (නදී)
පාසල් යාමයි හොරකමේ යාමයි දෙකම කරගෙන යන්න ඇති. ගැලවීමක් නැහැ ඒ පළාතේ ඇතිවුණු ඔක්කොම හොරකම් ටික ඒ පිටින්ම යවයි.(නදී)
දැන් මේ වැඩේට වැරදි කාරය කවුද? මේ ළමයින් ගේ පාසලේ විදුහල්පති ද එහෙම නැති නම් දැන් හැම ප්‍රශ්නෙකට ම අන්තිමේ වැරදි කාරය වෙන ෆේස් බුක් එක ද? (නදී)
මේ ළමයින් එක පාරට මේ විදියේ මහා පරිමාන හොරකම් කළා වෙන්න බැහැ . මීට කලින් කල පොඩි හොරකම් වල ට අතටම අහු වුනත් කිසිම දඬුවමක් දෙන්න කවුරුවත් ඉන්නේ නැතිව ඇති. දැන් ඉතින් කොහොමටත් වැඩිහිටියෙකු ට පාසල් ළමයින් ට අවවාදයක් වත් දෙන්න බැරි තත්වයක් නේ රටේ තියෙන්නේ.(නදී)