විවාහ වී වසර 46ක් පුරා දරු සෙනෙහස අහිමි වී සිටි ඉන්දියාවේ දල් ජින්දර් කොර් (72) නමැති වයස්ගත කාන්තාවට පසුගියදා දරුපල ලැබීමේ පුවතක් හරියානා ප්‍රාන්තයේ හියාර් නගර රෝහලින් වාර්තා වේ.
නල දරු උපතක් මගින් තමාත් තම බිරිඳත් දරු සුරතල් බැලීමට අවස්ථාව උදාකරගත් බව මනෙන්දර් හිනන් ගිල් ( 79 ) මාධ්‍යට පවසයි.
ඉන්දියාවේදී මෙවැනි වයස්ගත කාන්තාවකට දරුපල ලැබීමේ පළමු අවස්ථාව මෙය නොවන බවත් 2008 වර්ෂයේදී උත්තර ප්‍රදේශ්හි වයස අවුරුදු 73ක් වූ වයස්ගත කාන්තාවකට නිවුන් දරු උපතක් සිදුවූ බවද ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයස්ගත වැඩිහිටියන්ට අත්දැකීම් බහුලය. එම අත්දැකීම් තුළින්, මෙම දේපල මෙම දරුවාට සියලු අවවාද අනුශාසනා කුඩා කල සිටම ලබාදෙනු ඇත. මෙම දෙපල මෙම දරුවට ඉෂ්ට දේවතාවන් වෙනවාමය. මෙම දරුවා වැඩිහිටියකු වනවිට ආධ්‍යාත්මික ගුණවගාවකින් සපිරි පුද්ගලයකු වනු ඇත. (නි)
නිම්මිට බැරිද දරුවා බලාගන්න? (නි)
අම්මලා තාත්තලා නැතුව ලෝකේ දිනපු දරුවන් ගොඩාක් ඉන්නවා ගයාන්. (ර)
සීයාට අපෙන් සුබ පැතුම්! (නි)
එ්ක ඒගොල්ලෝ බලාගනීවි නිම්මි. (නි)
අබය, සුරිආරච්චි, අනුන්ගේ අදහස් නොබලා ගයාන් වගේ වැදගත් දෙයක් කියන්න. (නි)
මේ යුවළට අපෙන් සුබ පැතුම්! (නි)
දරුවන් හැදීම පමණක් වැදගත් නොවේ. ඔවුන් ලොකු වනතුරු, ආදරය රැකවරණය, මඟපෙන්වීම අවශ්‍යය. දෙමාපියන් නොමැති ලොවක දරුවන් අසරණය. එබැවින් මේ ආකාරයේ මහලු වයසේදී දරුවන් හැදීම තහනම් කළයුතුය. මෙම දෙමාපියන්ට තමන්ගේ වැඩවත් තනියෙන් කරගත නොහැකිව දරුවන්ගේ වැඩ කිරීම කවර කතාද? (නි)
තව අවරුදු දෙක තුනකින් මෙයාල නැති දවසක මේ දරුවට මොකද වෙන්නේ? (ර)
ලක්ෂ්මි, අත්දැකීම් තිබුනට වැඩක් නැහැ, මේගොල්ලන්ට මේ දරුවා හදාවඩා ගන්න බැරි නම්. අඩුගානේ මේ දරුවා දණගාලා නැගිටින්න හදනකොට උදවු කරන්නවත් බැහැනේ මේ වයසක අයට (නි)