මාතර ගන්දර නිවසක කාමරයක එල්ලෙමින් තිබූ මවකගේ (29) හා දරුදෙදෙනකුගේ (6,9)) සිරුරු සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
මාතර ගන්දර නිවසක කාමරයක එල්ලෙමින් තිබූ මවකගේ (29) හා දරුදෙදෙනකුගේ (6,9)) සිරුරු සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ප්‍රශ්නෙට මලත් බඩගින්නට ලංකාවේ කව්රුවත් මැරෙන්නේ නැහැ. ජීවත්වීම පිලිබදව යම් ප්‍රශ්න තියෙනවා නම් ළමා නිවාසෙකට දරුවන් බාර දෙන්න පුළුවන්. මෙතන මොකක් හෝ වෙන යම් දෙයක් තියෙනවා. ළමයි දෙන්නා මේ ආකාරයට මිය යාම අස්වාභාවිකයි.(නදී).
ටිකිරි බංඩා, ඔයා මේකත් ගන්නේ රජයට පහර ගහන්න. ඔයා වගේ මිනිස්සු මේ රටට වැඩක් නැහැ.(නදී)
මැති ඇමතිවරු කොමිස් ගැහිල්ල අත් හැරලා අවංකව රටට වැඩ කලා නම් මෙහෙම වෙන්නේ නැහැ.(නදී)
කන්න අදින්න දෙන්න විදියක් නැති වෙන්නේ කම්මැලි කම හින්දා. වැඩ කරන කිසිවෙක් බඩගින්නේ මැරෙන්නේ නැහැ.(නදී)
ටිකිරි බංඩා - ඔයා හැමදාම ලංකාදීප එසැණ පුවත් කියවනවා නම් ඔයා දන්නවා ඇති දින දෙකකට පෙර ඉතාලියේ ජීවත් වෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් කියල තිබුනා මේ දිනවල ඒ රටෙත් ආර්ථිකය කඩාවැටිලා කියා. ඉතින් අපේ පුංචි රටෙත් අපිට ආර්ථික ප්‍රශ්න තිබීම සාමාන්‍ය දෙයක්. හැබැයි අපේ රටේ කන්න නැතුව කවුරු හරි මැරුනා කියල ඉතිහාසයේ තියෙනවද? ඔයා ඉන්නේ ලංකාවේද සෝමාලියාවේද? යම් යම් ප්‍රශ්න ජීවිතයේ හැමෝටම තිබෙනවා. නමුත් ඒකට විසඳුම මැරෙන එකද? එහෙම නම් මමත් කී පාරක් මැරෙන්න ඕනෙද? මුලින්ම අපිට අවශ්‍ය වන්නේ ආත්ම විශ්වාසය. ඒක නැත්නම් කොහොමත් ජීවත් වන්න බැහැ. මේ අම්ම ගත්තේ මහා මෝඩ තීරණයක්. පව් අහිංසක දරු දෙන්නා. කොහොම හිතකින් මේ වගේ අපරාද කරනවද කියල මට නම් තේරෙන්නේ නැහැ.(නදී)
පව් මේ කට්ටියට මොනවා හරි ප්‍රශ්නයක් ඇති. දැන් ඉතින් මොනවා කරන්නද? (නදී)
මිනීමරු ප්‍රභාකරන්ගේ කාලේදී පවා අපි තුන් වේල කාලා සතුටින් හිටපු මිනිස්සු. දැන් කල්පනා වෙද්දීත් දුකයි. (නදී)
අනේ මගේ රටේ මිනිසුන්ට ගිය කල.(නදී)
පාලකයින්ට දොස් කීමෙන් පලක් නැත.තමනට ඇත පය හතර නැත්නම් හිඟා කාල හරි තම දරුවන් පෝෂණය කරන්න පුළුවන්.තමන්ගේ අත්පා හොඳින් ඇත්නම් කුමන රැකියාවක් කර ඔහුන් පෝෂණය කරන්න පුළුවන්. (අ)
මේ පටන් ගැන්ම පමණයි. කුසගින්නේ දරුවන් අඩන විට,සංවේදී හදවතක් ඇති දෙමාපියන් දස දහස් වාරයක් හදවතින් හඩ වැටේ. පෙනෙන තෙක් මානයකවත් දරා ගත නොහැකි කුසගින්නට විසදුමක් නැති විට දරුවන් සමග මියැදෙනවා මිස මේ අහිංසකයන් වෙන කුමක් කරන්නද?මෙහෙම ගියොත් තව ටික දවසකින් අපටත් කරන්න ඉතුරු වෙලා තියෙන්නේ මේ ටිකම තමා.(නදී)
අම්මා දරුවෝ දෙන්න එල්ලලා තමනුත් එල්ලුනාද ? නැතිනම් වෙන කවුරු හරි මේ තුන්දෙනාවම මරලා එල්ලලද කියලා හොයල බලන්න. හොයලා අල්ලලා දඩුවම් කරන්න. අම්මෙකුට තමන්ගේ දරුවෝ දෙන්නෙක් එල්ලලා මරන්න බැහැ නේද? (නදී)
අපේ සමාජය තුල පියා දල ගිය පවුලක් දිහා බලන්නේ බොහොම පහත් විදියට. ඔවුන් ජීවිතය ගොඩනගන්න උත්සාහය කවදාවත්ම ධානත්මකව බල්ලන්නේ නෑ මෙහෙම උනාම ඔවුන්ව විශාල පීඩනයකට ලක්වෙනවා සහ ජීවිත්යයි බලාපොරොත්තු නැති වෙනවා (අ)
ප්‍රමුඛ.- ඔයාල කියනවා වගේ වෙනවා නම් ඉන්දියාවේ ජනගහනය දිනෙන් දින ඉහල යන්නේ නැහැ පහල යනවා මිසක්. (දිල්)
ප්‍රදීප් අම්ම කෙනෙකුට දරුවෝ එල්ලලා මරන්න බැ තමා.එත් අම්මම දරුවෝ දෙන්නව එල්ලලා මරුවනම් ඒ අම්මට තිබුණු ප්‍රශ්නය ඒ තරම්ම බරපතල ඇති.අම්ම මැරිලා දරුවෝ ජිවත් උනානම් ඒ කරදර වලට දරුවන්ට මුනදෙන්න වෙනවනේ කියල හිතල මේ තරම් දැඩි තීරණයක් ගත්ත වෙන්නත් බැරි නැ නේද?(දිල්)
සියදිවි නසා ගැනීම මහා මෝඩ වැඩක්.(නදී)
තව නයිට් රේස් දෙක තුනක් දිව්වා නම් මේ ප්‍රශ්න වලට පිලියමක් සොයා ගන්න පුළුවන්.(නදී)
මෙවැනි ව්‍යසනයක් ඇතිවු විට උපදෙස් දෙන්නනමි මහදන මුත්තලා ඉන්නවා නමුත් ඒවා වළක්වන්න කිසිදු පියවරක් ගන්නේ නෑ කවුරුත් (දිල්)
දැන් බල්ලන්ට නම් කුසගින්නේ මිය යන්න වෙන්නේ නැහැ.ඔවුන්ගේ ආහාර සදහා බදු ඉවත් කරලනේ.හාල්මැස්සෝ ටිකට,පරිප්පු ටිකට ,අත්‍යවශ්‍ය හැම දේටම බදු ගහල ආර්ථික දරිද්‍රතාවයෙන් මේ මිනිස්සු සියදිවි නසා ගනිද්දී ,තීරු බදු සහන දෙන්නේ කොටි ගණන් වටිනා ලම්බෝගිනි වගේ කාර් වලට පමණයි.මේ සපුරන්නේ කාගේ මන දොලද?(දිල්)
ෆස්රුල් ගෆූර්, හැමදේම අපේ අයට අමතක වෙන්න යන්නෙ ඉතාමත් පොඩි කාලයයි. පිට රටකට ගිහින් සල්ලි ටිකක් අත ගෑවෙනකොට කන්න බොන්නවත් නැතිව දුක් විඳින මිනිසු ඉන්නව කියලත් අමතක වෙලා යනව. මේ අම්මට උනේ මොකද්ද කියල කතා කරන්න තාම කල් වැඩියි, ඒත් ඔබ හිතන විදිහෙ සුර පුරයක් නෙමෙයි අද අපේ රට(දිල්)
මේ අසීමිත් බදු බර සහිත අවිචාරශීලී ආර්ථික ගමන් මග නිසා ජනතාවට දරා ගත නොහැකි පීඩනයක් එල්ල වෙලා. නැති බැරි කම් පාවෙනවා සුළග වගේ හතර අතේ. මේ ප්‍රවාහයට මුහුණ දීමට ශක්තියක්,උපකාරයක්,නැති අයට ඇති විසදුම කුමක්ද? මියැදීමද? (නදී)
අසත්‍ය මහත්තයට අවශ්‍ය උත්තර දීල තිබුනත් එම ප්‍රතිචාර වාරණයට අහු වෙලා. ඒ හින්දා ඔබ තුමා කැමති පරිදි පාලු ගෙදර වලන් බිදින්න. ඔබ තුමාගේ ඔය එන්න ඉන්න සර්ව සාදාරන,සියලු සම්පත් සමසේ බෙදෙන දුෂණ වංචා ඇහැට දකින්න කනට අහන්න නැති සමාජයක් බිහි කරන විශ්වකර්ම රජයට මිනිස්සු ගැහැණු දරු පවුල් අත ඇරලා යාමත් නතර කරන්න පුළුවන් වෙන්න කියල අපි පතමු.(නදී)
ටිකිරි බණ්ඩා නම් තුන්වේල කන්න ප්‍රභාකරන් එනකම් බලාගෙන ඉන්න බව නොකිව්වට අපි දන්නවා හොදටම. 80000 කින් තුන්වේල කන්නේ කොහොමද කියල අහපු කෙනාට ඉතින් ප්‍රභාකරන්ගේ තුන් වේලම තමයි හරියන්නේ.(නදී)
මට නම් හිතෙන්නේ ළඟදීම තවත් කාවහරි සැඟවූ ආයුධ පෙන්නන්න එක්ක යයි වගේ.(නදී)
ෆස්රුල් ගෆූර්ගේ කතාව 100% හරි.(නදී)
මේ ඛේදවාචකය සංවේදී මිනිසුන්ට නම් දුකකි,වේදනාවකි. සමහරු යුරෝපයේ ආර්ථිකය ගැන උමතුවෙන් දොඩවයි. මේ රටවල අවම මාසික වැටුප ලංකා මුදලින් ඔවුන් රුපියල් ලක්ෂ 5 ක් බව ඔවුහු නොදනිති. කොටසක් ලම්බෝගිනි වලින් සතුටු වෙද්දී තව පිරිසක් මේ රට වල කුසගින්නේ සිය දිවි නසා ගන්නා බව ඔවුහු නොදනිති.(නදී)
නිසංසල ඔබ කි දේ නිවැරදියි (දිල්)
රටේ දැන් ආර්ථිකයත් එක්ක තුන් වේල කාල ඇදලා ඉන්න පුළුවන් ද හරියට(දිල්)
ෆස්රුල් ගෆූර් - කටාර් "ඉතාලියේ ජීවත් වෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් කියල තිබුනා මේ දිනවල ඒ රටෙත් ආර්ථිකය කඩාවැටිලා කියා". ඉතාලියේ හිගා කන මිනිහත් ලක්ෂයක් දෙකක් හොයනවා. උදේ හවස බස් එකේ,කෝච්චියේ එල්ලිලා රැකියාවට යන ලංකාවේ මිනිසුන්ට 30,000 ක් හොයන්න පුලුවන්ද? ඒත් කීයෙන් කී දෙනාටද?(නදී)
ලංකාවේ කන්න අදින්න දෙන්න විදිහක් නැතිව මැරෙන මිනිස්සු මොන තරම් ඉන්නවාද ? (දිල්)
මොන හේතුවකට,මොන දෙකට, මොන ආකාරයකට මේ දේ උනාද කියන හොයලා බලන්න(දිල්)
නිසංසල - ඔබ කොහොමද තීරණය කලේ මේ මරණ සිදුවෙලා තිබෙන්නේ කුසගින්න්න හා දේශපාලනය පසුබිමක කියා? මොකක්ද ඔබලා මේ කුසගින්නේ නාමයෙන් ගොඩනගන්න උත්සාහ කරන තර්කය? හනික මෙතන කිසිවෙක් කිසිවෙකුට පක්ෂපාතිව තර්ක ඉදිරිපත් කරලා නැහැනේ?(දිල්)
ඇත්තටම ගැහැණියෙකුට මෙහෙම දෙයක් කරන්න බැහැ..,මේ දරුවනේ ගේ පියා කොහේ ගිහින්ද ..?සැක සහිත මරණ තුනක්....!!තිදෙනාටම නිවන් සුව පතමු......!!!!!(දිල්)
ප්‍රමුක, බොර දියේ මාලු බාන්න හදන්න එපා. මේ මරණ තාමත් අභිරහසක්. මේ මරණ වලට හේතුව හොයා ගන්න කලින් ඔයාගේ මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා.(නදි)
මේක සැක සහිත සිද්ධියක්. ඉස්සරහට ආරංචි වෙයි.(නදී)
ඔව් අර ජයන් කියනවා වගේ ලංකාවේ රස්සාවල් පිරිලා. අපේ අය පිටරට යන්නේ එහෙනම් මොන පිස්සුවකටද? (නදී)
බන්දුල පෙරේරා මහත්තයෝ, මේ කාන්තාවගේ මරණය තියා ජුලම් පිටියේ ගොයියා වෙඩි තියපු මරණ දෙකටත් ආණ්ඩුව පළි නැහැ. නමුත් නුඹ වැන්නෙකුට නිවාඩුවක් නොදී නිරන්තරවම කඩේ යැවීම ගැන නම් ආණ්ඩුව වග කිව යුතුමයි.(නදී)
ෆ්ස්රුල් ගෆුර්, ඔයාට මතකද කළුතර බෝධිය ගාව පාලමෙන් දරුවෝ තුන්දෙනෙක් එක්ක අම්මා කෙනෙක් පැන්නා ඒ අම්මා මොනවද කිවේ කියලා මතකද දරුවන්න්ට කන්න දෙන්න විදියක් නැති නිසයි ගගට පැන්නේ කියලා .... ඒ අම්මා ගගට පැන්නේ දරුවන්නවා බඩ ගින්නේ තියන්න බැරි නිසයි ඒ වගේ තවත් අම්මල තාත්තල ඉන්නවා ලංකාවේ මැරෙන්නේ නැතිව ඇත්ත තත්වය එකයි. (දිල්)
මෙය ඉතා සංවේදී පුවතක් (දිල්)
දැන් දැන් ලංකාවේ වෙන දේවල් හැටියට මේක මෙහෙම උනාද දන්නේත් නෑ (දිල්)
මම නම් කියන්නේ මෙය අපරාදයක් විය හැකිය ? අම්මෙකුට බැහැ කවදාකවත් මෙවැනි දෙයක් තම දරුවන්ට කරන්න . ඔබලාට නිවන් සැප ලැබේවා (දිල්)
දරාගන්න බැරි ගැටළු කියන්න දුරකථන අංකයක් ප්‍රසිද්ද කල යුතුයි. කිහිප දෙනෙක්වත් එයින් ප්‍රයෝජන ගනු ඇත. ඇමෙරිකාව වැනි රටවල් එවැනි දේ ඇති බව අසා ඇත. එමෙන්ම ගැබිණි මාතාවන්, කිරි දෙන මව්වරුන් ගැන සොයා බැලීමට ගම මට්ටමින් ක්ලිනික් පවත්වයි. හෙද සොයුරියන් නිවසටම පැමිණේ. මෙය ඉතා සාර්ථකය. ඉහත ආකාරයේ පීඩාවන්ට පත්වන අය ගැන සොයා බැලීමට ගම මට්ටමින් වැඩ සටහනක් ක්‍රියාත්මක කල යුතුය. නිලදාරියකු පත් කල යුතුය. මුදල් නැත්නම් පන්සල් පල්ලි වලින් වත් එය සිදුවිය යුතුය.(නදී)
ගෆුර් ලා වගේ අය හදන්නේ එහෙත් එහෙමයි මෙහෙත් එහෙමයි කියලා මේක සාදාරනීකරණය කරන්න.(නදී)
අනිවාර්‍යෙන්ම කන්න අදින්න දෙන්න විදිහක් නැතිව ඇති. සමහර අය මෙතන කියන්න අකමැති උනාට ඕක තමයි ඇත්ත.(නදී)
ඇමරිකාවේ ආර්ථිකේ කඩන වැටිලයි කියල දැනට අවුරුද්දකට විතර කලින් කට්ටිය මෙතන පිනුම් ගැහුවා. මොකෝ උනේ දැන් ඉතාලියේත් එහෙමයි, මෙහෙත් එහෙමයි කියන කට්ටිය තව අවුරුද්දකින් බලන්නකෝ මොකද වෙන්නේ කියලා. කෑගහන්න කලින් 'ද ඉකොනොමික්ස්' වගේ සඟරාවක් කියවලා ඉන්න.(නදී)
මේ රටේ ගසා කෑම් වෙන විදියට අපි මෙහෙමවත් ඉතිරි වෙලා ඉන්න එක පුදුමයි.(නදී)
චෝගුම් සැනකෙළියට මහජන මුදලින් ගෙනාපු අලුත්ම බෙන්ස් කාර් 58 ට සහ අලුත්ම ටොයෝටා කාර් එකසිය ගානට මොකද වුනේ? මහජන මුදලින් ගෙනාපු නිසා අයිතියක් තිබෙනවා මොකද වුනේ කියලා අහන්න.(නදී)
මෙයට ප්‍රතිචාර පළකරන බොහෝ අය පවතින සමාජ ක්‍රමය ගැන ක්‍රෝධයෙන් වෛරයෙන් පසුවන බවයි පෙනෙන්නේ (නි)
අනේ පව් අවුරුදු 29 කියන්නේ තරුණ කෙනේක් නේද? විසඳා ගන්න තිබුනානේ.(නදී)
නිසංසලා, ඔයාට මේ ප්‍රශ්නය ගැන නිසි අවබෝධයක් නැති බවයි මට නම් සිතෙන්නේ (නි)
නිදහසේ සැබෑ අරුත වනාහි සමාජ ද්‍රෝහීන්ට වන්දිභට්ට කම් කිරීමේ වල් බුරු නිදහසක් නොවේ. මෙවැනි ඛේදවාචකයන් වලදීත් ජනතා විරෝධී පාලකයින් වෙනුවෙන් පෙනී සිටීමට ඇතැමුන් වෙර දරන්නේ රජයෙන් ඒ සඳහා කරන ගෙවීමක් ලබා ගැනීමට බව කිසිම සැකයක් නැහැ. "කිසි කෙනෙක් බඩ ගින්නෙන් මළා ද" කියල අහන්න තරම් නොදරුවන් වීමට ඇතැමුන් කරන උත්සාහය පිළිකුල් සහගතයි.(නදී)
මම කැමතියි දැනගන්න ඔයාල කියන විදියට මේ රටේ ඕනා තරම් රැකියාවල් තියෙනවා නම් හොදට කාල බිල ඉන්න පුළුවන් නම් ඇයි මේ රට දාලා යන්නේ. ලංකාවට ඇවිත් මේ රටෙන් නොමිලේ ලබාගත්ත අධ්‍යාපනයට නය නැති වෙන්න වත් මෙහේ රැකියාවක් කරන්නකෝ.(නදී)
නුගත් දෙමාපියන් සැමවිටම දරුවන් නොමග යවනවා. දෙමාපියන්ගේ ප්‍රශ්නවලට නොදරුවන් ඉදිරියට දමා පළිගැනීමේ චේතනාව සපල කරගන්නා මෙවැනි තිරිසන් උදවිය අප රටේ තව කොතෙක් ඇද්ද මෙය ඉතා කණගාටු සිදුවීමක්.(නදී)
බඩගින්නට ලංකාවේ කවුරුවත් මැරෙන්නේ නැහැ කියන අය ලංකාවේ ඔය කොලඹ අවටම තියෙන අන්ත අසරණ ගම් වලට ගියා නම් ඇස් දෙකෙන් බලලා කන් දෙකෙන් අහලම එන්න තිබුනා.(නදී)
මට නම් මේක අදහන්න බැරිය. කෝ මේ ගොල්ලන්ගේ තාත්තා.(නදී)
ටිකිරිබණ්ඩා, දැන්මම ඔබගේ කඹය වෙන් කරගන්න. අප්‍රමාදව කටයුතු කරන්න. දර්ශන සහ ජයන් ගේ අදහස් හරි.(නදී)
ගෙදරක අශීලාචාර කමට ගෘහ මූලිකයා වග කිව යුතුයි. පාසැලක හැසිරීමට විදුහල්පති වගකිව යුතුයි. ව්‍යාපාරයක ස්වභාවයට අයිතිකරු වග කිවයුතුයි. රටක අනාගතයට නායකයා වගකිව යුතුයි.(නදී)
ගෆුර්, කටාර් ඔයාගේ වයස කීයද? 1970-77කාලයේ මිනිස්සු බඩගින්නේ මැරෙනවා මම ඇහැට දැකලා තියෙනවා. පහුගිය කාලෙත් ළමයි එක්ක අම්මලා ගගට පැන්නේ කන්න දෙන්න බැරුව. ඔයාලට නම් කන්න නැති වෙන්නේ නැහැ. ඒත් අනන්ත අසරණ මිනිස්සු ඕන තරම් ඉන්නවා.(නදී)
මෙය සියදිවි නසා ගැනීමක් යැයි නිශ්චිතවම අපට කිවහැකිද? (නි)
පෝයකටවත් හොඳ ප්‍රවෘත්තියක් බලන්න නැහැනේ.(නදී)
නිසංසලා ඔබ හරියටම හරි. අපේ අය හැම දේම බලන්නේ පාට කන්නාඩි වලින්. ඒ නිසා ජාතික ප්‍රශ්න පේන්නෙත් හරහට.(නදී)
මෙම මරණ වලට නිවැරදි හේතුව සොයාගන්න තෙක් නිගමන වලට එළබෙන්න එපා.(නදී)
ඉන්දියාවේ සිදුවෙන ඉන්දියාවේ හොද නමට කැළැල් වෙන කිසිම දෙයක් මානව හිමිකම් කඩ වීම් ගැන කාශ්මිරේ සිදුවෙන අකටයුතුකම් ගැන ලෝකයේ ප්‍රධාන මාධ්‍යය ජාල වලින් ප්‍රචාරය වෙන්නේ නැහැ. එම මාධ්‍යය අයිති ධනපතියෝ දන්නවා බහුජාතික සමාගම් වලට සුරා කන්න හොද තෝ තැන්නක් කියලා. මැද පෙරදිග ඉන්න මහත්වරුත් දන්නවා ඒ රට වල මාධ්‍යය හැසිරෙන හැටි. අපේ රටේ ජීවත්වෙන ඡන්දදායකයෝ ආත්මාර්ථකාමී පිරිසක් කියලා දේශපාලකයන් දන්න නිසා මේ වගේ ප්‍රවෘත්ති පල කරන්න දෙනවා. (නදී)
දර්ශන රට දිහා ඇස් ඇරලා බලන්න. ටිකිරි බංඩා මහත්තයගේ කියමන හරි. (නදී)
එක් අයෙක් යෝජනා කරනවා දුප්පත් කම නැති කරන්න ළමුන්ව ළමා නිවාසවලට බාර දෙන්න කියා. මෙයාට අනුව වාසනාවන්ත පවුල් ජීවිතයක් ගත කිරීමේ සිහිනය වෙනුවට අනාථ නිවාසවල හැදෙන ළමා ලෝකයක් හොඳ බවයි පෙනෙන්නේ. ඔළුව ඔල් මොරොන්දන් වී තව මොනවා කියාවිදැයි සැක සහිතය.(නදී)
පස්රුල් ගෆුර් මහත්තයෝ , ඉතාලියේ නම් ආර්ථිකය කඩා වැටෙන්නේ ඉදලා හිටලා. මට කියන්නකෝ අපේ ආර්ථිකය නැගලා තිබුන දවසක්. නිදහසින් පස්සේ කඩා වැටුන වැටිල්ල අපි තාමත් යන්නේ හොම්බෙන්. පරම්පරා ගානක් අපි ලෝකෙට නයයි, මේක තමයි කොලේ වහල ගහන ඇත්ත. පාට පාට කන්නාඩි ගලවල බලන්න එතකොට හොඳට පෙනෙයි.(නදී)
අසත්‍ය මහත්තයෝ, මේ මිය ගිය කාන්තාවගේ මරණයටත් ආණ්ඩුව පලිද? මේ වාසනාවන්ත පවුල් ජීවිතය කඩා වැටිලා තියෙන්නේ ඔබ තුමා කියන දුප්පත්කම නිසා නම් මිනිස්සු ගැණු පවුල් කඩා ඉහිරවා ගන්නේ මේ ආණ්ඩුවේ වැරැද්දෙන්ද? ඔබ තුමාගේ ඔය විශ්වකර්ම ආණ්ඩුව ආවම බලමුකෝ.(නදී)
හපොයි දෙයියනේ මෙහෙමත් අපරාද. මේක සියදිවි හානි කර ගැනීමක් වෙන්න බැහැ.(නදී)
ළමා නිවාසවල ට ළමුන් බාර දෙන්න කියල කියන අය නොදන්නවා නොවෙයි සමහරක් ළමා නිවාස පාලිකාවෝ ළමුන් ගණිකා වෘතියේ යොදවන බව, නැත්නම් ළමුන් පිටරට වලට විකුණන බව. පාසලේ විදුහල්පති, පන්සලේ පල්ලියේ පුජකවරු ළමුන් කෙලෙසන බව, පොලිසියේ අය පැමිණිලි කාරියන් දුෂණය කරන බව. එම හැම අපචාරයකටම සමහර දේශපාලුවන්ද ද ඍජුව දායක වන බව. මෙතන ට අදහස් ලියන අය සුදු හුණු ගා පිරියම් කරන්න හදන්නේ කාගේ චරිතද? (නදී)
නිසංසලා ඒ රටවල බඩු මිල කොහොමද ලක්ෂ 5 ට සාපේක්ෂව , ජීවන වියදම කොහොමද ? (නදී)
අහන්න දෙයක් නැහැ "කන්න අදින්න" දෙන්න විදිහක් නැතිව වෙන්න ඇති මැරෙන්න ඇත්තේ. අපිටත් මෙහෙම ගියොත් මැරෙන්න තමයි වෙන්නේ.(නදී)
අසෝකා ඔබේ සෙනෙහෙබර වචන වලට බොහොම ස්තුතියි. එහෙත් පවතින යතාර්ථයට අනුව පිටරට ගිය අයෙක් ලංකාවට සේවය කරන්න එන්නේ නැත්තේ, ලැබිය හැකි ආර්ථික වාසි පමණක් අඩු නිසා නොව තවත් හේතු ඇත. රටින් පිටව හිටියත් ඔවුන් ලංකාව අමතක කරන්නේ නැහැ.(නදී)