මාතර නිල්වලා ගගෙන් දරු දෙදෙනා දැමු බව කියන පියාගේ සිරුර මාතර කොටුවේගොඩ නිල්වලා ගග මෝයකට සමීපයේ තිබී සොයා ගත් බව පොලීසිය කියයි.
මාතර නිල්වලා ගගෙන් දරු දෙදෙනා දැමු බව කියන පියාගේ සිරුර මාතර කොටුවේගොඩ නිල්වලා ගග මෝයකට සමීපයේ තිබී සොයා ගත් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදහස් දාන අය නොදන්නා ගොඩක් දේවල් තියෙන්න පුළුවන් මෙතන. නමුත් පියා පාපියෙක්. (ස)
මමනම් පව්කියන්නෙ නැ.කොපමණ කලක් ජීවත් වෙන ළමය දෙන්නෙක්ද මරන්න ලෑස්ති වුනේ අහිංසක ළමය දෙන්න දිහා දෙවියන් බැලුව. මේ පව්කරයට්ම පටිසන් දුන්න.මේක තමා නියම සොබාදහම කියන්නේ. කොහොම වුනත් මේ ළමය දෙන්න බේර ගත්ත්තු වීර සෙබලානන් 4 දෙනාට බොහොම පින්. ඔබලාට මගේ උත්තමාචාරය.ඔබලාට දීර්ගායුස ලැබේවා.(අ)
නොදරුවන්ට කළ දෙය නම් සාධාරණීය කරන්න බෑ. ඒත් ඕනෑම දේක පැති දෙකක් තියනවා නේද? නොදරුවෝ දෙන්නව විතරක් නැති කරන්න මේ මනුස්සයට උවමනා වෙලා නෑ වගේ නේද? (ස)
දරුවන්ට ආදරය කරපු පියෙක් නිසා මේ ජරා සමාජයන් ඒ දෙන්නව අරගනම යන්න හැදුවද දන්නේ නැහැ නේ. (දිල්)
අපි මොන දේ කිවුවත් ඔහු දරා ගන්න බැරි හිත වේදනාවකින් ඉන්න ඇති ඒකයි දරුවොත් ගඟට විසිකරලා ඔහුත් ගඟට පනින්න ඇත්තේ සමහර සංවේදී පුද්ගලයන් තමුන්ගේ දුක දරාගන්න බැරි උනාම මේ වගේ පටු තීරණයන්ට එළඹෙනවා එක ඉතින් මිනිස් ස්වභාවය. අහිංසක දරුවන්ට ජීවත්වීමේ වාසනාව තිබුණු නිසා ගැමුණු බළකායේ රණවිරුවන්ට ඔවුන්ව බේරගන්න ශක්තිය ලැබුණා. මම දැක්ක ඊයේ එක්තරා රුපවාහිනී පුවතක මේ ළමයින් ගේ අසල වැසියෙක් කිවුවා මේ දරුවන්ට මේ තාත්තා හරිම ආදරෙන් හිටිය බවත් ළමයි මොනවා හරි ඉල්ලනවා නම් හොයාගෙන ගෙනත් දෙන බවත්. (දිල්)
තම දරුවන් විනාශ කරන්න හදපු තාත්තාටම අන්තිමේ විනාශ වෙන්න සිද්ධ වුණා. දිට්ඨ ධම්ම වේදනීය කර්ම තමයි. (ස)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා. මෙවන් දේවල් නැවත අසන්නට නොලැබේවා.(ස)
ඔබ කළ පාපේ දරුණු තමයි. දුප්පත් කමින් ඔබ පළිගෙන ඇත්තේ දරු දෙන්නගෙන්ම තමයි. ඔබට අපායේ හොඳ තැනක්. ඉවසීමෙන් සැනසීම ලැබෙයි. (ස)
කෙනෙක් මැරුණම සතුටු වෙන එක හොඳ මදියි. ඒත් මට සතුටුයි අර අහිංසක දරු දෙන්නාගේ අනාගතය බේරුණ එක ගැන. (ස)
ළමයි දෙන්නවත් නැති කරන් පියත් මැරෙන්න තීරණය කර තිබෙන්නෙ අනිවාර්යයෙන්ම පවුල් ප්‍රශ්නයක් වෙන්න ඇති.ජීවත් වෙන්න බැරි කමක් ඇති ඒ වුණත් ළමයි නැති කරන්න ගිය එක නම් පාපයක්. (ස)
මංජුල ඔබ හරි. මෙතන අපි නොදන්න දේවල් ගොඩක් තියෙන්න පුළුවන්. (ස)
හොඳ වෙලාවට මිනිය හම්බ වුණේ. නැත්නම් හිතන්නේ පැනල ගියා කියල. එහෙනම් තවම හොයනවා. (ස)
කවු ද මේවට වග කියන්න ඕන (අ)
හරිම දුකයි. (ස)
කව්රුත් මෙරෙන්න කැමති නෑ මේ තාත්තට කියා ගන්නවත් කෙනෙක් ඉන්න නැතුව ඇති (අ)
මේ රටේ මිනිස්සුන්ට අාගම ධර්මය හරි හැටි වටහල දීල නැහැ. මේ රටේ මෙහෙම දේවල්වන එක රටටම ඒ තරම් හොඳ නෑ. කාගේ කාගේත් වගකීම් ඉටුවෙන්න ඕනේ (අ)
මිනි මැරීම හා මිනි මැරීමට තැත් කිරීමත් බරපතල වරදක්. මිනිසුන්ගේ අවේග පාලනය කර ගැනීමට නොහැකියාව තමයි මෙයට මුලික හේතුව. ඉස්සර නම් ධර්මයෙහි හැසිරීමෙන් තමයි බොහෝවිට අපගේ අවේග පාලනය කර ගැනීමට හැකිවුයේ. ඒත් දැන් තත්වය එයට හාත්පසින්ම වෙනස්නේ. කොහොම වුණත් කරුණු කාරණා කිසිත් නොදැන, පාපිෂ්ඨ සිතුවිලි වලින් මිදී සිටින අලුගෝසුවන් පිරිසක් මේ මැරුණු අවාසනාවන්ත මිනිසාට නැවත වතාවක් මරණ දණ්ඩනය පැනවීමට සැරසීම නම් එතරම් හොඳ නැහැ. (ස)
පුද්ගලික ප්‍රශ්න, පවුල් ප්‍රශ්න හැමෝටම තියනවා. එහෙත් මිනිස්සු ජීවිතේ නැති කර ගන්නේ වෙන හේතුවක් නිසා .ඒ කියන්නේ මේ සමාජය බිඳ වැටිලා. දැන් අපි ජීවත්වෙන සමාජය ගැන අපිට විස්වාසයක් නැහැ. හැමෝම සමාජයේ ජීවත්වන අනිත් අය ගැන සැකයෙන් අවිස්වාසයෙන් බලන්නේ. ඉතින් එහෙම වුණාම හැමෝම සතුරන් වගේ පෙනෙන්නේ. ඉතින් ඒ වගේ සමාජයක ජීවත්වෙන්න බැහැ කියල හිතෙන අය දිවිනහ ගන්නවා. (ස)
අනේ මන්ද මෙහෙමත් මෝඩ මිනිහෙක් . සාස්තර කාරයෙක් කිව්ව පලියට ඒක විස්වාස කරලා හරියට හොයල බලන්නේ නැතුව ඉක්මන් වෙලා මේවගේ අපරාද කරනවද. පවු අර අහිංසක දරුවෝ දෙන්නගේ ජීවිත බේරාගන්ට ලැබුණා රණවිරුවන්ට පින්සිදුවන්ට. (අ)
මම හිතන්නේ මෙතැන අපි නොදන්නා ගොඩක් දේ ඇති (අ)
මොකක් හරි වේදනාවක් තියෙන්නේ ඇති. නමුත් දරුවෝ පළි නැ. මේවගේ දෙයක් කරන්න කොහොම හිත හදාගත්තාද මන්දා අපිට නම් දරුවෙක් හඬනකොටත් ලොකු වේදනාවක් දැනෙනවා (අ)
ළමයිනුත් එක්ක ගගට පනින්න ඇති. ළමය ගෙන් සියලු විස්තර දැනගත හැකි. මනුස්සයන් පසුතැවිලිවලට ලක් උනාම මරණය දොරලගය සමහර විට ළඟපාත අය පිහිට නොවු නං ඒ පුද්ගලයන්ට පුරන මානසික බලයක් නොමැති විට මේ වගෙ පටු තීරණ ගනීවි (අ)
මේ පව්ලේ අම්මා ගැන කිසිම සටහනක් එක තැනකවත් ලියවිලා නැහැ ?ඇයි අම්මා මේ දරු දෙදෙනාව සහ පියාව දාලා ගිහින්ද ? (ස)
බන්දුල පෙරේරා, ඔබතුමා ටිකක් කලබල වෙලා වගෙයි. මම මෙතන දාල තියන අදහස් ටික කියෙව්වා. නමුත් කිසිම කෙනෙක් මේක දේශපාලන ඛේදවාචකයක් ලෙස අර්ථ දැක්වීමට උත්සහ කර නැහැ. අනික ගානක් කපා ගැනීමට මේ මාතෘකාව යොදාගැනීමට හේතුවකුත් නැහැ. එකිනෙකට පරස්පර අදහස් තිබුනත් ඒ සෑම එකකම පාහේ තිබුනේ අප සමාජ ඛේදවාචකය ගැන පමණයි. මෙය ලංකාවට පමණක් අවේනික වුවක් ද නොවේ. මිනිසුන් ධර්මයෙන් අත්වෙන කල්හිත්, තමන්ගේ දුක සන්තාපය කියා ගැනීමට කෙනෙක් නොසිටින අවස්ථාවලදීත් ඔවුන් කිසිවක් කරකියා ගත නොහැකිව අසරණ වෙනවා. දැන් කෙනෙකුට ඇහුම්කන් දෙන්න තරම් තවකෙකුට කාලයකුත් නැහැ. උවමනාවකුත් නැහැ. ඉස්සර නම්, මිනිස්සු තම දුක කියන්න ගියෙත් පන්සල, පල්ලියට අද පොඩි මිනිසුන්ගේ දුක අහන්න ඒ අයට කාලයක් නැහැ. අප අනුන් විනිශ්චය කරන්න නම්, ඉක්මන් වී සිටිනවා. ඒ නිසා දේශපාලන උම්මාදයෙන් කුලප්පු වෙන්න තරම්, කවුරු හෝ මෙතන අදහස් දමා නොමැති බව බන්දුල පෙරේරාට මා පෙන්වා දෙමි. (අ)
පුවත්පතක තිබුණු විදියට පවුල් ආරවුලක් තමයි මේකට හේතුව.නමුත් ඒ හේතුව නම් අස්වාභාවික එකක්. ඒ ප්‍රශ්නය මොහුට මේ වගේ දෙයක් කරගන්න තරම් බලපාන ප්‍රශ්නයක් වුණේ මොකද කියලා හිතාගන්න බැහැ. දෙයක් හිතුනට හිතෙන දේ කියන්න බැහැ. (නි)
ශාන්ති,දැන් අම්මා තමයි ළමයින්ව බලාගන්නවා ඇත්තේ (නි)
මට නම් මේ මුළු පවුල ගැනම දුක හිතෙනවා. ළමයිනුත් පව්. තාත්තාත් පව්. මැරෙන මිනිස්සු මැරුණා. ජීවත්වෙන බිරිද මැරි මැරි උපදි. මේ ළමයි දෙන්නා දවසක කියයිද දන්නේ නැ එදා අපි මැරනා නම් හොදයි කියලා. (අ)
කවුරු කොහොම මොනවා කිවත් මහ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට කිරි සප්පයෝ පලිද ?.ජිවිතයෙන් වන්දි ගෙවන්න ඕනද ?(අ)
ප්‍රස්න ආපුවහම තමා කරන්නේ මොනවද කියල දන්නේ නැහැ. නැවත ඉපදුනු තැනක හොදින් ජීවීතේ විදීන්න ලැබේවා ! (නදී).
අද සමහර රෑපවාහිනි වල පෙන්වන විකට නාට්‍යය වලින් තමයි සමාජය වෙනස් වන්නේ . මහත්තය අර නොනලගේ ගෙදර හොරෙන් ගියවිට ඒ මහත්මය මේ නෝනා එකකට සවාරි යනවා.මේ වගේ ඒවා බලන්න වෙලා තියෙන්නේ පවුලේ සැමට එකට. ඔය පොඩිලමයි ලොකුවෙලා ලැබෙන ප්‍රතිපල මේවා තමයි....(අ)
අපේ ගොඩක් මිනිස්සු හොඳට බණ කියනවා.එත් අභ්‍යන්තරය ගත්තම ගිනි ගොඩක්. අද ඉන්න බහුතරයක් නිර්මන්ශිකයෝ කන්නේ මිනිස්සුන්ව. මනුස්සයෙක් ලේසියෙන් ජිවිතේ නැතිකරගන්න හදන්නේ නැහැ. මේ මනුස්සයට තමුන්ගේ ප්‍රශ්න දරාගන්න බැරි තරමට එන්න ඇති. එක නිසා දරුවෝ දුක් විඳවන්නේ නැතුව දරුවන්වත් අරගෙන යන ලෝකෙකට යන්න හිතන්න ඇති. ගැමුණු රණවිරු සහෝදරවරු බේරා ගත්තේ නැත්නම් අද අර දරු දෙන්නටත් යන්නේ පියාට ගිය කල. (අ)
ශාන්ති දරුවන්ගේ මවත් එක්ක වුණ ආරවුලකින් තමා දරු දෙන්නත් විසි කර මේ තැනැත්තාත් ජීවිතය නැති කර ගෙන තියෙනේ කියා වෙනත් පුවත් පතක තිබුණා.එත් විසදුමක් නැති ප්‍රශ්න නෑ.ජීවිතය නැති කරගෙන එක උත්තරය කියල හිතන අය කරන්නේ ඊටත් වඩා ලොකු ප්‍රශ්නයක් සමාජයට හා තමන්ගේ අයට ඉතුරු කිරීමක් පමණයි.(දිල්)
මේ වගේ කරුමෙට මිනිස් ආත්ම භාව ලබපු අය සමාජයෙන් තුරන් වෙනඒකමයි හොඳ (දී)
ප්‍රශ්න නැත්තේ කාටද ? එනිසා මෙසේ ප්‍රශ්න විසදන්න බෑ . මැරෙන්න ඕනෑම නම් දරුවන් නොමරා මැරෙන්න (දිල්)
අනෙ මන්ද මේ තත්තා ගැනත් මට දුකයි (දිල්)
මම නම් ඔය ටෙලි නාට්‍ය එකක්වත් බලන්නේ නෑ. ඇත්තමයි මට ඔය කතා දිරවන්නේ නෑ. මට මොනවත් අඩු වෙලා නෑ ටෙලි නාට්‍ය බැලුවේ නෑ කියල. (අ)
කනගාටුවෙනවා (අ)
ජාතියට ළමයින් අවශ්‍ය කරන මොහාතේ......අනේ මන්දා (ස)
පුංචි දැරු දෙන්නෙක් එක්ක ඉන්න මනුස්සයෙක් පොලීසියට කෝල් එකක් අරන් දෙන්න කියල බැගෑපත්ව කිව්වමත් අහක බලා ගන්න මිනිස්සු ඉන්න රටක් මේක. ඒ වගේ අහක බලා ගන්න මිනිස්සුන්ටත් පොඩි උන් දෙන්න මැරුණත් එකයි නැතත් එකයි. දෙයක් උනාට පස්සේ බොරුවට ලෝකෙට පේන්න අනේ අපොයි ගානවා. ඒ කෝල් එක අරන් දුන්න නං අර ළමයි දෙන්න ගඟට වැටෙන්නෙත් නෑ, මේ මනුස්සයා මැරෙන්නෙත් නෑ. මේ මනුස්සයට වඩා පව් කාරයෝ තමා අර කෝල් එක අරන් දීපු නැති මිනිස්සු අතරේ ඉන්නවා. (අ)
මටත් හිතෙන්නේ මේ පියා මානසිකත්වයෙන් හොඳටම වැටුන කෙනෙක් මෙහෙම තීරණ ගත්තේ . මොහුන් හට පිහිට වන්නට කෙනෙක් ඉඳල නැහැ (අ)
අපේ තාත්ත අපිව ගගට දැම්ම කියල මතක් වෙනකොට මේ ළමයි 2 ට කොච්චර දුක හිතෙයිද ? කොච්චර අසරණ වෙයිද ? (අ)
නැවත මෙවන් දේ නොවේවා!....(අ)
දරුදෙන්නත් මරා මැරන්න හේතුවක් ඇති කාන්තාව ගැන සැකයක් මතුවේ, (දී)
දැන් මිනිස්සු වැඩි කොටසක් මැරෙන්නේ අකාලේ (දී)
දරුවන්ගේ ජීවිත බේරා දුන් වීර හමුදා සෙබළුන්ට අපේ ප්‍රණාමය! ඔබලාට යහපතක්ම වේවා!(දී)
ළමයි පවු. මම නම් කියන්නේ සම්පුර්ණ වැරැද්ද අම්මාගේ. අපරාදේ! අහිංසක ජිවිතයක් නැති වුණා (නි)
"දුල්ලභාන්ච මනුස්සත්තානන්" මේ බුදු වදන වැඩි වැඩියෙන් සමාජ ගත කලයුතුයි (දී)
මංජුල අබුඩාබි,කුසුම් ,සත්‍යපාල,චමිත්,ලගේ අදහස් හොදයි මට කියන්න තියෙන්නෙත් ඔවම තමයි.මිනිස්සුන්ට දුක දරාගන්න බැරුව ගියහම අආවේග පාලනය කරගන්න බැහැ.මෙ මනුස්සයට බනින අය මොනා දැනගෙන දොස් කියනවද දන්නේ නැහැ.ඇත්ත කතාව ඔයිට වඩා වෙනස් ඇති.(දී)
මේ ප්‍රශ්නයේදී මට කියන්න තියෙන්නේ මේ දරුවන්ගේ අම්මා අතිනුත් ලොකු අඩුපාඩුවක් වෙලා තියනවා. විවාහයේදී දෙන්නට දෙන්නම කැප කිරීම් කරන්න ඕනා. , ඒයා දරුවන්ට අදෙරේ තිබුන කෙනෙක් වෙන්න ඕනි. නමුත් කව්රුත් උපදෙස් දෙන්නට නැති නිසා ළඟ බලල තීරණ අරන් වගේ. කව්රු කොහොම කිව්වත් තුවාලේ තියන කෙනා තමයි ඒකේ වේදනාව දන්නේ.(නදී)
අප ජීවත් වන මේ කලි යුගයේ මෙය පළමුවන හෝ අවසාන ඛේදවාචකය නොවේ. මේ සැමටම වඩා ලොකුම ඛේදවාචකය මේ ගැන කිඹුල් කඳුළු සළන්නන් ගේ කුහක විලාපයත්, දරාගන්න බැරි වේදනාවකින් මියගිය පුද්ගලයෙකු නැවතත් මරණයට පත්කළ යුතු යයි කෑ මොර දෙන "ශුද්ධවන්තයින්" ගේ වියරු භාෂනයත්ය. මේ දුර්දාන්ත සමාජය තුල ඇත්තෙන්ම මිය ගොස් ඇත්තේ අපමය.(නදී)
ඉවසීම නැති තැන මේ වගේ විපත් ඇති වෙනවා ගෑණු පිරිමි කියලා වෙනසක් නෑ පවුල් ජීවිතය කියන්නේ හවුල් ජීවිතයක් දෙදෙනාම කරුණාව දයාව ආදරය හඳුනන අය වෙන්න ඔන රාස්සයයි රාස්සනියි වගේ වුනාම දරුවන්ට යන කල දසාව ආයෙ කියන්න ඔන නෑනෙ (දී)
මේ පියාට කුමක් හෝ මානසික පීඩනයක් තිබිල.එය නැති ලෝකයේ ගැහැණු දරුවෝ දෙන්නට ආරක්ෂාවක් නැති වෙයි කියල බයේ ඒ දෙන්නත් රැගෙන යන්න හදල. (දී)
ඊයේ මේ සිද්දියට මම කොමන්ට් නොදැම්මේ මෙන්න මේ හේතුව නිසා . අපි කලබල වෙලා අදහස් දැම්මට හැම දේකම දෙපැත්තක් තියනවා. ඊයේ අදහස් දාපු අය අද මොකද කියන්නේ මෙතන අපි නොදන්නා ලොකු කතාවක් ඇති. .මම නම් මේ පියා ගැන බලන්නේ බුදුන් දෙසනා කල දර්මේ අනුව. ඔහු දරුවන් ගගට විසිකර නිදහ්වෙන්න හිතල නැහැ කියල දැන් තේරෙනවා නේද? මොහු කල වැඩේ සාදරනිකරණය කරන්න බැහැ. මේකට හේතුව නැතුව? (නදී)
මොකුත් නොදැන ඔහේ කියවනවා.(නදී)
තවත් මේ සමාජයේ පිඩනයට ලක්වුන තාත්තා කෙනෙකුගේ දුක් බර කතාවක්. අපි දන්නේ සිදුවීම පමණි ඔහුගේ පැත්තෙන් ලොකු කතාවක් පීඩනයක් තියෙන්න ඇති ඒවා නිල්වලා ගගේ පතුලේ එයත් එක්කම සැගවිල ගීයා. ඒ මනුස්සයට අනුකම්පා කරන්න දරුවන්ට සුබ අනාගතයක්.(නදී)
මම මේ පියාව හොඳට අඳුනනවා. ඔහු අහින්සක මනුස්සයෙක්.මෙයාගෙ බිරිඳගේ නංඟි තමයි පවුල විනාස කරන්න මුල.(ස)
කතාව ඇත්ත, අම්මා ඔය කියන තරම් අහිංසකද කියලා කව්ද දන්නේ? අනික මේ වගේ දේවල් වලට ප්‍රචාරය වැඩියි ඕනවට වඩා. ඒ නිසා මේක ආදර්ශයවට අරන් මෙවැනි දේවල් කරන්න පුලුවන්.(නදී)
සමහරු මේකත් විකුණලා ගාන කපන්න හදනවා. ජීවත් වෙන්න බැරිකම නිසා වුනු මරණයක් කියලා. පුවත්පත් වල මේ සිදුවීමට හේතු ඉතා පැහැදිලිව සාධක සහිතව දාල තියෙනවා. සත්‍යා මහත්තයෝ, ලලිත් මහත්තයෝ අනෙක් පත්තරත් බලන්න.(නදී)
ගඟට පැනල දිවි නසාගත්ත නිසා දැන් ගංගාවල් ලඟින් යන එකත් රජයෙන් නතර කරයිද දන්නේ නැහැ. (නදී)
අශෝක, සියළුම ගංගා වසා දැමීම සඳහා ටෙන්ඩර් දැමිය යුතුයි.(නදී)!
මම අතුල සමග එකඟ වෙමි.(නදී)
බන්දුල මහත්තයෝ, මේක අර කරවිල කාපු පවුලක කතාව වගේ නම් වෙන්න බැහැ.මේක වෙන මොකක් හරි පවුල් අවුලක් වගේ. (අ)
මේක ගැන අපි කලබල වෙන්න ඕන නෑ කියල මම නම් කියන්නේ.අපි මේ ඇවිත් ඉන්නේ ලෝකයේ අවසන් කාලයට කියල අවබෝධ කර ගන්න. කොසොල් රජතුමා සහ සිහින ගැන කතාව මටක් කරන්න. (අ)
ඔබ කල පාපේ දිලිදු බවයි එය අද අපගේ දෑස තෙමයි (අ)