( සිතුම් චතුරංග)
දරකැඩීම සඳහා මුලතිව්, මාන්කුලම, නීදීපුරම් කැළයටගොස් සිටි දරුවෙකු සහ තවත් අයකු පිපිරීමකින් තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කොට ඇති බව මාන්කුලම පොලිසිය පවසයි.
සීයා සහ මුණුපුරා දැකැඩීම සඳහා නිවස ආසන්නයේ නීදීපුරම් කැළයට ගොස් ඇති අතර එහිදී පැරණි කොටයක් දර සඳහා පලමින් සිටියදී මෙම පිපිරීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.
එලෙස තුවාල ලබා රෝහල්ගත කොට ඇත්තේ මාන්කුලම, නීදීපුරම් පදිංචි වයස අවුරුදු හතක කුඩා දරුවෙකු සහ ඔහුගේ සීයාවූ 75 හැවිරිදි අයකුවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලගෙ ගැලවුම්කාරයාගේ වැඩක්... මොනවා කරන්නද අපි අනුකම්පාවෙන් ඉක්මන් සුවය පතමු.
දර කොටය අස්සේ කවුරු හරි හංගපු බෝම්බයක් තිබිලාවත්ද? ජීවිත හානි සිදුනොවිම සතුටට කාරණාවක්. දෙදෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.
දර පලන හනුමාව යොදාගත්තා නම් ඔය අනතුර වළක්වා ගන්න තිබුණා.