සන්ධානයෙන් වයඹ පළාත් සභාවට තරඟ වදින දයාසිරි ජයසේකර මහතාට තමා සහය නොදෙන බවට ප්‍රකාශ කිරීම සදහා ගල්ගමුව රෝහල ඉදිරිපිට බස්නැවතුම්පොළේ වහලය මත නැඟ කළ විරෝධතාවයේදී ගල්ගමු ප්‍රාදේශිය සභාවේ විපක්ෂ මන්ත්‍රී කේ ආඩි අප්පු මහතා වහලෙන් ඇද වැටී රෝහල්ගත කරනු ලැබීය.
ආඩියා මහතා ප්‍රකාශ කළේ ජයසේකර මහතාට තමා සහාය දක්වන බවට ඔහු ගෙන යන ප්‍රචාරය වැරැදි හෙයින් තමා මේ විරෝධය දක්වන බවයි.
ඡායාරූප - රොෂාන් රණසිංහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් මිනිසුන් තමයි පාලකයෝ ()
මේ අහිංසක මනුසයට අපහස කරන්ඩ එපා. එතුමාට වැරදිලා තියෙන්නේ මම හිතන විදිහට නම් හොර දෙසපාලුවන්ව තේරුම් ගැනීමට බැරිකමයි. එතුමාට ඉක්මන් සුවය පතමු. (ස)
අළුතින් නිෂ්පාදනය වෙන ජය මාවත ෆිල්ම් එකට ජවනිකාව ඉදිරිපත් කරන මොහු නිෂ්පාදකතුමාගේ පැසසුමට ලක්වෙන එක නිසැකය (නි)
ආඩි අප්පු ඔබට අපගේ උත්තමාචාර. ඔබ නියම එක්සත් ජාතික පාක්ෂිකයෙක්. ඉක්මන් සුවය ලැබී එක්සත් ජාතික පාක්ෂයේ ජය වෙනුවෙන් වැඩ කරන්න ශක්තිය ඔබට ලැබේව. (දී)
අනේ මේ මනුස්සය මන්ත්‍රී වුනෙත් කවුරුහරි චන්දෙ දුන්න හින්දනේ.මේ වගේ බුද්ධිමතුන් වයඹ ගොඩක් ඉන්නවා ඇති නේද? (දී)
කකුලේ තුවාලේ පරණ එකක්. (දී)
දයාසිරිට කටුව ගහන්න ගිහින් මෙයාට ලැබෙන්න තිබුණු ඡන්ද ටිකත් දැන් නැති වෙලා... හොඳ වැඩේ. (නි)
අනේ ආඩි අප්පු එක්සත් ජාතික පක්‍ෂයේ එක්සත් කම වෙනුවෙන් වහලට නගින්න හොද වෙලා ඇවිත් (දී)
වයඹ මහතුනි, සල්ලි වලට ,බලයට ඡන්දෙ දෙන්න එපා. ඔබලාට ,අපිට ලැබෙන දෙයක් නැහැ. (නි)
අමිල, නියම ප්‍රස්ථා පිරුල. ඔයාටත් හිතෙන දේවල්. (නි)
කවුද ඔබට වහලට නගින්න කිවුවේ? (නි)
මෝඩකමට බෙහෙත් නැහැ (නි)
පිනක් දහමක් කරගෙන ඉන්නේ නැතුව (දී)
මේ මනුස්සයා කකුලේ තුවාලයකුත් තියාගෙන උලුවහලයක නැගගෙන මේවා කරන්න ගියාද? අර වැටුන විදියට කවුරුත් ළග නැති වුණා නම් බලාගන්න තිබුනා (නි)
දයාසිරි ජයසේකරට බොරු පතුරන එක වැරදියි.ඔය බොරු නිසා අඞි අප්පුට පක්‍ෂ සාමාජිකත්වය හා මන්ත්‍රීකම නැතිවෙන්නත් පුළුවන්.ඔය වගේ කුමන්ත්‍රණ ගැන පක්‍ෂ නායකත්වය අවදියෙන් ඉන්න ඕන. (ස)
බඹරා වගේ ඇත තවම විසේ...විසේ වැඩි කමට දයාසිරි කරනම ගැහුවා. ආඩියා වහලට නැගලා වැටුණා. (ස)
මෙවන් උසට වහළවල් තිබීම අනුමත කළ නොහැක (නි)
තරහ වෙලා සිටි අය නැතේ..වහලෙන් වැටුනත් අප එකා වගේ... (ස)
අයියෝ ....... (ස)
හරිම වාසනාවන්තයෙක්. වහලකින් ඇදගෙන වැටෙන කොටම මෙන්න ඉස්පිරිතාලය අත ලඟටම ඇවිත්. අපි වගේ ගමේ මිනිහෙක් වැටුනා නම් වාහනයක් හොයා ගෙනම කොච්චර දුර යන්න ඕනද? (ස)
හනෙ හනෙ අපේ මිනිස්සු පත්තරේට නම, ෆොටෝ එක දාගන්ට කරන දේවල් !!?? (ස)
මේ සේරම හරක්. කිසිම තේරුමක් නැතිව ලියන්නන් වාලේ ලියනවා. වැදගත් අදහසක් ලියන්න බැරි නම් නිකන් ඉන්න. (ස)
ආඩි ඔබට සුවය, ඡන්ද නිසා මිනිමරා ගන්නවා ...... (ස)
මෙන්න නියම දෙයියෝ සාක්කි !! විද්දේ හාවට වැදුනේ පදුරට. (ස)
මටනම් නීකම් පීස්සු වගෙයි (දී)
අනේ අර අහිංක මිනිස්සු බස් එකක් එනකං හිටපු හෝල්ට් එක. දැන් ඔය මහත්තයා ඔය කැඩිච්ච වහලෙ හදලා දෙයිද? නැත්තම් දයාසිරි මහත්තයාම ඒක කරයිද? (ස)
හොඳ වැඩේ. කකුල කැඩෙන්න තිබ්බේ.(නදී)
විරෝධය පාන්න වෙන ක්‍රමයක් තිබුනෙම නැද්ද? අද තිබෙන දේශපාලනයේ යථාර්තය මේක තමයි. (ස)
ගොන් හරකා.(නදී)
මම කතෝලිකයෙක් උනත් කියන්නේ බුදුබණ බොරු කරන්න බෑ චේතනාවම තමා කර්මයට මුල් වෙන්නෙ.මීට පස්සේ වහලවල් වලට නගිනකොට තෘස්නාව අයින්කරලා දෙයියන් බුදුන් සිහිකරලා නගින්න. සනිප උනාම රෑට රෑට බෞද්ධ රූපවාහිනි නාලිකාවේ බණ ටිකක් අහන්න. එතකොට ඔය හිතේ අමාරුගතිත් ඈරිලා යාවි. ඔබට නිරෝගි සුව!(නදී)
අනේ ආඩියෝ, නිකන් කිච වෙලා ටින් කිරි ගාගන්නේ නැතුව ගෙදර ගිහින් නිදාගත්තානම් නරකද? (දී)
තමුන් වගේ කෙනක් ඉන්නවානම් ඒ තමුන් විතරයි
ආඩියා ඔයින් බේරුනා මදෑ. ,ආඩියට ඉක්මන් සුවය පතමි.(නදී)
මෝඩ මිනිස්සු. (ස)
දයාසිරි අමු බොරුනේ කියන්නේ පව් මේ මෝඩයා
වයඹ මැතිවරණය ආඩි 7 දෙනාගේ කැද හැලිය වගෙයි . (නදී)
මෙය කියවන කොට අපිට හිනා යනවා .මේ මනුස්සයට දැන් බෙහෙත් ටික ගන්න පක්ෂයේ උදව් උපකාර ලබෙයිද දන්නෙ නැහැ. (ස)
පුඵවන් දෙයක් එපැයි කරන්න ..... (දී)
අනේ පව්.(නදී)
අපොයි මාළු.(නදී)
වැදගත් මිනිසුන්ට අපහාස කරන අයට සොබා ධර්මය දඬුවම් දෙනවා.(නදී)
මාධ්‍ය සංදර්ශන වලට ගස් ගල් කුළුණු වහලවල් උඩට නගින සෝබන කාරයින්ට ඔහොම්මම තමයි වෙන්න ඕනා.(නදී)
ආඩිය මහතා කලදේ මම අගය කරමි. දයාසිරි මහතා පෙරමුණට ගියේ ජනතාවට සේවය කරන්න නෙමෙයි කියලයි මගේ මතය. බල තන්‍හාව නිසා කොහොම හරි මහ අමති වෙලා හම්බ කරන කොට ඡන්දේ දීප අයට තරු පෙනේ. මේවා කොච්චර ලංකාවේ උනත් මෝඩයෝ ඉන්නකල් රට හදන්න බැහැ.(නදී)
ආරංචිය ලංකාවේ වැඩිම බාර් අයිති පුද්ගලයාගෙන් විශාල මුදලක් අරන් වැඩේ කරලා තියන්නේ. (ස)
උන අනතුරට කණගාටු වෙන අතර ඔය වගේ හරක් පැටව් ඉන්නකම් දේසපාලන මුදලාලිලාට රජමගුල්.(නදී)
අහක බලන් ඉන්න නිල් ඔසරිකාරිට නම් හොදටම තරහා ගිහිල්ලා වගෙයි (නි)
අනේ ආඩියෝ නුඹට කුමක් වියෝය ! (ස)
ලංකාවේ මිනිස්සු හරිම පව් නේද (දී)
මෙයාගේ දරුවන්ට තමයි මාර අපහාසේ. ඉස්කෝලේ ගිහයාම ඒ ළමයින්ට මාර රැග් එක.(නදී)
මට කියන්න පහුවදා හඳ පායලා තිබ්බාද ඒ පැත්තට (දී)
මෙයාට නගින්න තිබ්බේ වහලෙට නෙමේ බහින්න තිබ්බේ දයාසිරි මහත්තයාගේ ගෙදර පිරිච්ච කක්කුස්සි වලට.(නදී)
මෙය නම් හරිම කිකාරා කතාවක්. මම තවම හිනාවෙනව. (දී)
අනේ අපේ දයා මහත්තයා (අ)
නාකි විසේ ගෙටත් උසේ.(නදී)
මෝඩකම නිසා ඔහොම තමයි වෙන්න ඕනේ.(නදී)
බැරි වැඩ නොකරන් ආඩියෝ.(නදී)
අනේ කෝ අනේ අපේ යාළුවො ටික .., රුපවති අක්ක .., සරත් ., දිසා ඔයාල කොහේදෝ .., මෙන්න ආඩියා වහලෙන් වැටිලෝ !!!! අදහස් ලියන්නේ නැද්දෝ !!!(නදී)
අපරාදේ බස් හෝල්ඩ් එකේ වහලත් කැඩිල වගේ පෙන්නේ .රෝහලට එන ලෙඩ්ඩුන්ට අව්වට වැස්සට සේවන දුන්න බස්හොල්ට් එකේ වහලට නගින්නැතුව නගින්න තැනක්තිබිලමනැහැ. (අ)
කල දුටු කල වල හිය ගන්ඩ වගේ (දී)
වයඹ ජනතාවට මොනයම්ම ප්‍රශ්නයක්වත් නැති බව පේනවා; මේවා හිනවෙන්ට කරන වැඩ. මමත් වයඹ.(නදී)
මිනිහට මට කියන්න තියෙන්නේ.... හූ හූ.... (ස)
කාටද චන්දෙ දෙන්නේ කියල මේ වෙනකොට චන්ද දායකයෝ තීරණය කරලා ඉවරයි. මේවට කියන්නේ ගොන්පාට් (දී)
වදින්න ගිය දේවාලය ඔලුවේ කඩන වැටුණු මිනිහට ගොනා අන්න වගේ වැඩක් තමා මේකත් (අ)
වයසට යන්න යන්නා පිස්සු වැඩි වෙනවා (දී)
අනේ මෙහෙමවත් මෙයාලා උඩට එනවා නම් (ස)
බඩුම තමා (දී)
ආඩි අප්පු උඹනම් මහා තකතිරුවෙක් . හොර අරක්කු බිව්වම ගස් උඩ වහල උඩ බිත්ති දිගේ බඩගානවලු මිනිස්සු . අර ලඟදි රේගුවෙන් නිදහස් කරපු මොනවදෝ ඇල්කොහොල් දාල හදන කසිප්පු අරක්කු . ගහපන් නැගපන් වහලට ගස් වලට විරෝධය පල කරපන් කඩේ පලයන් මොඩයා.(නදී)
මෝඩ අප්පු හොද වෙලාවට රෝහල ඉදරිපිට කරේ, නෙත්නම් අප්පු කපෝතියි.(නදී)
ලංකාවේ දැන් විරුද්ධත්වය ප්‍රකාශ කරන හොදම මාර්ගය තමා මොකක් හරි උඩ නගින එක. කවුරුත් නැද්ද මේ ක්‍රමය වෙනස් කරන්න මොලේ තියෙන කෙනෙක්. මොකද දැන් මේක විහිලුවක් වෙලා. (ස)
මොනවා උනත් බලේට ආපුවම ඔය කව්රුවත් බලන්නේ නැහැ. ඒක නිසා පාඩුවේ වැඩක් බලන් හිටියනම් ඉවරයි.(නදී)
හොඳ වැඩේ.කොන්ද කැඩුණ නම් ගොඩක් හොඳයි. (ස)
දයාසිරි අපී විස්වාසය කැඩුවා. අපි කොහොමද එයාට ඡන්දය දෙන්නේ.(නදී)
ඔය වගේ ආඩියෝ සංවිධානයේ සෑහෙන්න ඉන්නවා. (ස)
ඉක්මන් සුවය පතමු. (ස)
රවී, කෝ ඔයාගේ වැදගත් අදහස?අපි ඔක්කොම හරක් නම් ඔබ තමා ගොන් නාම්බා, වැදගත් දෙයක් කරන්න එපායැ වැදගත් අදහස් දාන්න. (ස)
කවුද මේ රාළහාමි ළඟින් ඉන්න නිල් ඔසරිකාරි? මොකද එයා අහක බලන් ඉන්නෙ. (ස)
පරණ කතාවක් තියෙනවා වහලෙන් වැටුනු මිනිස්සුන්ට ගැහැණු දෙන්නේ නැහැ කියලා. මෙයාටත් එහෙම වෙයිද? (නදී)
වයඹ මෝඩයන්ගේ ක්‍රියා..... (ස)
තමන්ගේ පාඩුවේ හිටියානම් ඉවරයිනේ අනුන්ගේ නම් ප්‍රසිද්ද කරන්න යන්න ඕනා නැහැනේ.(නදී)
වයඹ අයගේ බුද්ධි මට්ටම චන්දෙන් පස්සේ බලාගන්න පුළුවන්.(නදී)
මම නම් කියන්නේ අප්පු වහලයට නගින්න කලින් දඩි දඩි ගාලා මොනවාහරි පාවිච්චි කරලා තමයි වහලය උඩට නැගලා තියෙන්නේ (නි)
කාගේ හෝ උසිගැන්වීමකට මේ මෝඩයා වහලට නැගලා . කඩේ යන්න ගිහින් වහලෙන් වැටිලා . මෝඩකමට බෙහෙත් නැත . දයාසිරි එපා නම් ඡන්දය නොදී වෙන කෙනෙකුට දෙන්න තිබ්බා. (ස)
හොද වැඩේ, කියන්නේ නැතුව මොනව කියන්නද ඔය වගේ අයට දයාසිරි වගේ තරුණයෙක් සන්ධානයට පැමිණීම් ගැන අපිනම් සතුටු වෙනවා. (දී)
අඩු කැඩුණා නම් එහෙම? (නි)
අපි නොදන්නා වයඹ (නි)
ජම්බු ගහකටනේ නගින්නෙ තිබ්බේ.(නදී)
ග්‍රහචාරය මාරුවෙලා සෙනසුරා ලබලද කොහෙද? (නි)
මෙවාය උඩට නැග්ගුවේ කව්ද දන්නේ නැහැ?සරමක් ඇදලා නේද ඉන්නේ? බුදු අම්මෝ! ලිස්සලා වැටෙනකොට පහළ අය මොනවා දැක්කද දන්නේ නැහැ. (නි)
දැන් ඉතින් ආඩියා රෝහලේ. දයාසිරි ජය මාවතේ...... ආඩියගේ ගෙදර මිනිස්සුන්ට මල කරදරේ ඉස්පිරිතාලේ ගානේ බඩගාන්න.වයසට අනුව වැඩකරන්න කියන්නේ ඕකට තමා. (ස)
පනින රිලවුන්ට ඉනි මං මොකටද! (නි)
වයඹ කට්ටිය ගැන මේ ප්‍රතිඵල වලින් කියන්න පුළුවන් (නි)
මේ වගේ අයට නේද අපි ඡන්දෙ දෙන්න යන්නේ? (නි)
ආඩි අප්පු කපෝති වෙන්න යන්නේ . ණයට කඩේ ගිහින් . අප්පුවෝ නොකරන් මෙහෙම මෝඩ වැඩ. (ස)
අනේ මෙහෙමත් මිනිස්සු වහලෙට නැගල පැය භාගයක් බුද්ධානුස්සති භාවනාව වත් කළා නම් අඩු ගානේ පර ලොවට වත් යහපතක් වෙයි. මේ එහෙට මෙහෙට පනින කට්ටිය පොරවල් කරන්නේනෙ නැතිව.(දී)
මෙයාට පුදුම අමාරුවක් තියෙන්නේ. කොන්ද 4 ට කැඩුනා නම් හොදයිද?(නදී)
කරුනාකර මෙයාට කියන්න බස් නැවතුම් පොළේ වහලය තම පුද්ගලික මුදලින් සාදා දෙන්න කියලා.(නදී)
දේශපාලනය කරන්න, ගස් නගින්න, වහලට නගින්න වෙනම මිනිහෙක් තියාගන්න. ඔය වයසට ඕවා කරන්න බැහැ. (නි)
මේ මිනිහටත් අර අම්බලමේ පිනාට වුන දේ උනේ . වෙන කාටද පිනට කඩේ යන්න ගොහින් පිට කොන්දත් කඩන් දෙන් ඉස්පිරිතාලේ . දයාසිරි වගේ ලස්සන තරුණ හැකියාවක් තිබෙන කෙනෙකුට විරුද්ධ වන්න හේතුව මොකක්ද? (ස)
මොනවද මේ කතා. කොන්ද කඩාගෙන හරි පත්තරේ මුල් පිටුවට මූනත් තහඩුව දාගත්තනේ. ආඩියා මැතිතුමාට ඉක්මන් සුවය පතමි.(නදී)
වැටෙන්න නෙමේ වැටෙන්න වගේ ඉන්න තිබුනේ.(නදී)
පුෂ්ප කුමාර, ඔච්චර දරුණු වෙන්න එපා.කොන්ද කැඩිච්ච කෙනෙක් විඳවන හැටි දැකල තියනවද ? (ස)
අමුම අමු මෝඩයෙක්. (ස)
ආඩි අප්පු,,,,, මෝඩ අප්පු,,,,, (ස)
අනේ මේක දැකපු වෙලේ ඉදල තාමත් හිනා අද කට්ටියටම හිනාවෙන්න පුළුවන් ඇතිතරම්. අනුන්ට කල දේ තමන්ට පලදේ.කියන්නේ මේවට තමා. (අ)
ජැක් සහ ජිල්ලා දවසක් කන්දක් උඩට ගියා ඉක්මන් ගමනින් උඩට නැග්ග කල වැටුනා දඩස් කියා....// ජැක්ලා වැටුනේ කකුල ලිස්සලායි අපේ අය වැටෙන්නේ කට වැඩි හින්දායි ජැක්ලා ජිල්ලා පෙන්නා දුන්නා නේද එදා......// (ස)
එයා ආයේ එයිද? (නි)
කොන්ද කැඩිලා හරි මොලේ පෑදෙන එක හොඳ නැද්ද? (ස)
අන්කල් තිබෙන දෙයක් කාලා, වෙන දෙයක් වෙන්න දීලා බලාගෙන හිටියනම් අද මෙහෙම ඉස්පිරිතාල වල ඉන්න ඕන නෑනෙ.දේශපාලුවන්ගෙන් ලැබෙන දෙයක් නැහැ.බොරුකාරයො. ඡන්දෙ ලං වෙන කොට තමයි ජනතාව මතක් වෙන්නෙ. (ස)
ඉක්මන් ගමනින් ඉහළට නැග්ගා... ඇදගෙන වැටුණා ජබග් කියා... (නි)
මේ වගේ අයට කවුද අප්පේ ඡන්දෙ දුන්නේ? (නි)
හොදම වැඩේ දැන් දයාසිරි එන්න ඕනේ මෙයාව බලන්න ඉස්පිරිතාලෙට.එතකොට දෙන්න යාළුවෙනවා.දයාසිරිටත් ලකුණු. (ස)
දයාසිරි උඩ පැන පැන හිනා වෙනවා ඇති. (නි)
සාමාන්‍යය මිනිස්සු ගස් නගිනවා. දේශපාලුවො, ගුරුවරු වහලවල් වලට නගිනවා. (ස)
බත් කන හරකෙක්,ප්‍රාදේශීය සභාවට නෙමෙයි කරත්තේ බඳින්න හොඳයි. (ස)
නගින්න පෙර සිතා බලනු! (ස)
අනේ ආඩි අප්පුවේ, අපේ හාමු තාම කොළඹ ඉදලා ඔයා බේරා ගන්න එනවා. එයාව වහලෙට එහෙම නග්ගන්න එපා. (නි)
වහළෙන් වැටිලා කොන්ද කැඩුනා නම් ඇදකටම වෙලා ඉතුරු උද්ගෝෂණය ඉවර කරන්න තිබුණා. (නි)
දයාසිරි මොනවා වුණත් මොළකාරයා (නි)
ඕක තමයි ආන්ඩියෝ කියන්නෙ දයාසිරි වගෙ උතුමන්ට අපහාස කරනා අයට ලැබෙන දඩුවම. (ස)
අපට පෙනෙන්න වහලේ නැග්ගට රොකට් එකට නගින්නේ කටුනායකින් හරි මත්තලින්. (නි)
ගැන්ග්නම් ස්ටය්ල් පට්ට පට පට!!! ආඩියට කරන්න වැඩ නැතුවද කොහෙද?? ඇති සීයේ ඔහොමවත් බේරුනා!!!(නදී)
අනේ ආඩියෝ (දී)
දැන් "ආඩියා වහළෙට නැග්ගා වගේ" කියලා අළුත් පිරුළක් හදන්න වෙනවා (නි)
මේ වගේ මෝඩ මිනිස්සු දේශපාලනයට හොදට ගැලපෙනවා (දී)
දොන් ඔයා කුවේට් ඉදන්ද ලියන්නේ (අ)
බස් නැවතුම ප්‍රාදේශීය සභාවෙන්ද හදල තියෙන්නේ? (දී)
කවුරු හරි කමක් නෑ වහල හදන්න. (ස)
හොද වැඩේ මේ දේශපාලුවන්ට පිස්සු (දී)
කොහොමත් ප්‍රාදේශීය සභා බොහෝමයක ඉන්නේ මේ වගේ මෝඩ හරක්.දේශපාලනය යනු මොනවද නොදැන. මිනිසුන් රවටා ඡන්ද ලබාගෙන රටට කරන වැඩකුත් නැහැ . මහජන සල්ලි විනාශ කරමින්. මේ වගේ මෝඩ ගොන් වැඩ කරමින් මිනිසුන්ට හාස්‍ය දෙති. (ස)
හිනා වෙලා පන යනවා.(නදී)
ඡන්දෙ දෙන්නේ මෝඩයෝ.රෑ වැටුන වලේ දවල් වැටෙන්නේ මෝඩයෝ. එක වතාවකට වඩා රැවටෙන්නේ මෝඩයෝ. අතින් වියදම් කරලා ගුටි කන්නේ මෝඩයෝ. බොරුකාරයා කියලා දැන දැන ඒ වචන විශ්වාස කරන්නේ මෝඩයෝ. ඡන්ද රැස්වීම් වලට යන්නේ මෝඩයෝ. බලන්න කව්ද මොඩයා කියලා. මම නම් මේ එකක්වත් කරන්නේ නැහැ.වෙන මෝඩකම් නම් කරනවා ඉඳ හිට. (නි)
මෙයා ප්‍රාදේශිය සභාවට යවපු අය කවුද? (ස)
අනේ මන්දා. මේ මිනිස්සුන්ටද මේ අපේ ගොයියො පැන පැන ඡන්දෙ දෙන්නෙ. දැන් ඉතින් බේත් වලට වෙනම වියදමක්. (ස)