එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද සිරිකොතේදී පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී පැයක සාකච්ඡාවක් පැවැත්වීය.
පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා ද සාකච්ඡාවට සහභාගී වූ බවත්, ප්‍රශ්න කිහිපයක් ගැනම එහිදී අදහස් හුවමාරු කර ගත් බවත් දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොද තීරණයක් (නි)
කන්න පුළුවන් නම් මොන පැත්තත් හොදයි නේද දයා (දී)
නටපු නැටිල්ලකුත් නෑ බෙරේ පළුවකුත් නෑ (අ)
මට මතකයි දයාසිරිමහත්ත්යා කවුද මන්ත්‍රී කෙනෙක්ට කියුවා මෙකතිබ්බාට මේක නැහැ කියලා (දී)
සමහරුන්ට අරක තිබ්බාට මේක නැහැනේ (දී)
ඔයාට මනාප ක්‍රමයට ඡන්දලබුනේ පක්ෂයට නොවේ.හොද තීරණයක් ගන්න මිනිසුන්න්ට වැඩක් කරන්න හිතාගන.කොහේ හිටියත් ඔබටජය ලැබෙනවා .ඔබ හරියන්නේ රට බෙදන්න හදන නායකයෙකුට නොවේ.මහින්ද රාජපක්ෂ වගේ නොසැලෙන මිනිහෙකුට ඔබත් එකතු වුනොත් අපේරට කාටවත් බැය නැහැ මගේ නිගමනය ඔබ යනෙක හෙද අපේ රටට මිසක් වෙන කාටයත් නොවේ. ඔබ දෙශපලනයට අවේ කාගෙවත් කීමටනොවෙ නම් තිරණය ඔබටම බරයි ඔබට බුදුසරණයි (අ)
මටනම් කිසිම වෑදගත්කමක් නෑති පුවතක්, හරියට ටෙනිසන් කුරේ බන්දු සමරසිංහව හම්බ උනාවගේ (දී)
දයා වැට උඩ ඉන්නේ.. (දී)
හදිසියේම හමුවෙන්න ගියේ මොකද දන්නෙ නැහැ නේද? (නි)
දයාසිරි මහතා අපිව අනාථ කරන්න එපා පනින අදහස අතාරින්න . (දී)
රනිලට දිනන්න බැහැ කියල නම් දැන් මුළු ලෝකෙම පිලි අරන් ඉවරයි (දී)
ඔබ යනවා බලා මට වමනේ ගියා, සහන සොයා මම සිරි කොතට ගියා, (දී)
රනිල් මහත්තයා වුනත් මීට වැඩිය තරුණ දක්ෂයින්ට තැනක් දීමට හිත යොමුකළ යුතුයි නේද? ජනතා කැමැත්තට හිස නමමු. (නි)
මම ආයෙත් කියන්නේ ,දයාසිරි මහත්තයා යන්නේ නැහැ. නමුත් ඉදිරිය ගැන ටිකක් අවිනිශ්චිතයි වගෙයි (නි)
දයා..ඔවා බොරු සාකච්චා ..පැන්නොත් නම් ගොඩ..නැත්නම් කොට උඩ තාම. (දී)
මව එපා උනාද ??? (දී)
හෙට මහින්ද හමුව ..ලබන සතියේ ආණ්ඩුවට..නපුරු හීනය.. (දී)
දයාසිරි නැති එ.ජා. පයක් ගැන අපිට හිතන්නවත් බැහැ. (නි)
දයාසිරි මැතිතුමනි, දැන් කොහේවත් යන්න එපා. දැන් කාලේ ඇවිත් තියෙන්නේ. (නි)
වෙනත් පටු පක්ෂ භේද අතහැර අපි එකමුතු නොවුනහොත් තවත් අවුරුදු ගණනකින් රට බෙදන්නට සුළු ජාතින් දරන වෑයම බල රහිත කරන්න බැරි වේවි. (නි)
ඔබ ඉන්න අපි සමග. කුරුණෑගල අලි. අපි පොඩි අඩියක් දන ගමන් කතා කලේ ඔබ ගැන. අපි 5දෙනෙක් හිටිය 4දෙන්ක ගේ අදහස ඔබ යන්න . මහා ඇමති වෙයි කියල. එක් කෙනෙක් කිව්වුවා බලමු. (අ)
අන්තිමට යු.එන්.පි යට ඉතිරි වෙන්නේ රනිල් , තිස්ස විතරයි සුබ අනාගතයක් යු.එන්.පි (දී)
දයාසිරි මහත්තයට ආණ්ඩුවට යන්න දෙමු (නි)
දයාසිරි මහත්තයාට අපි ඉන්නවා (දී)
දයාසිරි ජයසේකර කියන්නේ හොද ඔලුවක්.මොන පැත්තේ හරි අපේ මැතිසබේ සිටිය යුතු කෙනෙක්. පක්ස විපක්ස කවුරුත් ඔහුට කැමතියි .හොද ජප්‍රසාදයක් තියනවා.වල්පල් දොඩවන්නේ නැතිව මාතෘකාවෙන් පිට නොපැන තම මතය කෙලින් ප්‍රකාස කරන්නෙක්. රනිල් ගියත් තමන්ගේ ප්‍රතිරූපය පුම්බගන්න පන්සල්වලට බූදලය බෙද බෙදා යන අයගෙනුත් බේරිලා තමයි උඩට එන්න වෙන්නේ.කොහේ හිටියත් හොද අනාගතයක් තියනවා. ඔබට ජය. (දී)
ඇත්තටම දයා යනවා නම් හොඳයි රටට වැඩක් කරන්න පුළුවන් කෙනෙක් (අ)
රටටම නායකයෙක් ඔබ (දී)
කව්රු යන්න එපා කියල අඩා වෙලපුනත් මෙයා යනවා..ලබන සතිය වෙනකොට ඡන්ද ප්‍රතිපලේ ලැබෙයි .මෙයා හොදට දන්නව ගිලෙන නැව මොකක්ද ගිලුණු නැව මොකක්ද ගිල්වන්න බේරී නැව මොකක්ද කියල..මෙය නැව් ගිලපු කෙනෙක්..තිලක් ඩුබයි ගැන දුකඊ..එත් ඉතින් මොනවා කරන්නද....දවල් හීන දැක දැකම තමයි ඉන්න වෙන්නේ..(අ)
දයාසිරි මන්ත්‍රී තුමා ඔබට රටේ මිනිස්සුන්ගේ තිබෙන කැමැත්ත කොච්චරද කියල ඔබට දැන් පේනවා ඇති නේද? ඔබට මේ ජනප්‍රියත්වය ලැබුනේ එ.ජා.ප. සිටිය නිසයි. හිරු ඉන්න තැනක තව හිරු කෙනෙක් හිටියට බැබලෙන්න බැහැ. එළියක් නැති අය අතර ඉන්න නිසාම තමයි ඔබ බැබලෙන්නේ. ඔබ අනෙක් පැත්තට ගියොත් බැබලෙන්නේ එහෙ ඉන්න අය මිස ඔබ නොවේ. අනෙක ඔබ වාගේ අයෙක් කොහොමද කටක් ඇරලා ඊට පස්සේ ජනතාව වෙනුවෙන් කතා කරන්නේ. ඔබ ඉන්න නායකයා සමග සහයෝගයෙන් වැඩ කරන්න. කවදා හරි දිනක් උදාවෙයි. එතෙක් ඉවසන්න. ඔබට ජය! (අ)
දසිරි මහත්මය මනාප දුන් ජනතාව දමා යන්න එපා. ඔබ තුමාට අපෙන් පැනපු කට්ටියගේනුයි , ඊ පැත්තේ කට්ටියගෙනුයි කැපිලි එනව. නවන්න මතය එහෙන් ඉල්ලපුවවේ. ජනතා කැමැත්තට ඇහුන්කන් දෙන්ඩ . (දී)
දයාසිරි මහත්තය වම දකුණ අතර හිරවෙලා මහින්ද මහත්තය අතේ ඇගිලි දහයම පෙන්නලා වමට හැරෙන් කියනවා රනිල් මහත්තය කකුලෙන් ඇදල ආපසු හැරෙන් කියනවා (අ)
දයාසිරි මහතා මෙවර කියල තියෙන සින්දුව තමයි "මා ඉතින් යන්න යනවා... මට යන්න අවසරයි"
දයාසිරි මහතා මෙවර කියල තියෙන සින්දුව තමයි "මා ඉතින් යන්න යනවා... මට යන්න අවසරයි".(නදී)
අද රටේ තියෙන්නේ දේශපාලනයක් නෙමෙයි හම්බ කරන ව්‍යාපාරයක්. දයාසිරි මහත්තයා ගියත් එකයි හිටියත් එකයි.(නදී)
ගිලෙන්න ඔන්න මෙන්න කියල තියෙන නැවකට ගොඩ වෙන්න තරම් මෝ අය අද නැහැ. (අ)
ඔය නව හම්බන්තොට අලුතින් හදපු වාරයේ කළු ගලේ හැපිලා ටික ටික ගිලෙමින් තියෙන්නේ.පිට රටවල එන්න අපිටත් දැන් දැන් පීන්නම තියෙනවා ගිලෙමින් තිබෙන දර්සන. එහෙවු ගිලෙමින් තියෙන නැවකට ගොඩ වෙන මූඩයෝ ඉන්නවාද ? (දී)
දැන් ගිහින් වැඩක් නැහැ මන්ත්‍රී තුමා. එයිට වැඩිය නම්බුයි ඔහොම ඉන්න එක.(නදී)
ජනතාව ඔබ ගැන තැබූ බලාපොරොත්තු බිඳ දමන්න එපා. ඔබේ වටිනාකම සේරටම දැන් තේරිලා, ඒකයි එන්න කියන්නේ,ඒකයි යන්ද එපා කියන්නෙත්. මහා ඇමති කමට උනත් එකෙන් එන්ඩ. ජය සිකුරුයි (දී)
දයාසිරි මහත්තයා ගියොත් එහෙම වෙන්නේ මුලින්ම දුෂණ වල මඩ හෝදන්න. ඊට පස්සේ දයාසිරි මහත්තයත් ඒ දුෂණ මඩ වලේම එරෙන්න.(නදී)
ඔබතුමා රටේ අනාගත නායකයා විය යුතුය ඒ නිසා තව ටිකක් ඉදල බලමු (දී)
මෙයාට හොදට කතා කරන්න නම් පුළුවන් වැඩ කොහොමද කියලා කව්ද දන්නේ.(නදී)
මේ සැරෙත් වාර්තාව ආරක්ශා කරමු.පැයක ප්‍රොබ්ලම් එක ගණන් ගන්න එපා.නොගියොත් දාහයි. ගියොත් පන්ස්දාහයි (දී)
දයාසිරි කියන්නේ දක්ෂ, බුද්ධිමත් ජනතාවට ප්‍රිය කෙනෙක්. එක්සත් ජාතික පක්ෂය සුසුස්සාට සුදුසු තැන දිය යුතුයි කියා මම හිතනවා. එහෙම නොවුනොත් කවදාවත් පක්ෂයට දිනන්න අමාරුයි. හැබැයි, දයාසිරි ආණ්ඩුවට ගියොත් එහෙම ' යස් සර් ' ගාගෙන තමයි හැමදාම ඉන්න වෙන්නේ. මීට කලින් යු.එන්.පී. එකෙන් පතාක යෝධයෝ කීයක් නම් ගියාද ? දැන් මී පැටවූ වගේ. වැඩත් නැහැ. සද්දත් නැහැ.ම්හු.(නදී)
අන්න එහෙම ප්‍රස්ස්න කතාකරල විසදගන්න එපායැ රනිල් මහත්තයෝ. (නි)
දයාසිරි කියන්නේ දක්ෂ මන්ත්‍රී කෙනෙක්.ඔහු සුදුසු තීරණය ගනීවි. (දී)
සැලුන් එකේ කට්ටිය දොර ඇරලා තියාගෙන ඉන්නවා. යන්න හිතලවත් නැති අය ගැන ඒගොල්ලොත් එනවා එනවා කියලා බොරු කියලා මිනිස්සුන්ව අන්දන්න හදනවා නේද? එහෙම බලද්දී ඒ.ජා.පය කාටවත් අතපාන් නතිව සියයට 40- 45ක් ඡන්ද ගන්නවනේ. ඒ නිසා දයා සිරි මහත්තයෝ ඔබ හරියි. ඔබට ජය. සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳගෙන ඉදිරියට යන්න.(නදී)
ඇයි ඒ?කලින් කිව්වා නේද හමුවෙන්න බැහැ කියලා? (නි)
ලලිත් ඔයාගේ අදහස තමා මෙතන වැදගත්ම අදහස. චතුල වෙරෝනා, මල්ලි මට ඔයා ගැන කතගාටුයි. මොකද ඔයාලට පුළුවන් සුපර් ස්ටාර්ලට හුරේ දාන්න විතරයි.(නදී)
පනින්න හදපු කතාව ඇත්ත වගේ (අ)
මම එනවානම් එන්නේ රෙදි ගලෝල, කට මහගෙන හොදයි නේ. (දී)
දයාසිරි මහත්ය ඉවසන්න මේ දුෂිත ආණ්ඩුවත් එක්ක එකතු වෙන්න එපා. 2014 ජුනි වල මේ ආණ්ඩුව අපායට යනවා!! එක නියතයි රනිල් මහතයත් එක්ක ඉදල රටට හදමු එතුමාට මුලුලොකෙම සහයෝගය තියනවා මේ හොරු කල්ලියත් එක්ක ගිහින් නම කතා කරගන්න එපා අවන්කවම මොනවද රටට කරලා තියෙන්නේ රට නය කරා විතරයි ජනතාව කබලෙන් ලිපට>>> (දී)
එක එක අය සමග එකතු වී නම කැත කරගන්න එපා. රට හදන්න පුලුවන්. ලෝකයම පිලිගත් රනිල් මහත්තයා එක්ක ඉන්න. එතුමා අවංකයි ඉවසීමෙන් සැනසීම ලැබෙනවා. පේනවනේ ජනතාවගේ පිලිගැනීම ඔබට.(නදී)
දයාසේකර මහත්තයෝ, සල්ලි හම්බ කරන්න ඕනෙ නම් මේක තමයි අවස්ථාව පක්ෂේ මාරු කරන්න. ප්‍රගතිශීලිව ජනතාව ගැන හිතනවා නම් ඉවසන්න දිනක් එනවා අදට වඩා හෙට හොඳ. අර ප්‍රේමදාස මහත්තයා වගේ , මහින්ද රාජපක්ෂ මහත්තයා වගේ , සජිත් ප්‍රේමදාස මහත්තයා වගේ , ඉවසීමෙන් සැනසීම ලැබෙනවාමයි.(නදී)
ආනේ! මහත්තයා ගියා එහෙනම්? හොදයි හොදයි (නි)
දයාසිරි මන්ත්‍රී තුමනි ඔබ ගත් තීරණය එක්සත් ජාතික පක්ෂයට මහත් රුකුලක්, මුළු ලෝකයම පිළිගත් නායකයා සමග ඔබේ ජය තහවුරු වෙන බව අනගෙතේදී තහවුරුවේ, දුක්වේදින ජනතාව බේරගන්න. ඔබ සැමට ජය ! (අ)
දයාසිරි මන්ත්‍රී තුමා මොකක්ද මේ හදිසිය. ඔබට ඔය කියන තරම් වයස නැහැ. ඩී ඇස් උන්නැහැ බොහෝ වැඩ කරලා නිදහස් සටන මෙහෙයවල රටම ස්වයංපොෂිත කරලා තමයි වයස 64 දියි රටේ නායකයා වුනේ. ජේ ආර් තිස් ගණන්වල ඉඳල 77 වනතුරු වුන්න රටේ නායකයා වෙන්න. වයස 71 දී තමයි නායකයා උනේ. මහින්ද 70 ඉඳල 2005 වනතුරු උන්න. ප්‍රේමදාසත් එහෙමයි. ඒක නිසා ඔබටත් මේ රටේ නායකයෙක් වෙන්න ඕන නම් ඉවසන්න. පක්ෂය තුල තිබෙන දේවල් ඉවසල එකතුවෙලා නායකත්වය දෙන්න මේක හොඳම අවස්ථාවක්. අමතක කරන්න මොහොතකට සියලුදේ. ජනතාව දන්නවා ඔබ කවුද කියල. ඔබ හරියට නායකත්වය දුන්නොත් සජිත්ලා, බුදිධිකලා සමග ඔබේ ජනතාව වයඹ ඔබේ පක්ෂයට ලබාදෙනු නියතයි. තමා නොව රට අංක එකට තබා කටයුතු කරන්න. (අ)
එන පොට හොදනැහැ මෙයත් පනිනවා නෙව ගිලෙන්න ළඟයි (අ)
දයාසිරි මහත්තයා වටින්නේ විපක්ෂයට නොවෙයි ආණ්ඩුවට , රටට වැඩක් කරන්න (දී)
දයාසිරි මහින්ද මහතා හමුවන්න ජනතාවට වැඩක් කරන්න.නැත්තම් ජනතාවට බොරු කිය කිය විපක්ශය ඉන්න පුළුවන්. මන්ත්‍රී වරක්ප්‍රසද බුක්ති විදින්න ඕනනම් විපක්සෙ ඉන්න.අපේ රටට හොද ව්පක්ෂයක් අවශ්‍යයි කරට කර . ඔබ වගේ අයගෙන් වැඩක් වෙන්නේ නැත්තම් වැඩක් කරන්න පුළුවන් තැනකට කිට්ටු වෙන්න.නැත්තම් ජීවිතේ සැන්දැ සමයේ දුක්වෙන්නයි වෙන්නේ. ඔබ රටට වැඩ හොද මිනිහෙක් .කාලය නාස්ති නොකර ජනතාවට සේවයක් කරන්න ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න .දයාසිරි ඔබට ජය වේවා . (දී)
ඉවසීමෙන් ඉන්න රනිල් අවංක නායකයෙක් ඔබගේ සේවය ඔහුට අවශයි රටගැනහිතමු දුර බලන්න ලග නොබලන්න නැවගිලෙන්න ලගයි අපි ඔබ සමගයි කුරුණෑගල තරුණ ප්රිස(අ)
පහුගිය කලේ ගිය කට්ටිය දැන් එන්න හදන්නේ ඔබත් ඔහොම ඉන්න ලගදීම ජය ලැබෙන්නාව ඉවසන්න අපි ඔබ සමගයි (අ)
ජයවේවා, සියලු යස ඉසුරින් වදෙවා සාකච්චාව සාර්ථක වේවා (දී)
දයාසිරි කියන්නේ දක්ෂ මන්ත්‍රීකෙනෙක්. එයාව තියාගන්න බලන්න. ජයග්‍රහණයක් පේනතෙක් මානයක නැති නිසා හා පක්ෂ නායකයා ගැන පැහැදීමක් නැති නිසා එක්සත් ජාතික පක්ෂ රජයේ මන්තීවරු රැසක් රජයට එක්වුනා. (නි)
සුජීව, ඔබේ කතාව හරියට පසුගිය ඒ ජා ප රජයන් කාලයේ සියලු යස ඉසුරින් පිරී ඉතිරී තිබුනා වගේ නේ ,...දන්නෝ දනිති ,..දුක් විදින්නේ පෙර පව් නිසා ,........ (දී)
ඇත්තටම උගත් බුදිමත් නායයෝ ඉන්නේ රනිල් එක්ක ඒ තුමාට රටට හොද සේවයක් කලහැක ලෝකෙම හොද පිලිගනිමක් තියන්නව රටේ ආර්ථිකය ගොඩගන්නව රට නීති ගරුක වෙනවා මොකද රනිල් මහතය අවංකයි බුදිමත් එතුමා එක්ක ඔබ සිටිය උතුමයි (දී)
රටට සේවයක් කරන්න පුළුවන් මිනිහෙක් දයාසිරි කියන්නේ (දී)
රනිල් කියන්නේ ලෝකෙම අවධානය ගත්ත නායකයෙක් (දී)
දුර දක්නා නුවනක් තියන රනිල් මහත්තයත් එක්ක ඉන්න ඔබට ජය නියතයි. තව ටිකක් කල් ඉවසන්න (නි)
බලන් ඉදලා ...බලන් ඉදලා ... බැරිම තනද කොහෙද හම්බෙන්න යන්නේ (දී)
එදිරිසිංහගේ කතාව හරි බව මමත් පිළිගන්නවා. (නි)
ඔබ නායක රනිල් මහතා හමුවීම ලොකු දිනුමක්. අපි දන්නා විදියට ඒකට දිගුකලක් ගියා. තීරණයක් ගන්න දැන්මම. නැත්නම් පස්සේ පසුතැවෙන්න වෙනවා. මේ ආණ්ඩුවම නිසා අපිට ටිකක් අමාරුයි තමයි. ඒත් ඒ අයට නියමිත සැලැස්මක් තිබෙනවා. ඒකයි වෙනස. (නි)
අයියෝ දයාසිරි
පව් අනේ දයාසිරි අයියා, රට නොබෙදන්න ඔබේ හයිය රජයට දෙන්න.(නදී)
ඉවසීමේත් සීමාවක් තියෙන බව ඇත්ත.. අනාගතයක් ඇති මන්ත්‍රී වරයෙක් හැටියට ඒ දණ්ඩේ යන්න බැරි අයත් සමග ඉන්න කොට , හිටියා වගේ තව ටිකක් ඉවසන්න.. (දී)
එක අතකින් බලාගෙන ගියාම එය හිටිය කියල වැඩකුත් නැහැ අර වයසක රනිල් මහත්තයා දීල යන්නෙත් නැහැ දීල යන්න අපේ මහින්ද ජනාදිපති තුමා කැමතිත් නැහැ රනිල් ඉන්නකල් මහින්ද දිනනවා. (දී)
දයාසිරි මන්ත්‍රීතුමනි. එක්සත් ජාතික පක්ෂයේ ලක්ෂ ගණනක් පාක්ෂිකයෝ ඔබට මනාපය දුන්නේ ආණ්ඩුවට යන්න නොවෙයි. පක්ෂ විපක්ෂ කවුරුත් ඔබට ආදරෙයි. එක්සත් ජාතික පක්ෂයේ හිටියොත් කවදා හරි ඔබ ඉහලම තැනකට එන එක අනිවාර්යයි. රජයට එක්වෙලා දූශිතයින්ගේ කුණු අපුල්ලනවට වඩා ලොව පිළිගත් නායකයෙක් සමග ඉන්න එක නම්බුකාරයි.ඔබට ජය. (දී)
සන්තෝසයට කාරණාවක්
රනිල් ලුයි තිස්සයි බය වෙලා වෙන්න ඇති ඒ දෙන්න විතරක් ඉදලා පක්ෂෙට යන කාලකුත් නැහැනේ (දී)
නායකත්ව ගන්න තීරණ උඩ දිනුම පැරදුම තීන්දු වෙයි (දී)
සර් මම යන්නද එපාද සර් යනවද නැද්ද (දී)
මෙතුමා රතු ඉරටත් ඇවිත් දවසක් තම දක්ෂකම පෙන්නුවා මතකයි (නි)
සුජීව,"මුළු ලෝකයම පිළිගත් නායකයා" කියල කිවුවට වැඩක් තියනවද, යු.එන්.පි .එක මෙ තරම් ප්‍රපාතයකට වැටුනෙ රනිල් නිසා. (දී)
මේගොල්ලන් එන්නේ ජනතා ප්‍රශ්න විසඳන්න නේද?දැන් බලනකොට මෙගොල්ලන්ටනේ ප්‍රශ්න වෙලා තිබෙන්නේ? මේ දෙඉන්ම පේනවනේ මේගොල්ලෝ කොහොමද රටේ දැවෙන ප්‍රශ්න විසඳන්නේ කියල ???????? (දී)
දයාසිරි මහත්මයා, කුරුණෑගල ඔබතුමාට ජයග්‍රහණය කළ හැකියි. දිනලා පෙන්නන්න. ඔබට හොඳ අනගතයක් තියෙනවා. සජිත් සහ අනෙකුත් තරුණ නායකයින් සමග එකට එක්වී වැඩ කරන්න යැයි මම කියනවා (නි)
අනේ සර් මට හිමි තැන දෙනවාදෝ, (දී)
රනිල් මහත්තයෝ, හිතවත්කම් වලට නොසලකා, දක්ෂයන්ට සලකන්න.පක්ෂිකන්ගේ ගෞරවය , ආදරය දිනාගන්න.සාමාජිකයන් පක්ෂය අතහැර යන්නේ නැත.හැරයන්නේ කලමනකරනයි. නායකත්වයි. විරුද්ද පක්ෂය කියන්නේ,ආණ්ඩු පෙරලන එක නොවේ..වැඩි හොද ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ඇති හැකියාව ඔප්පුකිරිම්ය. (දී)