එක්සත්ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (24)පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කර රජයට එක් වීමට නියමිතය
ඔහු වයඹ මහ ඇමැති අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමට යතියි දැනගන්නට ඇත.
ජයසේකර මහතා අද මහින්ද රාජපක්ෂ ජනපති හමුවන බවටද තොරතුරු ලැබී ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය කොහොමත් හිටියේ එජාපෙ වුණාට වැඩ කලේ ආණ්ඩුවේ යන එකමයි හොඳ (අ)
එක්සත් ජාතික පක්ෂයට එකට දෙවි පිහිටටි. මිනිසුන් සමග ගනුදෙනු කෙරීමට නොදන්නා කමට හොද පාඩම්. දැන් වත් මිනිසුන් අසුරු කිරීමේ විදිය ජනාදිපති තුමාගෙන් ඉගෙන ගන්න.(අ)
දයාසිරි, වයඹ කියන්නේ මොකක්ද කියලා දන්නවනේ. නේද? (නි)
ඔක ඉතින් හැමෝම දන්න දෙයක් (අ)
2014 දි කවුරුත් බලාපොරොත්තු නොවෙන වෙනසක් වෙන්න පුළුවන් (නි)
අපි ගැන කතා කරන්න දැන් කව්රුත් නැහැ. (ස)
ඒ කියන්නේ මේ ආණ්ඩුව හොඳයි (අ0
සමහරුන්ට නම් දැන් නින්ද යයි. (නි)
ඔහුගේ ජයග්‍රහනයට අපි සුභ පතනවා. (නි)
දයාසිරිගේ වටිනාකම දන්නා අය තව ඉන්නවා...අංක එකට එයි ...(අ)
මින් දෙන පණිවුඩය තේරුම් නොගැනීමට තරම් පක්ෂය අනුවණද? (නි)
බුද්දීකට දකුණු පළාත් ඡන්දය එනතුරු ලේ වතුර නැතිව ඇති.(නදී)
අපිටත් හොද ගායකයෙක් ආවා එහෙනම් (නි)
ගාන කියද දන්නේ නෑ.. (අ)
දැන්වත් මහජනතාව තේරුම් ගතයුතුයි මෙවන් මහජන නියෝජිතයින් ගැන. (නි)
දයාසිරි ඔබත් එහෙනම් පක්ෂය අතහැරියා නේද? ඔහොම යන් ඔහොම යන්. (නි)
කෑලි කැපුවත් කොළපාට කියන අය තමා ඊලගට යන්නේ, මට දැනෙන විදියට (නි)
වැඩක් කරන්න පුළුවක් දක්ෂයෙකුගේ කකුලෙන් අදිද්දී තවත් ඒකෙම එල්ලිලා ඉන්නවට වඩා හොදයි වෙන තැනකට ගිහින් රටටත් ජනතාවටත් තමන්ටත් සේවයක් සලසන එක.(නදී)
රනිල් මහත්තයාටත් බැරිද කණ්ඩායමත් සමග රජයට එකතුවීමට? (නි)
මේ ඔයාල නිකන් බොරු කතා කියන්නේ නැතුව ඉන්න. මේ දේ උනායින් පස්සේ දැම්මට කමක් නෑ. එතකන් නිස්සබ්දව හිටියොත් තමා හොද.(නදී)
දැන් ඉතින් විපක්ෂේ කට්ටියගේ නම් ලකුණු කරද්දී ඉන්නවා කියන්න වෙන්නේ කීදෙනාටද අප්පේ! (නි)
දැන් මිනිස්සුන්ට මොනවා හිතෙනවා ඇද්ද? (නි)
මෝරලා, බලා ගෙන ඉන්න ගිලෙන්නේ මොකක්ද කියලා.(නදී)
එහෙම නම් ඊයේ අපේ ආසනයේ මන්ත්‍රීවරයා කීවේ මේ දයාසිරි මන්ත්‍රීවරයා අප පක්ෂයේ සිටින වටිනාම සම්පතක් ඔහු කවදාවත් ආණ්ඩුවට යන්නේ නෑ කියලා. නමුත් අපි දන්නා දේශපාලන වටාපිටාව අනුව යන්නෙ නෑ කියන අයයි පැනල යන්නේ. .දයාසිරි උන්නැහේ කීවේ ඊයේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ නොකරන බවත් ආණ්ඩුවට යන්නේ නැති බවත්. නමුත් එම ප්‍රකාශය කිරීම සහ එකතුවීම සිදු කරන්නේ අද නොවෙයි කියලා කිව්වේ නෑනේ. කොහොමද ටිකිරි මොලේ.(නදී)
තත්වය මෙසේ නම් හිටපු වයඹ මහ ඇමති අන්වාර්යෙන් එ.ජා.ප.යේ මහ ඇමති අපේක්ෂකයා වේවි. (නදී)
මා නම් හිතන්නේ මෙය පක්ෂයට ආශීර්වාදයක් කියලා.ඒත් අලියෙක් ගේ ඉවසීම රනිල්ට හොඳටම තියනවා. (නි)
මෙහි වගකීම එජාපය බාර ගත යුතුයි. වයඹ අපි දයාසිරි සමගයි.(නදී)
ඔබතුමා මොන පක්ෂයට ගියත් රටට සේවයක් කරන මනුස්සයෙක් බව දන්නවා. සැමදාම අපි ඔබ සමගයි. ඔබට ජය! (නි)
ලැජ්ජයි දෙයියෝ! (නි)
අනේ මන්දා ඉතින් ඇට නැති දිවනේ.(නදී)
අපි දැනගෙන හිටියා ඕක වෙන බව.(නදී)
ඒ කන්දත් අපේ තමයි. මේ කන්දත් අපේ තමයි.(නදී)
මෝරලා ඒක ගිලෙන නැව උනාට තවම පේන්නේ නැහැ. තවම හොඳට යත්‍රා කරනවා. (නදී)
දයාසිරි මේ ආණ්ඩුවට මොකටද ජැක් ගහන්නේ? තව ටිකක් ඉවසලා රනිල් එක්ක වැඩක් කරමු. රනිල් කියන්නේ ලෝකේ පිළිගත් බුද්දිමත් අවංක නායකයෙක් එතුමාගේ දක්ෂතා අපි දන්නවා ලංකාවේ ආර්ථිකය ගොඩගන්න පුලුවන් එතුමාට විතරයි. මොන ආණ්ඩුව ආවමද ආර්ථිකය හැදුනේ ජනතාව අතර මුදල් ගැවසුනේ ? ප්‍රේමදාස ජනාදිපති තුමා හොද දැක්මක් ඇතුව වැඩකළා ජනතාවට බර දුන්නේ නැහැ හැම දෙයක්ම සැලසුම්කර කාලයට ඔබින විදියට අද ජනතාවට හොදට එතුමාගේ අගය තේරෙනවා ඕක තමයි ඇත්ත. මෙ රටේ ජනතාවට සේවයක් වන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් පමණක් බව ජනතාවට හොදට තේරිලා.(නදී)
හරිම තිත්තයි පහු ගිය දවස් වල පුවත් පත් වලට දාපු අනා වැකි. මෙයාලවද අපි විස්වාස කරන්න ඕනා. දෙපැත් නයි වාගෙ. මෙයාලා රටට ආදරයක් තියෙන මිනිසුන් නෙවෙයි. දේශපාලනයෙන්ම අතු ගා දැමිය යුතුයි.(නදී)
කවුරු වුනත් ඉවසන එකෙත් සීමාවක් තියෙනවා. මේකෙන්වත් යුඑන්පී එක පාඩමක් ඉගෙනගනී කියා හිතනවා. (නි)
අපිනම් හිතුවේ කටින් විතරයි කතාකරන්නේ කියල..(අ)
මේ වගේ වචන දෙකේ අයට ඡන්දෙ දෙන අයට දෙවියන්ගේ පිහිටි.(අ)
සුබ ආරංචියක්. ජයෙන් ජය. තෙරුවන් සරණයි! (නි)
ඔබට මහජනයාගේ පීඩිත ජීවිත වලට වචනයකින් හරි සැනසුමක් ලබා දුන්නා. ලංකාව තවත් අගාදයට යන ලකුණු මේ සටහන් වෙන්නේ. (නි)
කව්රු කොහේ ගියත් මොන පක්සේ මාරු කලත් කව්රු දිනුවත් මගේ රටට නම් දෙයියන්ගේම පිහිටය්. විපක්ෂයේ ඉඳලා නම් කවදාවත් සුගතියක් වෙන්නේ නැහැ තමයි. (අ)
ලොකුම ලොකු අනාගතයක් පළාතටම නේද ?(අ)
ආඩම්බරයි පුතේ (නි)
දයාසිරි, අපි ඔබ සමගයි (නි)
ලොකු මහත්තයට ගොඩක් සතුටු ඇති. (නදී)
රනිල් මහත්තයෝ, ඉන්න හොදම මිනිස්සු පක්ෂය එපා වෙලා යනවනේ. ඇයි මේ? (නි)
දයාසිරි , දයා මාස්ටර්, දයා ගමගේ.(නදී)
මම නම් කියන්නේ සජිත් මහත්තය ගියොත් ගොඩක් හොදයි තාත්තා වගේ දුප්පත් අයට වැඩක් කරන්න පුළුවන් වෙයි.(නදී)
ඇදුමක් අද ගෙනද ගියේ ඒ කලේ ජනාධිපති තුමාට බැන්න නේද පලු පැලෙන්න, ඔන්න පලදුන්න, (අ)
අපි කිවුවා ඕක වෙයි කියලා (නි)
ගහන්න ගහන්න වදින මිනිහත් මෝඩයෙක්ලු. වදින්න වදින්න ගහන මිනිහත් මෝඩයෙක්ලු,දයාසිරිටත් ඒවගේ වැඩක් තමයි වුනේ. හැබැයි දයාසිරි දක්ෂයෙක්. (නි)
මම හිතන්නේ නැහැ ආණ්ඩුවට යයි කියා (නි)
වැඩක් කරන්න ඉඩ දෙන්නෙත් නැත්නම්, කැපිලි කෙටිලි දානවා නම්, තවත් ඉදලා මොකටද කියලා දයාසිරි මහත්තයාට හිතෙන්නේ ඇති. හැබැයි ඉතින් සින්දුවක් කියලා කලාව පැත්තට හිත යොමු කරලා නීති රස්සාව කරන් හිටියානම් මීට වඩා හොඳයි.(නදී)
උතුරට දයා මාස්ටර්, වයඹට දයාසිරි , මධ්‍යම ?(නදී)
කරූ , සජිත් ඔබත් දයාසිරි ගියාවගේ ගොස් මහින්දට රට හදන්න උදව් දෙන්න. (අ)
හොදයි, හොදයි. (නි)
එකම හේතුව බලයට සහ සැප විඳීමේ ආශාව. ජනතා සේවය, දෑත් ශක්තිමත් කිරීම, බයිලා තමයි . (නදී)
ප්‍රතිපත්තියක් නැති මිනිසුන්, නායකයාව එපානම් ගෙදර ඉන්ඩ තිබුනා.(නදී)
දැන් කබරගොයා තල ගොයා වෙයි නේද .? මන්ත්‍රී තුමා .!(අ)
පහුගිය කාලේ යන්නේ නැහැ කිව්වා නේද? (නදී)
දයාසිරි නියම නායකයෙක් නොවේ .නියම නායකයෙක් කවදාවත් ඉක්මනට පරාජය බාරගන්නේ නැ කැඩිච්ච වහහනේ හදාගෙන තමාගේ ගමන අවසන් කල යුතුයි (දී)
සහතික ඇත්ත කට්ටියට තියෙන අදහස් (නි)
ප්‍රතිපත්තියක්, ආත්ම ගෞරවයක්, ලැජ්ජාවක් නැති අය තමයි දැන් දේශපාලනය කරන්නේ.(නදී)
අපි මේ බලා ඉන්නේ අපිව හම්බවෙන්න එනකල් (නි)
අමිල දිගටම වලිගෙ පාගාගෙන ඉන්නේ. දයාසිරි යනවට වැඩියම කැමති කවුද කියලා තේරෙන්නේ නැති හැටියක්. මොකද එතකොට ඒ ගොල්ලන්ට තියෙන තරගය අඩුයි. (නි)
මේකට සම්පූර්ණ වග කියන්න ඕන රනිල් මහත්තයා (අ)
හුග දෙනෙක් වැරදි අර්ථකතන දීල තියෙන්නේ, දයාසිරි පක්ෂෙට ඡන්දේ දුන් මිනිසුන්ව අතරමන් කරලා ආණ්ඩුවට ගිහින් නැහැ.පාක්ෂිකයන් වෙනුවෙන් කෙනෙක් මැතිසබේට යයි .ඔහු ආණ්ඩුවට ජැක් ගහලත් නැහැ. කුරුණෑගල කට්ටිය අකමැතිනන් යාළුවව කුණුබක්කියට දමන්න පුළුවන් . (අ)
ආණ්ඩුවට බැනපු කටින්ම ඉස්සරහට හොද කියන හැටි බලා ගන්න පුළුවන්. (නදී)
වාසියක් බලාගෙනද යන්නේ? ඇයි මෙහෙම අයට අපි ඡන්දය දෙන්නේ.(නදී)
අපිට නම් ලැජ්ජයි.(නදී)
රටට අවශ්‍ය දක්ෂදේශපාලකයෙක් කොහේ හිටියත් ඔබට මගෙන් මනාපයක් ජයෙන් ජය (අ)
යනවා නම් මල්ලකුත් අරගන යන්න (අ)
සල්ලිවලට , තන්නහව තියෙනතුරු හරි ජනමතය පෙන්නන්නේ නැත , කවදාහරි මේ නායකයන්ට විරුද්ධ ජනතාව පෙළ ගැසේවි (අ)
ඊලගට කාවද ආන්ඩුවට යවන්නේ ? රෝසිද ? බුද්ධිකද ? හරීන්ද ? (අ)
ලංකාවේ දේශපාලනය ගමන් කරන්නේ කොහාටද? මිනිස්සු විශ්වාස කරන්නේ කොහොමද? ඡන්දෙ දාන අපි තමයි මෝඩයෝ. රටේ අනාගතය මොනවා වෙයිද? (නි)
මෙහෙම ගියොත් පක්ෂයේ කී දෙනෙක් අන්තිමට ඉතුරු වෙයිද දන්නෙ නැහැ. (නි)
රෙදි ඇදන් ද යන්නේ (අ)
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. (අ)
කඩාවැටුණු විපක්ෂයක් පමණක් අපට හිමිවේවිද? (නි)
අපිට නිකන් පිස්සු වගේ (අ)
කව්රුත් කැමති ඇති නේද සජිතුත් යනවට? (නදී)
දයාසිරි පැනපු එකෙන් වැඩියෙන්ම සතුටු වෙන්නේ කව්ද?(නදී)
දයාසිරි මහත්තයා ආණ්ඩුවට ගිය එකට වැඩියෙන්ම සතුටු වෙන කෙනා තමයි රනිල් මහත්තයා.දැන් එයාට කරදරයක් නැතුව සදා විපක්ෂ නායක පුටුවේ ඉන්න පුළුවන්. රනිල් මහත්තයෝ ඔබට ජයවේවා.(අ)
ගිලෙන්න යන නැවකට යනවා (අ)
ඔබ තුමාවත් වයඹට වැඩක් කරන්න.අනිත් අය වගේ තමන්ට විතරක් කර ගන්න එපා. ජනතාවගේ අවශ්‍යතා ලබා දෙන්න.කුරුණැගලින් ඇවිත් අනිත් අය වගේ කොළඹට වෙලා විනෝද වෙන්න නම් එපා. (අ)
කලින් මොනවද කීවේ දැන් කොහොමද? (අ)
එක් මහත්මයෙක් මෑතකදී පවසා සිටියා දේශපාලනය බල්ලට ගොස් නැති නමුත් බල්ලන් දේශපාලනයට පැමිණ ඇත කියා. මගේ අදහස අනුව මේ දෙකම සිදුවී ඇත. යහපත් කෙනකුට වුවත් අද තිබෙන දේශපාලන සංස්කෘතිය තුළ බලු වැඩ කිරීමට සිදුවී ඇත.(නදී)
දයාසිරි කියන්නේ ජනප්‍රිය,දක්ෂ කථිකයෙක්.ඔහු පාර්ලිමේන්තුවෙන් අස්වෙන එක ගැන නම් දුකයි. (නි)
දේශපාලකයෝ කියන්නේ බොරුම තමයි. වාසියට හෝයියා තමයි. කෝටි ගානක්, ඇතෙක් බරට රත්තරන් තමයි.(නදී)
ඔබ විපක්ෂයෙන් ඉවත් වුන තීරණය හරි (නි)
දයා සිරි මහත්තයෝ ඔබ තුමා ඇයි ඔහොම කතා කරන්නේ ? මොකද පසුගිය සතියේ කියපුවා ඇහුවම අපිට කියන්න තියෙන්නේ ඕක තමයි.(නදී)
දයාසිරි මහත්තයෝ, හම්බන්තොට වරායේ ගල තාම තියෙනවද, නැද්ද? ඇයි අපිව මේ විදිහට රවටන්නේ? (නදී)
නොමගම යන් පුතේ, විපක්ෂයක් නැතේ.(අ)
අල්ලස් සහ තනතුරු ප්‍රධානය තුලින් පක්ෂ මාරු කිරීමට උනන්දු කරවමින් අප රට තිබුන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය විනාශ කල අය සහ තමන්ගේ වාසිය තකා තම අනුගාමිකයන් පාවා දෙන අය සදාකල් අපා ගත විය යුතුයි. (නදී)
ඕක ඉතින් කලින්ම වෙන්න තිබුනු දෙයක්......බොරුවට ඕක කියන්න මෙච්චර කල් ගත්තනේ..(අ)
මම නම් කියන්නේ සජිත්ටත් යන්න කියලා (නි)
ඒක ඉතින් අපිට නම් අලුත් දෙයක් නෙමෙයිනෙ. (නි)
ගොඩක් හොදයි! (නි)
ඔහු ඉවසිය යුතුව තිබුනා.ඔහු ආකර්ශනීය පුද්ගලයෙක්.කුරුණෑගල මිනිස්සු අතර ඉතාම ජනප්‍රිය කෙනෙක්. (නි)
දයාසිරි මන්ත්‍රීතුමා එතුමගෙ පැත්තෙන් ගත්තු තීරණයේ මම නම් වැරැද්දක් දකින්නේ නැහැ. හැබැයි මම නම් මේ සැරේ ඉඳලා විරුද්ධ පක්ෂයට චන්දය පාවිච්චි කරනවා. සුබ අනාගතයක් දයාසිරි මන්ත්‍රීතුමා! (නි)
නායකතුමා දැන්වත් හිතන්න (අ)
කරූ , සජිත් ඔබත් දයාසිරි ගියාවගේ යන්න එපා.(නදී)
සන්ධානයෙන් ආවොත් මනාප ලක්ෂ තුනහමාර පනිනවා ෂුවර්. අපගේ සුබ පැතුම්! (නි)
මුදලට විකිනෙන මාළු ලෑල්ලක් වගේ.(නදී)
එතුමාටත් වෙච්චි දෙයක්? (නි)
මට නම් ලැජ්ජයි මේ ගැන. (නි)
දැන් එතින් පන්න පැත්තට හිහින් මොනවා කියන්ඩද කියල කල්පනා කරනවා ඇති.කුරුණෑගල ජනතාවෙනි බුද්දිමත් වෙනද.මෙයාල හිතන ඇති මුන්ට මොනවහරි දුන්නොත් හරි කියල ගෙදර ඇරලම පස්ස බලමු.(අ)
අපි ගයමු අපි වයමු .... (නි)
ඇත්ත. ඔහු කියන දේ ඇත්ත (නි)
මේවා ඔක්කොම විපක්ෂයේ වැරදි (අ)
දැන් හැබැයි ඔතන හිටපු මහා ඇමති තුමාට තමයි ඇදෙන්නේ එතුමාගේ පුටුව නැතිව යන නිසා එක අභියෝගයක් දින ගත්ත අනික් අහියෝගය මග එනවා මොනවා වේවිද? (අ)
වැඩ කෙසේ වෙතත් එතන ගිහිල්ලවත් කට පරිස්සම් කර ගත්තොත් හොදයි. මෙයාගේ වටිනාකම මෙයා දන්නෙත් නැහැ. එතනයි ප්‍රශ්නය. හොඳ මනුස්සයෙක්. (අ)
මමත් හොද යූ.එන්.පී. කාරයෙක්. ඒ වුනාට දයාසිරි කල දේ හොදයි (නි)
දැන් තියන හොඳම දේ දෙගොලන්ටම එකතුවෙලා පක්ෂේ නම ශ්‍රී ලංකා නිදහස් එක්සත් ජාතික පක්ෂේ කියල නම වෙනස් කරන්න (අ)
රනිල් කියන්නේ හොද අවංක දක්ෂයෙක් , නමුත් මිනුස්සු ලගට යන්න පුළුවන් උන නායකයෙක් නෙමේ. මම හොද යු.එන්.පී කාරයෙක්, මම නම් කියන්නේ දයාසිරි ගියේ නැහැ. පක්ෂයන් යන්න ඕන විදිහට වැඩ ටික සිද්ද උනා. ඒවා කලේ හෙන්චයියෝ ටික.(නදී)
අහගෙන ඉන්න කතාවක් කරන්න හිටිය එකම කථිකයත් ආණ්ඩුවට ගියා එහෙනම්.(නදී)
මේක අර මැරෙන්න ඉන්න ලෙඩා අන්තිමේදී කොහොමහරි මැරුණා වගේ. එජාපයේ අනිත් ඔක්කොමත් මේ වගේ ගියොත් මොනවා වෙයිද? (නදී)
අපේ සුබපැතුම්. ඔබතුමා බයවෙන්න එපා. වැඩක් කරන්න පුළුවන් පක්ෂෙක ඉන්න එක මොලේ ඇති වැඩක්. (නි)
අපිත් මේ ආණ්ඩුවට විරුද්ධ අය තමා.ඒත් ඇත්තටම බුද්ධිමත් තීරණයක්. අපේ අවාසනාවට ශක්තිමත් විපක්ෂයක් නැත්තේ. (නි)
අපගේ සුබ පැතුම්! (නි)
දයාසිරි දක්ෂයෙක්,එජාපෙ ඉන්නකම් එතුමාගේ දස්කම් ලෝකෙට පෙන්වන්න වෙන්නෙ නැහැ.එතුමා එජාපෙ ගොඩ ගන්න දගලපු හැටි අපි ඇස් දෙකෙන්ම දැක්කා.ඒ වැඩ වලට මමත් සහයෝගය දුන්නා,අපි හැමෝටම හැමදාම ඉතිරි වුනේ කලකිරීම පමණි. (නි)
අලියට ආයිමත් හෙන්ඩුවෙන් ඇන්න නේද ? ලොකු හිලක් හැදෙන්නම. ඔය පැච් එක දමල හුළං ගහලා අලියව පුන්බල ගන්ඩ තව කාලයක් එක්සත් ජාතික පක්ෂයට බලා ඉන්න වෙයි.(අ)
මෙතුමා ගියාද ඇත්තටම? (නි)
කෝ දැන් මෙතුමාට චරිත සහතික දුන්නු අය. කොහොම වුනත් වැඩක් කරන්න බලය ඕනෑ බව තේරුම් ගත්තු එකගැන සතුටුයි. (නි)
දීපු ඡන්දෙට අපිට මඩු වලිගෙන් තාලනන ඕන (අ)
අර ඇමතිගේ නොම්ම්ර දෙක!(නදී)
විපක්ෂයේ කිසි පිළිවෙළක් නැහැ මට නම් (නි)
නියමයි නියමයි (නි)
වයබ හිටපු මහා ඇමති අතුල මහත්තයට මොකද වෙන්නේ..(අ)
ලංකාවෙ දේශපාලකයො අතරින් මම ගොඩක්ම කැමති කෙනෙක් තමයි දයාසිරි කියන්නෙ. ඒත් මම හිතුවෙ නැහැ දයා මේ වගේ කෙනෙක් කියලා. මම ගොඩක්ම ගරු කලා දයාට. ඒත් ඒ හැමදේම අදින් ඉවරයි. තමන් වෙනුවෙන් බලාපොරොත්තු තියාගෙන තමන්ව පාර්ලිමෙන්තු යවපු අහින්සක ජනතාවට ඔහොම කරන්න හොද නැහැ. මොන පැත්තෙ හිටියත් කමක් නැහැ රටට වැඩක් කරනවා නම් තමන් වෙනුවෙන් ඉන්න ජනතාවට වැඩක් වෙනවා නම් එදා ඒ තිබුන ගෞරවය හැමදාව තියෙයි. (නදී)
මේක කිසිසේත්ම දේශපාලකයන්ගේ වැරැද්දක් නෙමෙයි. අපේ නුගත්, කොන්ද පන නැති, පෞරුශයක්, ආත්ම ගෞරවයක් නැති මෝඩ ඡන්දදායකයාගේ වැරැද්ද. "අපි ඔබ සමගයි!!!" හිරිකිතයි ඇහෙනකොටත්. (නි)
එජාපයට වෙලා තියෙන්නේ මුල අමතක වෙන එකයි. (නි)
දයාසිරි මහත්තයෝ ඇයි ඔබ ගියේ. ඔබතුමා කොහොමද කතා කළේ. අනෙක ඔබට ආත්ම ගරුත්වයක් හෘද සාක්ෂියක් තියෙනවා නේද? (නදී)
අනේ ඉතින් ලෝකෙට පේන්න අපි ගැන කතාකරනවා වගේ හිටියට දැන් තමයි බලල මල්ලෙන් එලියට පැනල තියෙන්නේ. කමක් නැහැ අපි වෙනුවෙන් රට වෙනුවෙන් මොකුත් නොකලට දැන් අඩු ගන්නේ තමන්ටවත් දෙයක් කරගන්න පුළුවන්නේ. හොදයි හොදයි.(අ)
මේක පක්ෂයේ අනාගතයට දැනෙන දෙයක් නොවෙනු ඇත (නි)
ඡන්දෙන් දිනල පක්ෂය මාරු කරනවා වෙනුවට, පක්ෂය මාරු කරල ඡන්දයෙන් පත්වෙන එකේ වරදක් නැහැ කියලයි මට හිතෙන්නේ.(අ)
මන්ත්‍රිතුමෝ අර හම්බන්තොට ගල ගැනත් පොඩ්ඩක් බලන්න හොඳේ .(අ)
හොඳ තීරණයක් මහත්තයෝ.....ඔබට මහා ඇමති කම ලැබෙන එක ලැබෙනවාමයි..(අ)
නියම තීරණයක් දයාසිරි මන්ත්‍රී තුමා ඔය ගත්තේ පක්ෂයේ තරුණ මන්ත්‍රී වරුන්ගේ අනාගතය රනිල් විනාශ කරල දැම්ම ....කවද හරි එතුරු වෙන්නේ රනිල් හා තිස්ස අත්තනායක පමණි (අ)
ලැජ්ජා නැතිකම ගායක කමටත් ලොකුයි.(නදී)
අනේ වයඹ මිනිසුනේ මොලේ පාවිච්චිකරලා වැඩ කරන්න. පක්ෂ මාරු කර කර තමන්ගේ වාසිය ගැන විතරක් හිතන අයට රැවටිලා ඡන්දය දෙන්න එපා. ගෙදරම යවන්න. (අ)
හොඳ මිනිස්සු ටික නැතිකරගන්න හරි දක්ෂයෝ තමා එක්සත් ජාතික පක්ෂයේ දැන් ඉන්නේ. (අ)
මොන පිලේ හිටියත් මේ ගොල්ල ඔක්කොම රට කනවා (අ)
දයාසිරි පමණක් නොවේ යුඇන්පියේ තරුණ මන්ත්‍රීවරු කිදෙනෙක් දැන් ගියාද? මේවට වග කිව යුත්තේ කව්ද? තරුණ නායකයින්ගේ සහභාගිත්වයෙන් පක්ෂය ගොඩ නගන වැඩ පිලිවෙලක් හැදුවා නම් හරි නේද? (නදී)
මිනිසුන්ගේ මොලවල් වලට නෙමෙයි කෙලින්ම දැනෙන්න ලේ වලටයි කතා කරන්න ඕනෑ (නි)
මන්ත්‍රීකමෙන් අස්වෙලා ගිය එක හොද පැසසිය යුතු තත්වයක්. (නි)
අන්තිමට විපක්ෂේ කවුරු ඉතුරු වෙයිද දන්නෙ නැහැ (නි)
ඔබ ගත් තිරණය හරියට හරි (නි)
රනිල් මහත්තයෝ, අලි ටික ඔක්කොම සීසීකඩ යනවා (නි)
හැමෝම කියන්නේ දයා දක්ෂයෙක් කියලා.මොනවටද එයා දක්ෂ? (නි)
බලමු දැන් දයාසිරි මහත්තයා මොනවා කියයිද කියලා මහජනයට.... (නි)
දයාසිරි මහත්තයෝ, පසුවී හෝ ඔබ ගත නිගමනය නිවැරදිය . ඔබට සදා ජය සහ දිර්ගායුෂ! රටට දිගු කාලින සාමයක් ගෙනා සන්දානය සමග එක්වුණා එක බොහෝ හොදය (නි)
යන විදියට තවත් කට්ටිය ළඟදීම ආණ්ඩුවට යයි වගේ (නි)
දයාසිරි ගිය නොවේ. එයාට යන්න පාර කපලා දුන්නා. (නි)
මෙහෙම වෙනකොට රටේ ජනතාවට දෙයියන්ගෙම පිහිටයි. (නි)
මම නම් කියන්නේ , යු එන් පී එකේ නායක රනිල් දිගටම ඉන්න ගමන් උප නායක තනතුරේ වෙනසක් කළ යුතුයි කියලයි (නි)
බඩගෙඩිය එහෙම හැදෙයිද දන්නේ නැහැ මෙතුමාගෙත් අනෙක් ආණ්ඩු පක්ෂයේ ඇමතිතුමාලගේ වගේ (නි)
ඉතාමත්ම හොඳ කාලෝචිත තීරණයක්.මේක කරන්න තිබුනේ මීට ගොඩාක් කලින්. කොහොම වුනත් කමක් නැහැ. සුබ පැතුම්! (නි)
මේකෙන් වෙන්නේ ශක්තිමත් විපක්ෂයක් නැති වෙන එක. (නි)
කොහොමහරි කමක් නැහැ. අහස උසට යවලා තිබෙන බඩු මිල බස්සලා දෙනවාද? (නි)
කවුරු ගියත් ලොකු වෙනසක් වේවි යැයි සිතිය නොහැක (නි)
අලුතින් යන්න දෙයක් නැහැ. මෙතුමා හිටියේත් ආණ්ඩුවේ වගේනේ. (නි)
හොදයි හොදයි (නි)
කොන්ද පන ඇති ව්පක්ෂයක් නැති නිසයි හැමෝම ආණ්ඩු පක්ෂයට එන්නේ (නි)
මම හිතන්නෙ නෑ යයි කියලා. ඔබේ අනාගතය තියෙන්නෙ යූ.එන්.පී. එකේ.(නදී)
කෝ දැන් කතිරේ ගහපු අය . හැමදාම රවටන්නේ මේ අය තමා . (අ)
මට කියන්න තියෙන්නේ එක දෙයයි. මේක සමාජය දකින පැත්ත කොහොමද කියලා තේරුම් ගැනීම අපහසු නැහැ.කොහොමත් මහත්මා දේශපාලනයක් ලංකාවෙන් මින් ඉදිරියට බලාපොරොත්තු විය නොහැකියි.ඒ වගේම මීට කලින් ජනතාවගේ දුක නිවනවා කියලා පැන්න අය ලවා තමයි අහිංසක ජනතාවට වැඩියෙන්ම සහන අවශ්‍ය අත්‍යාවශ්‍ය සේවා හා පාරිබෝගික ද්‍රව්‍ය වගේ දේවල් වලින් ජනතාවට පීඩා දුන්නේ.මින් ඉදිරියට ජනතාවට දෙවි පිහිට පතමු! (නි)
ගරු දයාසිරි මන්ත්‍රීතුමනි කාලය විසින් බොහෝ ප්‍රශ්ණ වලට විසඳුම් ලබා දෙනවා ඇත. (නි)
ඕනෙම කෙනෙකුට යන්න පුළුවන්. දයා සිරි මහත්තයට මොකද වුනේ?(නදී)
ඔහුගේ උත්සාහය සාර්ථකයි.ඔහු දිනුම්. (නි)
ඔබට සුභ පතමි. ඔය එක පක්ෂයක්වත් අවංක නැහැ. රටට වැඩක් කරන්න (නි)
දයාසිරි මොනවා හිතනවා ඇද්ද දන්නෙ නැහැ (නි)
එක්සත් ජාතික පක්ෂයේ දැන් ඉතිරිව ඉන්නේ කී දෙනාද බලන්න (නි)
කව්රු ගියත් එක දෙයක් නම් වෙනස් වෙන්නෙ නැහැ (නි)
අනේ මෙහෙමත් වැඩ (නි)
දැන් දයාසිරි මහත්තයාට අළුත් වෙනසක් දැනෙනවද දන්නෙ නැහැ (නි)
දයාසිරි මහත්තයෝ, ඔබතුමා දැන් පත්වෙලා මුලින්ම කරන කාර්යය මොකක්ද? (නි)
මේ රටට අද අවශ්‍ය පාට පාට පිල්බෙදිලා මරාගන්න දේශපාලන ක්‍රමවේදයක් නොවේ.එකාමෙන් එකමුතුව අපේ පුංචි ලංකාව සංවර්ධනය කරා ගෙනයාමයි. ඒක දෙශපාලකතුමන්ලාගේ පමනක් නොව මුලු මහත් ශ්‍රී ලාංකිකයන්ගේම වගකීමක්, යුතුකමක් බව අමතක කරන්න එපා.එයාලා වේදිකාවල ගිරිය කඩාගෙන කෑ ගහන්නේ ඒක දේශපාලන කලාවක් නිසා.මහජනයා එය තේරුම් ගත යුතුයි.එමෙන්ම එම කලාවේ සියුම් වින්දනයත් විදිය යුතුයි.කෙසේ නමුත් දයාසිරි ජයසේකර මහතානෙණි, ඔබට සුභ පතනවා!!! මගේ පුංචි ලංකාවටත් එහි වෙසෙන සෑම පුරවැසියෙකුටමත් සේවයක් කරන්න. ඒ ආත්ම තෘප්තිය මිලයට ගන්න බැහැ. (නි)
එජාපයට දැන් මොකද වෙන්නේ (අ)
පක්ෂයේ අයගේ මොළය පෑදේවා! (නි)
අනේ හොදයි (නි)
ඇඩෙනවා අනේ මට... (නි)
පව් එයාටත් මුදල් අමාරුකම් ඇති ! (නි)
තමුන්ගේ ඡන්දදායකයන්ට වැඩක් කරන්න ගත් නිවැරදි තීරණයක්.සුබ පතනවා ඔයාට. ජයෙන් ජය! (නි)
ලංකාවේ දේශපාලනය තමා මේ. අහිංසක මිනිසුන් හැමදාම අමාරුවේ. රටට දෙවියන්ගේම පිහිටයි (නි)
දයාසිරි මහත්තයෝ ඔයා ගත්ත තීරණය හරි. අපි ඔබට සුබ පතනවා. රනිල් ඉන්නකන් එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් නැහැ. රටට අවශ්‍ය පක්ෂ බේදය නෙමෙයි ජනතාවට සේවයයි. ඔබට ජයෙන් ජයම පතනවා. (නි)
කවදාහරි සුපර් ස්ටාර් කෙනෙක් වෙන්නත් එපායැ.ඒකේ වැරැද්දකුත් නැහැනේ.ඉතින් ඔහුගේ එම සාධාරණ ආසාවට අපි ආශීර්වාද කරමු. කුහකයන් නොවෙමු. (නි)
අකිල විරාජ්ට අවුරුදු වගේ ඇති.(නදී)
අපි සුභ පතනවා ජය වේවා! (නි)
රනිල් මහත්තයෝ, දැන්වත් හිතන්න. පක්ෂයේ තරුන කට්ටියට දක්ෂතාවය සහ ජනප්‍රිත්වය ,වැදගත්කම අනුව තැනක් දෙන්න.නැත්නම් අපිත් යනවා කොහේ හරි. (නි)
මම හිතන්නේ ඔබ තුමා ගියා වගේම නැවත එයි කියලා. වයඹ දුෂනයෙන් තොර වැඩ ටිකක් කර පෙනන්නඩ. ඔබට සුබ පැතුම්. (නදී)
ලාංකික දේශපාලකයා කියන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැති, ආත්මාර්ථය සඳහා ඕනෑම වැඩක් කරන ජරාම ජරා පිරිසක් කියන එක ඉහ මොළ තියන හැම දෙනාම දන්නවා. පක්ෂවල නායකයොත් ඊට දෙවෙනි නැහැ. තමන්ට වඩා ජනප්‍රිය කෙනෙක් පක්ෂයේ හිටියොත් එයාව කපල දාල එහෙයියන්ව ලං කර ගන්නවා. එහෙයියන් මොන වැඩක් කලත් එයාව සුද්ධ කරල බේරා ගන්නවා. දයාසිරි මහත්තයා කලෙත් ඉහත කී දෙය සනාත කිරීම පමණයි. බොහෝ දෙනෙකුට තියන ප්‍රශ්නය මෙයා පක්ෂයෙන් ගිය එක නොවෙයි. මේ දක්වා මෙයා ආණ්ඩුව ගැන කී දේවල් පිළිබඳව මොනවද කියන්නේ කියලා. මෙම ක්‍රියාවෙන් මෙයා කලේ එයට ඡන්දය දීපු මිනිස්සුන්ව පාවා දීපු එකයි.(නදී)
එතකොට බල්ලට මොකද වෙන්නේ? බල්ලත් ගියාද දන්නේ නැහැ මෙයත් එක්ක.(නදී)
හොඳ තීරණයක්.ඔබට සහ රටට ජය (නි)
විපක්ෂයේ හිටපු දක්ෂම මන්ත්‍රීවරයෙක්... නමුත් හොදයි ගත්ත මෙම තිරණය. තමන්ගේ අනාගත දේශපාලන දියුණුව සහ තම ජනාතාවගේ සුඛවිහරණය සදහා ගත් වටිනා තිරණයක්. ප්‍රමාද වුනත් හොද තිරණයක්. සුභ පතමි.සුභ අනාගතයක්! (නි)
අන්තිමට ඉතුරු වෙන්නේ කවුරු වෙයිද? (නි)
දැන් ඡන්දෙ දුන්න අයට මොනවා හිතිලා ඇද්ද? (නි)
මේ ශ්‍රී ලංකාවේ දේශපාලනයයි (නි)
අනෙක් අය පස්ස බලනකොට පෙරහැර ගිහින් තියෙයි ! (නි)
අනේ බලද්දි හැමෝම එකයි (නි)
කමක් නැහැ දයා. ඔහොම ඉදලා හදිසියෙවත් එජාප ආණ්ඩුවක් අවොත් ආපහු එමු. මොකෝ කවුරුවත් දඩ ගහන්නේ නැහැනේ නේද ? එහෙම නැතුව කොහොමද දියුණු වෙන්නේ නේද ? රටට හෙන ගැහුවත් මොකද මගේ මල්ල පිරෙනවා නම් නේද ? අහෝ දුකකි. (අ)
2014 දී නොසිතූ යමක් සිදුවෙන්න පුළුවන් (නි)
දයාසිරි, ඔබ කළ වැඩේ හරි. අපි හොඳ යුඑන්පි කාරයෝ තමයි...නමුත් ඔබ කළ දේ හරි. (නි)
ගොඩක් හොදයි. සුබ පැතුම්!!!! (නි)
ඊයේ කිවුවා එන්නේ නැහැ කියලා. අද කියනවා යනවා කියා. කොහමත්ද විශ්වාස කරන්නේ මේ වගේ අය? (නි)
දයාසිරි මහා ඇමති උනාම එයා සලකන්නේ එයාගේ ගෝලයින්ට.(නදී)
අපි මෙතුමා ගැන හුගක් ඉස්සර ඉදලා දන්නවා (නි)
ඇත්ත තේරුම්ගත් එකට කෘතඥතාව පුදකරනවා. ඔබ කෙණෙහෙළිකම් අතරට පත්විය යුතු කෙණෙක් නොවන බව රටේ ජනතාව දන්නවා.ඔබගේ ගමනට අප ජනයා සුබපතනවා ඇත. (නි)
කාටවත් කියන්න බැහැ මොහු ජනතාවගේ ජන්දයෙන් ඇවිත් පිල්මාරු කළා කියලා.මොකද මෙතුමා යන්නේ තමන්ට ලැබුන මන්ත්‍රීකම අත්හැරලා. (නි)
මිත්‍රයට උදව් කරන එක යුතුකමක්නේ. ඔක්කොම ගියාට පස්සේ අන්තිමට කවුරු යයිද? (නි)
දයාසිරි මහත්තයෝ, කොහොමද මෙහෙම ආණ්ඩුවට ගියේ? (නි)
ඉස්සර මෙතුමා සින්දු කිවුවා. දැන්...? (නි)
මට නම් රජයත් එකයි විපක්ෂයත් එකයි (නි)
ඔබට බුදු සරණයි (නි)
අපි ඔබට බෙහෙවින් ආදරය කළා. නමුත් ඔබත් ඔබට කතිරය ගැසූ අපට අතවනා යන්න යනවා. රූපවාහිනියේ ඔබ කතාකරන විට අපි ඔබේ කතාව ඇස් වලින් ඇසුවෙමු, ආසාවෙන් බලාසිටියෙමු,. ඔබ අපට ආයුබෝවන් කියන්නේ අපි ඔබව පාර්ලිමේන්තු යවපු, පාරපුරා කෑගහපු හැමෝටම දැනෙන්නේ කුමක්දැයි නොදැනද? යථාර්තය කතාකළේ ඔබමය. එය හඩනගා කීවේද ඔබමය.... යනතැනක හොඳක් නම් සිද්ද වෙන්න එපා කියන්න මට බැහැ. මොකද මම ඔබට ගරුකරපු නිසා. (නි)
දයාසිරි මන්ත්‍රීතුමනි, දැන් ඉතින් එන්න එන්නම වියදම් හරි සැරයි නේද? ඔබට සුබ පැතුම් ! (නි)
අනාගතයේ ඇතිවන්නේත් මෙම පක්ෂ නායකයින් වෙනස්වුනු, ඒත් එක්සත් ජාතික පක්ෂම රජයක් තමයි. (නි)
දැන් ඉතින් ඡන්දදායකයන්ට සතුටු ඇති (නි)
තව ටික දවසකින් තව තව අය එජාපයෙන් රජයට ? කියලා නිවුස් කීයක් වැටෙයිද දන්නේ නැහැ නේද?(නධී)
දයාසිරි, ඔබගේ වගකීම අමතක නොකරන්න (නි)
මොකද දන්නෙ නැහැ පනින්නේ අනෙක් පැත්තට? (නි)
දයසිරි මහත්තය පඩුවස්නුවර අපට සම්පතක් ! වරුණ ඔයා හරි. දයාසිරි තමයි වයඩ මහ ඇමතිතුමා !(අ)
මොනවා කළත් මොනවා ලැබුනත් ඒවා මහජනතාවගේ සල්ලි. (නි)
අනේ රනිල් මහත්තයෝ, ඔයත් එන්නකෝ (නි)
ගිලෙන්ඩ යන නැවකට නේද ගොඩවෙන්නේ සුබ අනාගතයක්.(නදී)
මගේ කට. කව්රුත් අපි වෙනුවෙන් කියල තේරෙනවා.(නදී)
මොනවා කිවුවත් දයා තමයි දක්ෂයා (නි)
මහජනයාගේ ඡන්දයෙන් යන කිසිම කෙනෙකුට අයිතියක් නෑ, හිතු මතේට රිලව් වගේ ගස් පනින්න. ඒ අය තමන් පත්කළ ජනතාවගේ අදහස් විමසා පමනයි ඒ දේ කල යුත්තේ.(නදී)
අනේ දයාසිරි මහත්තයෝ? (නි)
අනෙක් අයටත් දැන් කරන්න තියෙන්නේ ආණ්ඩු පක්ෂයෙන් දෙයියනේ කියලා වාඩිවෙන්න (නි)
ඔබට සුභ පතමි. ඔය එක පක්ෂයක්වත් අවංක නැහැ. රටට වැඩක් කරන්න. (අ)
විහිළු කාරයෙක් ද (අ)
දයාසිරි මොනවද කරලා තියන්නේ අපිට? (නි)
මේ රටේ දැන් රජුන් තනන්නේ සිංහල බෞද්ධයෝය (නි)