IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දියවැඩියාව සහ මිත්‍යා මත

වෛද්‍ය විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය - තිලක් ජයලත්

ලෝක දියවැඩියා දිනය සෑම වසරකම නොවැම්බර් 14 වැනි දා දිනට යෙදී ඇත. 2006 දී එක්සත් ජාතින්ගේ සංවිධානය ගත් තීරණයකට අනුව 2007 සිට සෑම වසරකම දියවැඩියා දිනය සමරනු ලබයි. එදින ලොව පුරා රටවල් 100කට අධික සංඛ්‍යාවක් දියවැඩියාව ආශි‍්‍රතව බොහෝ කි‍්‍රයාකාරකම්වල නියැලෙනු ඇත. ඉන්සියුලින් හෝමෝනය සොයා ගැනීමට මූලිකව කි‍්‍රයාකළ ෆෙඩ්රික් බැන්ටින් විද්‍යාඥයාගේ උපන්දිනය වූ නොවැම්බර් 14 වැනි දා ලෝක දියවැඩියා දිනය ලෙස නම් කිරීමට හේතු වූ බව කියැවේ.

මෙවර 2015 දියවැඩියා දිනය තේමාව ලෙස යොදා ගෙන ඇත්තේ ‘‘ දියවැඩියාව වසංගතය නවතමු’’ යන්නයි. නොයෙකුත් තේමා යටතේ දියවැඩියාව ආශි‍්‍රතව කි‍්‍රයාකාරකම් පැවැත්වෙන අතර දියවැඩියාව සහ මානව හිමිකම්, දියවැඩියාව සහ ජීවන රටාව, දියවැඩියාව සහ අධි ස්ථුලතාව, දියවැඩියාව සහ ළමා වියේ දියවැඩියාව මුල් තැනක් ගනී. දියවැඩියාව පිළිබඳව දැනුවත් කීරීම්, රෝගය පාලනය කරගත හැකි අන්දම සහ දියවැඩියා රෝගයේ සංකුලතා පිළිබඳව ද නොයෙකුත් කි‍්‍රයාකාරකම් පැවැත්වෙයි. එම කි‍්‍රයාකාරකම් අතර ගුවන් විදුලි සහ රූපවාහිනි වැඩසටහන්, සම්මන්ත‍්‍රණ, මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, දියවැඩියාව පිළිබඳ ප‍්‍රදර්ශන මාධ්‍ය සාකච්ඡා ප්‍රධාන තැනක් ගනී.

දැනට ලොව පුරා මිලියන 280 ක් පමණ දියවැඩියා රෝගයට ගොදුරු වී ඇතැයි විශ්වාස කරන අතර මෙම රෝගීන්ගෙන් බහුතරයක් ඉන්දියාව, චීනය සහ ඇමෙරිකා වැනි රටවලින් වාර්තා වී ඇත. වර්තමාන සංඛ්‍යා ලේඛන අනුව තව වසර 20 කින් දියවැඩියා රෝගින් සංඛ්‍යාව මිලියන 560 ක් පමණ වේ යැයි විශ්වාස කෙරේ. මෙහි භයානක තත්ත්වය වනුයේ මිලියන 400ක පමණ ලෝක ජනතාව පූර්ව දියවැඩියාවෙන් පෙළීමයි. මෙම පූර්ව දියවැඩියා රෝගීන්ට දියවැඩියා රෝගය සෑදීමේ ප‍්‍රවණතාව වැඩි අතර දියවැඩියාව ආශි‍්‍රත සංකුලතා නිසා වසරකට මිලියන 3කට අධික සංඛ්‍යාවක් මිය යන බව විශ්වාස කෙරේ. දියවැඩියා රොගීන් ගෙන් සියයට 90 කට වඩා ඇත්තේ දෙවැනි කාණ්ඩයේ දියවැඩියාවයි. දෙවැනි කාණ්ඩයේ දියවැඩියාවට ප‍්‍රධාන හේතු වනුයේ අයහපත් ආහාර රටා සහ ජීවන රටා වන අතර නිසි ලෙස ව්‍යායාමවල නොයෙදිමද එක් සාධකයක් වේ. 

දියවැඩියා රෝගය පාලනය කිරිමට ඇති එක් බාධකයක් වී ඇත්තේ රෝගීන් හා නිරෝගි ජනතාව අතර දියවැඩියාව පිළිබඳව ඇති මිත්‍යා මතයි. මෙම රෝගය සෑදෙනුයේ වැඩි ලෙස සීනි අධික ආහාර භාවිත කරන අයට පමණක් බවට මතයක් ජනතාව අතර තිබේ. මෙය වැරදි මතයකි. දියවැඩියාව සෑදීමට ආහාර වලට අමතරව බොහෝ ජානමය තත්ත්වයද බලපානු ලබයි. එම නිසා අධික ලෙස සීනි භාවිත නොකරන අයටත් දියවැඩියාව සෑදිය හැකිය.

තවත් වැරදි මතයක් වනුයේ දියවැඩියාව සුවකළ හැකි රෝගයක් ලෙස සළකා ඇතැම් රෝගීන් ඖෂධ නවතා දැමීමයි. දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝග කිසි විටෙකත් නිට්ටාවට සුව කළ නොහැකි රෝග වන අතර ඖෂධ ප‍්‍රතිකාර වලින් කරනු ලබනුයේ රෝගය පාලනය කිරීම පමණකි. මේ නිසා කිසි විටෙක රෝගීන් තමාට රිසිසේ ඖෂධ භාවිතය නවතා දැමීම නොකළ යුතුය.

සමහර රෝගීන් ඖෂධ භාවිතය නිසා ආහාර පාලනයට සහ ව්‍යායාමවල යෙදීමට වැඩි උනන්දුවක් නොදක්වයි. මෙයද වැරදි මතයකි. මේ නිසා දියවැඩියා රෝගි තත්ත්වය උත්සන්නව දීර්ඝකාලීන සහ කෙටි කාලීන සංකුලතාවලට රෝගියා ගොදුරු වේ. ඇතැම් රෝගින් අතර ඇති තවත් වැරැදි මතයක් වනුයේ දියවැඩියාවට භාවිතා කරන ඇතැම් ඖෂධ නිසා වකුගඩු හානි වීමක් සිදුවේ යැයි කියන මතයයි. විශේෂයෙන් මෙට්ෆෝමින් නමැති ඖෂධය නිසා වකුගඩු හානිවීමක් සිදුවේ යැයි ඇති මතය වැරදිය. වකුගඩු හානි සිදුවීම වනුයේ දියවැඩියා රෝගයේ දීර්ඝ කාලීන සංකූලතාවක් ලෙසය. එය සිදු වනුයේ නිසි ලෙස දියවැඩියාව පාලනය නොකරනු ලබන රෝගින්ගෙනි. එම නිසා මෙම වැරැදි මතයේ එල්බ ගෙන සිට කිසි විටකත් ඖෂධ භාවිතය නතර නොකළ යුතුය. සමහර රෝගීන් වෛද්‍යවරයා නියම කරන මාත‍්‍රාවට වෙනස් ආකාරයෙන් ඖෂධ ගැනීම නිසාත් සංකුලතා භාජනය වේ.

බොහෝ රෝගීන් අතර ඉන්සියුලින් හෝමෝනය පිළිබඳවද ඇත්තේද වැරැදි මතයකි. බොහෝ අය  සිතනුයේ ඉන්සියුලින් හෝමෝනය ලබා ගැනීමෙන් පසු අනිකුත් ඖෂධවලින් පලක් නැති බවයි. මෙයද වැරැදි මතයකි. සුළු කාලයක් ඉන්සියුලින් භාවිත කොට රෝග තත්ත්වය පාලනය කිරීමෙන් නැවතත් අනිකුත් ඖෂධ වලින් දියවැඩියාව පාලනය කළ හැකිය. තවත් වැරැදි මතයක් වනුයේ දියවැඩියාව පාලනය යනු රුධිරයේ සීනි මට්ටම අඩු ලෙස තබා ගැනිම පමණක් යැයි සිතීමය. ඇතැම් රෝගීන් වෛද්‍ය උපදෙස් නොගෙන තමන්ට රිසිසේ ඖෂධ ගෙන සීනි මට්ටම පමණක් අඩු ලෙස තබා ගැනිමට උත්සාහ දරයි. මෙහිදී මතක තබා ගත යුතු කරුණු වනුයේ සීනි මට්ටම නිසි ලෙස පාලනය කරන අතරම රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටමත් අඩු කළ ගත යුතු බවයි. එසේම රුධිර පීඩනයත් නිසි ලෙස පවත්වා ගත යුතුය. වකුගඩු ආශි‍්‍රත මුත‍්‍ර සහ රුධිර පරීක්‍ෂණද විටින් විට කළ යුතු වේ. එසේම අඩුම තරමින් වසරකට වරක්වත් අක්‍ෂිරෝග වෛද්‍යවරයකු ලවා ඇස් පරීක්‍ෂා කරගත යුතුවේ. තම පාදවල සංවේදිතාව වෙනසක් වී ඇත්නම් එයද පරීක්‍ෂා කළ යුතුවේ.

දියවැඩියා වසංගතය නැවතීමට නම් රෝගී සහ නිරෝගී ජනතාව ඉහත සඳහන් කළ මිත්‍යා මත වලින් බැහැරවී දියවැඩියා රෝගය දෙස නිරවුල් මනසින් බැලිය යුතුවේ.

 

 



අදහස් (0)

දියවැඩියාව සහ මිත්‍යා මත

අහමඩ් Wednesday, 18 November 2015 11:45 PM

ගොඩක් වැදගත් තොරතුරු ටිකක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site