කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව දියවැඩියාව ට ගුණදායක බාස්මති වර්ගයේ රතු සහලක් “ නිරෝගී සහල් “ නමින් මේ මාසයේදී හඳුන්වා දෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් මහතා කියයි.
මෙම වී වර්ගය මුලින්ම බතලගොඩ වි පර්යේෂණ මධ්‍යස්ථානයේ මුලිකත්වයෙන් අම්බලන්තොට වී පර්යේෂණායතනයේ නිපදවා එහි පරික්ෂණ තෙත් වියළි හා අතරමැදි කලාපවල වගාකර සාර්ථක ප්‍රතිඵල කොළ පාළුවටත් ගොක් මැස්සාගේ දුඹුරු පැල හානියටත් ඔරොත්තු දෙන බවත් බොහෝ බාස්මති සහල් ඉන්දියාව පකිස්තානය වැනි රටවල නිපදවන බවත් එහි ගුණාත්මක බවද ඔහු කියයි.
මෙරට වී වර්ග සමග දෙමහුම් කර නිපදවු මෙම බාස්මති සහල් පිසීමේදී ජලය එකතු කරන අනුපාතයක් ඇති බව බතලගොඩ වි පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂිකා අමිතා බෙන්තොට මහත්මිය කියන්නීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ දේශීය හාල්වල වැඩි ගුණ තියෙනවා. (ස)
දැන් බාස්මති සහල් වකුගඩු රෝගීන්ටත් සුදුසුයි කියලා වකුගඩු රෝග විශේෂඥයින්ගේත් මතයක් ඉදිරිපත්වෙලා තිබෙනවා නේද? (නි)
බටහිර රටවලට අපේ පැරණි ගුණදායක සහල් ගැන දැනුමක් නැහැ. නමුත් බාස්මති සහ අපේ රතු සහල් දෙකම එහි සඳහන් වෙනවා. අපි ඉන්න පෙදෙසේ ලංකාවේ කඩ ළඟපාතක නැති නිසා අපි බාස්මති කනවා ගුණය ගැන සළකලා. නැත්නම් වෙන්නේ සුදු හාල්ම කාලා ලෙඩවෙන්න. (නි)
සුබ ආරංචියක්.(හේ)
සතුට දනවන කරුණක්. අපේ රටේ බාස්මති සහල් කලින් තිබුනේ නැහැ. දුඹුරු බාස්මති සුදු ඒවාට වැඩිය හොඳයි. සහල් සුද්ද කිරීමේදී දෙකට කැඩීම සහ කුඩුවීම වළකාලන ක්‍රමවේදයක් මෝල් හිමියන්ට හඳුන්වාදීම අවශ්‍යයි. (නි)
වී පර්යේෂණ ආයතනය වැඩි අස්වැන්නක් ලබාගත හැකි වී වර්ග නිෂ්පාදනය කිරීම ගැනද අවධානය යොමුකළ යුතුයි. දැනට ලංකාවේ වී නිෂ්පාදනය සතුටුදායක මට්ටමක නැහැ. (නි)
රතු බාස්මතී දැනටමත් සුපිරි වෙළඳසැල් වල තිබෙනවා. මා මිලට ගෙන තිබෙනවා. රසවත්. මෙය වගාවක් ලෙස ව්‍යාප්ත කරන එක නම් හරිම වටිනවා. (නි)
මේ බත්වල ආහාර දිරවිමේ ක්‍රියාවලියේදී ආහාර ග්ලුකෝස් බවට පරිවර්තනයවීමට ගන්නා කාලය අනෙක් සහල් වල බත් වලට වඩා වැඩියි.එවිට ග්ලුකෝස් රුධිරයට එකතුවීමට වැඩිපුර කාලයක් ගන්නවා. ඒ නිසා දියවැඩියා රෝගීන්ට මෙය සුබ ආරංචියක්. (නි)
අහන්නත් සතුටුයි බාස්මතී වැනි මිල අධික සහලක් ලංකාවේ ගොවීන්ට හඳුන්වාදීම ගැන. (නි)
මේ රතු භාස්මති හාල සිඅයිසි කොම්පැනිය මීට අවුරුදු ගානකට පෙර වෙළඳපොළට එවලා තිබුණේ. (ම)
බිත්තරවී ගැනීමට කොහෙද තියෙන්නෙ මාස තුනහමාර කි. 20/25 මම මීරිගම... අදහෙට ගන්න ඕනේ ... හෙට වී දියේ දාන්න ඕනේ.
මාස තුන හමාර සුදු බාස්මතී බිත්තර වී ගන්න තියේද... මම මීරිගම... කිට්ටුවක තියෙන්නෙ කොහෙද අද ගැනීමට.