IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දෙයියන්දර පරිසර ගුරාටත් ඇප

දුර්ලභ  කිඹුල් හූනකු  ළඟ තබා ගත් බව කියන දෙයියන්දර පරිසර ගුරුවරයකු වන එන් ජී නිරෝෂ ධනුවන්ත ප්‍රනාන්දු හා මාකඳුරේ ඩබ්ලිව් ජී හර්ෂණ රුපියල්  ලක්ෂ පහ බැගින් ශරීර ඇප මත මුදා හැරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර මහතා නියෝග කළේය.

හූනා දෙහිවල සතුන් වත්තට බාර දෙන ලෙසද නියම කැරිණි.

කඹුරුපිටිය ලේනබටුව රක්ෂිතයෙන් අල්ලා ගත් බව කියන මේ හූනා රුපියල් ලක්ෂ 12 කට මොවුන් විකිණිමට තැත් කළැයි පොලීසිය අධිකරණයට දැන්වීය.

මුදලාලි වෙසින් කොළඹින් ගිය පොලිස් කණ්ඩායමකට ඔවුන් මෙම හූනා විකිණිමට තැත් කැර ඇත්තේ කඹුරුපිටිය මාපලානේදීය.

මෙම හූනා ශ්‍රී ලංකාවට ආවේණික සතෙකි.කිඹුල් හූනා වියළි කලාපයේ ගස් හා ගත් අතර ජීවත් වේ.ගෙවල්වල සිටින හුනාට වඩා මේ හුනා විශාලය.

 

 

 

 

 

 



අදහස් (0)

දෙයියන්දර පරිසර ගුරාටත් ඇප

මනෝජ්-සාජා Monday, 03 February 2014 09:36 PM

හුනෙක් ලක්ෂ 12ක් වටිනවද ?.ලංකාවේ රුපියල් 1000 ට 2000 ට මිනිස්සු මරනවනේ ?.(අ)

:       0       0

- හතර වරං - Wednesday, 05 February 2014 06:38 PM

ඔය සැරේ ගෙවල් වල ඉන්න හූනොත් විකුණාවි.ඒ විතරක් ද ... කිබුල් හූනා පූසෙකුට අහුවුණොත් ? (දී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 04 February 2014 09:24 AM

දුර්ලභ සතුන් සන්තකයේ තියාගෙන ඉන්න මිනිසුන් මාර්ගයෙන් මෙම සතුන් පිටරට පටවන ව්‍යාපාරිකයන් අල්ලන්න පුළුවන්නේ. ඔවුන් ටික අල්ලා ගෙන තදබල දඬුවම් දුන්නොත් මේ වෙළඳාම ඉබේම නවතීවි. එසේ නොකලොත් ඇඟිල්ල දික් කරන්න වෙන්නේ මෙම රජයටනේ. කාලයක් තිස්සේ පැරණි ගෘහ භාණ්ඩ පැටෙව්වා. ඒවා ඉවර උනාම සත්තු. ඊ ලඟට අපේ ආච්චිලා සීයලත් පටවල අපිවත් විකුණලා තමා ඉවර වෙන්නේ.(නදී)

:       0       0

අබේකෝන් Tuesday, 04 February 2014 10:03 AM

අපිට බැරිද ඔය ජාවාරම් කරන අයව රට පටවලා කීයක් හරි හොයා ගන්න. හූනෙක් ඒතරම් වටිනවා නම් මනුස්සයෙක් කොයි තරම් වටීද..? ඒත් මෙ වගේ ජරා වැඩ කරන මිනිස්සුන්ව නම් මිල නොකර නිකන් දුන්නත් රටට වටිනවා.(නදී)

:       0       0

දිල්ශාන් Tuesday, 04 February 2014 11:44 AM

තව ටිකක් කල් යන විට මිනුසුන්ගේ ශරීර කොටස් විකුණන ජාවාරම්කාරයොත් බිහිවේවි (දිල්)

:       0       0

එරා Tuesday, 04 February 2014 01:18 PM

මේ වගේ කැත සතෙක් ලග තියාගෙන මොනවද කරන්නේ? (දී)

:       0       0

නිසාන් Tuesday, 04 February 2014 01:18 PM

අනේ දිල්ෂාන් ඔය කියන කතාව අවරුදු ගානකට කලින් පටන්ගෙන තියෙන්නේ

:       0       0

ලංකා මොඩල් Tuesday, 04 February 2014 02:07 PM

විවිධාකාර තරු,ග්‍රහ ලෝක පිරුණු විශ්වයේ පෘථිවිය අසිරිමත් වස්තුවක්.ගිනි කදු කාන්තාර තියෙන පෘථිවියේ ශ්‍රී ලංකාව අසිරිමත් දිවයිනක්.ඇයි අපි අපේ දේවල් රැක ගන්නේ නැත්තේ?(දිල්)

:       0       0

සමන් Monday, 03 February 2014 04:24 PM

කස්බෑවට පස්සේ ඒ පාර හූනෙක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site