අම්පාරේ දැයට කිරුළ ප්‍රදර්ශනයේදී රුපියල් තුන්කෝටි අනූ ලක්ෂයක් වංචා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනාගේ ප්‍රකාශ උපදෙස් පතා නීතිපතිට යොමු කළ බව රහස් පොලිසිය කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතාට දැන්වීය.
දැයට කිරුළ 2013 හිටපු ප්‍රධාන විධායක නිලධාරිනී සහ විදුලි සංදේශ අමාත්‍යංශයේ අතිරේක ලේකම් කාන්ති ගුණවර්ධන සහ ඉදිකිරීම් සමාගමක අයිතිකරු වන සරත්චන්ද්‍ර ඒකනායක සැකකරුවෝය.
ඔවුහු ලබන 31වැනිදා තෙක් යලි රිමාන්ඩ් කරනු ලැබූහ.
දැයට කිරුළ භූමියේ වැසිකිලි සෑදීම සඳහා වන ‘රන්සර කන්ස්ට්‍රක්ෂන්‘ යනුවෙන් පිහිටුවාගත් සමාගමේ දෙවැනි අයිතිකරු ලෙස සැකකරුගේ 17 හැවිරිදි පුතාගේ නම ද සඳහන් වන බවත්, මුදල් ගෙන ඇති නමුත් එකම වැසිකිළියක්වත් හදා නැති බවත් ටෙන්ඩර් පටිපාටිය නොසලකා මුදල් දී ඇති බවත් උසාවියේදී කියැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ හොරකමි පසු පස සිටින්නෙ බලධාරින් සහ නිලදාරින් විම තමා ලොකුම ප්‍රශ්නය. දවසින් දවස හොරකම් වැඩි වෙනවා මිස අඩුවීමක් දකින්නට නැති රටේ අනාගතය කොහොම වෙයිද? (නි)
" ආසියාවේ ආශ්චර්යය " (නි)
ඕවට වැඩිය වැරදි දේවල් කරලා සමහරු එළියේ ඉන්නවා (නි)
"ආසියාවේ ගැහිලි ආශ්චර්යය" ලෝකෙන් උතුම් රට ලන්කාවයි. (අ)
මෙච්චර ලොකුවට කරපු වංචාවට තවත් කල් අරින එක හරියට වැඩේ ලිස්සල දාන්න හදනවා වගේ. පොල් ගෙඩි දෙකට පනස් දාහක් ගැහුවා නම් මේකට මොකද මෙච්චර ආදරේ? (අ)
ඇත්තටම ඔය දැයට කිරුලෙන් වෙච්ච සංවර්ධනය මොකක්ද? ඔය ණයට කිරුල වෙනුවෙන් කෝටි කීයක් නිකරුනේ නාස්ති කරනවාද ? ලොක්කන්ගෙ සාක්කු වලට නම් හොඳයි. පොඩ්ඩන්ගෙ බඩට තමයි හෙනහුරා වහලා තියෙන්නේ. බැරිද ඔය බොරුව නවත්වලා ඔය යන මුදලින් ජනතාවට සහන දෙන්න. (නි)
මේකෙන් මුදල් ගහපු කොටසක් දැන් පිට රට ඉන්නවා කියලා ආරංචියි. (නි)
උපාධිධාරී පරිපාලන නිලධාරිනියක් වෙලත් බාල වයස්කාර පුත්‍රයාව දෙවැනි අයිතිකරුවෙකු ලෙස නම් කරන්න තරම් පෙළඹුනේ ඇයි? දැන් දරුවාගේ අධ්‍යාපනෙත් ඉවර ඇති. ගැහිල්ලක් නිසා "අහසින් පොළොවට". (නි)
අපේ රටේ සිටින ගොඩක් අය රට විකුණලා හරි සල්ලි හොයා ගන්න බලන කොටසක්. බහුතරයක් රට වෙනුවෙන් එළිය කෑ ගසන හොරෙන් රට විකුණා කන කොටසක්ය. ගොඩක් අය උගත් කියා සමාජයේ පෙනී සිටියද ඔවුන්ගේ ළමයින් බිරින්දෑවරුන් ජිවත් වනුයේ වෙන රටවලය. අපේ දුප්පත් මිනිසා උපයන මුදලින් ඔවුන් සැප සම්පත් විඳිති. (නි)
ම.නිරෝදා, අපේ අවිශ්ක ,ජගත්, ඕවා ගැන දන්න එකක් ද? අපිට ලොකු කතා කියනවා කියලා මොකක් හරි මෝඩ කතාවක් ලියයි. රටේ හිටියට අහවල් චැනල් දෙකේ නිවුස් ද කොහෙද අහන්නේ. අවිෂ්කලට ඒකනේ සාමාන්‍ය දැනීම නැත්තේ? (නි)
රංජීත්, කෝටි 390 වැට් වංචාවට මාස 14 යි. මෙතන කෝටි 3.90 යි නේ. හරියටම අර ගානෙන් සීයෙන් එකයි. මාස 14 න් සීයෙන් එකයි කියන්නේ දවස් හතරයි. පොල්ගෙඩි දෙකට වැඩිනේ. ඒ හින්දා සන්තෝස වෙන්න.(නදී)
ලොකු අය ලොකුවට කද්දී ඔය පොඩි අය ටිකක් කෑවම මොකද කියලා හිතන්න ඇති. මෙහෙව් රටේ ඕකත් මොකක්ද? (නි)
මේවට සම්බන්ද අය ගොඩක් ඉන්නවා. සමහරු වෙනත් රටවල නිවාඩු ගතකරනවා කියලත් ආරංචියි (නි)
අනේ අර කුඩ්ඩන්ට මිනීමරුවන්ට සමාව දුන්න වගේ ඕකත් අතෑරලා දාන්නකෝ? ඔය වගේ දේවල් කරපු අය ද ඔය ප්‍රාඩෝ වල යන්නේ? දැන් එලියට දැම්මොත් තොන් ලනුව අල්ලාගෙන වැඩ ගන්නත් පුළුවනි?(නදී)
සංවිධානාත්මක හොර කල්ලියක කෙනෙක් විතරයිද අහු වෙලා තියෙන්නේ? (නි)
බෙදා හදාගෙන කෑමේ චක්‍රය හරියට දැනගත්ත නම් ඔය වගෙ දෙයක් වෙන්නෙ නැහැනෙ. (අ)
මේ අහුවෙලා ඉන්න කට්ටිය මේ හොරකමේ කොටස් කාරයෝ විතරයි. අනුග්‍රාකහයන් හොරකම් කරන්න උපදෙස් තිරේ පිටුපස ඉදන් දෙනවා. ඒ ඕඩර්ස් වලට වැඩ කරන්න ගිහින් මේගොල්ලෝ බොරුවට හිරවුණා. විවෘත ප්‍රකාශයක් කරලා මහා හොරු ටිකගේත් මූණු එලියට පෙන්නලා ඒ ගොල්ලන් එක්කම හිරේ යන එක හොදයි (නි)
දැන්නම් සැකකරුවෝ ටික වැසිකිළියේමයි ඉන්නවා ඇත්තේ (නි)