පසුගිය 21 දින ඇරඹි දැයට කිරුළ සංවර්ධන ප‍්‍රදර්ශනයේ අද අවසන් දිනය වෙද්දි ලක්ෂ 28 කට අධික පිරිසක් ප‍්‍රදර්ශනය නරඹා ඇති බව දැයට කිරුළ ප‍්‍රදර්ශනයේ සභාපති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
මීලඟ දැයට කිරුළ ප්‍රදර්ශනය මාතර පැවැත්වෙන බවද ඔහු පැවසීය

පසුගිය 21 දින ඇරඹි දැයට කිරුළ සංවර්ධන ප‍්‍රදර්ශනයේ අද අවසන් දිනය වෙද්දි ලක්ෂ 28 කට අධික පිරිසක් ප‍්‍රදර්ශනය නරඹා ඇති බව දැයට කිරුළ ප‍්‍රදර්ශනයේ සභාපති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
මීලඟ දැයට කිරුළ ප්‍රදර්ශනය මාතර පැවැත්වෙන බවද ඔහු පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරුළ නොවෙයි කිරළ. ආකාසේ කඩා වැටෙයි කියල කිරළ බුදිය ගන්නේ කකුල් දෙක උඩ තියාගෙන කියල ගම්මු කියනවා. "කිරුළ" පැළඳි ජනතාව අද ජීවත් වෙන්නේ කිරළ වගේ ජීවන බර නමැති ආකාශය හිස මතට පාත්වේය කියන බයෙන්.(නදී)
මම ඉන්නේ කු/ගල දිස්ත්‍රික්කයේ. අපේ ගමේ මිනිසුන් 950 ක් විතර ඉන්නවා. එයින් 40-50 ක් විතර මෙය බලන්න යන්න ඇති. ලක්ෂ 28 ක් කියන්නේ රටේ ජනගහනෙන් 8 න් පංගුවකටත් වැඩියිනේ. (නදී)
දැයට කිරුළ යාපනයේ තියන්නේ කවදා ද? (නදී)
කිරුළක් රජෙකුට පළන්දවන්නේ ජීවිතයටම එක් වතාවයි. එක් වතාවකට වඩා එය යමෙක් පළන්දවන්නේද එය කිරුළක් නොව අං තට්ටුවක් විය හැකියි. ඡන්දයක් ළංවෙන කොට ජනතාව වෙත වරින් වර පළඳවන මේ "කිරුළ" කුමක්ද කියා වටහා නොගෙන ලක්ෂ ගණනනින් ඔය "මැජික් සංදර්ශනය" නරඹන්න පොරකකා පැමිණීමෙන්ම ජනතාව ඔප්පුකර ඇත්තේ බලයේ ඉන්න මිනිස්සු බලාපොරොත්තුවූ දෙයමයි. (නදී)
ගෙදර තුන්වේල කන්න නැතත් මේ වගේ දේවල් බලන්න මෝඩ මිනිස්සු යනවා . දැකපු මාද්‍ය දර්ශන වලට අනුව රටේ ඉන්න උගත් විද්වත් අය ඒක බලන්න ගියද කියල හිතන්න අමාරුයි.(නදී)
කි දෙනෙකුගේ සාක්කුවලට කිරුල වැටුනද දන්නේ නැහැ. මහජන මුදල් නිරපරාදේ නාස්ති කරන එක නේද වෙන්නේ. මහපොළ වගේ දෙයක් නම් තව කමක් නැහැ.(නදී)
වැලිගම පැත්තෙත් නිධන් තියෙනවා කියලා කියනවලුනේ.(නදී)
දේශීය සංගීතය නංවාලීමටද මෙය තුලින් පුළුවන්. තරුණ අසහනයට සහනය ලබාදීම දේශීය සංගීතය තුලින් පුළුවන්. අපරාද හදිසි කෝපය දිවිනසා ගැනීම් බහුල බැවින් මෙය ඉතාම ප්‍රයෝජනවත්.(නදී)
මී ළඟ කිරුළ දකුණුට ආව එක ගැන සතුටුයි (දිල්)
ජනතාවගේ මුදල් කාබාසිනියා කරනවා. ජනතාවට ජීවත්වෙන්න මාර්ගයක් හදන්න බදු බර අඩුකර ජනතාවට සහන සපයන්නේ කවදාද ?(නදී)
මේකට කොමිස් කිරුල කියා කිව්වා නම් හොඳයි.(නදී)
ජයන්ත මහතාගේ කතාවට මම ගරු කරනවා.(නදී)
මෙවැනි පුහු ප්‍රදර්ශණ නැරබීමට එන පිරිස අඩු වූ දවසට ජනතාවගේ මොළය පෑදී ඇති බව තේරුම් ගන්න. එතෙක් අප ජනතාවගේ අනවබෝධය දෙස උපේක්ෂාවෙන් බැලීමට පුරුදු වන්න. (නදී)