විදේශ රටවල හමුදා සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් ත්‍රිවිධ හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරන දියකාවා යුද අභ්‍යාසය පස්වැනි වරටත් ලබන මස 3 වැනි දින සිට 23 දින දක්වා පුල්මුඩේ සහ ආරුගම්බේ ප්‍රදේශවල පැවැත්වෙන බව යුද හමුදා වැඩබලන මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර කියයි.
මෙම අභ්‍යාස සඳහා මෙවර ශ්‍රි ලංකා යුද හමුදාව නියෝජනය කරමින් කමාන්ඩෝ, විශේෂ බළකායේ සහ පාබල හමුදාවේ 2500 භටයන් , නාවික හමුදාවේ 245 දෙනෙකු ගුවන් හමුදාවේ 140 දෙනෙකු සහභාගි වන බව ජයවීර මහතා පැවසුවේය.
මෙම පිරිසට අමතරව ඇමරිකා එක්සත් ජනපදය,චීනය,ඉන්දියාව,බංගලිදේශය, නේපාලය,පාකිස්ථානය,මැලේසියාව යන රටවල් නියෝජනය කරමින් එම රටවලට අයත් හමුදා සාමාජිකයන් 53 දෙනෙකු සහභාගි වීමට නියමිතව ඇත.
රටේ දිර්ඝ කාලයක් පැවැති යුද්ධය හේතුවෙන් ඇති වු තර්ජන පාදක කරගෙන මෙම අභ්‍යාසයේ තේමාව නිර්මාණය කරගෙන ඇති අතර නිර්මාණය කරගත් වාතාවරණයක් තුළ යුද අභ්‍යාස, ගොඩබිම් මෙහෙයුම්, සහ ක්‍රියාන්විත පැවැත්වන බවද හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පියලාල්ගේ කතාවේම තියෙන්නේ මෝඩ ජාතිවාදය. සිංහලයත් ලංකාවට සංක්‍රමනය වුනේ උතුරු ඉන්දියාවෙන්. ඉන්දියාවෙන් නෙමේ කොහෙන් ආවත් දැන් ලංකවේ පුරවැසියෙක් නම් ඔහුට සමාන අයිතිවාසිකම් තියෙනවා (නදී)
රටක අභිමානය පවතින්න ත්‍රිවිධ හමුදාවක් අවශ්‍යයි , උතුරු කොරියාවට රටවල් බලපෑම් නොකරන්න ඒ රටේ හමුදාව එක හේතුවක් . (අ)
මම දන්නවා අපිට මිලියන බාගයක් නෑ ඒත් අපි වගේ ආරක්ෂිත රටකට ඒක ප්‍රශ්නයක් නෑ (බ)
යුද්දේ නැති රටක් කියන්නේ යුද්දේ නැවත නොඑනවා කියන එක නෙවෙයි ...දැන් නැත්තම් ඔක්කොටම කලින් රටක පැවැත්ම ....අධ්‍යයනය කරන්ට (බ)
උතුරු කොරියාව කියන්නේ ඒකාධිපති උම්මන්තකයෙක් පාලනය කරන රටක්...(බ)
විජේබාහු යුද්ධයක් එයි කියල හමුදාව රැස් කරගෙන ඉන්න එක නෙමේ කළ යුත්තේ... යුද්ධයක් නො එන තැනකට ජාතීන් අතර සමගිය වර්ධනය කරන එක... අවුරුදු 30 තිබ්බෙත් පිටරටකින් ආපු හමුදාවක් එක්ක කල යුද්ධයක් නෙමේනෙ, අපේම සොහෝදර ජනතාවක් තමන්ට වෙච්ච අසාධාරනකම් දරාගන්න බැරිව ඇතිවුණු ගැටුමක්නෙ (අ)
2015 වෙද්දී අන්තවාදීන්ගේ යුද්ධයක් එනවා ඔන්න....තිලිනි මහත්මිය.....(බ)
නාමල් ඉතිහාසය නොදත් කළු සුද්දෙක් වගෙයි.අපි කියුවේ නැති වුනාට ඉන්දියාවෙන් ඇවිත් අසාධාරණ අයිතිවාසිකම් උදෙසා යුද්ධ කරපු හැටි ඉතිහාසයේ සඳහන් වෙනවා.(නදී)
අපේ රටේ මහා ජාතිය තරම් ඉවසන ජාතියක් තව ලොවෙත් නැහැ. නමුත් හමුදාව කියන්නේ රටේ සම්පතක්. එය රටේ දියුණුවට වගේම ආරක්ෂාව උපරිමයෙන් තියෙන විදියට යොදා ගත යුතු බව මගේ හැගීමයි. අනික ඊලාම් යුද්දේ ඇති වුනේ උන්මත්තකයෙක් නිසා සහ බල ලෝබී දෙමල දෙශපාලකයන් නිසා වුන දෙයක්. (බ)
හමුදාවට පුහුණු අවශ්‍යයි. රටක ආරක්ෂාව රැකවරණය සලසන්නේ ත්‍රිවිද හමුදාව. ඒ අයට වියදම් කරන්න ඕනෑ ඒවා අරාධනා නොවෙයි.ගෙදර තියෙන දේව පිලිමට සලකන විදිහට හමුදාවට සලකන්න එපා විපත්තියක ගෙදරට ආවම දේව පිළිමට උදේ හවා වදිනවලු.(ම)
ගොඩක් හොඳ වැඩක් කියලා මට හැඟෙනවා (නි)
දැන් රටේ යුද්ධයක් නැති එකේ මේවා මොකටද? මේවාට යන මුදල් රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී ක්ෂේත්‍රවලට යෙදවූවානම් මීට වඩා හොදයි...(බ)
දැනට ලංකාවේ ලක්ෂ 5 පමණ ත්‍රිවිධ හමුදාවක් ඉන්නවා.. රටේ ජනතාවගේ බදුමුදලින් මෙතරම් විශාල හමුදාවක් නඩත්තු කරන්න අවශ්‍යද? ලංකාවට මෙතරම් හමුදාවක් අවශ්‍ය නෑ.. හමුදාව දැන් පවතින ප්‍රමාණයෙන් 75% දක්වා අඩු කරලා ඒ තරුන තරුනියන්ව රටට විදේශ විනිමය උපදවාගත හැකි ආකාරයේ කර්මාන්ත සදහා යොදාගන්න, ඔවුන්ට ඒ සදහා පුහුනුව හා පහසුකම් ලබාදෙන්න....(බ)
දැනටමත් සංවර්දනයට දායක වෙනවා තමයි. යුද්දයක් ඇතිවෙනවා කියලා කාටද කියන්න පුළුවන්. (නදී)
තිලිණි, යුද්ධයක් නෑ කියලා හමුදාව නිකං ඉදලා හදිස්සි යුද්ධයක් අැති වුණොත් මුහුණ දෙන්නේ කොහොමද. (අ)
රටකට හමුදාව අවශ්‍යයි. ප්‍රමාණය කිසිලෙසකින් අඩු කළ යුතු නෑ. ඒ වගේම කොච්චර මුදල් වැය වුනත් මෙවැනි යුද අභ්‍යාස කළ යුතුයි. එය අවශ්‍ය දෙයක්. (අ)