හොරණ පොකුණුවිට බෝධිරත්නාරාමයේ වාලම්පුරි දෙකක්, ධාතු කරඩුවක් හා බුදු පිළිම වහන්සේ නමක් වසරකට පෙර කොල්ල කෑ බව කියන තිදෙනෙක් _එම පන්සලේ දායකයකුගේ පුතෙක්, බුලත්සිංහල ව්‍යාපාරිකයකුගේ පුතෙක් හා මුල්‍ය ආයතනයක සේවකයෙක් _ කෝට්ඨාස අපරාධ විමර්ශන එකකය විසින් අත් අඩංගුවට ගනු ලැබුහ.
ඔවුන් ඒවා විකිණිමට ගත් උත්සහය අසාර්ථක වු බවත් පැහැරගත් භාණ්ඩ වලින් කොටසක් පන්සල් වත්තට දමා තිබිය දී ඒ දිනවල ද ඉතිරිය අද (13) ද සොයා ගත් බවත් පොලිසිය පවසයි.
ඝංඝාවාසයේ දොර කඩා හිමි දෙනමකට පහර දී සර්වඥ ධාතුන් දෙනමක් ඇතුළු භාණ්ඩ පැහැර ගෙන ගිය වෑන් රිය ද අත්අඩංගුවට ගෙන ඇත.


![DSC01298[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC0129811.jpg)
![DSC01305[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC0130511.jpg)
![DSC01314[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC0131411.jpg)
![vlcsnap-2015-11-13-11h25m05s149[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/vlcsnap-2015-11-13-11h25m05s14911.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම පවුකාර දේවල් කරලා මේ අය මරණින් මත්තේ මොන ලොවක යන්නද? (නි)
අනේ හැබෑට මෙහෙමත් පවුකාර මිනිස්සු? (නි)
සඟ සතුකොට පුදනලද දේ, සොරා කැමෙහි, වැරදි පරිහරණයෙහි ආනිසංස දන්නවා නම් නුඹ පුතේ, ඇසක් හැර නොබලනු ඇති එදෙස. ගිනිගුලි ගිලීම ඊට වඩා මිහිරියි (නි)
මරණින් පස්සේ වෙන දේවල් ඉස්සරහට ලැබෙන්න තියල මේ ජීවිතේදිම මුන්ව කකුල් කෙටියෙන් එල්ලලා හම ගහන්න ඕනේ ජනතාවට බලාගන්න. (බ)
කොයි පන්සලත් කඩන්නෙ අන්තිමට දායකයෙකුගෙම පුතෙක් නමයි. (අ)
මෙහෙමත් පව්කාරයෝ. (අ)
පන්සලට අයත් දේ හෝ පුජ කල දේ සොරාකෑමෙන් මරණින් මතු අටමහ නරකයෙහි ඉපිද කල්ප ගණන් දුක් විදීමට සිදුවීම අනිවාර්යවේ. නිරයේ එක දිනක් මිනිස් ලොව අවුරුදු 90 ලක්ෂයක් බවත් හොදින් මතක තබාගතයුතුවේ. (අ)