IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දැයේ නර්තන දක්‍ෂතා පිරි දරුවන් ”තුෂර යාමයෙන්” රටට හඳුන්වා දෙනවා

දේශීය නර්තන කලාවට මෙන්ම නව නිර්මාණකරණයටද සුවිශේෂී මෙහෙවරක් කරන ගුරුවරයකු මෙන්ම ප‍්‍රවීණ නර්තන හා වාද්‍ය ශිලපියෙක්ද වන කඳාන ද මැසිනොද් විද්‍යාලයේ නර්තනාචාර්ය ලෙස කටයුතු කරන ඔහු කඳාන තුෂර රංගායතනාධිපතිවරයාද වන්නේය. දේශීය නර්තන සම්ප‍්‍රදායට නව නිර්මාණ රැසක් ඉදිරිපත් කළ ඔහු නමින් තුෂාර සඳකැළුම්ය. ඔහුගේ කලා කටයුතු මෙන්ම තුෂර රංගායතනය පිළිබඳ කළ කතාබහක සටහනකි මේ. මේ දවස්වල ඉතා කාර්යබහුලයි නේද? ඔව්. ඇත්තටම කිසිම විවේකයක් නැති තරම්. පාසල් නිවාඩු කාලය වුවද විවිධ මට්ටමේ ප‍්‍රසංග සඳහා මෙන්ම මගේ රංගායතනයේ ප‍්‍රසංගය සඳහාත් මේ දවස්වල කාර්යබහුල වෙලා. අද සෑම අයෙක්ම තමන්ගේ වෘත්තීය වෙනුවෙන් කැපවීමෙන් හා මහන්සියෙන් වැඩකළ යුතු වෙනවා අපේ රට  ගොඩනැගීමට නම්. රංගායතනයේ ප‍්‍රසංගය ගැන කිව්වේ ”තුෂරයාමය” ගැනද? ඇත්තෙන්ම ඔව්. මෙවරත් මාගේ ගෝලබාලයන් සමග ” තුෂර යාමය” නර්තන ප‍්‍රසංගයට සූදානම් වෙනවා. සෑම වසරකම මෙම ප‍්‍රසංගය කරනවා නේද? අප රංගායතනය මගින් දෙවසරකට වරක් මෙම ප‍්‍රසංගය සංවිධානය කරනවා. එය ලබන සැප්තැම්බර් මස 17 වැනි දින සවස 6 ට කොළඹ බිෂොප් රංග ශාලාවේදී කරළියට ගෙනඒමට කටයුතු සූදානම් කර තිබෙනවා. එමගින් අප රංගායතනයේ ඉගෙනුම ලබන ළමයින්ගේ දක්ෂතා හා හැකියා එළි දැක්වීම මගේ බලාපොරොත්තුවයි. ප‍්‍රසංගයේ ඇති විශේෂාංග කීපයක් සඳහන් කළොත් ”තුෂර යාමය 2011” නර්තන ප‍්‍රසංගයේ දේශීය නර්තන අංග වන උඩරට, පහතරට, බෙර වාදන මෙන්ම බටහිර හා නව නිර්මාණ නැටුම් යන අංග ඔස්සේ දරුවන්ගේ හැකියා එළි දැක්වීමට සූදානම්. ඇත්තෙන්ම අප අතර ඉන්න දරුවන් ඉතාම දක්‍ෂයි. ඔබ ශ්‍රී ලංකාවේ ඉතිහාසයට නව මුහුණුවරක් දෙමින් ආබාධිත රණවිරු නර්තන කණ්ඩායමක් ඇති කළා නේද? ඔව්. ශ්‍රී ලංකා ඉතිහාසයේ ප‍්‍රථමවතාට ඔවුන්ගේ හිසවෙස් මංගල්‍යයක් සිදු කිරීමේ භාග්‍යය මට හිමිවුණා. ඒත් මම කැමැති නෑ ඔවුන් ආබාධිතයන් ලෙස හඳුන්වනවාට. මොකද ඔවුන් ශරීරයෙන් ආබාධිත වූවත් කි‍්‍රයාවෙන් කිසිම ආබාධිත තත්ත්වයක් පෙන්නුම් නොකරන නිසා. ශ්‍රී ලංකාව විජයග‍්‍රහණය කරා ගෙන ගිය ගමනේදී ඔවුන් පෙන්වූ දක්‍ෂතාවය ආබාධිත වූවත් තාමත් ඔවුන්ගේ ලේවල තියනවා. පාද අහිමිවූවත් නර්තන ක්‍ෂේත‍්‍රයේ ශිල්පීය මට්ටමේ දක්ෂතා ඔවුන් විදහා දැක්වනවා. ඒ ගැන මට සැකයක් නෑ. එම නිසා ඔවුන් ආබාධිතයන් ලෙස හඳුන්වනවාට මා කැමැති නෑ. ඔබගේ එම ගෝලයන් පිරිසද තුෂරයාමය සඳහා සහභාගි වෙනවාද? ඇත්තෙන්ම මා කැමැතියි ඔවුන් මගේ ප‍්‍රසංගයට සම්බන්ධ කර ගැනීමට. මොකද එදිනට ඔවුන් හිසවෙස් පැළඳ අවුරුද්දක් සපිරෙනවා. මෙම දැවැන්ත ප‍්‍රසංග සඳහා ඔබට ලැබෙන සහයෝගය කොහොමද? විශේෂයෙන්ම සමාජසේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා ඇමැතිතුමාගෙන් ලැබෙන සහයෝගය ඉතාම සුවිශේෂියි. එමෙන්ම අනුග‍්‍රහක බවතුන්ගෙන් ලැබෙන සහයෝගය ද මතක් කළ යුතු අතර අප දු දරුවන්ගේ මවුපියන්ගෙන්ද තුෂර යාමය ප‍්‍රසංගය සඳහා විශාල දායකත්වයක් ලැබෙනවා. එමෙන්ම මා ඉගැන්වීම් කටයුතු කරන ද මැසිනොද් විදුහලේ විදුහල්පති බර්ට‍්‍රම් පෙරේරා සහෝදරතුමාද මතක් කළ යුතුයි.



අදහස් (0)

දැයේ නර්තන දක්‍ෂතා පිරි දරුවන් ”තුෂර යාමයෙන්” රටට හඳුන්වා දෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site