IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දයා ටී පැස්කුවල් ශතකයක් ගසා සමු ගනී

මතුගම හිටපු මන්ත්‍රී දයා ටී පැස්කුවල් මහතා (102) අභාවප්‍රාප්ත විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මතුගම ආසනය නියෝජනය කළ ඔහු නියෝජ්‍ය ඇමැතිවරයෙක් ද විය.

 සිය විශ්‍රාම වැටුප නැති බැරි අය අතර බෙදා දීමෙන් ඔහු ජනප්‍රිය පුද්ගලයෙක් විය.

බොහෝ විට ගමන් කළේ බසයෙනි. නැත්නම් දුම්රියෙනි. අවිවාහකයෙක් වූ පැස්කුවල් මහතා නිර්මාංශ ආහාරයෙන් ජීවත් විය.

 

 



අදහස් (0)

දයා ටී පැස්කුවල් ශතකයක් ගසා සමු ගනී

ධනුෂ්ක Tuesday, 21 May 2013 11:57 AM

මතුගම ආනන්ද ශාස්ත්‍රාලය හැදුවේ මෙතුමාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන්.ආනන්ද ශාස්ත්‍රාලය තියෙන්නේ දයා ටී පැස්කුවෙල් මහතාගේ ඉඩම් වල.මෙතුමා කරපු දේවල් ගොඩක් තියෙනවා. අද ඉන්න දේශපාලකයන්ට මෙතුමා ආදර්ශයක්. එතුමාගේ පුද්ගලික දේපල මහජනතාවට දුන්න මිසක් පොදු දේපල හොරකම් කලේ නැහැ. මෙතුමාට ඕනෑ නම් අද ඉන්න අය වගේ මතුගම ආනන්ද ශාස්ත්‍රාලය තමන්ගේ නම දාගන්න තිබුනා. ඕනෑ නම් දයා ටී පැස්කුවෙල් විද්‍යාලය කියලා. මම මේක කියන්නේ මම මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ ඉගෙන ගත්තේ, අද ඉන්න ගොඩක් අය මේවා දන්නේ නැහැ.ඒකයි. අත්තෙන්ම මේ ශ්‍රේෂ්ට මනුස්සයෙක්. (නි)

:       0       0

ධම්ම Tuesday, 21 May 2013 12:02 PM

වයස 102ක් යනතුරුත් අගැයිමක් නොකළේ ඇයි? ඔබට නිවන් සුව! (ස)

:       0       0

ස්ටැන්ලි Tuesday, 21 May 2013 12:07 PM

ශතකයක් ගසා කිව්වහම ටිකක් ගරුසරු මදි වගේ මට දැනෙන විදිහට.(නදී)

:       0       0

අංජන Tuesday, 21 May 2013 12:15 PM

මෙවන් පුතුන් ලක් දෙරණේ තවතවත් බිහි වේවා! මෙතුමාට නිවන් සුව. (නි)

:       0       0

විජේරත්න Tuesday, 21 May 2013 12:19 PM

කනගාටුයි

:       0       0

දයා අළහකෝන් Tuesday, 21 May 2013 12:20 PM

මෙතුමා අපි ආදර්ශයට ගත යුතු චරිතයක් (නි)

:       0       0

සුදුබංඩා Tuesday, 21 May 2013 04:23 PM

මගේ පියාගේ ගුරුතුමා මගේ පියත් ජීවතුන් අතර නැහැ. ඔබතුමාගේ උසස් ගතිගුණ මම පියාගෙන් අසා ඇත. ඔබතුමාට අජරාමර නිවන් සැප.(නදී)

:       0       0

කසුන් Tuesday, 21 May 2013 04:41 PM

ඔබතුමා වගේ දේශපාලකයින් අද නැහැ. ඔබට නිවන් සුව! (නි)

:       0       0

වරුණ Tuesday, 21 May 2013 04:50 PM

නොමිලේ ටියුෂන් පන්ති පැවැත්තුවා එතුමාගේ ගෙදර. ගුරුවරුන්ට පඩි දුන්නේ එතුමාගේ විශ්‍රාම වැටුපෙන්. නිහතමානී මනුස්සයෙක්. නිවන් සුව.(නදී)

:       0       0

උපාලි Tuesday, 21 May 2013 04:56 PM

ඔබ තුමාට නිවන් සුව පතමි. ගරු මහත්මයාණෙනි,ඔබවන් දේශපාලකයින් අද නැහැ.(නදී)

:       0       0

මාලින්ද බෙනරගම Tuesday, 21 May 2013 05:16 PM

අජරාමර නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

කුලසූරිය Tuesday, 21 May 2013 01:31 PM

වයස 102ක් යනතුරුත් අගැයිමක් නොකළේ ඇයි? ඔබට නිවන් සුව! (ස

:       0       0

සෑම් Tuesday, 21 May 2013 01:34 PM

අජරාමර නිවන් සුව ලැබේවා!(නදී)

:       0       0

සුසන්ත-යටදොල වත්ත Tuesday, 21 May 2013 01:43 PM

තම බලය අවියක් නොකර ගත් සැබෑ ජනතා නායකයෙක්. ඔබට නිවන් සුව පතමි.(නදී)

:       0       0

මිතුන් Tuesday, 21 May 2013 02:12 PM

ස්ටැන්ලි, මම ඔබත් එක්ක එකඟයි. (අ)

:       0       0

මහේෂ් Tuesday, 21 May 2013 02:20 PM

කරුනා කරල මාතෘකාව වෙනස් කරන්න (අ)

:       0       0

චමින්ද තෙවරක්පෙරැම-යටදොල වත්ත Tuesday, 21 May 2013 02:43 PM

පොදු ජන සුබ සෙතට ඇති මුදල් තම සාක්කුවට නොදාගෙන ජනතා සේවයටම තම ජීවිතය කැප කෙරූ මතුගම මැම්බර් මහත්තයා ඔබට නිවන්සුව ලැබේවා.(නදී)

:       0       0

කමල් උඩුගම්පොල Tuesday, 21 May 2013 02:47 PM

අද කාලේ ඉන්න බොහෝ වංචාකාර හොර මගඩි තක්කඩි මංත්‍රීලාට ඇමතියන්ට වඩා කොච්චර උතුමෙක්ද මොහු. ඔබට අමා මහා නිවන් සැප ලැබී ලංකාවේම නැවත කොන්දක් ඇතිව ජනාදිපති වී මේ රට දේශ පාලුවන්ගෙන් බේරා ගන්නට පතමි.(නදී)

:       0       0

උපාලි Tuesday, 21 May 2013 02:56 PM

ධනුෂ්ක ඔබට ස්තුතියි අප දැනුවත් කිරීම ගැන. අපට මතකයි ඉස්සර එතුමා පාර්ලිමේන්තුවේදී කොයි තරම් මානව හිතවාදී විදිහටද කතා කලේ හැසුරුනේ කියල. ඒ ශ්‍රේෂ්ට ලංකා පුත්‍රයාට නිවන් සුව පතමු. (නදී)

:       0       0

නන්දසිරි Tuesday, 21 May 2013 03:05 PM

ඔබතුමා වගේ දේශපාලකයින් අද නැහැ ඔබට නිවන් සුව.(නදී)

:       0       0

චානක ඇන්ටන් Tuesday, 21 May 2013 11:05 AM

ඔබට නිවන් සුව. සියලුම මැති ඇමති වරුනට මෙතුමා ආදර්ශයක්. නිවැරදි චරිතය නිසාම එතුමා මෙපමකල් ජීවත් උනේ. (ස)

:       0       0

අනුර Tuesday, 21 May 2013 11:14 AM

නිවන් සැප ලැබේවා. (ස)

:       0       0

විදූ Tuesday, 21 May 2013 11:21 AM

ඔබ තුමා කරපු සේවාව අපිට මිලකළ නොහැකියි.ඔබට නිවන්සුව ! (ස)

:       0       0

රෝසි Tuesday, 21 May 2013 11:25 AM

ඔබට නිවන් සුව ! (ස)

:       0       0

විදූ Tuesday, 21 May 2013 11:27 AM

ඔබ තුමා අපට පාසලක් සදා දුන්නා අපි ඔබට සදා ණයගැතියි. (ස)

:       0       0

බණ්ඩාර කුවේට් Tuesday, 21 May 2013 11:37 AM

අද කාලයේ මැති අමෙතිලා අතර ඔබවන් අය හමුවන්නේ කලාතුරකිනි.ගරු මහත්මයාණෙනි, ඔබට නිවනේ දොර විවරව ඇත (නි)

:       0       0

සරත් Tuesday, 21 May 2013 11:51 AM

නිවන් සුව පතමි ! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site