අම්පාර බස් නැවතුම්පොළ ඉදිරිපිට පිහිටි ඉඩම් කොටසක දයා ඇපරල් සමාගම විසින් අනවසරයෙන් ඉදි කළ ගොඩ නැගිල්ල කඩා ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගොනු කැරුණු නඩුවක තීන්දුව කල් තැබූ අම්පාර මහේස්ත්‍රාත් ස්ටෙලා ප්‍රින්කි මහත්මිය විත්ති පාර්ශ්වයට තවත් කරුණු දැක්වීම සඳහා අවසර දී නඩුව ලබන අට වැනිදාට කල් තැබුවාය.
එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද (18) දිනට නියම කර තිබූ නමුත් ඊළඟ නඩු දිනයේ දී අදාල ඉඩම සම්බන්ධයෙන් තවත් කරුණු දැක්වීමට විත්තියෙන් කල් ඉල්ලා සිටියේය.
මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරන බවට ලැබුණු ආරංචිය නිසා අද (18) උදෑසන සිට ඇඟළුම් සේවිකාවෝ 4000ක් පමණ අම්පාර අධිකරණ සංකීර්ණය ඉදිරිපිටට පැමිණි සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ගොඩනැගිල්ල කැඩුවොත් ළමයින්ගේ රස්සාවල් නැතිවෛද ? නැ එහම වෙන එකක් නැ. අපේ ආරක්ෂක ලේකම් තුමා ගාව අපේ රටේ සංවර්දන සැලැස්මක් තියනවනේ. එතුමා මේකට දැන්මම වැඩපිළිවලක් හදල ඉවර ඇති.(නදී)
ආණ්ඩුවට විරුද්ධ අයට විතරද ඔක්කොම නඩු?(නදී)
මම කලින් මේකට දයා ඇපරල් එකට විරුද්දව ප්‍රතිචාරයක් දැම්මා. දැන් පෙනෙන්නේ කාගේ හෝ උසි ගැන්වීමකට මේ සේවකයෝ ඔතනට එන්ඩ ඇති බවය. තමන්ට කන්ඩ දෙන මිනිහට කල ගුණ සැලකුවොත් හොදයි.(නදී)
ඇඟළුම් සේවිකාවෝ 4000 ම දයාට පක්ෂව කඩේ ගිහින් තියෙන්නේ.(නදී)
මොකද, මෙයාට නීතිය අකැපද? පුරුද්දට වෙන්න ඇති අනුන්ගේ දේපල අල්ලන්නේ.(නදී)
උසාවියට විරුද්ධව ළමයි උසි ගන්නන්නන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. (නි)
රට යන අත අපි කවුරුත් දන්නවා. (නි)
මේ පැත්තට ගන්නයි ඔය සේරම අර කොලඹ ජාත්‍යන්තර පාසල් අයිතිකාරයා පැන්න වගේ කොලඹ අවට පාරවල් වල තදබදය නිසා පොලිසියෙන් ඇතිවූ ප්‍රශ්ණ වලින් ගැලවෙන්න මේ පැත්තට පැන්න මතකනේ ඒ බී සි අයිය කරපු වැඩේ ජාලය බේරා ගන්න මල්ලිව මේ පැත්තට පැන්නුව දැන් ගොඩේ ගොඩ (අ)
දයා ගමගේ ගේ සල්ලි වල බලය තමයි ඔය පේන්නේ.(නදී)
රජයේ ඉඩමකද ගොඩනැගිල්ල තිබෙන්නේ?කව්රුහරි හරි විස්තරයක් දමන්න. (නි)
කොහොම උනත් මමත් අම්පාරේ කෙනෙක් නිසා දන්නවා.දුප්පත් පවුල් දහස් ගානක් ඔයදයා ඇපරල් එක නිසා ජිවත් වෙනවා.මොන මන්ත්‍රීල ඇමැතිල හිටියත් දය ගමගේ මොන පක්ෂේ වුණත් ඔය ගර්මනට් එක නිසා ලොකු සේවයක් වෙනවා .අනික බස් ස්ටෑන්ඩ් එක හදන්න ඕනනම් ඕක කඩ ලා අයින් කරන්නම ඕනේ නැ නේ .මමත් මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නට මේවා දැකල කලකිරෙනවාපැ හැ දිලි ඉරිසියාව..වෙන මොකුත් නොවේ...(අ)
රජයේ සම්පත් කොල්ල කන එක තමා මෙයාගේ ජොබ් එක. සිනි පැක්ටරිය ගැනත් කට්ටිය දන්නවා නේ.(නදී)
රට හදන්න ඉල්ලන්නේ මෙයාලම තමයි.(නදී)
ඔය බොරුවට දඟලන කව්රුත් දන්නේ නැහැ අම්පාරේ ජීවන තත්වය. මමත් අම්පාරේ කෙනෙක් නෙමෙයි. ඒත් 2005/6 වසර වල මමත් දයා ඇපරල් එකේ වැඩ කළා. හිගුරාන සීනි කම්හල වැහුවට පස්සේ අම්පාරේ ජනතාවට තිබුන එකම බලාපොරොත්තුව මේ ෆැක්ටරි එක විතරයි. එහෙම කියලා දයා ගමගේ මහතා සහ එම මැතිනිය ජනතාව හූරගෙන ගසා කන්න ගියේ නැහැ. පඩියත් කාලෙට සරිලන විදිහට දීලා වියලි සලාක මල්ලකුත් දුන්නා. පිට පළාත් වලින් අපු නිලධාරින් ගැහැණු ළමයින්ට අනිසි බලපෑම් කලොත් තරාතිරම් නොබලා නිසි පියවර ගත්තා. ඒ නිසා තමයි අම්පාරේ ජනතාව එයාට සලකන්නේ. ඔය කවුරුත් කියලා උසිගන්නන්න ඕනෑ නැහැ.දේශපලන වශයෙන් හිතලා ලාංකිකයෙකුට අපහාස නොකර එයාගෙන් රටට වුන සේවය ගැන කතාකරලා මේ වගේ අයව දිරිමත් කරන්න උත්සාහ ගන්න. රටක් හැටියට , ජාතියක් හැටියට අනාගතයක් ගොඩනගන්න පුළුවන් එතකොටයි. තවදෙයක් නොකියාම බැහැ. අද ලංකාවේ සහ පිටරට වලත් ගාමන්ට් ෆීල්ඩ් එකේ ඉන්න ගොඩක් දෙනෙක් ආධුනිකයෝ හැටියට අරගෙන පුහුණුව දීලා ඉස්සරහට ගෙනාවේ මෙතුමා තමයි. කවුරු හරි බොරු කියනවා නම් මට නම් ඕනෑ තරම් තියෙනවා කියන්න. ලාංකිකයෙකු සහ සිංහලයෙකු හැටියට හිතන්න අදහස් ඉදිරිපත් කරන්න බලන්න. කෙනෙකුව මානසිකව වට්ටන්න හදන්න එපා. ව්‍යාපාරිකයෙක් හැටියට වටනා පුද්ගලයෙක් මෙතුමා. දේශපාලනය එයාගේ කැමැත්ත. (නි)
තමන් සේවය කරන තමන් ජීවත් වෙන තමන්ගේ පවුල නඩත්තු කරගන්න මාර්ගය සාදා දෙන තැනට විරුද්ධව යමක් වෙනකොට එය වෙනුවෙන් නැගී සිටීම කඩේ යාමක් විදිහට දකින මිනිස්සු රටෙන් පිටවෙලා හරි ඉන්න එක ලොකු දෙයක්. පක්ෂ පාටවලින් බලන නිසා තමා මේ හැම හෙනයක්ම මේ රටට වැදිලා තියෙන්නේ (දී)
ආණ්ඩුවට ගහන්න නම් මේවා කරන විපක්ෂයේ සියලු දෙනාට නඩු දැම්ම නම් ඉවරයිනේ. මොකද දේශපාලනේ කරන්නේ ඔකොම සුදොනෝ නෙමේ නේ. මේවට කියන්නේ රජයේ දේපල කොල්ල කෑම කියලා. ඒක කොයි කෙනෙක් කලත් එකම දේ.(නදී)
ආණ්ඩුව වගේම විපක්ෂයේත් ඉන්නේ ඔකොම සුදොනෝ නෙමේ..(නදී)
පවුල් 4000ක් නඩත්තු කරන මේ ආයතනය විනාශ කරන්ඩ දත කන අයටනම් මොනවා වෙයිද දන්නෙ නැහැ. (නදී)
මමත් අම්පාරේ මිනිහෙක් කව්රු මොනවා කිවත් දේසපාලනය මොනවා උනත් අම්පාරේ කොල්ලන්ට කෙල්ලන්ට රස්සා දුන්නේ දයගමගේ. ඒක අම්පාරේ හිටපු විමලවීරලා තෙවරප්පෙරුමලා දන්නවා අලුත් නායකයෝ නොදන්නවට.(නදී)
දයා මහත්තයා සමහර විට වැරදි ඇති. නමුත් ඔය ඉඩම ඔහුට ලබා දී 4000 ගේ රැකියා ටික රැක දුන්නොත් ලොකු දෙයක්. නීතිය ක්‍රියාත්මක විය යුතු නමුත් ගොඩනැගිල්ල ඉවත් කිරීමෙන් අහිමි වන රැකියා වලට නාගරික සංවර්ධන අධිකාරිය ලබා දෙන සුදුසු රැකියාව කුමක්ද ? මමත් ඇගලුම් කර්මාන්තයට සම්බන්ධව රැකියාවක් කරන නිසා මෙහෙම අහන්නේ. (දී)